සංජය ලීලා බන්සායිගේ "හීරා මන්ඩි" (දියමන්ති වීදිය) මිනි සීරිස් එක බැලුවා.
Heeramandi - 2024
IMDB 6.5
ලංකාවේ මුදලින් රුපියල් බිලියන 7.2ක් වියදම් කරලා හදපු මෙගා ප්‍රඩක්ෂන් එකක්.
බුදු රජාණන් වහන්සේට නිදහසේ කාලය ගත කරන්න අඹ වනයක් පූජා කරපු නගර ශෝභණී අම්බපාලි ගැන, නගර ශෝභණී කන්සෙප්ට් එක ගැන දන්න අයට උපරිමයෙන් රසවිඳින්න පුලුවන් නිර්මාණයක්.
බෞද්ධ සාහිත්‍යය හෝ ඉන්දියානු ඉතිහාසය ගැන කියවලා තියෙන අය දන්නවා නගර ශෝභණිය (Tawaif) කියන්නේ රාජ්‍යයේ අගමෙහෙසියටත් වඩා බලවත් කාන්තාවන් කියලා.
ඒ අය ලෝකයේ පැරණිම රැකියාවන්ගෙන් එකක් වුනු ගණිකා වෘත්තියේ නියැලුනු අය කියලා අපි ව්‍යවහාරයේ හැඳින්නුවාට සාහිත්‍යයට අනුව ඔවුන් ඇත්තෙන්ම නිකම්ම නිකම් වීදි ගණිකාවන් නොවෙයි.
සංගීතය, කාව්‍යකරණය, නැටුම් - විශේෂයෙන් කථක් නැටුම්, දේශපාලනය, සමාජය ගැන ඉහල උගත්කමක්, දැනුම් තේරුම් තියෙන රාජකීයන්ට, සිටුවරුන්ට, සමින්දාර්ලට, ඉහල පැලැන්තියේ නිලදාරීන්ට ඔවුන්ගේ ආතතිය නැතිකරගන්න උදව් කරන සේවය සපයන කාන්තාවන් තමයි සාහිත්‍යයේ හැටියට නගර ශෝභණියන් කියන්නේ.
නගර ශෝභණින්ට රජවරු, සිටුවරු ඇසුරින් උපදින පිරිමි දරුවන් ඔවුන්ගේ මන්දිර වලින් පිට කරනවා. බොහෝ විට කාට හරි හදාගන්න දෙනවා නැතිනම් විකුණනවා. දූවරුන් අනාගතයේ නගර ශෝභණියන් කරන බලාපොරොත්තුවෙන් මන්දිරයේ තියාගෙන සියලු කලාවන් උගන්වනවා.
මතක හැටියට අම්බපාලිට බිම්බිසාර රජ්ජුරුවන්ගෙන් ලැබුනු පුතා එහෙම මාලිගයෙන් පිට කරන්න හදනකොට රජතුමා ඉල්ලගෙන ජීවක නමින් නම් කරලා, උස්මහත් කරලා වෛද්‍ය විද්‍යාව උගන්වලා ඔහුගේ දක්ෂකම නිසාම රාජකීය වෛද්‍ය තනතුර ලැබුවා කියලා මම කියවලා තියෙන්නේ. බුදුන්ගේ නිත්‍ය වෙදදුරා වුනේ ජීවක වෙදමහතා බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා.
ජපානයේ ගේෂා ස්ත්‍රී කන්සෙප්ට් එක හැදුනේ ඉන්දියාවේ නගර ශෝභණී කන්සෙප්ට් එකේම දිගුවක් විදිහටද කියන එක හොයලා බලන්න වටිනවා.
සෞදාගර්, 1942 A Love Story, දිල්සේ, වගේ ෆිල්ම් වලින් අපිව මුසපත් කරපු මනීෂා කොයිරාල මේ මිනි සීරීස් එකේ රගපානවා ඔස්කාර් ලෙවල් එකේ රඟපෑමක්.
තව ජනප්‍රිය නිලියක් වන සෝනාක්ෂි සිංහත් ඊට නොදෙවෙනි රඟපෑමක් කරනවා.
හින්දි සිනමාවට ආදරය කරන අතීත මෝගල් අධිරාජ්‍යයේ ගෘහනිර්මාණ ශිල්පයෙන් අනූන ගොඩනැඟිලි, ඇඳුම් ආභරණ ආදිය සපිරිනු සුපිරි නිර්මාණයක් රසවිඳින්න කැමති හැමෝම බැලිය යුතු මිනි සීරීස් එකක්.

මොකෝ IMDB අඩු?