සංවර්ධනය හමුවේ ඇති අභියෝග

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සංවර්ධනය හමුවේ ඇති අභියෝග

    debt_bomb_857995.jpg


    ජාතික ඉතුරුම් පහළ මට්‌ටමක පැවතීමට බලපා ඇති හේතු අතර දිගු කලක සිටම ජාතික අයවැය
    තුළ ආදායම් ගිණුමේ හිඟයක්‌ පැවතීමද මූලික හේතුවක්‌ වී තිබේ. එනම් රජයේ පුනරාවර්තන (එදිනෙදා) වියදමවත්
    පියවා ගැනීමට, රජයේ ආදායම් ප්‍රමාණවත් නොවන තත්ත්වයක්‌ පැවතීමයි.

    එසේම රාජ්‍ය ආයතන ගණනාවක අතිවිශාල අලාභ තත්ත්වයන් නිසාද අයවැයට කලක සිටම බලවත් පීඩාවක්‌
    ඇති වී තිබේ. මේ ආයතනවලින් රජයේ ආදායමට ලාභ, ලාභාංශ මගින් දායකත්වය සපයනු වෙනුවට සිදුව
    ඇත්තේ, එම ආයතනවල පාඩු පියවා ගැනීමට අයවැය මත යෑපීමට සිදු වන තත්ත්වයක්‌ නිර්මාණය වීමයි.

    එසේම මේ ආයතන රටේ බැංකු අංශය මගින් විශාල වශයෙන් ණය ලබා ගැනීමට යොමුව ඇති තත්ත්වය නිසාද
    ආර්ථිකයට බලවත් අහිතකර තත්ත්වයකට මුහුණ දීමට සිදුව තිබේ. මෙලෙස විශාල වශයෙන් පාඩු ලබන රාජ්‍ය
    ආයතන බැංකු ණය ගැනීම නිසා පෞද්ගලික අංශයට ණයට දීමට බැංකු සතු සම්පත් ප්‍රමාණය සීමිත වේ. මෙය
    රටේ ආර්ථික ක්‍රියාකාරකම් අඩු වීමට සහ ඒ හරහා ආර්ථික වර්ධනය මන්දගාමී වීමට ද හේතු වන්නකි.

    බැංකු අංශය මගින් රාජ්‍ය අංශය වෙත ගිය (2012) වසරේ දී ලබාදුන් ශුද්ධ ණය ප්‍රමාණය රු. බිලියන 211.6 ක්‌
    (රු. කෝටි 21160 ක්‌) දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. එය අයවැයෙහි බැංකු ණය ලබාගැනීම සඳහා ඉලක්‌ක කළ
    ප්‍රමාණයට වඩා සැලකිය යුතු ඉහළ අගයකි. මේ අතරම ලංකා විදුලිබල මණ්‌ඩලය හා තෙල් සංස්‌ථාව විසින් ද
    බැංකු අංශයෙන් අධික ණය ලබාගෙන තිබේ. මේ නිසා රාජ්‍ය සංස්‌ථා විසින් එම බැංකුවලින් ලබාගත් ණය ප්‍රමාණය
    රු කෝටි 9400 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. එසේම විදුලිබල මණ්‌ඩලය සහ තෙල් සංස්‌ථාව විසින්
    ගිය වසර (2012) අවසානයේදී ණය වී තිබූ ප්‍රමාණය (නොපියවූ මුළු වගකීම් ප්‍රමාණය) 2011 වසර අගදී පැවැති
    රු. බිලියන 160.6 (රු. කෝටි 16060) සිට රු. බිලියන 245 ක්‌ (රු. කෝටි 24500 ක්‌) දක්‌වා සියයට
    52.6 කින් ඉහළ ගොස්‌ තිබේ.

    මහ බැංකුව පවසන්නේ විදුලිබල මණ්‌ඩලය හා තෙල් සංස්‌ථාව විසින් රාජ්‍ය බැංකු ඇතුළු බැංකු
    ක්‍ෂේත්‍රයෙන් ගත් ණය ප්‍රමාණය බැංකු ක්‍ෂේත්‍රය කෙරෙහි විශාල අහිතකර බලපෑමක්‌ ඇති කරන ලද බවයි.
     
    Last edited:

    Similar threads