සංඝික දානයක් දෙන විට

IbbaMalli

Active member
  • Sep 23, 2014
    434
    63
    28
    සංඝික දානයක් දෙන විට

    උපුටා ගැනීම කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා ඇසුරින්
    කොටස් විදියට වෙලාව ලද විට ධර්ම දානය පිණිස පල කිරීමට කරමි


    Part 001

    සංඝ යන වචනය බික්ෂු සංඝ , භික්ෂුණි සංඝ ,අරිය සංඝ ,ශ්‍රාවක සංඝ යනුවෙන් ආකාර හතරකින් ව්‍යවහාර වේ .එයින් බික්ෂු සංඝ යනු බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක වූ භික්ෂුන් වහන්සේලාය.භික්ෂුණි සංඝ යනු බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක වූ භික්ෂුණින් වහන්සේලාය.
    ආරිය සංඝ යනු බුදුරජාණන් වහන්සේ ගේ ගිහි පැවිදි ශ්‍රාවකයන් අතර සෝවාන් ආදී මාර්ග ඵලයන් පත් වූ පිරිසය. මේ පිරිසම ශ්‍රාවක සංඝ යනුවෙන් හැදින්වේ.
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    Part 2
    වර්තමානයේ සඝ සතු දානයක් දෙන විට මේ අතරින් "බික්ෂු සංඝ" පිරිස් මුල් කරගෙන එම පිංකම පැවැත්වේ.මෙහි ආර්ය වුද අනාර්ය වුද සියළු ,භිකෂුන් වහන්සේලා අදහස් කෙරේ .ආර්ය බික්ෂුන් යනු සෝවාන් සකෘදාගාමී ,අනාගාමී ,අරහත් යන මාර්ග ඵල හතරට පැමිණි භික්ෂු පිරිසයි.අනාර්ය භික්ෂුන් වහන්සේ යනු ආර්ය බවට පැමිණීමට පිණිස පිළිවෙත් පුරන පෘතක්ජන භික්ෂු පිරිසයි .මේ දෙයාකාර වූ සියලු බික්ෂුන් වහන්සේලා වෙනුවෙන් දෙන දේ "සංඝික දානය "- " සඝ සතු දානය " යනුවෙන් හැදින්වේ .