සංචාරක වීසා මාර්ගයෙන් විදේශ රැකියා තහනම්?

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    සංචාරක වීසා මාර්ගයෙන් විදේශ රැකියා සඳහා පිටත්වීමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි පුද්ගලයින් 09 දෙනෙකු රඳවාගෙන තිබේ.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ මැලේසියාවේ සංචාරය සඳහා යාමට පැමිණි 14 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලාංකිකයින් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී පරීක්ෂා කිරීමේදී, ඉන් 09 දෙනෙකු සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා යෑමට උත්සහ කර ඇති බව හෙළිවූ බවය.

    කාන්තාවන් සිව් දෙනෙකු හා පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු මෙම පිරිසට අයත් ය.

    මෙම පිරිස මැලේසියාවට රැගෙනයෑමට ජාවාරම්කරුවන් උත්සහ කර තිබේ.

    ගුවන් තොටුපොළේදී, ඔවුන් සංචාරක වීසා මගින් විදේශ ගතවීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම වංචාව පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ.

    වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම පිරිස කාර්යාංශයේ විමර්ශන අංශය වෙත යොමුකර ඇති අතර, මෙම ජාවාරම මෙහෙයවූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන අංශය විසින් ඉදිරි විමර්ශන මෙහෙයවනු ලබයි.


    adaderana
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,799
    1
    51,702
    113
    ප*යාගල
    sorry.com
    kari wade ne painna onna menna thiyala mattu wena eka

    thumb_sad-meme-templates-imgflip-53261884.png
     
    • Wow
    Reactions: Hasitha22