එංගන්තයේ ලෝඩ්ස්හීදි කුමාර් සංගක්කාර කළ දේශනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් තිදෙනෙකු අදහස් පළ කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මෙසේ පැවසීය.
කුමාර් සංගක්කාර කරපු දේශනය සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයා දැනුවත් කරලා තියෙනවා අලුතින් පත්වෙච්ච උපාලි ධර්මදාස මහතාට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වලා වාර්තාවක් ලබාදෙන්න කියලා. නමුත් මේ වෙලාවේ විය යුත්තේ ඇත්ත කථා කරපු කුමාර් සංගක්කාර වෙනුවෙන් පරීක්ෂණයක් පවත්වන එක නෙවී. මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට විශාල කඩා වැටීමක් තියෙනවා. විශාල විනාශයක් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වලා ක්‍රීඩා අමාත්‍යවරයාට වාර්තාවක් ලබාදෙන එක තමයි කරන්න ඕනේ. නමුත් ඊට එහාට ගිහින් ඇත්ත කථා කරපු සංගක්කාර වෙනුවෙන් පරීක්ෂණයක් පැවැත්වීම මං හිතනවා විහිළුවක්. ඇත්තටම අප දැනට අවුරුදු එක හමාරක් තිස්සේ මේ දේවල් ඉන්සයිඩ් ස්පෝර්ට්ස් වැඩසටහනෙන් සඳහන් කරලා සිටියා. මේ රටේ ක්‍රිකට්වලට දේශපාලන ඇඟිලි ගැසීම් තිබෙන බව මං හිතනවා කුමාර් සංගක්කාර වැනි හිටපු නායකයෙක්ට පහුවෙලා හරි තේරුම්ගිය එක ගැන ඉතාම සන්තෝස වෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මෙසේ පැවසීය.
මං ඇත්තටම සන්තෝෂ වෙනවා කුමාර් සංගක්කාර එංගලන්තයේ කරපු ප්‍රකාශය දිහා දැක්කහම. පහුවෙලා හරි ඇත්ත කථා කිරිමට ශක්තියක් ලැබීම ගැන මං හිතන්නේ ශ්‍රී ලාංකිකයෙක් හැටියට අපි ආඩම්බර විය යුතුයි. විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය කාලයේ ක්‍රීඩාවට දේශපාලනයට ඒ වගේම මුදලට ක්‍රීඩකයින් යටවීම වගේ දේවල් හරහා අපේ ක්‍රිකට් විනාශවෙමින් ගියා. අපි අවුරුදු දෙකකට වැඩි කාලයක් තිස්සේ සිරස ඉන්සයිඩ් ස්පෝර්ට්ස් කියන ප්‍රෝගෑම් එකේ අපි කිහිපදෙනෙක් පමණක් එක්අහුවු වෙලා අපි මේ රටේ ජනතාවට ඒ ගැන දැනුවත් කළා. කුමාර් සංගක්කාර හෘද සාක්ෂියට එකඟව මේ ප්‍රකාශය කළානම් කුමාර්ට තියෙනවා ලොකු වගකීමක් හිටපු නායකයෙක් ක්‍රීඩකයෙක් හැටියට අපේ රටට ගෞරවයක් ගෙනාපු ක්‍රීඩකයෙක් හැටියට මේ වෙන දේශපාලන බලපෑම් ඒ වගේම මුදලට යටවීම් ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරිමට අපි ගෙනයන වැඩපිළිවෙළට අපිත් සමඟ එක්අහු වෙලා ඒ වැඩ ටික කරගෙන යන්න කියලා
මේ පිළිබඳව අදහස් පළ කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මයිකල් තිසේරා මෙසේ පැවසීය.
කාලයක් තිස්සේ ක්‍රිකට් ආයතනයේ ඇති තරම් ප්‍රශ්න තිබිලා තියෙනවා. තාම ඒවට කව්රුවත් වගකීම භාර අරගෙන නැහැ. මේ ක්‍රිකට් ආයතනය ඇත්තටම ඛේදජනකයි. මං හිතන්නේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ටම ඒක නිසා ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. මං එකඟවෙනවා එයා කියනදේත් එක්ක. මං සංගක්කාරට කථා කරලා නැහැ ගොඩාක් කාලෙකින් මං හිතන්නේ ඔහුට දැන් ක්‍රිකට් ආයතනයත් එක්ක ගනුදෙනු කිරිම ඇතිවෙලා තියෙන්නේ. ඒක නිසා වෙන්න ඇති ඔහු එහෙම දෙයක් කියන්න ඇත්තේ