අහක දාන අඟුරු සල්ලි කරමුද?❤
මම කිව්වොත් අඟුරු 100g ක් ඩොලර් 10ක් එනම් ආසන්න වශයෙන් රුපියල් 1800 ක් වටිනවා කියලා ඔබ පිලිගන්නවා ද ? නෑ නේද . නෑ නෙමෙයි ඔව්. ම්නිස්සු කාබනික දේවල් වලට යොමු වීම නිසා යුරෝපයේ සහ ඇමරිකාවේ ඇතිවී තිබෙන නවතම ප්‍රවණතාවක් තමයි අඟුරු වලින් සෑදූ දන්තාලේප භාවිතයට යොමු වීම. මේක කියවද්දී "සුද්දන්ට පිස්සු" වගේ ජුගුප්සාජනක හැඟීමක් දැනෙනවාද ? ඇත්තටම ලංකාව වගේ රටක මේ වගේ දෙයක් වෙළෙඳපලට දාන්න උත්සාහ කරොත් නම් කාගෙත් උපහාසයට ලක්වේවි. වෙද නලාවක් කරේ දාගෙන උදේ හවස දත්මදින්න අපේ දන්තාලේපය පාවිච්චි කරන්න කියලා රූපවාහිනීයේ ඉන්න දත් දොස්තරලාට රටක්ම නම්මාගන්න හැකිවෙලා තියෙනවා . ඒකයි අඟුරු වලින් දත් මදින එක අපට විහිළුවක් වගේ දැනෙන්නේ.
මොනවද මේ අඟුරු දන්තාලේප කියන්නේ
ඔබ හිතුවා හරි. ඒවා එක්කෝ තද කළු පැහැති මැටි මිශ්‍රණයක් වගේ tube එකක ඇසුරුම් කර හෝ කුඩා ඩප්පියක ඇතිරූ වියළි සිහින් කුඩු ආකාරයෙන් වෙලෙදපලට නිකුත්කර තිබෙන නිෂ්පාදනයකි. මෙම අඟුරු කුඩු ජලය සමග මිශ්‍ර කර දත්මැදීමට යොදා ගනී. මෙහිදී පිළිස්සූ අඟුරු ලෙස භාවිතා කරන්නේ පොල්කටු අඟුරු බව සිහියේ තබාගන්න. අඟුරු සමග මිනිසාගේ තිබෙන්නේ ආත්මීය බැඳීමකි. එය ක්‍රිස්තු පූර්ව 450 ක් තරම් වූ ඈත අතීතයට දිවයයි. එකල ජීවත්වූ මුතුන්මිත්තන් (Phoenicians) ජලය පිරිසිදු කිරීමට අඟුරු භාවිතා කල බවට පුරාවිද්‍යාත්මක සාධක හමුවී ඇත. අදටත් නවීන ජල පිරිපහදු කිරීමේ උපකරණ වල අඟුරු අන්තර්ගත වේ.
අඟුරු දන්තාලේප භාවිතයේ වාසි
අඟුරු වලින් මුඛයේ pH අගය පාලනය කරයි. අපගේ ඛේටය ස්වභාවයෙන්ම ආම්ලික හා ලවණතාව ඇති අයන හා ප්‍රෝටීන වලින් අනූනය. ඒවායෙන් මුඛයට බලපෑමක් නොමැති නමුත් දීර්ඝකාලීනව පැවතීම හේතුකොටගෙන දත් සහ විදුරුමස් ආසාදන ඇතිවේ. ඔබ දත් පිරිසිදු කිරීමට අඟුරු දන්තාලේප යොදා ගන්නේ නම් එමඟින් බැක්ටීරියා ඇතුලු විෂබීජ විනාශ වී pH අගය සහ මුඛයේ ආම්ලිකතාවය පාලනය වේ. තවද මුඛ දුර්ගන්ධය නැතිවේ. එමෙන්ම සුදු පැහැති දත් දෙපලක් ලැබීමට හේතුවේ.
අඟුරු දන්තාලේප වල අන්තර්ගතය
* පිළිස්සූ පොල්කටු අඟුරු
* කෝමාරිකා යුෂය
* සෝඩියම් බයිකාබනේට් (Baking Soda)
* මින්ට් කොළ
* ජලය
* පොල්තෙල්
* මිදි ඇට සාරය
* කුරුදු තෙල්
* කරාබුනැටි සාරය
ඉහත සදහන් කර තිබෙන්නේ විදේශීය රටක නිපදවන එක්තරා අඟුරු දන්තාලේප නිෂ්පාදන ලේබලයක අඩංගු වූ ද්‍රව්‍යය බව කරුණාවෙන් සලකන්න.
අපේ රටේ දැනට මා දන්නා තරමින් මහාපරිමාණයෙන් දන්තාලේප නිෂ්පාදනය කරන ආයතන 2 ක් පවතී. නමුදු මේ ආයතන ලෝකයේ නව ඉල්ලුම් හා සසඳන කල සිටින්නේ ගව් ගණනක් පිටුපසිනි. ලෝකයේ කෙසේ වෙතත් ලංකාවේ ද ඔවුන් අභිබවා බහුජාතික සමාගම් වල දන්තාලේප වෙලෙදපල ආක්‍රමණය කර ඇත. කෙසේ නමුත් මගේ අදහස නම් දේශීයව අඟුරු දන්තාලේප නිපදවා විදේශීය වෙලෙදපලට නිකුත්කර විශාල වශයෙන් ලාභයක් ලැබීමට හැකි බවයි. මන්ද යත් නිෂ්පාදන පිරිවැය ඉතාමත් අඩු අතර මුහුදින් වටවූ නිවර්තන කලාපීය රටක් බැවින් පොල්කටු යහමින් අඩු මුදලට සපයාගත හැකියාවක් පැවතීමයි.
මේ ලිපිය තවත් කාටහරි වැදගත් වේ යැයි හැඟෙන්නේ නම් පිටුවේ තිබියදීම Share කර සහයෝගයක් දක්වන්න.
තොරතුරු - අසංක ගොඩගේ මහතාගෙනි!
Asanka Godage © All rights received.