රුපියල් පන්දහසටත් මිනී මැරූ බව කියන ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීම සඳහා එම මිනීමැරුම සිදු කළ ඝාතකයාට රුපියල් ලක්‍ෂ එකසිය පනහක කොන්ත්‍රාත්තුවක් ද රුපියල් දෙලක්‍ෂයක ‘ඇඩ්වාන්ස්’ එකක් ද දුන් බව දැන ගැනීමට තිබේ. එහෙත් ලක්‍ෂ එකසිය පනහක් යනු මිනීමරුවකුගේ ජීවිතය වෙනුවෙන් වැය කිරීම සඳහා කිසිසේත්ම නොගැළපෙන තරම් විශාල මුදලකි. ගණේමුල්ලේ සංජීවගේ ඝාතනය ගැන වගකීම භාර ගනිමින් කෙහෙල්බද්දර පද්මේ සහ තවත් පුද්ගලයකු විසින් දෙන ලද දුරකථන පණිවුඩ දෙකක් මේ දිනවල සමාජ මාධ්‍යයෙහි ප්‍රචාරය වනු දක්නට ලැබේ. දැනට දැනගන්නට ඇති පරිදි අලුත්කඩේ උසාවියේ දී සංජීවට වෙඩි තැබූ කොන්ත්‍රාත් මිනීමරුවා ඉන්දියාවට පැනයෑම සඳහා සියලු කටයුතු සූදානම් කරගෙන සිටියේය. ඔහු පොලිස් අත්අඩංගුවට පත් වන්නේ ද ඒ ගමන පිටත් වීම සඳහා මීගමු පාර දිගේ කිසියම් වෙරළක් බලා යමින් සිටියදීය. මෙවර නම් අපේ පොලිසිය ඉතිහාසගත වැඩක් කළේය. ඒ වූ කලී ගණේමුල්ලේ සංජීවගේ මිනීමරුවා එම මිනීමැරුමෙන් පැය 12ක් යෑමටත් පෙර අත්අඩංගුවට ගැනීමය. මෙයින් හැඟීයන්නේ ලංකාවේ නීතියේ ඇති ශක්තිමත් බව නොව එම නීතිය ක්‍රියාවට නංවන පිරිසගේ උනන්දුවය. මෙහිදී අප තුළ බලවත් කනගාටුවක් ඇති වන දෙයක් සිදු විය. එනම් මහජන ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේ දී පචවීමය. මිනීමැරුමෙන් ස්වල්ප වේලාවකට පසු එම සිද්ධිය වූ ස්ථානයට ගිය සුනිල් වටගල මාධ්‍යවේදීන් විසින් වටකර ගන්නා ලදී. එහිදී ඔහු දුන්න උත්තර ද අල කර ගත්තේය. මිනීමැරුම ගැන කුමක් කරන්නේ ද යන්න මාධ්‍යවේදීන් විසින් විමසන ලද කල්හි වටගල කියන්නේ මිනීමැරුම ගැන සියලු තොරතුරු හෙළි කරගෙන ඇති බවත්, සැකකරුවන් ගැන තොරතුරු සොයා ගත් බවත්, ඒ අය වහාම අත්අඩංගුවට ගන්නා බවත්ය. එහෙත් ඒ වනවිට මිනීමැරුම සිදුවී පැය දෙකක්වත් ගත වී නොතිබූ බැවින් කිසිවෙක් මිනීමැරුම පිළිබඳ තොරතුරක් දැන සිටියේ නැත. අන්තිමට වටගල තමා වටකර ගත් මාධ්‍යවේදීන්ගෙන් ගැලවී යන්නේ ඉතාම අසීරුවෙනි. වටගලට පසු එතැනට පැමිණි අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ඉතා පරිණත ලෙස උත්තර දුන් අතර අධිකරණ පරිශ්‍රයට ඇතුළුවීමේදී පොලිසියට තමන් පරීක්‍ෂා කිරීමට ඉඩ දී ලොකු සංයමයකින් කටයුතු කළේය. රටක පරිපාලනයට අවශ්‍ය වන්නේ හර්ෂණ නානායක්කාර වැනි උගත් පරිණත මිනිස්සුය. ආධුනික මනසක් සහිත පුද්ගලයා මිනිසුන් මැදට ගිය කල්හි නන්නත්තාර වෙයි. සුනිල් වටගලගේ හැසිරීම ගැන අපි දොස් නොකියමු. ඉදිරියේ දී ඔහු මෙවැනි තීරණාත්මක අවස්ථාවලට මුහුණ දීමේදී වැඩි සංයමයක් සහ බුද්ධිමත්භාවයක් ප්‍රදර්ශනය කරනවා ඇත.
ගණේමුල්ලේ සංජීව යනු කාගේ හෝ බිල්ලකි. කෙහෙල්බද්දර පද්මේ ද කාගේ හෝ බිල්ලකි. කංජිපානි ඉම්රාන් ද කොස්ගොඩ තාරක ද කාගේ හෝ බිල්ලකි. මේ සියලු දෙනා බිල්ලට ගන්නා තැනැත්තා කවරෙක් ද යන්න අපි තර්කානුකූලව වටහා ගත්තෙමු. ඒ පුද්ගලයා එක මිනිසකු නොව මිනිසුන් ලක්‍ෂ ගණනකි. මේ මිනිසුන් ලක්‍ෂ ගණන සමාජය යන වචනයෙන් හඳුන්වනු ලැබේ. සංජීවගේ කොන්ත්‍රාත් මිනීමරුවා කිසි කලෙකවත් සංජීව ඇසින් දැක නොතිබූ අතර අයිස් නමැති මත්ද්‍රව්‍යයට ඉතා තදින් ඇබ්බැහිව සිටි කරුමක්කාරයෙකි. ඔහුට පිස්තෝලය ගෙනැවිත් දුන් 25 හැවිරිදි තරුණිය ද අයිස් ගැසීමට පුරුදු වූ කෙනකු බව දැන ගැනීමට තිබේ. මේ නිසා මත්ද්‍රව්‍ය මගින් අපේ සමාජය කරකවන ආකාරය අපි ඉතා පැහැදිලිව තේරුම් ගත යුත්තෙමු. ලංකාවේ අයිස් මත්ද්‍රව්‍ය සාදනු නොලැබේ. ගංජා, අරක්කු සහ කසිප්පු මිස වෙන කිසිම මත්ද්‍රව්‍යයක් මේ රටේ නිපදවන්නේ නැත. තියෙන තරමක් සැර සහ මිල අධික මත්ද්‍රව්‍ය එන්නේ පිටරටිනි. මේ වනවිට හෙරොයින් කිලෝවක මිලත්, රත්තරන් කිලෝවක මිලත් අතර වැඩි වෙනසක් නැත. මිනිස්සු මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා සොරකම් කරමින් ද මිනී මරමින් ද කප්පම් ගනිමින් ද විශාල ජල්බරියක් කරති. මීට දෙදිනකට පෙර දකුණු පළාතේ මිද්දෙණියේ දී පියෙක් සහ දරුවෝ දෙදෙනෙක් ප්‍රතිවාදී කණ්ඩායමක් වෙතින් වෙඩි කෑහ. මේ වෙඩි තැබීමේ දී පියා පමණක් නොව ඔහු සමග සිටි අහිංසක නොදරුවෝ ද මිය ගියහ. මේ පියා යූ ටියුබ් ඉන්ටර්විව්වලට සහභාගි වෙමින් විවිධ පොර ටෝක් දුන් නමුදු පාතාලයට සම්බන්ධ කෙනකු බව දැන් හෙළි වී තිබේ. ඔහුට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ද ඇත. හොරා සිල් ගන්නට ගිය විට බලවත් ප්‍රශ්නයක් මතුවේ. එනම් හාමුදුරුවන්ගේ කණ්ණාඩි කුට්ටම, වටාපත, පාත්තරය ඇතුළු අතට අසුවන ඕනෑම දෙයක් සොරකම් කිරීමට ඔහුගේ හිත ඔහු පොළඹවයි. අපේ රටේ යූ ටියුබ් චැනල්වල උපාසක මහත්වරුන් හෝ ඉස්කෝලේ මහත්තැන්ලා ලෙස පෙනී සිටින සුපේශල ශික්‍ෂාකාමී පුද්ගලයන් වැඩි දෙනාගේ බඩතුරේ පිස්තෝලයක් තිබෙන බව අප මතක තබා ගත යුතුය. පාතාලය යනු අද ඊයේ පහළ වූවක් නොවේ. මෙයට අවුරුදු පන්සීයකට පමණ පෙර මැදපෙරදිග ප්‍රදේශයේ දරුණු පාතාල කණ්ඩායම් බිහිව සිටියහ. ඔවුහු මේ කාලයේ හැටියට විවිධ ප්‍රාථමික තාක්‍ෂණයන් උපයෝගි කරගෙන තම මෙහෙයුම් සිදු කළහ. උදාහරණයක් ලෙස ඉරාකයේ ජීවත් වූ සමහර පාතාල කණ්ඩායම් රාත්‍රියේ දී ගෙවල් බිඳීම සඳහා ඉතාම ප්‍රාථමික නමුත් සාර්ථක ක්‍රමයක් පාවිච්චි කළේය. ඔවුහු රාත්‍රි කාලයේ දී ගෙයක අත්තිවාරම සහ බිත්තිය අතර ඇති කොටසේ බෙනයක් හාරා පත්තු කරන ලද ඉටිපන්දමක් පිටේ ගැසූ ඉබ්බකු එම බෙනය තුළින් ඇතුළට යැවූහ. ඉන් පසු ගේ තුළ සිදුවන සියලු දෑ එම ඉටිපන්දම් එළිය මගින් බෙනය හරහා බලා ගැනීමට ඔවුනට හැකි විය. අද ගෙයක් තුළ සිදුවන දේ බලා ගැනීමට එතරම් ඇඹරිය යුතු නැත. ඉතා සූක්‍ෂම ඉලෙක්ට්‍රොනික් උපකරණ මගින් ගෙවල් තුළ ඇති වටිනා දේ ගැන තොරතුරු ලබාගත හැකි වේ. ක්‍රමවේදය ප්‍රාථමික වේවා නවීන වේවා ඒ දෙකෙන්ම සිදුවන්නේ අපරාධයකි. ඒ නිසා අපරාධ යන සංකල්පය බිඳ දැමීමට චර්යාත්මක මෙහෙයුමක් ඇරඹිය යුතුව තිබේ. එවිට ගණේමුල්ලේ සංජීවලා බිහි නොවන අතර පොත් අස්සේ පිස්තෝල දමා ගෙන එන ව්‍යාජ නීතිඥයන් ඇති වන්නේ ද නැත.