ෂාෆී වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ මව

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ෂාෆී වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ මව

    මේ වනවිට ප්‍රධාන ධාරාවේ කතාබහක් ඇති කර තිබෙන කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි වඳ සැත්කම් සිදු කිරීම සම්බන්ධ සැකමුසු කාරණාව ගැන මේ වනවිට ඇතිව තිබෙන විස්තර වාර්තා පහත පරිදිය.

    සැක සහිත සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ඊයේ සෞඛ්‍ය ඇමතිවරයා පත්කළ කමිටුව කුරුණෑගල රෝහල වෙත ගියද ඔවුන්ට සාක්ෂි ලබා නොදෙන්නට එම රෝහල් කාර්ය මණ්ඩලය එක්වී තීරණය කළ බව
    වෘත්තීය සමිතිය දන්වා තිබුණි. ඒ අනුව පරීක්ෂණයක් සිදුවූයේ නැත. ඇමතිවරයාගේ පක්ෂපාතී ක්‍රියාකාරීත්වය නිසා ඔහුගේ කණ්ඩායම ගැන විශ්වාසයක් නැති බවත් ජනපති යම් කමිටුවක් පත්කරයි නම් ඊට එකඟ බවත් ඔවුන් දන්වා තිබුණි

    කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිදු වූ සැක සහිත සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා යටතේ විශේෂ කමිටුවක් පත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා ඇත.




    සහකාර ලේකම්, වෛද්‍ය නවීන්ද සොයිසා පැවසුවේ මේ සම්බන්ධයෙන් සිය සංගමයේ නියෝජිතයින් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

    අත්අඩංගුවේ පසුවන සහාබ්දීන් සාෆි නම් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයාට අදාළව මේ වනවිට කුරුණෑගල හා දඹුල්ල රෝහල් වෙත ලැබී ඇති පැමිණිලි 123 කි.
    ලැබෙන සියලුම පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වලට අදාළ බලප්‍රදේශවල මහේස්‍ත්‍රාත් අධිකරණ මඟින් මෙම නියෝගය නිකුත් කර ඇත.

    වෛද්‍යවරයා දැනට පසුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ බැවින් විමර්ශන කටයුතු සඳහා ඔහුට එරෙහිව ලැබෙන සියලුම පැමිණිලි තමන් වෙත යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කරන ලදී.




    සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සහ අනෙකුත් ඒකකවල වෛද්‍ය පරිපාලකයින්ට අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසරයකින් තොරව මාධ්‍යයට කරුණු දැක්වීම හෝ ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීම ඊයේ (28) සිට තහනම් කර තිබේ.
    වෛද්‍ය පරිපාලකයින්ට තාක්ෂණික කරුණු හැර වෙනත් ප්‍රසිද්ධ ප්‍රකාශ කළ හැක්කේ ලේකම්වරයාගෙන් ඊට අවසර ලබාගැනීමෙන් පසුව බවද වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සියලු වෛද්‍ය පරිපාලකයින් වෙත දැනුම් දීමක් කර ඇත.
    පසුගියදා කුරුණෑගල සිදුවීම ගැන එම බලධාරීන් ක්‍රියා කළ ආකාරය ගැන විමර්ශනය කර මෙම තීරණයට එළැඹ ඇත.

    විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේ මාධ්‍ය හමුවක් අමතමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ
    කුරුණෑගල ශික්ෂණ රෝහලේ දොස්තර අතින් සිංහල කාන්තාවන් වන්ධ්‍යාකරණයට ලක්ව ඇත්නම් ඔවුන්ට රජය වහාම වන්දි ගෙවිය යුතු බවය.

    පේරාදෙණිය මහ රෝහලේ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් සිසේරියන් සැත්කම අතරතුර දී මවුවරුන් වඳභාවයට පත් කර ඇති බවට චෝදනා රාශියක් එල්ල වන බව මන්ත්‍රි එස් බී දිසානායක මහතා සඳහන් කර ඇත.මෙම දෙදෙනාම මුස්ලිම් ජාතිකයින් බවත් සිසේරියන් සැත්කම් කරද්දී ඔවුන් විසින් පැලෝපීය නාලය කිහිප පොළකින් සිර කර කාන්තාවන් වඳභාවයට පත් කළේ යැයි චෝදනා එල්ල වී ඇතැයි දන්වා ඇත.
    මහනුවර තත්වය උණුසුම් වෙද්දී වෛද්‍යවරයා මඩකලපුව ප්‍රදේශයට මාරු වී ගොස් ඇති බවත් අනෙක් වෛද්‍යවරිය විදෙස්ගත වී ඇති බවත් මන්ත්‍රීවරයා දැන්විය.
    මේ ගැන කරන පරීක්ෂණ වලට සහය වන බව පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂ දන්වා ඇත.

    කුරුණෑගල සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද දැනුම් දී තීබේ.
    මෙම සිදු කෙරෙන විමර්ශන වල දී වෛද්‍යවරයා වැරදිකරුවෙකු වුවහොත් නීතිය ක්‍රියාත්මක කරන බවත්, මෙවැනි ආකාරයේ වැරදි සිදු කර විමර්ශන වලදී වැරදිකරුවෙකු ලෙස ඔප්පු වන ඕනෑම නිලධාරියෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

    මේ අතර, ෂාෆී වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ මවකගේ ඇද ඉහපතක නම වෙනස් කිරීම මගින් ළදරුවෙකු වෙනත් පාර්ශ්වයකට ලබාදීමට තැත් කිරීම සම්බන්ධව රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් පිළිබඳව ද සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය මගින් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇත.
     
    • Like
    Reactions: DangerMan119