ෂහිඩ් අෆ්රිඩි ගෙන් ක්‍රීඩා ලෝලියෙකුට ගුට

chanaka93

Member
Dec 1, 2009
86
7
0
ෂහිඩ් අෆ්රිඩි ගෙන් ක්‍රීඩා ලෝලියෙකුට ගුට

1398213584.jpg


පසුගියදා පැවැත්වූ ආසියානු කුසලානය හිමිකරගත්තේ පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමයි.එහිදී දක්ෂතා පෙන්වූ ෂහිඩ් අෆ්රිඩි තරඟයේ වීරයා ලෙස නම් කරනු ලැබුවා.

පසුගියදා ඔවුන් නැවතත් පකිස්තානය බලා පැමිණි අතර එහිදී මාධ්‍යය ඇමතු ෂහිඩ් බංගලාදේශයේ ක්‍රිකට් කණ්ඩායම අගය කිරීමටත් අමතක කලේ නැහැ.ෂහිඩ් ගේ ක්‍රීඩා ලෝලීන් ඔහුව වටකරගෙන සිටි අතර ෂහිඩ් තමාගේ මෝටර රථය දෙසට පැමිණීමේදී රසිකයන්ගේ තෙරපීමට හසුව ෂහිඩ් ගේ තුන් හැවිරිදි දියණිය බිමට අද වැටි තිබෙනවා.

මෙය දුටු ෂහිඩ් ට ක්ෂණික කෝපයක් පහළවී ඇති අතර දියණිය අසල සිටි ක්‍රීඩා ලෝලියෙක් තල්ලුකොට ඔහුට කම්මුල් පහරක් එල්ලකොට තිබෙනවා.ගැටුම එසේ පවතිද්දී ෂහිඩ් ගේ සොහොයුරා මැදිහත්වය එය නවතා තිබෙනවා.

ගැටුමෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ ෂහිඩ්

"මම දන්නවා මම වැරදි දෙයක් කලේ..මම මගේ කෝපය පාලනය කරගත යුතුව තිබුනා..එත් මගේ පුංචි දුව බිම අද වැටෙනකොට මගේ කෝපය මට පාලනය කරගන්න බැරුව ගියා.."

පකිස්තානු පිලේ හිටපු නායක ශෛහ්ඩ් අෆ්රිඩි මෙයට පෙරද දෙවතාවක් මෙවන් සිදුවීම් මගින් කතාබහට ලක්ව තිබෙනවා.


ෂහිඩ් සිය රසිකයාට පහරදුන් ආකාරය බලන්න පහතින්


Source: gossip9
 
Last edited: