සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,525
    28,335
    113
    විදුලි බස් සේවයක් ලබන වසරේදී

    ( ඉන්දික හේවාවිතාරණ ) 2016-12-18 16:36:38

    ලංගමය හා පෞද්ගලික බස් හිමියන් එකතුවී ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබෙනා විදුලියෙන් ධාවනය වන (ඉලෙක්ට්‍රික්) බස් රථ සේවාවක් ලබන වසර මුල ආරම්භ කිරීමට කටයුතු යොදන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගෙ සංගමය කියයි.

    සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසුවේ ලංගමය තුළින් බස් රථ 500කුත්, පෞද්ගලික අංශයෙන් බස් රථ 500කුත් මුල් අදියරේදී ධාවනයේ යෙදවීමට නියමිත බවයි.

    මෙහිදී නව මාර්ග බලපත්‍ර ලබාදීමක් සිදු නොකර බලපත්‍ර හිමි පුද්ගලයෙකු හරහා බස් රථ ලබාගැනීමට රජය තීරණය කර තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.


    - http://www.ada.lk/article/201020/විදුලි-බස්-සේවයක්-ලබන-වසරේදී
     

    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    pg08_13.jpg


    - silumina.lk/epaper/2016/12/18/
    me ara light rail (LRT) system eka gana neda.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,494
    113
    රූකඩ රාජ්ජේ
    උබට නොපෙනෙන අපිට පේන සංවර්ධන නිවුස් දාන්නත් මම මේක අවස්තාවක් කරගන්නවා.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,494
    113
    රූකඩ රාජ්ජේ
    15589721_388693178139148_2235204607040724652_n.jpg


    http://l.facebook.com/l.php?u=http://www.bbc.com/sinhala/sri-lanka-38366613&h=4AQFna3Pf

    ගිනිඅවි රැගත් පිරිසක්, වවුනියාවේ කොක්එළිය ගම්මානයේ පදිංචිකරුවන් බිය වැද්දීම හේතුවෙන් එහි පදිංචිව සිටි විශාල සංඛ්‍යාවක් මේ වනවිට ගේ දොර අතහැර ගොස් ඇතැයි ගම්වාසීහු පවසති.
    මෙම කණ්ඩායම ගම්වැසියන්ට තර්ජන එල්ල කරන්නේ ඔවුන්ගේ පාරම්පරික ඉඩම් අත්පත් කරගැනීමේ අපේක්ෂාවෙන් බවද කොක් එළිය ගම්මානයේ වැසියෝ චෝදනා කරති.
    මීට මාස තුනකට පමණ පෙර එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු නායකයෙකු වූ සින්නවන් ඇතුළු පිරිසක් ගම්වාසීන්ට කළ තර්ජන හේතුවෙන් අත්අඩංගුවට පත් වූ නමුත් ඔහු නිදහස ලබා පැමිණීමෙන් පසු යළිත් තර්ජනකාරී තත්ත්වයක් ආරම්භ වී ඇති බව ගම්වාසීහු කියා සිටියහ.
    යුද්ධය නිමා වීමෙන් පසු ස්ථිර වශයෙන් යළි පදිංචිය සදහා ගම්වැසියන් නැවත කොක් එළිය ගම්මානයට පැමිණ ඇත්තේ 2010 වර්ෂයේදීය

    ගම්වාසීන් ඉල්ලා සිටින්නේ මෙම ප්‍රශ්නයෙන් තමන් මුදවාගෙන ගම්මානයේ ඉතිරිව සිටින පිරිසට ආරක්ෂාව හා සංවර්ධන පහසුකම් ලබා දෙන ලෙසයි.
    මේ පිළිබදව වවුනියාව සහ මන්නාරම දිසාවන් බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ සින්නවන් ඇතුළු පිරිසට එරෙහිව පොලීසිය නීතිය ක්‍රියාත්මක කොට ඇති බවය.
    වවුනියාව කොක්එළිය ගම්මානයේ වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම ගම්මානයේ පොලිස් මුරපොලක් පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත් නිරන්තරයෙන්ම මේ ගම්මානයේ වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බලන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,494
    113
    රූකඩ රාජ්ජේ
    මේ ආණ්ඩුව ලඟදි මිනියක් ගොඩ අරන් ආතල් එකක් දුන්නේ නැහැ නේද බන් ?

    යහපාලන ටෝයියෝ වරෙල්ලකෝ කතා කරන්න


    1.ශෂී ගේ යෝනියේ අර කොල්ලගේ ශුක්‍රානු තිබ්බ කෙස් එකට මොකෝ උනේ ?
    2.තජුදින් ගේ මිනිය ට මොකද උනේ?
    3.එක්නැලිගොඩ කෙස් එකට මොකෝ වෙන්නේ?
    4.ලසන්තගේ මිනිය ට මොකද කරන්නේ ?

    bump
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,494
    113
    රූකඩ රාජ්ජේ
    මේ සියල්ල භයානක පෙර නිමිති. ඉදිරි කාලයෙදි රනිල්ගෙ අණ අනුව හමුදාව ක්‍රියාත්මක වේවි. රනිල් නීතිය නවන්න නොවෙයි කඩන්න බය කෙනෙක් නො වෙයි. ඔහු අගමැති වුනෙ ම නීතිය කඩලා. රනිල්ව දැම්ම නැවැත්තුවෙ නැත්තන් ඔහු ඒකාබද්ධ විපක්‍ෂය නැත්තට ම නැති කරාවි...

    කවුද ජනාධිපති


    මේ රටේ ජනාධිපති කවුද කියන එක ගැන දැන් කිසිවකුටවත් සැකයක් තියෙන්න බැහැ. නාවික හමුදාපති එය ඔප්පු කර අවසන්. ඔහු තමාගේ ම ප්‍රශ්නයක් පිළිබඳ ව විමර්ෂණයක් කරලා තමාම ඒකෙ වාර්තාවත් බාර දීලා. ඒක බොහොම කාර්යක්‍ෂම ව කරලා. වාර්තාවෙ තියෙන්න මොනවද කියලා අහලා වැඩක් නැහැ. හොරාගෙ අම්මගෙන් පේන ඇහුවෙ ඉස්සර. දැන් පේන අහන්නෙ නැහැ. අංජනම් එළි බලන්නෙත් නැහැ. ඒවා මිථ්‍යා මත කියලා පඬියන් කියාවි. දැන් කරන්නෙ වාර්තා ඉල්ලන එක හා ඇතැම්විට වාර්තා සපයන එක. ඇතැම්විට කියලා කිව්වෙ සමහර වාර්තා කවදාවත් ලියන්නෙ නැති නිසා. පොලිෂ්පති ගැන වාර්තාවට මොකද වුනේ. වාර්තා ඉල්ලන්නෙත් සපයන්නෙත් හොරු හා කම්බ හොරු.


    හම්බන්තොට වරාය ගැන ප්‍රශ්න රාශියක් මතු වුනත් නියම ප්‍රශ්නය තවම කවුරුවත් හරියට අතට අරගෙන නැහැ. ඒ අක්කර පහළොස්දාහක පමණ ඉඩම් ප්‍රමාණයක් හා මුහුද යම්කිසි කොටසක් චීන සමාගමකට අවුරුදු අවුරුදු එකසිය අනූඅටකට බදු දීම. ඒකාබද්ධ විපක්‍ෂය මාධ්‍ය සන්දර්ශන පවත්වනවා මිසක් ප්‍රධාන ප්‍රශ්න ඉස්මතු කරගෙන වැඩ කරන්නෙ නැහැ. හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීම වැළැක්වීමට ඒකාබද්ධ විපක්‍ෂය මොකක් ද කරන්නෙ? මේ විධියට ගියොත් අවසානයේ දී ව්‍යවස්ථාවත් සම්මත කරලා රට දෙකඩ කිරීමට සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවාවි. ඒකාබද්ධ විපක්‍ෂයෙත් පැකේජ් කාරයන් සිටින බව අමතක කරන්න බැහැ. ඒ සමහරු ඇමතිකම් හොයාගෙන යමපාලන නායකයන් ළඟට දුවගෙන ගිය අය. ජනවාරි අටවැනි දා මහින්ද පැරදුනාට පස්සෙ මේ සමහරු මාස කිහිපයක් යනකන් මහින්දගෙ දුරකථන ඇමතුමකටවත් උත්තර දුන්නෙ නැති අය.


    රනිල් තමන්ට ඕනෙ විධියට වැඩ කරගෙන යනවා. ඔහු පා නගන්නෙ තවත් භීෂණ යුගයකට. හම්බන්තොට වරාය පෙරහුරුවක් පමණයි. රනිල් ජේ ආර්ටත් ප්‍රේමදාසටත් වඩා භීෂකයකු වේවි. එය වළක්වන්න ඒකාබද්ධ විපක්‍ෂය වැඩ කළෙ නැත්නම් අන්තිමේ දි ඒකාබද්ධ විපක්‍ෂය නැත්තට ම නැති වෙන්න පුළුවන්. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ගැන බොරු බලාපොරොත්තු තියා ගන්න ඕන නැහැ. විසිපස් වතාවකටත් වැඩිය පරාද වීමෙන් පසුවත් රනිල් එ ජා පක්‍ෂයේ නායකත්වය අතහැරියෙ නැහැ. රනිල් බලයට පත්වුනෙ ජාත්‍යන්තරවාදයෙ අවශ්‍යතාවට. මෛත්‍රිපාලට අවශ්‍ය නම් රනිල් නවත්වන්න පුළුවන්. ඒත් ඔහුට එසේ කිරීමට හැකි ද? රාජපක්‍ෂලා සමග ඇති පෞද්ගලික කෝන්තර පිරිමහා ගන්න රට පාවාදෙන්න මෛත්‍රිපාල කටයුතු කරනවා ද? මෛත්‍රිපාල හම්බන්තොට සිද්ධිය ගැන නිහඬ ඇයි?


    රනිල්ලා හම්බන්තොට වරාය ගැන කිවුවෙ නැව් එන්නෙ නැති වරායක් හැටියට. ඒත් වරාය සේවකයන් නැව් දෙකක් කොල්ල කෑවලු. එන්නෙ නැති නැව් කොල්ල කෑම ගැන වරාය සේවකයන්ට තෑගි දෙන්න ඕන. සූර වීර නාවික හමුදාපති ඒ නැව් දෙක නිදහස් කළාට පස්සෙ තවත් නැව් හම්බන්තොට වරායට ඇවිල්ල. ඒවා සුදු නැව් ද දන්නෙ නැහැ. වරාය සුදු අලියෙක් කියලා කියන නිසයි මා එහෙම කියන්නෙ. කොහොමත් ඉංගිරිිසියෙන් සුදු බොරු කියලා ව්‍යවහාරයක් තියෙනවා. වරායට ආපු නැව් දෙකක් කොල්ල කැව කියලා රනිල් හා පිරිස ලොකු ගෝසාවක් කළා. ඕනම බෞද්ධයෙක් දන්නව චේතනාව ගැන. බොහෝ අය චෙතනාව කර්මය කියන කතාව අහලා තියෙනවා. රනිල් නීතිඥයකු නිසා චෙතනාන්විත කියන නෛතික ප්‍රකාශයත් අහලා ඇති. දැන් ප්‍රශ්නය වරාය සේවකයන්ගෙ චේතනාව කුමක් ද කියන එක. කොල්ල කෑමට චේතනාවක් තිබුණ ද?


    රනිල් ජාත්‍යන්තර නීති ගැන කියවනවා. මුහුදු කොල්ල කෑම ගැන ජාත්‍යන්තර නීතිය රනිල් දන්නව වෙන්න ඇති. රනිල් ලංකාවෙ නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්නෙ නැහැ කියලා හිතන්න බැහැ. ඒත් ඔහු අවශ්‍ය වුනා ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බල්ලට දාලා වැඩ කරනවා. ඔහු 2015 ජනවාරි 9 වැනි දා අගමැති වුනෙ ව්‍යවස්ථාවට පිටින් ගිහිල්ල. ඒ වෙලාවෙ දි මු ජයරත්න අගමැති. ඔහු අස්වෙලා තිබුනෙවත් අස්කරලා තිබුනෙවත් නැහැ. ඒත් මෛත්‍රිපාල ජනාධිපතිි වෙලා විනාඩි දෙක තුනක් ඇතුළත රනිල් අගමැති ලෙස දිවුරුම් දුන්න. එහෙම අගමැති වෙච්ච මිනිහෙක්, අගමැතිකම පික්පොකට් ගහපු මිනිහෙත් නීතිය බල්ලට දාන එක පුදුමයක් නොවෙයි. ඒ වගේ ම මෛත්‍රීපාල වැනි දුර්වලයකුට ඒ ගැන මොකුත් කරන්න බැරි එකත් පුදුමයක් නොවෙයි.


    ජාත්‍යන්තර නීති ගැන කතාකරන රනිල් නාවික හමුදාපතිට කොල්ල කෑව කියන නැව් නිදහස් කරගන්න අණ දුන්නෙ කොහොම ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සේනාධිනායක ජනාධිපති මිස අගමැති නොවෙයි. නාවික හමුදාපතිට අණ දෙන්න ඕන ජනාධිපති මිසක් අගමැති නොවෙයි. අනෙක් අතට නාවික හමූදාපති අණ ලබාගන්න ඕන ජනාධිපතිගෙන් මිසක් අගමැතිගෙන් නො වෙයි. රනිල්ට අණ දෙන්නවත් නාවික හමුදාපතිට රනිල්ගෙ අණ පිළිපදින්නවත් නීතියෙන් කිසිම ඉඩක් නැහැ. මෛත්‍රිපාල මේව ගැන මුනිවත රකින්නෙ ඔහු මුනිවරයකු නිසා නො වෙයි. අර නාවික හමුදාපතිගෙ වාර්තාව පිළියෙළ කෙළෙත් ඒක පිළිගත්තෙත් කිසිම නීතියකට එකඟ ව නො වෙයි.


    මේ සියල්ල භයානක පෙර නිමිති. ඉදිරි කාලයෙදි රනිල්ගෙ අණ අනුව හමුදාව ක්‍රියාත්මක වේවි. රනිල් නීතිය නවන්න නොවෙයි කඩන්න බය කෙනෙක් නො වෙයි. ඔහු අගමැති වුනෙ ම නීතිය කඩලා. රනිල්ව දැම්ම නැවැත්තුවෙ නැත්තන් ඔහු ඒකාබද්ධ විපක්‍ෂය නැත්තට ම නැති කරාවි.


    මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
    https://www1.kalaya.org
    නලින් ද සිල්වා
    2016 දෙසැම්බර් 17

    bump
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,494
    113
    රූකඩ රාජ්ජේ

    තවද එක් සමයක්හි අප‍්‍රතිවාද වූ ටින් ටින් නම් පණ්ඩිතභාග්‍යයෙන් යුක්තවූ උත්තම පුරුෂයෙක් එළකිරියේ වසනසේක් අඥානවූ ජනරාශියක් අරභයා මේ ජාතකය වදාළහ.

    යටගිය දවස බරණැස් නුවර මෝඩි නම් රජ්ජුරු කෙනෙක් දැහැමින් සෙමින් රාජ්‍ය කරනා කාලයෙහි අසල ලංකාද්වීපයෙහි මිහිඳුරාජ නම් රජ කෙනෙක් ජනරඤජනය කොට රාජ්‍යය කරන්නාහු එවක ලංකාද්වීපයේ තිස් වසක මහා යුධ බිය දුරු කරන්නට සමත් වූයේ ලෝකත‍්‍රයෙහි පතළාවූ කීර්තිඝොෂා ඇතිව මහත් රූපකාය සමපතතියෙන් හා ධර්මකාය සම්පතතියෙන් යුතුව රාජ්‍ය කරති. එකල්හි බරණැස් නුවර ලංකාද්වීපයට පසමිතුරු වූ රාජ්‍යලෝභීහු ලංකාද්විපයද මහා භාරතයේ ප්‍රාන්තයක් කරනු කැමතිව මිහිඳුරාජයන් හා භාරතයට වාසිදායක වූ ගිවිසුම් ඇතිකිරීමට කළ උත්සාහ ව්‍යර්ථ වූ සඳ මිහිඳුරාජයන් බලයෙන් නෙරපීමට කතිකා කරනුයේ “රටේ ජන සමූහයෝද සේනාවද බ‍්‍රහ්මණ ගෘහපතිහූද ඇති නායකවරුද යන සියල්ලෝම රජ්ජුරුවන් කෙරෙහි පැහැදුණා වන්නේය, මොහු බලයෙන් නෙරපීමට නම් පළමු රටේ ජහමනයා වෘෂභයාට ඇන්දවිය යුතුයැ’යි මෙපරිද්දෙන් කතිකා කොට භාරතයට හා බටහිරට පක්ෂ වූද ඔවුන්ගේ රූකඩ වූද විකුම් සිංහ නම් පුරුෂයෙකුත් නොවූ ගැහැනියකුදු නොවූ හයිබ්‍රිඩ් දෙස්පාලුවකු ලවා ජහමනයාට කියවන්නේ “එම්බා ජහමනය, තොප රජතුමා සහ පුත් කුමරුන් තොපේ ටැක්ස් වියදම් කරමින් සිනිදුවූ මිහිරිවූ ප‍්‍රණීතභොජන අනුභව කරන්නේ වේද, රත්‍රන් අසුන් පිට යන්නේ වේද, තොපි රා දාවල් මුළුල්ලෙහි සිය අතින් නොයෙක් කර්මාන්ත කොටත් කුසගින්නේ සිටියදී රජ කුමරුන් ලම්බෝගිනි රථ පදිමින් ඉතා මනෝඥ වූ සුරා පානය කරමින් රුසියානු සුරූපිනියන් හා රමණය කරන්නේ වේද, රජුගේ දාසකම්කාරාදීහුත් ඇල්සාලේ බත් හා මත්ස්‍යමාංස අනුභවකෙරෙන්නේවේද , කසීරට සුවඳවිලවුන් ගලවන්නේ වේද, ලන්ච් ගැනුමට එයාලයින්ස් දඬුමොණර වලින් සිංගා යන්නේ වේද” යයි පුහු ආටෝපයෙන් ජහමනයා රජු කෙරෙහි බිඳවන්නේ භාරතයේ හා බටහිරට හිතැතිත්තකු පෙන්වමින් කියනුයේ “මේ අල්පේච්ඡ වූ පුලතිසි පුත්‍රයා රජ කරව, උහු තොපිට සම් පයි පුරා කහවණු දෙන්නේ වේද, නොමිලේ වයිපයි දෙන්නේ වේද,ගූගල් බැලුන් දෙන්නේ වේද, අජානේය වොක්ස්වැගන් තුරඟුන් දෙන්නේ වේද, පේපැල් රැගෙන දෙන්නේ වේද යයි මහාමේරු පර්වතය අම්බ්‍රෙල්ලා පවුඩර් වන්නට තරම් මුසා බස් දොඩා අඥාන ජහමනයා මුලාවට පත් කළ සඳ ජහමනයාද මිහිඳුරාජ රජු ලංකාද්වීපයට කළ සේවය අළුයම ලූ කෙළ පිඬක් ලෙස බැහැර කර දමා භාරත ගැති පුලතිසි පුරුෂයා රජකමෙහි හිඳවූය. එම අඥාන පුලතිසි පුරුෂයාද ලංකාද්වීපයේ දියුණුව පසෙක තබා භාරතයන්ගේ හා බටහිරයන්ගේ පදයට කීකරුව ලංකාද්වීපයේ මිතුරු රාජ්‍යයන් සතුරු කරගනිමින් අනේක බදුවලින් ජහමනයාට පීඩා කරමින් වොක්ස්වැගන් තුරඟුන් තබා මරුටි කොටළුවකුවකුදු මිලයට ගන්නට අඵාසු වන සේ ක්‍රියා කරමින් රුපියල ගුවනේ පා කරමින් අසරණයින් පැහැරගනිමින් ඔවුන්ට බැට දෙමින් ප්‍රාණඝාත සංඝභේද අකුසල කරමින් රණවිරුවන් සිර කරමින් ත්‍රස්තවාදීන්ට නිදහස දෙමින් සංවර්ධන ව්‍යාපෘති අඩපණ කරමින් භාරතයෙන් කුලීකරුවන් සරණාගතයින් ගෙන්වමින් මෙකී නොකී අමන ප්‍රයෝගයේ යෙදෙමින් ලංකාද්වීපය අවුලෙන් අවුලට ගෙන ගියේ ජහමනයා මහත් දුකට පත් වූවාහු තමන් විසින් කරගත් මුග්ධ ක්‍රියාව සිහි කරමින් තමන්ටම ශාපකොට නින්දාසාපහාස කරගත්තාහුය.

    පණ්ඩිත වූ ටින් ටින් තුමා මේ දේශනාව ගෙණහැර දක්වා වදාරා වික්‍රම සිංහයා යන නාම මාත‍්‍රයකින් වඤචාස්වභාව ඇති කූට පුරුෂයාට හා උහුගේ අගසව්වන්ට රැවටීම හේතුවෙන් ලංකාද්වීප වාසීන්ට මෙවන් පිඩාවන්ට ලක් වන්නට වූයේ වේ යයි අතීතය අමතක වීමේ හා අඥාන වීමේ ආදීනව මෙලෙස ගෙණහැර දක්වා මුග්ධජන කතා වස්තුව කියවා නිමාකළාහුය.


    bump
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,494
    113
    රූකඩ රාජ්ජේ
    පඹයෙකුට ඇබෑර්තුවක්....

    ඊයේ දෙරණ සම්මුඛ සාකච්චාවේදී ආරක්ෂක ලේකම්තුමා කියනවා ආරක්ෂක ලේකම් ධුරයේ වැඩ කරන්න ”පණ ඇති මිනිහෙක්” ඉන්න අවශ්‍ය නෑලූ.... එයා කියනවා ආරක්ෂක ලේකම් තුවක්කු අරන් යුද්දෙට යන කෙනෙක් නෙවෙයිලූ...


    එතකොට ආරක්ෂක ලේකම් කියල තනතුරක් ඕනෑ නෑනේ බං... නැත්තම් පඹයෙක් හදල ”ආරක්‍ෂක ලේකම්” කියල බෝඞ් එකක් කරේ එල්ලූවත් හොඳයිනේ බං.... මොනවද බං මේ වෙන්නේ... ලංකාවේ ජාතික ආරක්ෂාව මේ තරම්ම බාල්දු වෙලා තියෙන්නේ ඇයි....???

    pambaya.jpg


    :growl: :( :no: :baffled: :oo: :P