සංඛ්‍යා ලේඛන බොරු – කොරෝනා රට පුරා පැතිරිලා – තත්ත්වය භයානකයි – PHI සභාපති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    Covid -19 වසංගතය මේ වන විට රට පුරා දැඩි ලෙස ව්‍යාප්ත වී ඇති බවත්, බලධාරීන් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මව්රට පුවත්පතට පවසා තිබෙනවා.

    ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ මෙම ව්‍යාප්තිය පිළිබඳව බිම් මට්ටමේ නිවැරැදි තොරතුරු නොසොයා ඇතැම් නිලධාරීන් ලබා දෙන සංඛ්‍යා ලේඛන මත රැඳී සිටීමෙන් එම තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇති බවය.

    එමෙන්ම ඇතැම් විද්‍යුත් මාධ්‍ය මඟින් හෙළි කරනු ලබන Covid -19 සංඛ්‍යා ලේඛන ගැන තම සංගමයටද ගැටලුවක් වී ඇති බව පවසන සෞඛ්‍ය නිලධාරි සංගමයේ සභාපතිවරයා බිම් මට්ටමේ නිවැරැදි තොරතුරු අවශ්‍ය වේ නම් රජයේ වගකිව යුතු අංශ තම සංගමය සමඟ නිරන්තර සම්බන්ධතාවයක් ඇතිව කටයුතු කළ යුතු බවද අවධාරණය කර සිටියේය.

    මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ රෝහණ මහතා සඳහන් කළේ බස්නාහිර පළාතට බලපා තිබූ මේ ප්‍රශ්නය දැන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකට පාහේ විහිදී ගොස් ඇති බවය. දිවයිනේ දිස්ත්‍රික් ගණනාවක කර්මාන්ත පුරවල සහ පෞද්ගලික අංශවල සේවක පිරිස්ද කොවිඩ් ආශ්‍රිත තත්ත්වයට පත් වී ඇති බවද මේ වන විට හෙළි වී තිබේ. එබැවින් මේ සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු සොයා දැඩි තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බවද උපුල් රෝහණ මහතාගේ අදහස වී ඇත.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දුන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් 19 වැළැක්වීමේ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාද රට තුළ ආසාදිතයන්ගේ වැඩි වීමක් තිබෙන බව තහවුරු කර සිටියේය. වෙනදා ආසාදිතයන් 400, 500ක් පමණක් හමු වුවද, දැන් එම සංඛ්‍යාව 700 දක්වා වැඩි වන අවස්ථාව ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

    පසුගියදා පැවැති වාර්ෂික උත්සව අවස්ථා තුනකදී බස්නාහිර පළාතෙන් පිට පළාත්වලට ගිය පිරිස්වල සංඛ්‍යාව වැඩි වීම ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව පෙන්වා දුන් සිල්වා මහතා බොහෝ දෙනා සෞඛ්‍ය නීති රීති සහ උපදෙස්වලට අනුව කටයුතු නොකිරීමෙන් එම තත්ත්වය උත්සන්න වී ඇති බවද සඳහන් කළේය.

    එහෙත් ආරක්ෂක හමුදාවලද සහාය මත පවතින තත්ත්වයට මුහුණ දීමට කටයුතු යොදා ඇති බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ප්‍රේමලාල් විජේරත්න
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අනිව ඕක තමා අැත්ත..67000යි කිව්වට දැන් ලෙඩ්ඩු ලක්ෂෙත් පැනල අැති.හිකිහිකි ගගා හිටපු ඵකේ විපාක තමා මේ..
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,782
    1,493
    113
    Dan nam hamathanama innawa bn corona hadunath godak gewal walama thama inne. E tharamata hospitol pirila thiyenne.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    I was speaking with my parents the other day and they told me that someone living close to their place has got infected with corona. But, he is staying at home because there aren't enough places in hospitals.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අනිව ඕක තමා අැත්ත..67000යි කිව්වට දැන් ලෙඩ්ඩු ලක්ෂෙත් පැනල අැති.හිකිහිකි ගගා හිටපු ඵකේ විපාක තමා මේ..

    ow bn itatth wadi athi sure ekatama
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    දවසකට මරණ 7 , 8 එනවනේ දැන්..
    ඒ කියන්නේ කොහොමත් රටේම තියෙනවා කියන එක.
    වැක්සීන් ගහන් දැන් ඕනී දෙයක් වෙද්දින් කියලා හිතන් ඉන්නවා ඇති කට්ටිය..
    බලපන් ඊලගට කට්ටිය මැරෙන්නේ ඔය වැක්සීන් එක නිසා අතුරු ආබාධ ඇවිත්. :baffled:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    I was speaking with my parents the other day and they told me that someone living close to their place has got infected with corona. But, he is staying at home because there aren't enough places in hospitals.
    mehe godak innawa gewal wala. geniyanne amaru unoth witharai dan.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    @erozan මේවට උත්තර දීපන් ගෑනි වගේ හැන්ගෙන්නේ නැතිව..

    බලේට ආවේ සේරම දැනගෙන වගේ.. අන්තිමේ 6 න් 2ක් අඩු කරගන්නත් බෑ උබලගේ විකටයට..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    අනිව ඕක තමා අැත්ත..67000යි කිව්වට දැන් ලෙඩ්ඩු ලක්ෂෙත් පැනල අැති.හිකිහිකි ගගා හිටපු ඵකේ විපාක තමා මේ..
    Lankawen 20%(laksha 40k) 😯 kata pathirila kiyala tamai mata nan aranchi une. Kawda kiwwe kiyala kiyanna ba. Boruwa rajakarana ratawal wala aththa kiyana ewunta awul.