සංරක්‍ෂිත වනාන්තරයක වගා කරන්න දුන් නියෝග

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
සංරක්‍ෂිත වනාන්තරයක වගා කරන්න දුන් නියෝග

2050 විල්පත්තු සහ පරිවාර කාන්තාර


වනආඥා පනත උල්ලංඝණය වන ලෙස පොතුවිල් මහේස්ත‍්‍රාත් එම්.අයි.එම්.වහබ්දීන් මහතා විසින් සිවිල් වැසියන් 17 දෙනෙකුට රදැල්ල සංරක්‍ෂිතයට ඇතුළු වී කුඹුරු වගා කිරීමට අවසරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස අගවිනිසුරුවරයාට සහ අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කිරීමට පියවර ගන්නා බව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ලාහුගල අඩවි වන නිලධාරීවරයා විසින් පසුගිය 9 වැනි දා පොතුවිල් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද බී අංක 6512 සිට 6528 දක්වා බී වාර්තාවල නම් සඳහන් සැකකරුවන් 17 දෙනාට නඩු කටයුතු අවසන් වන තෙක් සංරක්‍ෂිත වනාන්තරයේ සකස් කරන ලද කුඹුරුවල වගාකරන ලෙස මහෙස්ත‍්‍රාත්වරයා නියම කර තිබීමෙන් වන ආඥා පනත අමු අමුවේ උල්ලංඝණය වී ඇතැයි වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

2009 පෙරවාරි 09 දින අංක 1589/9 දරණ අතිවිශේෂ ගැසට් පත‍්‍රයෙන් සංරක්‍ෂික වනාන්තරයක් ලෙස නම් කළ කුඹුක්කන සංරක්‍ෂිතයේ රදැල්ල කොටසේ කුඹුරු සාදමින් සිටි සැකකරුවන් 17 දෙනෙක් වනසංරක්‍ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් පොතුවිල් මහේස්ත‍්‍රාත් හමුවට බී වාර්තා ඉදිරිපත් කරමින් ඔවුන් වන ආඥා පනතේ තුන්වැනි වගන්තිය යටතේ නම්කර ඇති සංරක්‍ෂිත වනාන්තරයක කුඹුරු සකසමින් සිටි බවට කරුණු දක්වා සිටියේය.
එහෙත් වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම සැලකිල්ලට නොගෙන සැකකරුවන්ට එකී නඩුව අවසන් වනතුරු එහි ඇතුළු වී කුඹුරු කිරීමට මහෙස්ත‍්‍රාත් අවසර දුන්නේ ය.

http://www.lankadeepa.lk
 
Last edited:
  • Like
Reactions: somalal

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
විනිශ්චයකාරතුමා විසින් දුන් වැරදි තීරණයක්

Reply : 0 11

sunil gikiyanage Monday, 13 November 2017 07:44 AM

නඩුත්, බඩුත් දෙකම හාමුදුරුවන්ගේ තමයි.

ravin Monday, 13 November 2017 08:27 AM

ඕං නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකගේ තව වැඩක්. වන සංරක්ෂණ පනත මොකක්ද කියලා සොයලා බලන්න. දූෂණය කොතැනද?

Reply : 0 9

upali Monday, 13 November 2017 09:12 AM

නඩු අහලා තියෙන්නෙත් කුඹුරු කොටපු ජාතියේම කෙනෙක්නේ පොතුවිල් පැත්තෙනේ. මේවාට කතාකෙරුවොත් සංහිඳියාවට බාධා වෙනවනේ...

Reply : 1 210
 

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
krishantha Monday, 13 November 2017 09:43 AM

ඔන්න ඔහේ වන සංරක්ෂණ ඇමැතිකමත් බදූර්දීන්ටම දීලා දාන්න ..එතකොට ප්‍රශ්නේ ඉවරයි.

Reply : 0 18

asanka Monday, 13 November 2017 09:52 AM

ඔය හින්දා තමයි වව්නියාවටම නඩු ඉල්ලන්නේ...

Reply : 0 7

සිංහවංශ Monday, 13 November 2017 10:21 AM

කැලේ කපලා තියෙන්නේ මේ ප්‍රදේශ අයිති මිනිස්සු. ඒ මිනිස්සුන්ට කැලේ කපලා තමන්ට ඕනේ දෙයක් වගා කරගන්න ඉඩ දීම වරදක්ද? එය නීතියට එකඟ ද කියන එක තීරණය කරන්නේ නඩුකාර උත්තමයට ඕනේ විදියටයි. කොහෙවත් යන අය ඕකට කෑ ගැහුවට ඔය දේවල් වෙනස් කරන්න පුළුවන්ද? අනිච්චේ.... දුක්ඛේ .... සිංහලයාට ගිය කලක්.....! තව යහපාලනයට, සංහිඳියාවට, දේදුනු වර්ණ ජාතියකට කඩේ පලයල්ලා....!!

Reply : 9 13

ධම්මික Monday, 13 November 2017 01:51 PM

මේක අකමැත්තෙන් වුණත් කියන්න ඕනෑ. මෙතන මුස්ලිම් අයට මුස්ලිම් මහේස්ත්‍රාත්වරයෙක් දුන් නියෝගයක් විය හැකිය. මෙය අධිකරණයට කරන ලද අපහාසයක් නොවේ.

Reply : 0 30

rocky Monday, 13 November 2017 02:29 PM

සිංහවංශ උන්නැහේ වන සංරක්ෂණ නීති ගැන සැලකිල්ලක් නැති කෙනෙක් වගෙයි. මිනිස්සු ඒ පළාතේ වුණාට සංරක්ෂිත ඉඩම් හිතුමනාපෙට වගා කරන්න අයිතියක් නැහැ. එහෙම පුළුවන් නම් ගම් පළාතේ මිනිස්සු රිසර්වේෂන් වල, වැවු තාවලුවල මහ පාරවල එහෙමත් වගා කරන්න පටන් ගනීවි! නඩුකාර උන්නාන්සේට වුණත් රටේ නීතිවලට පටහැනි තීරණ ගන්න බැහැ!
 

Similar threads