සංග්‍රාම භූමිය - 14

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සංග්‍රාම භූමිය - 14

    එක්සත් ජනපදය පසුගිය අප්‍රේල් මාසයේදී ඇෆ්ගනිස්ථානයේ නාන්ගර්හර් පලාතට Massive Ordnance Air Blast (MOAB) හෙවත් සියලු බෝම්බවල මව යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන බෝම්බය හෙළන ලදි.මෙම සිද්ධිය ලොව පුරා මාධ්‍යවල දැඩි අවදානයට ලක්විය.ප්‍රහාරයේ ඉලක්කය වූයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ය.ප්‍රහාරයෙන් පැය 15ක් ගත වූ තැන ඉහල විභේදන බලයක් සහිත කැමරා සහිත චන්දිකා යොදාගෙන භූමිය ඡායාරූප ගත කරන ලදි.

    a9d6ZRU.jpg
    බෝම්බය පතිත වූ ස්ථානය​

    2005 වර්ෂයේ පටන් Alcis ආයතනය විසින් නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ මෙම දුෂ්කර ,ප්‍රශ්නකාරී නිම්නය අධ්‍යනය කරමින් සිටියහ.2017 අප්‍රේල් 13 දා ඇෆ්ගනිස්ථාන වේලාවෙන් රාත්‍රී 7.30ට ඇමෙරිකානු ගුවන් හමුදාව වර්ගයේ බෝම්බය මුදාහරින ලදි.නමුත් චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ බෝම්බය පිපිරී යෑමෙන් සුවිශේෂී ආවාටයක් නිර්මාණය වී නොමැති බවයි.සිදුවන තිබෙන විනාශයෙන් ආසන්න වශයෙන් ඉදිකිරීම් සහ ගස් 20කට පමණ හානිවී තිබේ.බෝම්බය පතිත වූ තැන සිට නිරිත දිගට මීටර් 650ක් දුරින් වූ Asadkhel ගම්මානය සහ ආසන්නයේ තිබෙන Tangai සහ Lansai Ahmad ගම්මානවලටද හානි සිදුව තිබේ.

    මෙම ගම්මාන ඇෆ්ගනිස්ථානයේ නාන්ගර්හර්හි අචින් දිස්ත්‍රික්කයේ මාහ්මන්ඩ් නිම්නයට ඇතුලුවන ප්‍රදේශයේ පිහිටා තිබේ.පිපිරීමෙන් කෘෂිකාර්මික භුමි සහ ශාකවලට සිදුව තිබෙන හානිය පැහැදිලිව පෙනේ.බෝම්බය පිපිරීම සිදුවන්නේ පොළොවට අඩි 6ක් ඉහළින් නිසා ගිනිදළු සහ කම්පන තරංග විහිදීම පොලොවට සමාන්තරව සිදුවීමේ ඉඩ වැඩිය.පිපිරීමේ සඵල පරාසය ආසන්න වශයෙන් කි.මී.1ක් බව වාර්තා වේ.

    awMdXm6.jpg
    බෝම්බය හෙළු ස්ථානය සිතියමේ රතු පැහැයෙන් දක්වා ඇත​

    ප්‍රහාරයේ අරමුණ වුයේ අදාල ප්‍රදේශයේ මෙහෙයුම්වල නිරත ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ උමං සහ ගුහා විනාශ කිරීමයි.2017 අප්‍රේල් මස 15 දා ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කලේ ප්‍රහාරයෙන් ප්‍රධාන අණදෙන නිලධාරීන් 4ක්ද ඇතුලුව ත්‍රස්තවාදීන් 94ක් මිය ගිය බවයි.නමුත් පසුව එම ගණන තිස්ගණනක් දක්වා පහත බැස තිබේ.

    මෙම ලිපිය ඔස්සෙ සාකච්ඡා කෙරෙන්නේ ප්‍රහාරයට පෙර සහ පසු අවස්ථාවල ගන්නා ලද චන්දිකා ඡායාරූප විශ්ලේෂණයකි.ප්‍රහාරයට පෙර ගන්නා ලද ඡායාරූපවල දිනය 2016 සැප්තැම්බර් 3දාය.එනම් ඒවා ප්‍රහාරයට මාසයකට පෙර ගන්නා ලද ඡායාරූපය.ප්‍රහාරයෙන් පසු ඡායාරූප ලබාගෙන තිබෙන්නේ 2017 අප්‍රේල් 14 වනදාය.පහත ඡායාරූපයේ දැක්වෙන රතු පැහැ කොටුවෙන් කි.මී.1.5 පළල ,කි.මී.1.5 දිග භූමියක් පෙන්වා තිබේ.කොළ පැහැ කොටුව මධ්‍යයේ තිබෙන කුරුස ලකුණෙන් පෙන්වන්නේ බෝම්බය පතිත වූ ස්ථානයයි.

    ncOrXAz.jpg
    බෝම්බය පතිත වු ප්‍රදේශය විශ්ලේෂණය කිරීම​

    මෙම ඡායාරූපයේ දැක්වෙන විනාශය විවිධාකාරය.අංක 1 පෙන්වන භූමිය බෝම්බය පතිත වූ ප්‍රදේශයයි.එහි කිසිදු ඉදිකිරීමක් ඉතිරිව නැති අතර ශාක සහ එළවලු වගාවන් විනාශ වී ගොස් තිබේ. නමුත් සමහරක් මාධ්‍ය වාර්තා කල පරිදි පිපිරීමෙන් මීටර් සිය ගණනක් පළල් ආවාටයක් නිර්මාණය වී ඇති බවක් නොපෙනේ.

    අංක 1 ප්‍රදේශයේ ඉදිකිරීම්වලට සිදුවන තිබෙන හානිය බෝම්බ ප්‍රහාරය නිසා සිදුවූ බව විශ්වාස කල හැකි වුවද අංක 2,3 සහ 4 ප්‍රදේශවල ගොඩනැගිලිවලට සිදුව තිබෙන හානියට බෝම්බ ප්‍රහාරය වගකිව යුතුබව පැහැදිලි නැත.එම හානි වෙනත් දෙයක් නිසා සමහර විට ත්‍රස්තවාදීන් සහ ඇෆ්ගන් හමුදා අතර සිදුවූ ගැටුම්වල ප්‍රතිඵලයක් වන්නට වුවද පුළුවනි.

    බෝම්බය පතිත වූ ස්ථානයේ සිට Shadal Bazaar ප්‍රදේශයට කි.මී.3 දුරක් තිබේ.Shadal Bazaar ප්‍රදේශයත් බෝම්බය පතිත වූ ස්ථානයත් අතර ගම්මානය පිහිටා ඇත.නමුත් මාධ්‍ය විසින් වාර්තා කලේ ප්‍රහාරයෙන් Shadal Bazaar ප්‍රදේශයට විශාල හානියක් සිදුව ඇතිබවයි.නමුත් ප්‍රහාරයට පෙර පසු චන්ද්‍රිකා ඡායාරූප දෙස බැලීමේදී පෙනී යන්නේ එම ප්‍රදේශයට හානිය සිදුව තිබෙන්නේ ප්‍රහාරයට පෙර බවයි.මීට පෙර ඇතිවූ ගැටුම්වල ප්‍රතිඵලයක් නිසා එසේ වන්නට ඇතැ‍යි සැක කල හැකිය




    අංක 1 ප්‍රදේශය

    මිනිසා විසින් නිර්මාණය කල ව්‍යුහයන් ප්‍රහාරයට පෙර ඡායාරූපයේ දිස්වන අතර ප්‍රහාරයට පසුව ඒවා විනාශ වී තිබෙන බව පෙනේ.ශාක සහ ළඳු කැලෑ ගිනිගෙන හෝ විනාශ වී තිබේ.

    cb6R6N3.jpg





    අංක 2 ප්‍රදේශය

    බෝම්බය පතිත වූ ස්ථානයේ සිට අංක 2 ප්‍රදේශයේ මධ්‍යයට දුර මීටර් 500ක් පමණ වේ.එහි සමහරක් ගොඩනැගිලි විනාශ වී තිබේ.බිත්ති සහ අනෙකුත් ව්‍යුහයන් තවමත් ස්ථාවරව තිබෙන බව පෙනේ.එසේම ප්‍රදේශයේ එළවළු වගාවන්ට සිදුවූ හානිය අවමය.

    y4k4pFo.jpg





    අංක 3 ප්‍රදේශය

    මෙම ප්‍රදේශය බෝම්බය පිපිරී ගිය ස්ථානයේ සිට මීටර් 450ක් පමණ දුරකින් පිහිටා ඇත.ගොඩනැගිලි සහ වගාවන්ට සිදුව තිබෙන හානිය අවමය.

    y3xts8Q.jpg





    අංක 4 ප්‍රදේශය

    බෝම්බය පතිත වූ ස්ථානයේ සිට මීටර් 570ක් පමණ දුරකින් පිහිටා ඇත.ගොඩනැගිලිවලට සුළු හානි සිදුව තිබේ.කිහිපයකට වහල අහිමිව තිබේ.

    83Lg1Gh.jpg



    Source:businessinsider.my

    -HarshaLulzSec-