ෂාෆි පාර්ලිමේන්තු ගොස් වනිතා හා ළමා කටයුතු ඇමති වුනොත් පුදුම වෙන්න එපා…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    46,968
    48,322
    113
    මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා වඳ සැත්කම්වලට සම්බන්ධය යනුවෙන් දිවයින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයක් 2019 වසරේ පාස්කු ප්‍රහාරයට සති කිහිපයකට පසු පළවිය. රට පුරා ඉස්ලාම් ආගමික සිද්ධස්ථානවලින් කඩු මතු වූයේ ද, විවිධ වහබ්වාදී අන්තවාදීන් පිළිබඳ තොරතුරු මතු වූයේ ද මෙම සමයේ ය. එවන් කාල වකවානුවක මෙවන් ප්‍රවෘත්තියක් ජාතික පුවත්පතක ප්‍රධාන ශීර්ෂ පාඨය යටතේ පළවීම සියලූදෙනාගේ අවධානය යොමු වූ කරුණක් විය. මේ පුවත පළ වී දින කිහිපයකට පසු මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා අත්අඩංගුවට පත්විය. පාස්කු ප්‍රහාරයෙන් සති දෙකකට පමණ පසු ඔහුගේ ගිණුමට රුපියල් මිලියන 400 ක පමණ මුදලක් එක් වරම ලැබී ඇති බව සඳහන් විය. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චුදිතයකු සතුව ක්‍රෙඩිට් කාඩ් 10 ක් තිබුණු අතර ඒවා මොහොමඩ් ෂාෆි ගේ නමට ලබා ගත් ඒවා බවට හෙළිදරව් විය. දැඩි ඉස්ලාම් අන්තවාදීන් තමන්ගෙ නළලේ කළු පැහැති ලප දෙකක් බිම නැමදීමෙන් ඇතිකරගන්නා බවත් ෂාෆි ද එවැනි පුද්ගලයෙකු බවත් සමාජයේ අදහස් පළ විය. වැඩිදුර පරීක්ෂණ සඳහා ෂාෆි වෛද්‍යවරයා ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට පත්විය. මේ සමගම කුරුණෑගල ශික්ෂණ රෝහල මූලික විමර්ශනයක් ඇරඹූ අතර එම විමර්ශනයෙන් පහත කරුණු හෙළිදරව් විය.

    2109.05.25 දින සිට 2019.06 22 දක්වා ෂාෆිගේ සැත්කම්වලින් පසු ප්‍රශ්න පැන නැගි බවට පැමිණිලි කල මව්වරුන් ගණන 767 කි. ඉන් එක් අයකු හැර අන් සියල්ල සිංහල මව්වරුන්ය. එකක් මුස්ලිම් කාන්තවකගෙනි. ඇයගේ ද සැමියා සිංහලය. කුරුණෑගල රෝහලේදී ඔහු සීසර් සැත්කම් 4372 සිදු කර ඇත. ඉන් 3479 (80%) සිංහල මව්වරුය. 860 මුස්ලිම්ය. 33 ක් දෙමළය. සිංහල මව්වරුන්ට සහ මුස්ලිම් මව්වරුන්ට සීසර් සැත්කම් කිරීමේදී සිංහල මව්වරුන්ට ඉතා අඩු කාලයකදී සැත්කම සිදු කරයි. සිංහල මව්වරුන්ගේ ගර්භාෂ බිත්තිය මසන්නේ මැහුම් ස්තර 1 කිනි. මුස්ලිම් මව්වරුන්ට මැහුම් ස්තර 2 ක් හෝ එක ස්තරයක් සමග අමතර මැහුම් යොදයි. සැත්කමෙන් පසු අනික් වෛද්‍යවරු නොකරන අයුරට රළු ආකාරයට ගෝස් ටවල් යොදා ගෙන පෙරිටෝනියම් කුහරය පිරිසිදු කරයි. මේ රළු ක්‍රියාදාමය නිසා සැත්කම්වලින් පසු මුත්‍රා වාහිනී හානිවීම්, ගර්භාෂ ඉවත්කිරීම්, පසු ප්‍රසව රුධිර වහනයවීම් අනෙක් සීසර් සැත්කම්වලට සාපේක්ෂව බෙහෙවින් වැඩිය.

    ඒ සමඟම මෙම කාරණය පිළිබඳ වහා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස කුරුණෑගල ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා සහ මහජනතාව ඉල්ලීමක් කළේය. අතුරලියේ රතන හිමි, විමල් වීරවංශය, චන්න ජයසුමන, උදය ගම්මන්පිල, සරත් වීරසේකර ඇතුළු පිරිසක් ද එවන් පරීක්ෂණයක් කඩිනම්ව කරන ලෙස ඉල්ලීම් කළේ ය. මුලික පරීක්ෂණයෙන් මෙවන් කාරනා හෙළිදරව් වී තිබියදී ජාතික සංවිධාන සමග දීර්ඝ කාලයක් කටයුතු කල වෛද්‍ය විද්‍යාව ගැන මහාචාර්යවරයකු වූ චන්න ජයසුමනට මේ ගැන සිය අදහස පවසන මහා සංඝරත්නය සහ ලෙස ජාතික සංවිධාන ඉල්ලා සිටියහ. ඔහුගේ අදහස වුයේ වෛද්‍යවරු විසින්ම සිදු කර ඇති මුලික පරීක්ෂණයෙන් හෙළිදරව් වී ඇති තොරතුරු සත්‍යනම් එය දරුණු අපරාධයක් බවත්, මේ ගැන නිසි විමර්ශනයක් කර වැරදිකරුවන්ට දඩුවම් ලබා දිය යුතු බවත්ය.

    මේ කරුණු ජනමාධ්‍යවල ප්‍රසිද්ධ වීමත් සමග කුරුණෑගල ප්‍රදේශයේ මව්වරුන් ගණනාවක් ෂාෆි වෛද්‍යවරයා පිළිබඳව පොලිසියට පැමිණිලි කරන්නට විය. සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියද රතන හිමි-විමල්-උදය චන්න-සරත් ඇතුළු කණ්ඩායමේ කිසිවකු හෝ මව්වරුන්ට බලපෑමක් කළ බව දැනගන්නට නැත. ඔවුන් පොලිසියට බලපෑමක් කළ බව ද දැනගන්නට නැත. ඔවුන් රෝහලේ සිදුකළ පරීක්ෂණයට බලපෑමක් කළ බව ද දැනගන්නට නැත. එවන් බලපෑමක් කරන්නට එකල ඔවුන්ට දේශපාලන බලයක්ද නොවීය. සෞඛ්‍ය ඇමති වුයේ රාජිත සේනාරත්නය.

    පාස්කු ප්‍රහාරය එල්ල වූ තිබූ වටපිටාවක, පල්ලිවලින් කඩු මතු වෙමින් තිබූ වටපිටාවක, මව්වරු සිය ගණනක් පැමිණිලි කර තිබු වටපිටාවක, මූලික විමර්ශණයෙන් භයානක කරුණු හෙළිදරව් වී තිබු පසුබිමක, ෂාෆි මුල්‍ය විශුද්ධිකරණ චෝදනාවට ලක් වූ වටපිටාවක, පොලිස් පරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙන විට ෂාෆි නිවසේ CCTV කැමරා දර්ශන සියල්ල මකා දමා තිබු පසුබිමක. එවකට පැවති රජය ඔහුව ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. මෙවන් චෝදනාවක් එල්ල වූ වෛද්‍යවරයෙක් වැඩ තහනම් කළ යුතු වුව ද වැඩ තහනම් නොකර අනිවාර්යෙන් නිවාඩු යැවීය. පරීක්ෂණ භාරව සිටි CID නිලධාරියකු විශ්මයජනක ලෙස ෂාෆිට ඇප ලබා දීමට කටයුතු කළේය. මෙවන් වටපිටාවක සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ස්වාමීන්වහන්සේලා සහ රතන හිමි-විමල්-උදය චන්න ඉල්ලීමක් කෙරේ නම් එහි කිසිදු වරදක් හෝ අසාධාරණයක් නැත.

    ෂාෆි අත්අඩංගුවට පත්වීමත් සමඟ ලංකාවේ වහාබ් ජාලය අතිශයින් කලබල විය ඔහු නිදහස් කර ගැනීම සඳහා කළ හැකි සියල්ලක්ම සැලසුම් සහගතව සිදු කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ෂාෆිගේ විමර්ශනය භාරව සිටි නිලධාරීන් දෙදෙනා විශ්මයජනක ලෙස විමර්ශන කටයුතු කල් දැමීය. කුරුණෑගල රෝහලින් සිදු කල මුලික විමර්ශනය මග හැර සිටියේය. ඔවුහු ඒ සඳහා විවිධ හේතු ඉදිරිපත් කළහ. වහාබ් ජාලය සමඟ කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල නිලධාරීන් දෙදෙනකු සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරිනියක ෂාෆිට හානියක් නොවී වැඩේ ගොඩ දා ගැනීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සංවිධානය කළේය. මේ සඳහා දායක වූ නිලධාරීන් කිහිප දෙනකු එක්වරම පොහොසත් වූ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රසිද්ධ රහසකි.

    මේ අතර ලංකාවේ ප්‍රධාන පුවත්පත් කිහිපයක සහ විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක සේවය කරන කීපදෙනෙක්, සමාජ මාධ්‍ය පිටු පවත්වාගෙන යන කිහිප දෙනකු වහබ් ජාලය මුදල් දී මිලදී ගත්තේය. ඒ ඇතැම් අයෙක් සිංහල බෞද්ධ විරෝධී මාධ්‍යකරනයක ඒ වන විටත් නියැලී සිටි නිසා ඔවුන්ට ඉබ්බා දිය දැමුවාක් මෙන් විය. ඔවුන්ට පැවරුණු කාර්යය නම් ෂාෆි සුද්ද කරමින් සතියකට හෝ දෙකකට වතාවක් ලිපි පළ කිරීමයි. ඒ එක අයකුට ලිපියක් සඳහා රු. ලක්ෂයක් ගෙවීම් කල අවස්ථාද තිබුණි. වහාබ් ජාලය මගින් මුදල් ලැබෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ නජිත් ඉන්දික වැනි කිහිපදෙනෙකුද මේ සමාජ මාධ්‍ය මෙහෙයුමට එක්විය. ලංකාවේ දහදාහකට වැඩිය සාමාන්‍ය පෙළ විභාගයෙන් A 9 ගනිද්දී ඉන් අයෙක වූ ෂාෆි ගේ දියණිය මහත් උත්කර්ෂයට නංවමින් ලිපි ගණනාවක් ලියවුනේ මේ ජාලයේ මෙහෙයවීමෙන් ය. සිංහල ජාතිය ෂාෆිගෙන් සමාව ගතයුතු බව සදහන් පෝස්ටු ගණනාවක් වහාබ් මුදලින් සමාජ මාධ්‍ය පිටුවල පල විය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයෙන් යුතු මහා වීරයකු ලෙස ෂාෆි සමාජ ගත කෙරුණි.

    ෂාෆි පිළිබඳ සාධාරණ විමර්ශනයක් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එම ආණ්ඩුවේ බොහෝ දෙනකු පැවසුව ද ඔහු එය නෑසූ කන් ව සිටියේ ය. ඔහු පත් කළ සෞඛ්‍ය ලේකම් සංජීව මුණසිංහ ද එය සම්පූර්ණයෙන් නොසලකා සිටියේ නැති ප්‍රශ්නයක් තමන්ගේ පිටට දා ගැනීමට අනවශ්‍ය බව පවසමිනි. ගෝඨාභය මෙය පමණක් නොව ඔහුට පැවරී තිබූ රාජකාරි සාතිශය බහුතරයක් අමතක කළේය. ඊට ප්‍රධාන හේතුව කළ යුතු දේ කුමක්ද, නොකළ යුතු දේ කුමක්ද යනුවෙන් හඳුනා ගැනීමට ඔහුට නොහැකි වීමයි. ඒ සඳහා ප්‍රමාණවත් දේශපාලනය පරිචයක් හෝ බුද්ධියක් ඔහු සතුව නොතිබිණි. ගෝඨාභයගේ දුර්වලතා බලමින් වහාබි ජාලය කල් මරමින් සිටියේ ගෝඨාභය ඉවත් වන තුරුයි. ගෝඨාභය ඉවත් වී ඔවුන්ට හිතවත් දේශපාලන බලවේගයක් බලයට පත් වූ විගස කුරුණෑගල රෝහල මඟින් සිදුකළ මූලික විමර්ශනය සම්පූර්ණයෙන් ඉවත දමා වෙනමම විමර්ශනයක් සිදුකර ෂාෆි ට එල්ල වූ කිසිම චෝදනාවක් ඔප්පු කිරීමට තරම් සාධක නොමැති බව පවසමින් අලුත් වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා කඩිමුඩියේ රාජ්‍ය සේවා කොමිසමට ලබාදී ෂාෆි නිදහස් කර ගැනීමට කටයුතු යෙදීය. මේ අලුත් විමර්ශනය කලේ සෞඛ්‍ය අමාත්‍යංශයේ කුප්‍රකට චරිතයක් වන පොලොන්නරුව වකුගඩු රෝහල ඉදිකිරීමේදී මහා මුල්‍ය අවභාවිතාවකට චෝදනා ලබා සිටින පුද්ගලයෙකි. මේ වන විටත් අධිකරණයේ නඩුවක් තිබියදී, ෂාෆිඅත්අඩංගුවට ගැනීම නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලබා දී තිබියදී ඒ ඒ කිසිවක් නොසලකමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලබාදුන් තීරණය විශ්මය ජනකය. නව විමර්ශනයේ වුවද වුවද දක්වා ඇත්තේ විනය ක්‍රියාමාර්ග වලට යටත්ව ෂාෆිව නැවත සේවයේ පිහිටුවන ලෙසයි. ඔහුට කුරුණෑගල රෝහල ලබා නොදී වෙනත් රෝහලක් ලබාදිය යුතු බවට නිර්දේශ ව තිබූ බවද වාර්තා වේ. වාර්තාවේ තිබු කිසිවක් නොසලකා රාජ්‍ය සේවා කොමිසමේ සෞඛ්‍ය සේවා අංශය මගින් මෙවැනි තීරණයක් ලබා දුන්නේ කෙලෙසද යන්න වෙනමම විමර්ශනය කළ යුතු කරුණකි.

    ෂාෆි කරුණ යොදාගෙන යොදාගෙන ජනප්‍රිය වෙන්නට වෙර දැරූ තිස්ස ජනනායක වැනි පුද්ගලයන් ගෝඨාභය රාජපක්ෂ පලායාමක් සමග රටේ ඇතිවූ ඇති වූ තත්ත්වයෙන් බියවී තමන්ද නාටකයකට හසුවූ බව පැවසීය. එහෙත් නාටකය රචනා කලේ කවුද කළේ කවුද ඒක සම්බන්ධ වූයේ කවුද ඔහු පැවසුවේ නැත. ජනනායක ෂාෆි ගැන කතා කළේ මෙන්ම එයට තමන් හසුවූ බවටද පැවසුවේ හුදු ප්‍රසිද්ධිය සඳහාම පමණි. ඉදිරියට වුවද වුවද ඔවුන් කියන දෙයක් පිළිබඳව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි ය.

    මේ අතර ෂාෆි තමන් අත්අඩංගුවට ගැනීමය වැරදි බව පවසමින් තමන්ගේ මානව හිමිකම් කඩ වූ බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය 2023.03.16 තීරණය ප්‍රකාශයට පත් කරමින් නඩුව විභාගයට වත් නොගෙන ප්‍රතික්ෂේප කර මුදල් විශුද්ධිකරණය පිළිබඳව පැහැදිලි සාධක ලැබී තිබූ හෙයින් ඔහු අත් අත්අඩංගුවට ගැනීම නිවැරදි බව පැවසීය. කෙසේ නමුත් ඒ ඒ පුවතට කිසිදු ප්‍රසිද්ධියක් ප්‍රධාන ජනමාධ්‍යවලින් හෝ සමාජ මාධ්‍ය ජාලාවලින් නොලැබිණි. ඒ වහබ් ජාලයේ බලපෑමයි.

    පැමිණිලි ඉදිරිපත් කළ දහසකට වැඩි මව්වරු කිසිදු විමර්ශනයකින් තොරව අපහාසයටත් උපහාසයට ලක් කෙරිණි. ජාතික උවදුරකදී පක්ෂ විපක්ෂ බේදයකින් තොරව හඬක් නැගීමට පාර්ලිමේන්තුවේ සිටින්නේ රතන හිමි-විමල්-උදය චන්න-සරත්-ජයන්ත-ගෙවිඳු ඇතුළු අතේ ඇඟිලි වලට අඩු කිහිප දෙනකු පමණි. මේ ගැන සොයා බැලිය යුතු බව හඬ නැගූ ඔවුන් බොරුකාරයන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසිනි. ඔවුන්ට පහර පිට පහර ගැසිනි. වහාබ් ජාලයට අවශ්‍ය වූයේ හඬක් නැගිය හැකි සිංහල දේශපාලනඥයන් සම්පූර්ණයෙන් නිහඬ කිරීමයි.

    අන්තිමට සාෆිගේ ගිණුමට හදිසියේ ආ කෝටි 40 එළියට සිදුවූ දෙයක් නැත; පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවකු සතු වූ ෂාෆිගේ ක්‍රෙඩිට් කාඩ් 10 ට වූ දෙයක් නැත. ෂාෆි ගේ ගෙදර මැකුණු CCTV දර්ශනවලට සිදු වූ දේ කිසිවෙකු නොදනී. මූලික පරීක්ෂණයෙන් හෙළිදරව් වූ කරුණු කාරණා වලට වූයේ කුමක්දැයි කිසිවෙකු නොදනී. අධිකරණයේ නඩුවක් තිබියදීම ෂාෆි නිදොස් කොට නිදහස් කළ බව මහා සමාජ මාධ්‍ය මෙහෙයුමක් දියත් කෙරිණි. දරුවාගේ ප්‍රතිඵල ලේඛනය ලබා ගත් සැනින් ෂාෆි වහාබි මුදලින් නඩත්තු වන සමාජ මාධ්‍ය ජාලයට එහි ජායාරූප නිදහස් කළේය. කුරුණෑගල රෝහලට පැමිණි සැනින් සමාජ මාධ්‍ය ජාලයට එහි ජායාරූප යැවීය. ෂාෆි රෝහලට පැමිණි සැනින් ජායාරුප සහිතව මහා මාධ්‍ය මෙහෙයුමක් දියත් වුයේ කෙලෙසදැයි අසන්නට කෙනෙක් සිටියේ නැත. සති අග පුවත්පත් වල ලිපි පල කිරීමට අවශ්‍ය කටයුතු යෙදිනි. මේ සියල්ල නාටකයක කොටස්ය.

    මොහොමඩ් ෂාෆි යනු ශුර දේශපාලඥයෙකි. ඔහු 2015 වසරේ පාර්ලිමේන්තු මහා මැතිවරණයට අලියා ලකුණින් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කර මනාප ඡන්ද 40,000කට වඩා ලබාගෙන ඊළඟට පාර්ලිමේන්තුවට යෑමට ලැයිස්තුවේ සිටි පුද්ගලයායි. වහාබ් ජාලය මේ හදන්නේ නැවතත් සිංහලයන්ගේ ජන්ද ලබාගෙන ෂාෆිව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ම පාර්ලිමේන්තුව යැවීමටයි. අන්තිමට වහාබ් සමාජ මාධ්‍ය මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස මරාගෙන මැරෙන බෝම්බ පුපුරවාගත් සහරාන් ගැන කතාවක් නැත; සහරාන් ඇතුළු ඔහුගේ සහචරයන්ට මරාගෙන මැරෙන බෝම්බ පුපුරවාගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමටයි; ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක ඉබ්‍රහිම් තමන්ගේ පුතුන් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බවට පත් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමටයි; ෂාෆි ගැන ලිපි පල කර, මව්වරු දහස් ගණනක් ලවා පැමිණිලි කරවා, මුලික පරීක්ෂණයෙන් බොරු කියවා සිදු කර ඇත්තේ නාටකයකි. රතන හිමි-විමල්-උදය චන්න-සරත්-ජයන්ත-ගෙවිඳු මේ සියල්ල නාටකයක නළුවන් බව සමාජ ගත කිරීමට වහබ් සමාජ මාධ්‍ය ජාලයට වසර දෙකක් ඇතුලත හැකි විය. මොහොමඩ් ෂාෆි කෝටි 40ක් එක්වරම ගිණුමට ගෙන්වාගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමටයි; අන්තිමට සමාජ මාධ්‍ය මගින් මොළ සේදු කුරුණෑගල සිංහලයන්ගේ ඡන්දවලින් ෂාෆි පාර්ලිමේන්තුවට ගොස් වනිතා හා ළමා කටයුතු අමාත්‍යාංශය භාර ගත්තද පුදුම විය යුතු නැත.

    @2osama waren ponnaya
     
    • Haha
    Reactions: Xi Jinping

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,914
    71,588
    113
    කෝම හරි නඩුව තාම ඉවරත් නෑ අපේ උන් හෑලි ලියල තීන්දුව දීලත් ඉවරයි.
     
    • Like
    Reactions: Mad Weera

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    15,301
    1
    30,995
    113
    Erozan's Mom's room
    කෝම හරි නඩුව තාම ඉවරත් නෑ අපේ උන් හෑලි ලියල තීන්දුව දීලත් ඉවරයි.

    තනතුරේ පිහිටුවලා.. වැඩ කරපු නැති කාලෙට දීමනා සහිත පඩි දුන්නා හැබැයි
     
    • Haha
    Reactions: SLK_sri

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    4,398
    4,912
    113
    තනතුරේ පිහිටුවලා.. වැඩ කරපු නැති කාලෙට දීමනා සහිත පඩි දුන්නා හැබැයි
    අනිවාර්‍ය නිවාඩු යවලා සේවයේ නැවත පිහිටුවාම ඇරියස් එක්ක දෙනවා.
    වැඩ තහන්ම් කරන්න ඕන පඩි නැති වෙන්න.
    ඕවට බලය තියෙන්නේ රාජ්‍ය සේවා කොමිසමට.
     
    • Wow
    Reactions: Xi Jinping

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,914
    71,588
    113
    තනතුරේ පිහිටුවලා.. වැඩ කරපු නැති කාලෙට දීමනා සහිත පඩි දුන්නා හැබැයි
    ඒක නඩුව යන අතරතුර කරගන්න පුලුවන්නෙ තාම සැකකරයෙක් විතරයිනෙ. පරීක්ෂණ කටයුතු වලටනෙ වැඩ නවත්තන්න ඇත්තෙ. ඒව ඉවර උනාම ආයෙ ඉල්ලන්න පුලුවන් නෙ.
     
    • Wow
    Reactions: Xi Jinping

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,323
    4,917
    113
    වත්කම් උපයපු විදිහ හෙලි කරගන්න බෑ.. ඒ වගේම සීසීටිවී වල දත්ත මෑකුණ එකත් ඈත්ත..

    මෙන්න මේ කෑල්ල ඈත්ත..

    මේ අතර ෂාෆි තමන් අත්අඩංගුවට ගැනීමය වැරදි බව පවසමින් තමන්ගේ මානව හිමිකම් කඩ වූ බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය 2023.03.16 තීරණය ප්‍රකාශයට පත් කරමින් නඩුව විභාගයට වත් නොගෙන ප්‍රතික්ෂේප කර මුදල් විශුද්ධිකරණය පිළිබඳව පැහැදිලි සාධක ලැබී තිබූ හෙයින් ඔහු අත් අත්අඩංගුවට ගැනීම නිවැරදි බව පැවසීය. කෙසේ නමුත් ඒ ඒ පුවතට කිසිදු ප්‍රසිද්ධියක් ප්‍රධාන ජනමාධ්‍යවලින් හෝ සමාජ මාධ්‍ය ජාලාවලින් නොලැබිණි.
     
    • Like
    Reactions: super077

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,914
    71,588
    113
    වත්කම් උපයපු විදිහ හෙලි කරගන්න බෑ.. ඒ වගේම සීසීටිවී වල දත්ත මෑකුණ එකත් ඈත්ත..

    මෙන්න මේ කෑල්ල ඈත්ත..

    මේ අතර ෂාෆි තමන් අත්අඩංගුවට ගැනීමය වැරදි බව පවසමින් තමන්ගේ මානව හිමිකම් කඩ වූ බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය 2023.03.16 තීරණය ප්‍රකාශයට පත් කරමින් නඩුව විභාගයට වත් නොගෙන ප්‍රතික්ෂේප කර මුදල් විශුද්ධිකරණය පිළිබඳව පැහැදිලි සාධක ලැබී තිබූ හෙයින් ඔහු අත් අත්අඩංගුවට ගැනීම නිවැරදි බව පැවසීය. කෙසේ නමුත් ඒ ඒ පුවතට කිසිදු ප්‍රසිද්ධියක් ප්‍රධාන ජනමාධ්‍යවලින් හෝ සමාජ මාධ්‍ය ජාලාවලින් නොලැබිණි.
    මේක දේශපාලනයට දාගත්ත එකයි අවුල. මෙකෙන් දැනුත් කරන්නෙ දේශපාලනය
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,323
    4,917
    113
    මේක දේශපාලනයට දාගත්ත එකයි අවුල. මෙකෙන් දැනුත් කරන්නෙ දේශපාලනය
    කට්ටියට පුදුමයි ඈයි සාෆී ඈක්ශන් එකක් නොගන්නේ කියලා. පස්සේ ලෝයර් කෙනෙක් කිව්වේ. නඩු දාලා චොර වුනා කියලා.. කෝටි 40 සීන් එක හින්දා තමා ලු නඩුව යන්නේ. හෑබෑයි ඌටත් හිතා ගන්න බෑ ඈයි මේ නිව්ස් එක පත්තර වල නොයන්නේ කියන එක. ඈත්තටම මිනිහාගේ ප්ලෑන් එක යට ගිහින් වෙන කේස් උඩ ආවේ දේශපාලනය හින්දා තමා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    17,647
    26,823
    113
    කෑගල්ල
    අනිවාර්‍ය නිවාඩු යවලා සේවයේ නැවත පිහිටුවාම ඇරියස් එක්ක දෙනවා.
    වැඩ තහන්ම් කරන්න ඕන පඩි නැති වෙන්න.
    ඕවට බලය තියෙන්නේ රාජ්‍ය සේවා කොමිසමට.
    එහෙම කරන්න බෑ. නීති හදලා තියෙන්නේ සෙවකයාට වාසිසහගත පැත්ත වැඩිවෙන විදිහට. ඔය ටික කියවද්දි තමා ඉතින් තෙරේන්නේ සෙවයේ අවන්ක බාවය තමා වැදගත්. ඉස්සරනම් ඉතින් නොතිබ්බා නෙමේ කාලකන්නි දේශපාලුවො එහෙන් මෙහෙන් රින්ගවලා තමා ඔක්කොම කෑවේ.

    මේ ලගදි කෙනෙක් කිවා පෙලක් උන් ඉන්නවා අවුරුදට දෙකට ගහන්න පුලුවන් උපරිම මිලියන් බිලියන් වලින් ගහලා අවුරුදු 15-16 හිරේ යනවා. කැප කිරිමා.. :lol: :lol:. ඌට ආත්ම පහ හයක් වැඩකරත් ඒ ගාන ඒ වාහන හොයන්න, ගන්න වෙන්නේ නැ. උගේ ලමයි එවගෙන් හොදට ජිවත් වෙනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,914
    71,588
    113
    කට්ටියට පුදුමයි ඈයි සාෆී ඈක්ශන් එකක් නොගන්නේ කියලා. පස්සේ ලෝයර් කෙනෙක් කිව්වේ. නඩු දාලා චොර වුනා කියලා.. කෝටි 40 සීන් එක හින්දා තමා ලු නඩුව යන්නේ. හෑබෑයි ඌටත් හිතා ගන්න බෑ ඈයි මේ නිව්ස් එක පත්තර වල නොයන්නේ කියන එක. ඈත්තටම මිනිහාගේ ප්ලෑන් එක යට ගිහින් වෙන කේස් උඩ ආවේ දේශපාලනය හින්දා තමා
    බුකියෙ පාස්කුවට යුක්තිය ඉල්ලන අයම මේකටත් හෑලි ලියල තියෙන එක තමා ආතල්ම සීන් එක. උන් නන් මාරම බුද්ධිමත් සෙට් එකක්. :cool:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    46,968
    48,322
    113
    @SLK_sri මොහොමඩ් තම්බි 😂

    පාදෙණියගේ දෙවැනි දරුවා බිහිකලේ මමයි..- ෂාෆි


    තමන්ට ඇතිවූ ප්‍රශ්නයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එවකට සභාපතිව සිටි වෛද්‍ය අනුරුද්ධ පාදනය මහතා නිහඬව සිටි බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශාපි සහබ්ඩින් මහතා සඳහන් කරයි.

    තමන්ට කුමන චෝදනා එල්ල කළ ද පාදෙනිය මහතාගේ දෙවැනි දරුවා ද බිහිකර දුන්නේ තමන් විසින් බවද හෙතෙම පැවසීය.


    උත්සව සභාවක් අමතමින් එ මහතා මෙම අදහස් පළ කරන ලදී.

    කාන්තාවන් වන්ද්‍යකරණයට ලක් කළේ යැයි එල්ල වූ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කාලය සම්බන්ධයෙන්ද ඔහු එහිදී අදහස් පල කළේය.
     
    • Like
    Reactions: Nidarshana_k