සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Examinations Dept is to be totally digitized in 2017

    2016-12-31

    By Daya Perera

    The Sri Lanka Examinations Department, which has been rated as the best State institution in the country, in 2016, by the Committee on Public Accounts in Parliament, is to be totally digitized in 2017.

    Commissioner General of Examinations W.M.N.J. Pushpakumara stated that among the reasons to......digitize the Department had been the need to speed up the release of results of various examinations being held under its supervision and the issuance of examination certificates etc.

    Secretary to the Ministry of Education Sunil Hettiarachchi stated that the process of digitization in the Examinations Department was being undertaken on the advice of Minister of Education Akila Viraj Kariyawasam. Funds allocated in Budget 2017 to the Ministry will be used for the project.

    - http://www.ceylontoday.lk/print20161101CT20161231.php?id=12146
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    15673038_1183580498402529_7411960445589882246_n.jpg
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    අදින් ඇරඹෙන්නේ ඒකීය ශ්‍රී ලංකාවේ
    අවසාන වසර විය හැකියි
    ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ මගින් අපේ රටට නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම මේ දිනවල සිදුවෙයි. මේ වන විට එහි අන්තර්ගතව ඇතැයි පැවසෙන නොයෙක්‌ කරුණු පිළිබඳ විවිධ මත පළවෙයි. යෝජිත නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමයේ බලතල කප්පාදු කිරීම සහ පළාත් සභා බලතල පුළුල් කිරීම තුළින් රටේ ඒකීයභාවයට බරපතළ තර්ජනයක්‌ එල්ල වන බව මේ පිළිබඳ විද්වතුන් වැඩිදෙනෙකු දරන මතයකි.

    අපේ රටට නව ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය වන්නේ කුමකටද? ව්‍යවස්‌ථා සංශෝධනයකින් වත්මන් ගැටලුවලය විසඳුම් සොයාගත නොහැකිද? නව ව්‍යවස්‌ථාවක්‌ සඳහා ජනමත විචාරණයක්‌ පැවැත්වුවහොත් කෙබඳු තත්ත්වයක්‌ උද්ගත විය හැකිද? ඒකීය ශ්‍රී ලංකාව එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ බවට පත්වුවහොත් එහි අනාගත ඉරණම කෙබඳුද? වැනි යෝජිත නව ව්‍යවස්‌ථාව සමඟ සමාජයේ කතාබහට ලක්‌ව ඇති කරුණු රැසක්‌ පිළිබඳ ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලකයන් සමඟ දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවකි මේ.

    ජනවාර්ගික ගැටලුව විසඳීම නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ ප්‍රධාන අරමුණ ලෙස ආණ්‌ඩුව පැවසුවත් පවතින ව්‍යවස්‌ථාවට සංශෝධනයක්‌ එක්‌ කිරීමෙන් එය කළ හැකි බවට මතයකුත් පළ වී තිබෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

    අපේ රටට නව ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණය ආණ්‌ඩුව පැහැදිලිව ප්‍රකාශ කරල නෑ. ඉඳල හිටල ඇහෙන දේවල්වලට අනුව අපට හිතාගන්න හැකි වන්නේ ජනවාර්ගික සංහිඳියාව සහ ස්‌ථිරසාර සාමයක්‌ සඳහා ව්‍යවස්‌ථාමය විසඳුමක්‌ අවශ්‍ය යෑයි ආණ්‌ඩුව කල්පනා කරන බවයි. නමුත් එතැන දී මතුවන ප්‍රශ්නය වන්නේ මේ ව්‍යවස්‌ථාමය විසඳුමක්‌ සඳහා නව ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍යද යන්නයි. ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක්‌ යෑයි ගෙනා 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නව ව්‍යවස්‌ථාවක්‌ නොවේ. එසේ නම් ව්‍යවස්‌ථා සංශෝධනයකින් කළ නොහැකි දේ කවරේද? ව්‍යවස්‌ථා සංශෝධනයකින් කළ නොහැකි දේ වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒකීයභාවය පෙරළා දැමීමයි. ඒකීයභාවය පෙරළා දැමීමට නම් නව ව්‍යවස්‌ථාවක්‌ අත්‍යවශ්‍ය වෙයි. ඒ අනුව නව ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය වන්නේ රටේ ඒකීයභාවය ජනවාර්ගික සංහිඳියාවට බාධකයක්‌ ලෙස සලකතොත් පමණයි. රටේ ඒකීයභාවය ඕනෑම ජනවාර්ගික විසඳුමකට පූර්ව කොන්දේසියක්‌ ලෙස පැවතිය යුතු බව සලකන්නේ නම් නව ව්‍යවස්‌ථාවක්‌ නොව පවතින 13 වැනි සංශෝධනයට අවශ්‍ය පිළිසකර කිරීම් මගින් හෝ නව සංශෝධනයක්‌ මගින් හෝ එවැනි විසඳුමක්‌ ළඟාකර ගත හැකිය.

    විධායක ජනාධිපති බලතල කප්පාදු කිරීමත් පළාත් සභා බලතල පුළුල් කිරීමත් යෝජිත නව ව්‍යවස්‌ථාවේ එක්‌ අරමුණක්‌ ලෙස සඳහන් වෙනවා. මෙය රටේ ඒකීයභාවයට බලවත් අනතුරක්‌ බව ඇතැමුන් දරන මතයක්‌?

    විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ ප්‍රශ්නය ඒකීය සහ පෙඩරල් ආණ්‌ඩු ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයට සම්බන්ධ වුවත් එය එකම ප්‍රශ්නයක්‌ නොවෙයි. 1972 ව්‍යවස්‌ථාවේදී ලංකාවේ රාජ්‍ය ක්‍රමය එAකීය රාජ්‍ය ක්‍රමයක්‌ ලෙස නිර්වචනය කරන ලදී. නමුත් 1972 ක්‍රියාත්මක වූයේ වෙස්‌ට්‌මිනිස්‌ටර් ආකෘතියේ පාර්ලිමේන්තු ක්‍රමයක්‌. එය විධායක ජනාධිපති ක්‍රමයක්‌ නොවේ. විධායක ජනාධිපති ක්‍රමය ඇතිකරන ලද්දේ 1978 දී ඡේ. ආර්. ජයවර්ධන මහතා විසිනුයි. ඔහු එසේ කළත් 1972 ඒකීය රාජ්‍ය සංකල්පය 78 ව්‍යවස්‌ථාවටත් ඇතුළත් කළා. වෙනත් ආකාරයකින් කියනවා නම් 1978 ව්‍යවස්‌ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමයක්‌ හඳුන්වා දුන්නේ 1972 ඒකීය රාජ්‍ය සංකල්පය අත්තිවාරමක්‌ කොට ගනිමිනි. 72 සහ 78 ව්‍යවස්‌ථාවන් දෙකම ඒකීය රාජ්‍ය ව්‍යවස්‌ථාවන් වූ අතර ඒ දෙකේම තිබූ අනෙක්‌ වැදගත්ම පොදු ලක්‌ෂණය වූයේ 72 සහ 78 ව්‍යවස්‌ථාවන් දෙකම ජනරජ ව්‍යවස්‌ථාවන් වීමයි.

    විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යද නැද්ද යන ප්‍රශ්නය සලකා බැලීමේදී අප ජාත්‍යන්තර සහ ඓතිහාසික කරුණු සමාලෝචනය කළ යුතුයි. ලෝකයේ වඩාත්ම සාර්ථක සහ ප්‍රබල රාජ්‍යයන් 5 සිටින්නේ එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලයේ ආරක්‌ෂක මණ්‌ඩලය තුළයි. ආරක්‌ෂක මණ්‌ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස්‌දෙනා අතුරෙන් හතරදෙනෙක්‌ම එනම් ඇමරිකාව, රුසියාව, චීනය හා ප්‍රංශය විධායක ජනාධිපති ක්‍රම සහිත රටවල්ය. ඒ රටවල් 5 අතුරෙන් පාර්ලිමේන්තු ක්‍රමය අනුගමනය කරන්නේ බ්‍රිතාන්‍යය පමණයි. ලෝකයේ ප්‍රබලම හා සාර්ථකම රටවල් පහෙන් හතරක්‌ම විධායක ජනාධිපති ක්‍රමය අනුගමනය කරන්නේ නම් ශ්‍රී ලංකාව එය අතහරින්නේ ඇයි? මේ පිළිබඳව තවදුරටත් ගැඹුරින් සලකා බලන්නේ නම් සමස්‌ත ඇමරිකානු මහාද්වීපය පුරා පවතින්නේද විධායක ජනාධිපති ක්‍රමයයි. එපමණකුත් නොව අනෙක්‌ හැම දෙයක්‌ සම්බන්ධයෙන්ම පසමිතුරුව සිටින ඇමරිකා එක්‌සත් ජනපදය හා කියුබාව යන රටවල් දෙක ගත් විටත් එහි පොදු ලක්‌ෂණය වන්නේ විධායක ජනාධිපති ක්‍රම තිබීමයි. නැගෙනහිර ආසියාව ගත්විට චීනය, වියට්‌නාමය, පිලිපීනය, ටියුනීසියාව, දකුණු කොරියාව වැනි රටවල ඇත්තේද විධායක ජනාධිපති ක්‍රමයයි. දේශපාලන ක්‍රමයන් ලෙස ගත් කල පෙනී යන්නේ විධායක ජනාධිපති ක්‍රමය හුදෙක්‌ පාර්ලිමේන්තු ක්‍රමයකට වඩා දියුණු හා ශක්‌තිමත් දේශපාලන ක්‍රමයක්‌ බවයි. එවැනි ක්‍රමයක්‌ තිබෙද්දී එය අහෝසි කර ගැනීම සැලකිය හැක්‌කේ මෝඩකම නිසා හෝ දැන දැනම ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල කිරීමේ ව්‍යාපෘතියක කොටසක්‌ ලෙසටයි.

    ඡේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ක්‍රමය යෝජනා කළේ සහ ක්‍රියාත්මක කළේ රටේ ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක්‌ සඳහාය. ඔහු පැවසුවේ ලංකාව වැනි කුඩා දූපතක විශේෂයෙන්ම එහි විෂමත්වය අනුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ අනිවාර්යයෙන්ම ඇතිවන තත්ත්වයන් හා හැලහැප්පීම් නිසා ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක්‌ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පවත්වාගත නොහැකි බවයි. ඔහු පැවසුවේ ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක්‌ රටේ පවත්වාගෙන යැමට පාර්ලිමේන්තු හැලහැප්පීම්වලින් මිදුණු ස්‌ථාවර විධායකයක්‌ අත්‍යවශ්‍ය බවයි. එය පසුකාලීන අත්දැකීම්වලින් මනාව සනාථ වූ ප්‍රස්‌තුතයකි. විවෘත ආර්ථික ක්‍රමයක්‌ යටතේ යූ.එන්.පී. සහ ශ්‍රී ලංකා නායකයන් මාරුවෙද්දීත් සාපේක්‌ෂ වශයෙන් ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක්‌ රට තුළ යුද්ධයක්‌ පවතිද්දී පවා අපට ලබාගත හැකි විය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් හෝ 19 වැනි සංශෝධනයටත් එහාට ගොස්‌ දුර්වල කරන්නේ නම් සිද්ධ වන්නේ අපේ ආර්ථික වර්ධන වේගයත් දැනටමත් තිබෙන දුර්වල තත්ත්වයටත් වඩා පහත් අඩියකට වැටීමයි. එයින් සිදුවන්නේ ජාතියක්‌ වශයෙන් අප දුබල වීමයි.

    ඒකීය රාජ්‍යය සහ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා කරද්දී 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් 1987 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අපට අමතක කළ නොහැකිය. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුවෙන් කියා සිටියේ 13 වැනි සංශෝධනය යටතේ ඉදිවූ පළාත් සභා ක්‍රමය පවා ඒකීය රාජ්‍ය රාමුවක්‌ තුළ රැඳී පවතින්නේ යාන්තමින් බවත් එය ඒකීය රාජ්‍යය තුළ රඳවාගෙන තිබෙන්නේ ප්‍රබල විධායක ජනාධිපති ක්‍රමයේ සෘජු නියෝජිතයා වන පළාත්බද ආණ්‌ඩුකාරවරයාගේ බලතල නිසා බවත්ය. දැන් පාර්ලිමේන්තුවේ කාරක සභාවක්‌ වන කේන්ද්‍ර පරිවාර කාරක සභා වාර්තාවේ ඇත්තේ ආණ්‌ඩුකාරවරයාගේ බලතල සහමුලින්ම පාහේ අවප්‍රමාණ කිරීමක්‌ සහ මහ ඇමැතිවරයාට ඔහු යටත් කිරීමක්‌ය. මහ ඇමැතිවරයා යනු ඒ පළාතේ ඡන්දයෙන් තෝරා පත්කරගනු ලැබූ නියෝජිතයාය. විධායක ජනාධිපතිවරයා යනු සමස්‌ත රටේ බහුතර ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා ජාතික නියෝජිතයාය. ආණ්‌ඩුකාරවරයා යනු එම විධායක ජනාධිපතිවරයාගේ නියෝජිතයාය. ඉදින් යම් නිශ්චිත පළාතකට, සීමිත ජන පදනමකින් තෝරා පත්කර ගන්නා ලද මහ ඇමැතිවරයාට සමස්‌ත රටේ බහුතර ඡන්දයෙන් තෝරා පත්කරගනු ලැබූ ජනාධිපතිවරයාගේ සෘජු නියෝජිතයා හිස නැමිය යුත්තේ ඇයි? එයින් සිද්ධ වන්නේ සමස්‌ත ජාතිය නමැති සංකල්පයට වඩා ඒ ඒ නිශ්චිත පළාත නමැති සංකල්පය ඉස්‌මතු කිරීමකි.

    එAකීය හෝ පෙඩරල් යන ලේබල් රටකට වැදගත් නැති බව ප්‍රකාශ කරන පිරිසකුත් අපේ රටේ සිටිනවා නේද?

    ඔවුන්ගෙන් අප ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ලේබලය වැදගත් නොවේනම් ඒකීය ලේබලය රඳවා ගත නොහැක්‌කේ මන්ද යන්නයි. ඒකීය ලේබලය හලන්නට උත්සාහ දරන්නේ ලේබලය හෙවත් සංකල්පය අතිශය වැදගත් දෙයක්‌ නිසයි. එය වැදගත් වන්නේ රටක්‌ ඒකීය ලෙස නිර්වචනය නොකරන්නේ නම් පළාත් සභාවකට පෙඩරල්වාදී රටක තිබෙන බලතල ක්‍රියාත්මක කරන්නට ඕනෑතරම් ඉඩකඩ ලැබෙන නිසයි.

    ඒකීය රට එක්‌සත් රටක්‌ වුණොත් සිදුවිය හැක්‌කේ කුමක්‌ද?

    යම් පළාත් සභාවක්‌ සීමාව ඉක්‌මවා කටයුතු කළහොත් එය රටේ ඒකීය ව්‍යවස්‌ථාවට විරුද්ධ යෑයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කළ හැක්‌කේ රටක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ඒකීය රාජ්‍යයක්‌ ලෙස නිර්වචනය කර ඇත්නම් පමණකි. යම් රටක්‌ ඒකීය රාජ්‍යයක්‌ ලෙස ව්‍යවස්‌ථාවෙන් නිර්වචනය නොකර ඇතිවිට පළාත් සභාවලට ඇති එකම සීමාව එක්‌සත් රටක්‌ යන සීමාවයි. නමුත් තමුන්ගේම වූ ජනවර්ගයේ හා භාෂා කණ්‌ඩායමේ දශලක්‌ෂ 80 ක්‌ පිරිසක්‌ සැතපුම් 18 ක මුහුදු තීරයෙන් එහා සිටින තත්ත්වයක්‌ තුළ ඒකීය රාජ්‍ය සීමාව අහෝසි කර හුදෙක්‌ එක්‌සත් යන රාජ්‍ය සීමාව තුළ පළාත් රඳවා ගැනීමෙන් සිදු වන්නේ එක්‌ පරම්පරාවක්‌ තුළ එම එක්‌සත්කම ද නැති වන ආකාරයට ලංකාවේ උතුර හා ඉන්දියාවේ තමිල්නාඩුව හාවීමට දොර විවෘත කිරීමයි.

    ජනමත විචාරණයකින් තොරව රටේ ඒකීය භාවය අහෝසි කළ නොහැකි නම් යෝජිත නව ව්‍යවස්‌ථාවෙන් ඒකීයභාවය අහෝසි වෙනවා යෑයි ඇතැමුන් තුළ තිබෙන්නේ හුඹස්‌ බියක්‌ද?

    අපේ රටේ අද පවතින්නේ අරුම පුදුම තත්ත්වයක්‌. ජනවාර්ගික සංහිඳියාව පිළිබඳව කාර්යසාධන මණ්‌ඩලයක්‌ විසින් පිටු 493 ක වාර්තාවක්‌ සකස්‌ කර ඇති බව ජනමාධ්‍ය ඔස්‌සේ පළවුණා. ඒ වාර්තාව ජනවාරි මාසයේ මුල් සතියේ ආණ්‌ඩුවට භාරදීමට නියමිතයි. එම කාර්ය සාධන මණ්‌ඩලය පත්කරනු ලැබුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංගයි. එම කාර්යසාධන මණ්‌ඩලයේ ලේකම්වරයා වන්නේ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතායි. ඒ මහතා පසුගියදා ඩේලිමිරර් පුවත්පතට සැපයූ ලිපියක ජනමත විචාරණය ගැන මූලෝපායක්‌ සපයා තිබෙන්නේ මෙසේය. නව ව්‍යවස්‌ථාව පිළිබඳ ආණ්‌ඩුව ජනමත විචාරණයකට ගියහොත් එය ජයග්‍රහණය කළ හැකි බවත්, එසේ කළ හැක්‌කේ සියයට 30 ක ජනවාර්ගික සුළුතරයන්ගේ ඡන්දය අනිවාර්යයෙන්ම නව ව්‍යවස්‌ථාවකට ලැබීමෙන් සහ 2015 ජනවාරි මස සිදුවූ ආකාරයටම සිංහල ඡන්දවලින් කොටසක්‌ මෙයට එකතු වීමෙන් බවයි, ඔහු තවදුරටත් කියා සිටින්නේ. උතුර නැගෙනහිර දමිළ ජනතාවගේ ඡන්ද ප්‍රතිශතය 2015 ජනවාරි 8 දා තරම්ම ඉහළ නැංවීමටත් අවශ්‍ය බවයි. තවදුරටත් එය විග්‍රහ කරන ඔහු මෙවර ලැබෙන සිංහල ඡන්ද එතරම්ම සහතික නොවන නිසා 2015 ජනවාරියටත් වඩා දෙමළ හා මුස්‌ලිම් ඡන්ද මෙම ඡනමත විචාරණ ජයග්‍රහණයට අවශ්‍ය වන බවයි. ඒ සඳහා ඔහුගේ රෙකමදාරුව වන්නේ නව ව්‍යවස්‌ථාවෙන් උතුර නැගෙනහිර පළාත්වලට දෙන බලතල ප්‍රමාණය ඉතා විශාල විය යුතු බවයි. එයින් පමණක්‌ම උතුර නැගෙනහිර සහ රටපුරා සුළුතරයන්ගේ ඡන්ද ප්‍රතිශතය සුපිරි තත්ත්වයකට නැංවීමට හැකි බවද ඔහු කියයි. මෙවැනි මතවාදයන් ඉදිරිපත් කරන පුද්ගලයාම සංහිඳියාව පිළිබඳ වාර්තාවක්‌ ආණ්‌ඩුවට ඉදිරිපත් කිරීමට ඇත්තේ තව දින කිහිපයකි. මොවුන්ගේ මූලෝපායික මාර්ග සිතියම අනුව යන කල නව ව්‍යවස්‌ථාව අනිවාර්යයෙන්ම හා පහසුවෙන්ම පරාජය කළ හැකි යෑයි අපට නිශ්චිතව කිව නොහැකියි.

    නව ව්‍යවස්‌ථාව පිළිබඳ ජනමත විචාරණයකට ආණ්‌ඩුව ගියහොත් ඒ සඳහා කොතරම් මුදල් පාවිච්චි කරනු ලැබෙයිද, ඩයස්‌පෝරාවෙන් සහ බටහිර රටවලින් පැමිණෙන සම්පත් කොතරම් වේද, ඒ අතරවාරයේ විපක්‌ෂයේ ප්‍රබල කථිකයන් කීදෙනෙක්‌ බොරු චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබෙයිද, බොරු කුමන්ත්‍රණ මවා පා විපක්‌ෂය මර්දනය කොට ජනමත විචාරණයක්‌ පවත්වනු ලැබේවිද යන්න කල් ඇතිව කිව නොහැකිය.

    ඒ අනුව අදින් ඇරඹෙන නව වසර අපේ රටේ ඉතිහාසයේ තවත් තීරණාත්මක සන්ධිස්‌ථානයක්‌ වේවිද?

    මා සිතන්නේ මේ වසර ඇරඹෙන්නේ ශ්‍රී ලංකාව නමැති මේ කුඩා දූපතේ අයිතිය අපට අහිමිවීමේ අනතුරත් සමඟයි. ඒ අහිමි වීම සිදු වන්නේ ආකාර දෙකකින්. එකක්‌ දේශපාලනමය ව්‍යවස්‌ථාමය ලෙස. අනික ආර්ථිකමය ලෙස. නව ව්‍යවස්‌ථාවේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ නම් ජාතික රාජ්‍ය හා ජාතිය අවසන් වනු ඇත. පළාත් සභාවලට උවමනාවට වඩා බලතල පැවරීම සහ විධායක ජනාධිපති ක්‍රමය මිළාන කිරීම, ඒකීය රාජ්‍ය සංකල්පය අතහැර දැමීම හෝ දියකර දැමීම යන මේ සියල්ල කැටිකර ගත් විට අපට පෙනෙන්නේ තනි සමස්‌ත රටක්‌ ලෙස අපට තවදුරටත් පවතින්නට නොහැකි තත්ත්වයක්‌ උදාවන බවයි. මෙය මා කියන්නේ කිසිලෙසකින්වත් සිංහල හෝ ජාතිවාදී ස්‌ථාවරයක සිට නොවෙයි.

    http://www.divaina.com/2017/01/01/politics03.html

     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    කොටි සුසානභූමි පූජනීය ස්‌ථාන කිරීමේ
    යෝජනාව මැද චන්ද්‍රිකා රූපවාහිනි සේවාවේ
    ප්‍රධානියා ශ්‍රී ලංකාවට

    කොටි ත්‍රස්‌තවාදීන්ගේ සුසාන භූමි 20 ක්‌ යුද හමුදාව විසින් බුල්ඩෝසර් යොදවා සමතලා කර ඇති බවට උතුරේ කොටි හිතවාදීන් විසින් මානව හිමිකම් කොමසාරිස්‌ ලෙස කටයුතු කළ නවිපිල්ලේ වෙත පැමිණිලි කර තිබුණි. ඇය ඒ ගැන හමුදාවෙන් විමසීමක්‌ නොකර කොටි සුසාන භූමි වැනසීමද මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්‌ යෑයි කියා සිටියාය.

    කොටි සුසාන භූමි පිළිබඳව යළි මතුවූයේ නත්තලට පැය 24 කට පෙර කිලිනොච්චි දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ පැවැති දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු රැස්‌වීමට ඉදිරිපත් වූ යෝජනාවකිනි.


    මෙම සංවර්ධන කමිටු රැස්‌වීමට යෝජනාවක්‌ ඉදිරිපත් කළ කිලිනොච්චි කරයිච්චි වසමේ ග්‍රාමීය හා නැවත සංවර්ධන සමිති සම්මේලනයේ සභාපති ජෙයකුමාර් නමැත්තා කනගපුරම්, නෙරාවිල් සහ මුල්තන්නාවිල් පිහිටි මහවිරු සුසාන භූමි (කොටි) පූජනීය ස්‌ථාන බවට පත්කළ යුතු බව පවසනු ලැබීය.

    එම කොටි යෝජනාව ස්‌ථිර කළේ ඉරණමඩු ගොවි සමිති සම්මේලනයේ ලේකම් එම්. සිවමෝගන්ය. මොවුන් ගැන මෙරට මාධ්‍ය හෙළිකර නොතිබුණි. උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන්, රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රී අන්ජනන් රාමනාදන් යන ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සංවර්ධන කමිටු රැස්‌වීමට ඉදිරිපත් වූ එම කොටි සුසාන භූමි පූජනීය ස්‌ථාන කළ යුතු බවට දක්‌වන යෝජනාව ඒකමතිකව සම්මත විය.

    යෝජනාව ඉදිරිපත් කළ ජෙයකුමාර් තවදුරටත් පැවසුවේ එම ප්‍රධාන කොටි සුසාන භූමි තුන නඩත්තු කිරීම දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයට පැවරිය යුතු බවයි.

    මෙකී යෝජනාව පිළිබඳ උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් පැවසුවේ සංවර්ධන කමිටු සම සභාපතිවරුන්ගේ කැමැත්ත ලබාගෙන යෝජනාව ක්‍රියාත්මක කරන බවයි.

    එහෙත් මෙරට ඉතිහාසයේ මින් පෙර මිනී පිට්‌ටනි පූජනීය ස්‌ථාන බවට පත්කර නැත. පූජනීය ස්‌ථාන හෝ ශුද්ධ වූ ස්‌ථාන ලෙස නම්කර ඇත්තේ ආගමික ස්‌ථාන ඇතුළත් ප්‍රදේශ පමණකි.

    එසේ වුවත් කොටි සංවිධානය තහනම් සංවිධානයක්‌ බවට නම් කර තිබියදී කොටි ඝාතකයන් වලදැමූ ස්‌ථාන පූජනීය ස්‌ථාන කළ හැකිsද?

    මේ මහාවිරු හෙවත් මියගිය කොටි ත්‍රස්‌තයන් වළ දමා ඇති ස්‌ථාන පූජනීය ස්‌ථාන කිරීමට උතුරු පළාත් සභාවට කිසිදු බලයක්‌ නැත. එය නීති විරෝධී ක්‍රියාවකි. කිලිනොච්චියේ කොටි සුසාන භූමි තුනක්‌ පූජනීය ස්‌ථාන බවට පත් කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කරන බව උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් පවසා ඇත්තේ යෝජිත ව්‍යවස්‌ථාව ඉදිරිපත් වීමට පෙරය.

    එසේම පූජනීය ස්‌ථාන බවට පත්කිරීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක්‌ ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙක්‌, ජනාධිපති අපේක්‍ෂකයෙක්‌, දේශපාලන පක්‍ෂ නායකයන් දස දෙනෙක්‌, කැබිනට්‌ ඇමැතිවරුන් 7 ක්‌ පළාත් සභා මන්ත්‍රීවරු 6 ක්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 37 ක්‌ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 22 ක්‌ දේශපාලන පක්‍ෂ සංවිධායකවරු 17 ක්‌ සහ නගරාධිපතිවරු හතරක්‌ ඝාතනය කළ කොටි ත්‍රස්‌තවාදීන් මිහිදන් කළ සුසාන භූමියි. මේ හැර කොටි සංවිධානය යුද අපරාධ 300 කට අධික සංඛ්‍යාවක්‌ සිදුකර තිබේ.

    කොටි සුසාන භූමි තුනක්‌ පමණක්‌ පූජනීය ස්‌ථාන කිරීමට ජෙයකුමාර් නමැත්තා යෝජනාව ඉදිරිපත් කිරීමේ පසුබිමද පැහැදිළි වී ඇත. කිලිනොච්චිය යනු කොටින්ගේ ප්‍රධාන කේන්ද්‍රස්‌ථානයයි. කාන්තා කළු කොටි මූලස්‌ථානය සහ කළු කොටි මූලස්‌ථානය ක්‍රියාත්මකව තිබුණේ කිලිනොච්චියේය.

    ප්‍රභාකරන් අවසන් වරට 2007 ජුලි 05 වැනිදා කළු කොටි සැමරුව පවත්වනු ලැබුවේ කිලිනොච්චියේදී බව තහවුරු වී තිබුණි. එදින ප්‍රකාශයක්‌ කළ ප්‍රභාකරන් කළු කොටි 81 ක්‌, කළු කොටි කාන්තාවන් 18 ක්‌ සහ ඔවුන්ට අනුබද්ධ කොටි 169 ක්‌ සහ කොටි කාන්තාවන් 72 ක්‌ මරුමුවට පත්වී ඇති බවත් ඔවුන්ගේ සිරුරු මහාවිරු සුසාන භූමි තුනේ තැන්පත් කර ඇති බවත් කියා සිටියේය. එසේම මරාගෙන මැරෙන බෝම්බකරුවන් රැසක්‌ විමුක්‌ති අරගලය උදෙසා දිවිපුදා ඇති බවත් ඔවුන්ගේ කැබැලි වී ගිය සිරුරු වෙනුවට එම පිරිස සැමරීම යුතු බවත් ප්‍රභාකරන් තවදුරටත් පවසා ඇත.

    කොටින් හෙළිකළ තොරතුරුවලට අනුව කිලිනොච්චි සුසාන භූමි තුනේ කොටි සිරුරු සහ මියගිය කොටි 2000 ක්‌ වෙනුවෙන් ස්‌මාරකද තැන්පත් කර තිබේ.

    මේ නිසා කොටි සොහොන් බිම් තුන පූජනීය ස්‌ථාන ලෙස පත්කිරීමට සැලසුම් කර ඇත්තේ වාර්ෂිකව එම ස්‌ථානවල ද්‍රවිඩ ජනතාව ගෙන්වා වන්දනාමාන කිරීමට බව සනාථ නොවන්නේද? එහෙත් 1998 සිට 2002 සැප්තැම්බර් 4 දා තෙක්‌ මෙරට ආණ්‌ඩු කොටි සංවිධානය තහනම් කර තිබුණි. 2002 පෙබරවාරි 21 වැනිදා අත්සන් කළ ඊනියා සටන් විරාම ගිවිසුම නිසා කොටි තහනම ඉවත් කෙරුණි. එහෙත් 2009 ජනවාරි 4 දා යළි කොටි තහනම පනවනු ලැබීය.

    ඉන්දීය රජයද 1992 සිටද, ඇමරිකාව 1997 ඔක්‌තෝම්බර් 31 ද, බ්‍රිතාන්‍ය රජය 2000 වසරේද, යුරෝපා සංගමය 2006 වසරේද, කැනඩාව 2006 සිටද කොටි සංවිධානය තහනම් කර තිබේ.

    1991 මැයි 21 දා ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය වීමෙන් පසු සෑම වසරකම ඉන්දීය ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය කොටි සංවිධානය තහනම් කිරීමේ නිවේදනයක්‌ ප්‍රකාශයට පත්කරයි.

    එසේම කොටි සුසාන භූමි පූජනීය ස්‌ථාන බවට පත්කළ යුතුයි යන යෝජනාව අහම්බෙන් ඉදිරිපත් වූවක්‌ නොවේ.

    මේ වසරේ නොවැම්බර් 26 දා කිලිනොච්චියේ කොටි හිතවාදීන් කොටි සුසාන භූමි යෑයි හඳුන්වනු ලැබූ ප්‍රදේශ ශුද්ධ පවිත්‍ර කිරීමේ ව්‍යාපාරයක්‌ දියත් කරනු ලැබීය.

    කොටි මළ සිරුරු නැතත් ද්‍රවිඩ ජනතාව රැවටීම සඳහා කොටි සංවිධානය මියගිය කොටින් රැසක්‌ වෙනුවෙන් ස්‌මාරක ස්‌ථාපනය කර තිබූ බව අනාවරණය විය. ඊට හොඳම නිදසුන අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ කොටි ප්‍රහාරයෙන් මියගිය කොටි පිරිසගේ නම් ඇතුළත් කර ස්‌මාරක රැසක්‌ මුලන්කාවිල්හි ස්‌ථාපිත කර තිබූ බව ආරක්‍ෂක අංශ සොයා ගැනීමය. පසුගිය නොවැම්බර් 26 දා කනගපුරම් ප්‍රදේශයට ගිය කොටි හිතවාදීන් පිරිසක්‌ කැඩීබිඳී ගොස්‌ තිබූ කොටි ස්‌මාරකවල කැබලි එකතු කර ගොඩ ගසා මහාවිරු දින හෙවත් මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරීමට ක්‍රියා කළේය.

    කොටි සුසාන භූමි පූජනීය ස්‌ථාන බවට පත් කළ යුතු යෑයි ඉදිරිපත් වූ යෝජනාව ගැන උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් තවදුරටත් පැවසුවේ කිලිනොච්චියේ ඉඩම් සම්බන්ධව ගැටලු නිරාකරණය කර අදාළ සුසාන භූමි පිළිබඳව තීරණය කිරීම සඳහා පළාත් පාලන ආයතන වෙත පැවරීම සිදුකළ යුතු බවයි.

    මෙම ප්‍රකාශයෙන් විග්නේෂ්වරන් බලා සිටින්නේ යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළින් ඉඩම් බලතල හිමිවනතුරුය.

    මෙහිදී මතුවන බරපතළ ප්‍රශ්නය නම් කොටි මිනී පිට්‌ටනි පූජනීය ස්‌ථාන බවට පත්කිරීමට උතුරු පළාත් සභාවට ඉඩම් බලතල දිය යුතුද යන්නයි.

    ඉන්දියාවේ සීක්‌ ත්‍රස්‌තවාදීන් හා අසෑම් ප්‍රාන්තයේ බෙදුම්වාදීන් මෙන්ම ආන්ද්‍රd ප්‍රදේශයේ නැක්‌සලයිට්‌ ත්‍රස්‌තයන් වළදැමූ ස්‌ථාන පූජනීය ස්‌ථාන බවට නම්කර නැත.

    ඇෆ්ගනිස්‌ථානයේ තාලීබාන් ත්‍රස්‌තයන් වළ දැමූ ස්‌ථානද උතුරු අයර්ලන්තයේ අයි.ආර්.ඒ. ත්‍රස්‌තයන් මිහිදන් කළ ස්‌ථාන පූජනීය ස්‌ථාන කර තිබේද?

    මේ පසුබිම මැද කොටි සුසාන භූමි පූජනීය ස්‌ථාන ලෙස නම් කිරීමට ඉඩ ලැබුණොත් සෑම වසරකම එම සුසාන භූමිවලට ගොස්‌ මහාවිරු සැමරුම හෙවත් මියගිය ත්‍රස්‌තයන් සැමරීමට ඉඩලැබෙනු ඇත.

    කොටි සංවිධානය තුල්ලියාම් ඉල්ලම්ස්‌ නමින් හඳුන්වනු ලැබූ කොටි සුසාන භූමි තුනක්‌ පූජනීය ස්‌ථාන බවට නම් වූවොත් අම්පාර දිස්‌ත්‍රික්‌කයේ කන්ජිකුඩිච්චිආරු, මඩකලපුවේ තණ්‌ඩියායි, තාරවී කන්දකුලාඩි සහ මාධවී, මුවාරි යන ස්‌ථානවල ඇති කොටි සුසාන භූමිද පූජනීය ස්‌ථාන කළ යුතු යෑයි නැගෙනහිර කොටි හිතවාදීන් ඉල්ලා සිටිනු නිසැකය.

    මෙයට අමතරව විශ්වමඩු ප්‍රදේශයේද මන්නාරමේ ආනන්දකුලම් ආඩකච්චිවේලි, පනවිපරන්ජාන්, වඩමාරච්චි නැගෙනහිර, උදුන්තුරායි, වව්නියාවේ එළුවන්කුලම් සහ මුලතිව්හි මුල්ලියාවලි සහ අලම්පිල් යන ස්‌ථානවලද කොටි සුසාන භූමි තිබූ බව වාර්තා වේ.

    2009 මැයි 19 දා කොටි පරාජය වීමට පෙර කොටි සුසාන භූමි 21 ක්‌ උතුරු හා නැගෙනහිර ස්‌ථානගත කර තිබූ බව කොටි සංවිධානය හෙළිකර තිබුණි.

    මෙම කොටි සුසාන භූමිවල 2007 වනතුරුම මාවිරර්නාල් හෙවත් මියගිය කොටි සැමරීමට කොටි සංවිධානය ක්‍රියාකළේය.

    අද එම සමරුව ස්‌විස්‌ටර්ලන්තය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, නෝර්වේ, නෙදර්ලන්තය, ජර්මනිය සහ කැනඩාව යන රටවලදී සිදුකෙරේ.

    කිලිනොච්චි දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු රැස්‌වීමට කොටි මිනීමරුවන් වළදැමූ සුසාන භූමි පූජනීය ස්‌ථාන ලෙස පත්කළ යුතු යෑයි යෝජනාව ඉදිරිපත් වූ අවස්‌ථාවේ යාපනය කොටි හමුදා නායකයාව සිටි තීපන්ගේ සමීපතම ඥතියා වූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන් රැස්‌වීමට සහභාගි වී ඇත.

    මේ අතර එල්.ටී.ටී.ඊ. රාජන් හෙවත් කොටි රාජන් හෙවත් නෝර්වේ රාජ්‍යයේ පදිංචි රාජන් චෙල්ලයියා හෙවත් රාජකුලසිංහම් නමැත්තා පසුගිය සතියේ මෙරටට සම්ප්‍රාප්ත විය. ඔහුව මෙරටට ගෙන්වීමට ක්‍රියා කළේ කොළඹ නෝර්වේ තානාපති කාර්යාලයයි.

    රාජන් චෙල්ලයියාගේ ශ්‍රී ලංකා සංචාරය ඔහු මෙරටට පැමිණෙනතුරු අනාවරණය වී නොතිබුණි. ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ බුද්ධි නිලධාරියෙක්‌ විසින් මොහුව හඳුනාගෙන තිබුණි. මොහු ප්‍රංශයේ සිට චන්ද්‍රිකා රූපවාහිනි සේවාවක්‌ දියත් කළේය. එල්.ටී.ටී.ඊ. රාජන් කවුදැයි ඔස්‌ලෝනුවර කොටි විරෝධී ප්ලොට්‌ ක්‍රියාකාරීන්ද දන්නවා යෑයි හමුදා ආරංචිමාර්ග අනාවරණය කළේය.

    නෝර්වේ රාජ්‍යයේ එන්. ආර්. කේ. රූපවාහිනි සේවාවේ වාර්තාකරුවකු ලෙස කටයුතු කළ චෙල්ලයියා 2012 වසරේදී ඔස්‌ලෝ විශ්වවිද්‍යාලයට විමර්ශන වාර්තාවක්‌ ඉදිරිපත් කළේය.

    එහි මෙලෙස සඳහන් විය.

    බ්‍රිතාන්‍යය විසින් නිදහස ලබාදීමෙන් පසු සිංහලයන් ද්‍රවිඩ නිජබිම යටත් විජිතයක්‌ ලෙස තබාගෙන ද්‍රවිඩයන් දෙවැනි පංතියේ පුරවැසියන් ලෙස සලකා භාෂාව හා රැකියා ලබාදීමේදී වෙනස්‌කම් සිදුකරනු ලැබීය. මේ නිසා ද්‍රවිඩයන් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක්‌ ඉල්ලා සිටියහ.

    ද්‍රවිඩයන්ගේ දේශපාලන අරගලය ශ්‍රී ලංකා රජය විසින් හමුදාව යොදවා මර්දනය කළේය.

    එහි ප්‍රතිඵලය වූයේ ද්‍රවිඩයන්ගේ සාමකාමී අරගලය (ස්‌වයංපාලනය සඳහා) 1970 මැදභාගය වන විට ආයුධ සන්නද්ධ අරගලයක්‌ බවට පරිවර්තනය විය. තමිල් ඊළාම් විමුක්‌ති කොටි සංවිධානය විසින් එම ආයුධ සපයා අරගලය ක්‍රියාත්මක කිරීමේ කාර්ය බාරගෙන ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ට දේශපාලන නායකත්වය ලබාදීමට ක්‍රියාකළේය.

    මෙම අරගලය නිසා 200,000 කට අධික පිරිසක්‌ද සටන්කාමීන් 50000 මරුමුවට පත්වූහ.

    2009 මැයි මස කොටි සංවිධානයේ අරගලය ජාත්‍යන්තර සහාය මත හමුදා බලයෙන් මර්දනය කෙරුණි.

    එල්.ටී.ටී.ඊ. රාජ්‍ය මෙම ප්‍රකාශයෙන් කර ඇත්තේ 1948 වසරේ නිදහස ලැබීමෙන් පසු සිංහල බෞද්ධ රජය ද්‍රවිඩ ජනතාවට රැකියා ලබාදීමේදී පවා වෙනස්‌කම් කර ඇති බවට සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමයි.

    එසේ නම් ශිවා පසුපති නීතිපති ධුරයටත්, රුද්‍රd රාජසිංහම් පොලිස්‌පති ධුරයට හා ද්‍රවිඩයන් රැසක්‌ තානාපති ධුරවලටත් පත්වූයේ කෙසේද? මෙයට අමතරව කොටි 50000 ක්‌ මියගිය බවටද ඔහු අසත්‍ය ලෙස සඳහන් කර ඇත.

    එහෙත් ඉන්දියාවේ හිටපු ආරක්‍ෂක උපදේශක ශිවශංකර් මෙනන් පවා තම ග්‍රන්ථයෙන් දක්‌වා ඇත්තේ 26,000 ක කොටි පිරිසක්‌ මියගිය බවයි.

    මෙවන් පසුබිමක්‌ මැද යුද හමුදා ඉහළ පෙළේ ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කළේ රාජන් චෙල්ලයියා කොටි ජාත්‍යන්තර ප්‍රචාරක ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරියකු බවයි.

    වන්නි මෙහෙයුම් සමයේ ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරමින් යුද අපරාධ චෝදනා නඟා තිබුණා යෑයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළි කළේය.

    රාජන් වෙල්ලයියාගේ කටයුතු හමුදා බුද්ධි අංශවලට අනාවරණය වූයේ මුල්ලිවයික්‌කාල්හි කස්‌ත්‍රොa නමැති කොටි ජාත්‍යන්තර ජාලයේ නායකයාගේ බංකරයේ තිබූ කොටි ජාත්‍යන්තරයට සම්බන්ධ ලැයිස්‌තුවෙනි.

    එහෙත් රාජන් චෙල්ලයියාගේ ශ්‍රී ලංකා සංචාරය සංවිධානය කර තිබුණේ නෝර්වේ තානාපති කාර්යාලය නිසා රජයේ යාන්ත්‍රණය නිහඬ විය. ඔහු මෙරටට පැමිණ නෝර්වේ අරමුදල් ලබන එන්.ජී.ඕ. කොම්පැණියක්‌ වූ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මෙහෙය වූ මාධ්‍ය පාඨමාලාවකදී දේශනයක්‌ පවත්වනු ලැබීය.

    එසේ වුවත් රාජන් චෙල්ලයියාගේ අනන්‍යතාවය වසන් කර තිබුණි.

    මේ අතර යාපනය කොටි හමුදා නායක තීපන් නමැති ඝාතකයාගේ මස්‌සිනා වූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් කිලිනොච්චි දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු රැස්‌වීම අමතමින් කොටි සුසාන භූමි 17 ක්‌ යුද හමුදාව බුල්ඩෝසර් කර ඇති බවත් ඒ නිසා මියගිය අය වෙනුවෙන් ඔවුන්ගේ ඥතීන්ට ගෞරවය දැක්‌වීම සඳහා කොටි සුසාන භූමි පූජනීය ස්‌ථාන කිරීමේ යෝජනාව ඉදිරිපත් වූ බව පවසා ඇත.

    තමිල්නාඩුවට ගොස්‌ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බව පැවසුවේද ශ්‍රීධරන්ය. දෙමළ ජනතාව වෙනුවෙන් ජීවිත කැපකළ පිරිසකට බුහුමන් දැක්‌වීමට ඉදිරිපත්වූ එම යෝජනාව සාධාරණ බවද ශ්‍රීධරන් තවදුරටත් පවසා ඇත.

    එහෙත් කිලිනොච්චියේ කොටි සුසාන භූමි තුන ස්‌ථානගත කර තිබුනේ රජයේ ඉඩම්වල බව අනාවරණය වී ඇත.

    මේ තත්ත්වය මැද ළදරුවන් කැතිගා දැමූ එමෙන්ම බිම් බෝම්බ තබමින් බස්‌ මගීන් ඝාතනය කළ කොටි මිනීමරුවන් වෙනුවෙන් කොටි සුසාන භූමි පූජනීය ස්‌ථාන ලෙස නම් කිරීමට ඉඩදිය යුතුද යන බරපතළ ප්‍රශ්නය රජය හමුවේ පවතී. මේ අතර නියෝජ්‍ය රාජ්‍ය ඇමැතිනියක්‌ වූ විජයකලා මහේෂ්වරන් ප්‍රභාකරන් නමැති ඝාතකයාව නිර්භීත පුද්ගලයකු ලෙස හඳුන්වා ඇත.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Sapugaskanda modernisation: CPC goes ahead despite objections

    By Damith Wickremasekara

    The Ceylon Petroleum Corporation is going ahead with its call for bids to modernise its Sapugaskanda refinery, ignoring the Cabinet Committee on Economic Management recommendation that the project be held back until an attractive investment is found.

    Accordingly, the CPC has received 28 bids from international companies, including companies from India, the UAE, Iran, Singapore, the United States, Italy and China. Petroleum Resources Minister Chandima Weerakkody said the project had to be expedited due to the urgent need to modernise the refinery and ensure ‘energy security’.

    The Economic Committee headed by Prime Minister Ranil Wickremesinghe had wanted two separate committees to study the proposal for the modernisation of the refinery. One of the committees approved the proposal while the other is yet to submit its proposal regarding the possibility of attracting private partnership.
    Finance Minister Ravi Karunanayake earlier said the Government was looking at other proposals to get better investors for the project.

    Mr. Weerakkody said that after an evaluation of the Expression of Interests, a report would be submitted to the Cabinet. Under the modernisation plan, the number of barrels refined each day is to be increased from 50,000 barrels to 100,000, thereby reducing the import of refined fuel.

    - http://www.sundaytimes.lk/170101/ne...cpc-goes-ahead-despite-objections-222620.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    New Centre to expedite cargo clearance

    By Bandula Sirimanna

    Cargo clearance at the Colombo Port from January will come under a new import and export facilitation centre to be manned by a Finance Ministry team aimed at breaking through bureaucracy and red tape that often lead to long delays.

    This fast-track cargo clearance system will accelerate the release of import and export goods in double quick time, a Finance Ministry official told the Business Times adding that imported goods are to be released within 48 hours and export goods in 24 hours. Currently it takes several days to clear cargo.

    The Customs Department will work alongside the Ministry team from early January to establish the ‘quick cargo releasing service’ centre.

    The official said that all existing and new importers and exporters, and any company or individual are required to register anew at the Sri Lanka Customs as a registered Importer/Exporter.

    The registration of all importers with the Sri Lanka Customs will grant them with appropriate levels of facilitation in the clearance process.

    Shippers have been complaining of delays in clearing cargo and detention of goods for inspection in the recent past and the new service will be a solution to their grievances, he disclosed.

    All import and export containers which have no legal problems will be released within one or two days under the new system, he said, noting that if the goods are not cleared on time shippers can seek Finance Ministry facilitation centre assistance and will get a response promptly.

    Import and export cargo clearance will be accelerated by also streamlining the process, simplifying the import/export documentary requirements and harmonizing complicated systems as well as re-registering importers and exporters from early next year, the official said.

    Risk profiling of importers will enable low risk importers to get expeditious clearance and import documentation would be processed within three hours and containers released within 48 hours.

    Correspondingly, for exports, to process documents within two hours while containers will be released for exports in 24 hours from the time of submission of documents at the facilitation centre.

    Implementation of a ‘National Trade Information Portal’ will ensure transparency of Sri Lanka Custom’s practices and procedures whilst installation of a “Container Scanning System” at the port and airport will guarantee effectiveness and efficiency in baggage and container clearing process.

    - http://www.sundaytimes.lk/170101/business-times/new-centre-to-expedite-cargo-clearance-222238.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Fourth phase to begin in March

    z_p32-Fourth.jpg


    Work on the fourth phase of the residential development project comprising two more towers with 340 luxury condominiums will be launched in March this year, Overseas Reality (Ceylon) PLC Director/ Group Chief Executive Officer Pravir Samarasinghe said.

    He said work on the third phase of the residential towers which was launched in March last year is progressing at a satisfactory pace and added that the third and the fourth phases will be completed by 2020.

    The third phase comprises two towers with 304, two, three and four bedroomed apartments.

    “Sale of the residential apartments were progressing steadily in 2016 with local and high net worth buyers of the diaspora being the primary market”, Samarasinghe said. He said, the large number of luxury apartments built in Colombo will have a positive impact on the sales velocity.

    “However, we were encouraged by Budget 2017 which removed restrictions, facilitating the purchase of apartments by foreigners opening up a new segment to the apartment market,” Samarasinghe said.

    Overseas Reality, a listed specialized property company is the owner and manager of the World Trade Centre, Colombo.

    “In addition to the residential development our primary focus this year will be on the implementation of the commercial development which comprises an office tower, the dominant feature of the development and a mega shopping mall built ot international standards.

    - http://sundayobserver.lk/2017/01/01/business/fourth-phase-begin-march
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Lights and bells for unprotected level crossings

    Installing bells and signal lights at 200 unprotected level crossings will commence this month according to contracts that have been signed, General Manager of Railways B.A.P Ariyaratne told the Sunday Observer.

    The Railway Department has also called tenders to install gates for another 200 unprotected level crossings, and it has been forwarded to the tender board for approval.

    “Currently there are 670 unprotected level crossings across the country. Though we call it unprotected we have put bamboo gate barriers and deployed people to man those bamboo gates. Unprotected level crossings we have initiated to install bells and lights at 200 selected unprotected level crossings. We have already awarded the contract through a tender procedure,” he said.

    The General Manager said that reports indicate that an average of 30 deaths per month have been recorded due to run down by trains while walking on the railway tracks.

    “Our records indicate that more than 30 people die while walking on the rail track. Now this can be either mistakenly or due to attempt suicide. It is difficult to differentiate between the two. But the rate is very high. It is legally prohibited to walk on the railway track. But we have taken into custody from time to time and produce them before courts and they were fined by the courts.”

    Over two hundred people were arrested last year for this offence. While at one time over 100 people had been arrested in one district.

    “The third kind of accidents take place at the level crossings. There are protected and unprotected level crossings. But even with the bell and lights some vehicles meet with accidents at these level crossings. The classic example is the accident which took place in Wadduwa and five people died. The numbers of deaths by walking on the railway tracks have increased,” said Ariyaratne.

    - http://sundayobserver.lk/2017/01/01...-lights-and-bells-unprotected-level-crossings
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ත්‍රෙඩ් එකේ බයියන්ගේ නෙගටිව් කොමෙන්ට්ස් දැක්කම තේරෙනවා මුන්ට කොච්චර රිදෙනවද කියලා. බයි අන්දෝනා. :rofl::rofl:

    බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නෑ. මොන්සූන් බ්‍රෝ දිගටම පෝස්ට් කරපන් බයි කුක්කොන්ට හැමිනෙන්නම
    :P
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    PM to launch Southern Development Plan

    The government will launch the Southern Development Plan aimed at developing the Southern Province, along with the development of Hambantota assisted by China, on January 7 in Hambantota.

    The launch will take place in the presence of Prime Minister Ranil Wickremesinghe, Chinese Ambassador Yi Xianliang and several key ministers, Chairman of Ruhunu Development Corporation, Ajita de Costa told Business Observer.

    The launch also coincides with the government’s vision for an era of sustainable development called Thirasara Yugayaka Thewasara Arambuma, starting on January 1. Under this project, China will set up several ventures including port, refinery and industrial zones. The proposed industrial zone to be set up by China will spread from Hambantota to Moneragala and Matara.

    China will be provided 15,000 acres of land and it will be released on a phase-by-phase basis depending on their availability.

    The Survey Department recently carried out a survey to determine the extent of government lands in those areas.

    Meanwhile Minister Malik Samarawickrama told the media last month that the government hopes to sign an agreement with the China Merchants Port Holdings Company Ltd. (CMPort) to set up a joint venture to run the port in Hambantota.

    According to the agreement, China Merchant Holdings will have a 85 percent stake in the new venture and the Sri Lanka Ports Authority, 15 percent.

    - http://sundayobserver.lk/2017/01/01/business/pm-launch-southern-development-plan
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    ත්‍රෙඩ් එකේ බයියන්ගේ නෙගටිව් කොමෙන්ට්ස් දැක්කම තේරෙනවා මුන්ට කොච්චර රිදෙනවද කියලා. බයි අන්දෝනා. :rofl::rofl:

    බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නෑ. මොන්සූන් බ්‍රෝ දිගටම පෝස්ට් කරපන් බයි කුක්කොන්ට හැමිනෙන්නම
    :P

    :lol::yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Colombo City Centre – luxury living in Colombo

    z_p30-Colombo.jpg


    Colombo City Centre, the majestic mixed-use development project by Abans Group in collaboration with SilverNeedle Hospitality is getting ready to redefine the benchmark of luxury in Colombo, Sri Lanka. Located in the heart of Colombo opposite the scenic belt of Beira Lake at Sir James Peiris Mawatha, Colombo 02, this 47 storey mixed-use lifestyle centre comprises of a Shopping Mall, luxury Apartment Complex and Hotel. Colombo City Centre is a proud project beyond the ordinary that offers amenities adding to the quality lifestyle of Sri Lanka.

    By joining hands with SilverNeedle Hospitality, Abans Group has initiated a connection between local and international partners in-turn establishing a global footprint for Sri Lanka and bridging the gap across borders. This mixed use development project currently under construction is smartly designed to accommodate a 5 storey Lifestyle Retail Mall comparable to the larger malls of Dubai and Singapore, NEXT Hotel Colombo – the flagship brand of SliverNeedle Hospitality catering to the professional and leisure needs of business travelers and Residencies at Colombo City Centre bringing to Sri Lanka what can only be perceived as the next frontier to high-luxury living.

    The Mall will feature a large Shopping Arcade infused with a plethora of brands both local and international, Supermarket, Games and recreational activities providing an enjoyable experience for individuals as well as families alike. Home to the cities trendiest dining and entertainment options Colombo City Centre will encompass an International food Court, Restaurants and Cinemas that will redefine lifestyle, leisure and hospitality in the nation.

    NEXT Hotels the pride of SilverNeedle Hospitality caters to satisfy the needs of a business traveler and thus embodies a customer-centric design approach that provides greater value in areas that matter most to its respective guests. With its strategic location, tech-forward facilities and sophisticated services, Colombo City Centre will offer the finest guest experiences imaginable, carefully crafted for today’s luminaries who will make this hotel their home away from home.

    - http://sundayobserver.lk/2017/01/01/business/colombo-city-centre-–-luxury-living-colombo
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Mega economic plan 2017

    President Maithripala Sirisena is scheduled to unveil the Government’s economic plan under the theme ‘an era of sustainability’ and all programmes pertaining to it are to be implemented from the second week of January 2017.

    Prime Minister Ranil Wickremasinghe is currently preparing the action plan in this regard.
    Deputy Minister of Parliamentary Reforms and Mass Media, Karunaratne Paranawithana said that there would be several openings as well as launching ceremonies to coincide with the project.

    In Kurunegala there will be a European vehicle company, in Piliyandala, a tire company and commencing from Hambantota, there will be the Southern development plan set to be commissioned from January 2017.

    Government stalwarts including Cabinet Ministers are also presently involved in promoting the potential in the property development industry and sectors for foreign and local investments.

    Elsewhere, in terms of political changes envisioned within the country, Parliament, the Constitutional Assembly will on January 9 begin discussions on the proposed constitutional reforms contained in the reports of the six-sub-committees appointed to deal with fundamental rights, the judiciary, law and order, public finance, the public services and centre-periphery relations.

    - http://nation.lk/online/2016/12/31/mega-economic-plan-2017.html
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ත්‍රෙඩ් එකේ බයියන්ගේ නෙගටිව් කොමෙන්ට්ස් දැක්කම තේරෙනවා මුන්ට කොච්චර රිදෙනවද කියලා. බයි අන්දෝනා. :rofl::rofl:

    බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නෑ. මොන්සූන් බ්‍රෝ දිගටම පෝස්ට් කරපන් බයි කුක්කොන්ට හැමිනෙන්නම
    :P
    ආර්ථික අර්බුදය තවත් උග්‍ර වන ලකුණු

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    තවත් වර්ෂයක්‌ අවසන් වී නව වර්ෂයක්‌ උදාවී තිබේ. මේ උදා වූ 2017 නව වසර දේශපාලනමය වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් ද තීරණාත්මක එකක්‌ වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය. දැනට අප මුහුණදී සිටින ආර්ථික අර්බුදය මේ වසරේදී (2017) තවත් උග්‍ර වන ලකුණු ද හැම අතින්ම පෙනෙන්නට තිබේ. මහින්ද රාජපක්‍ෂ රජය සමයේ පැවැති ආර්ථික ප්‍රශ්න හා ගැටලු සමනය වෙනවා වෙනුවට ඒවා තවත් උග්‍ර වී තිබේ. ආර්ථික ක්‍රියාකාරීත්වය මන්දගාමී වී තිබේ. රුපියල දිනෙන් දිනම පිරිහීමට ලක්‌වෙමින් තිබේ. ඒ තුළ දැනට ලබාගෙන තිබෙන විදේශ ණය පැටව් ගසමින්ද තිබේ. අනුන්ට "හොරා" "හොරා" යෑයි කිව්වත් මේ ආණ්‌ඩුව තුළ ද වංචා හා දූෂණවල අඩුවක්‌ ඇති බවක්‌ පෙනෙන්නට නැත. ලංකා ඉතිහාසයේ ලොකුම මූල්‍ය වංචාව ලෙස චෝදනා එල්ලවී ඇති "බැඳුම්කර මගඬිය" සිදු වූයේද මේ (ඊනියා) යහපාලන රජය යටතේය. එහෙත් ඒවාට චෝදනා එල්ලවූ පුද්ගලයන් රජයේ ඉහළම දේශපාලන රැකවරණ ලබමින් යෙහෙන් වැජඹෙමින් සිටින බවද කාටත් රහසක්‌ නොවේ. මෙලෙස යහපාලන අපේක්‍ෂා කණපිට හැරෙමින් ආර්ථික අර්බුදය උග්‍ර වෙමින් පවතින පසුබිමක්‌ තුළ මේ වසරේ (2017) දී නොයෙකුත් දේශපාලන පෙරළි සිදුවීමට ද ඉඩ තිබේ. මේ දේශපාලන පෙරළි රටේ ආර්ථිකයට බලපෑමද වැළැක්‌විය නොහැකිය. ඒ බලපානු ඇත්තේ ද ආර්ථික ක්‍රියාකාරීත්වයට අහිතකර ලෙසය. මේ පසුබිම තුළ ගිය වසරේ (2016) ආර්ථික ඉලක්‌කවලට අත් වූ ඉරණම සහ මේ වසරේ (2017) ආර්ථික අපේක්‍ෂා ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

    යහපාලන රජයේ ප්‍රධාන පාර්ශ්ව දෙක වන එජාප සහ ශ්‍රී ලනිප පාර්ශ්ව දෙක අතර නොයෙකුත් හැල හැප්පීම් ද සිදුවෙමින් තිබේ. ආණ්‌ඩුවේ එජාප පාර්ශ්වයේ මැති ඇමැතිවරු ආණ්‌ඩුවේ ශ්‍රී ලනිප මැති ඇමැතිවරුන්ට නොයෙකුත් දොaෂාරෝපණ එල්ල කරමින් ද සිටී. මේ සඳහා ශ්‍රී ලනිපයේ ඩිලාන් පෙරේරා ඇතුළු ඇතැම් ඇමැතිවරු ද ප්‍රතිචාර දක්‌වා තිබුණි. ඒ නිසා මේ වනවිට යහපාලන දීගයට කණකොකා හඬා තිබේ. දැන් මේ යහපාලන දේශපාලන දීගය තවදුරටත් ඉදිරියට ඇදෙන්නේ මේ දොගොල්ලන්ගේ (එජාප සහ ශ්‍රී ලනිප) දේශපාලන පැවැත්මට මිස සත්‍ය වශයෙන් ම ඇති සම්මුතියක්‌ නිසා නොවන බවද පැහැදිලි වෙමින් තිබේ. එකම සම්මුතිය අන් කිසිවක්‌ නොව දේශපාලන පැවැත්මයි. ශ්‍රී ලනිප ඇමැති නඩය ද මේ දේශපාලන පැවැත්ම සඳහා තමාගේ ජනවරමට එරෙහිව (ඇතැම් අය ඇත්ත වශයෙන්ම එජාපයේ අය දැන් කියන පරිදි ජනවරමක්‌ නැති පිං ඇමැතිවරුය) ඇමැති කටු සූප්පු කරමින් සිටී. එහෙත් මේ අයට මේ ඇමැති කට්‌ටවත් නිදහසේ සූප්පු කරන්නට ඉඩ නොදෙමින්, ආණ්‌ඩුවේ එජාපයේ අය මේ පිං ඇමැතිවරුන්ට නොයෙකුත් අවලාද නගන්නටද පටන් ගෙන ඇත. මේ තුළ මතුපිටින් නොපෙන්නුවත් යහපාලන දීගය අභ්‍යන්තරයේ බරපතළ විරසකයක්‌ තිබෙන බව පැහැදිලිය. එය තහවුරු කරන ප්‍රකාශයක්‌ මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන පසුගිය 28 වැනිදා මුදල් අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද කීවේය. ඔහු එහිදී මෙසේ කීවේය.

    'විවිධ මත ගැටුම් මධ්‍යයේ වුවත් මේ සම්මුතිවාදී ආණ්‌ඩුව මෙතෙක්‌ කල් අපට පවත්වාගෙන ඒමට හැකි වුණා. එහෙත් 2017 වසර තීරණාත්මකයි. ඒ නිසා 2017 වසරේදී දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද රැඩිකල් තීරණ ගැනීමට සිදු වෙනවා.'

    මේ කියන රැඩිකල් තීන්දු තීරණ මොනවාදැයි අපට හරියටම පැහැදිලි නැත. මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ රැඩිකල් තීන්දු ගන්නවා කීවාට තවම බැඳුම්කර වංචාවට එරෙහිවවත් නිසි තීන්දුවක්‌ ජනාධිපතිවරයාගේ පැත්තෙන් ගෙන නොමැති බවය. ඊට පිළිතුරු ලෙස ඔහු කීවේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කෝප් වාර්තාවේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් වූ වහාම ජනාධිපතිවරයා බැඳුම්කර වංචාවට එරෙහිව රැඩිකල් තීරණයක්‌ ගනු ඇති බවයි. ඒ සඳහා අදාළ පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් වන තෙක්‌ බලා සිටින ලෙසද ඔහු කීවේය.

    ජනතාව මේ දෙස ඉවසීමෙන් බලා සිටීමට සූදානම් ය. එහෙත් බැඳුම්කර වංචාව ගැන ඔය කියන තීන්දු තීරණ නොගත්තොත් ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ ශ්‍රී ලනිප ඇමැති නඩයටද බරපතල දේශපාලන පරිහානියකට ලක්‌වීමට සිදුවීම වැළැක්‌විය නොහැකිය. ඒ නිසා එජාප රජයක රූකඩ බවට පත් නොවී, ලක්‍ෂ්මන්a යාපා ඇමැතිවරයා කියන ලද ආකාරයේ රැඩිකල් දේශපාලන හා ආර්ථික තීන්දු තීරණ ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සූදානම් නම් එය රටටත් හොඳය. එසේම ඔවුන්ගේ දේශපාලන පැවැත්මටත් හොඳය.

    රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයේ සිදුව ඇති මන්දගාමීත්වය හමුවේ පසුගිය කාලයේදී මහ බැංකුව කියන ඉලක්‌කවලට යැමට අපහසු වී ඇත. එය 2016 වසරේදී අප අත්දුටු දෙයකි. මේ පසුබිම තුළ අපි 2017 වසර ගැන මහ බැංකුව කියන්නේ කුමක්‌දැයි සලකා බලමු. ඒ අනුව පසුගියදා මහ බැංකුව නිකුත් කළ "මෑතකාලීන ආර්ථික ප්‍රවණතා" නම් වාර්තාවේ 14 වන පිටුවේ මෙසේ සඳහන් ය.

    "ශ්‍රී ලංකාවේ යහපත් මධ්‍යකාලීන සාර්ව ආර්ථික දැක්‌ම, විදේශීය සහ රාජ්‍ය මූල්‍ය අංශවල ව්‍යqහාත්මක වෙනස්‌කම් සිදු කිරීම මෙන්ම ශක්‌තිමත් සාර්ව කළමනාකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මත ර¹ පවතිනු ඇත. මේ පසුබිම තුළ 2016 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 5.0 - 5.5 ක්‌ පමණ වනු ඇති අතර, 2017 වසරේÊදී සියයට 6.3 ක්‌ දක්‌වාද, ඉන් අනතුරුව වාර්ෂිකව සියයට 7.0 හෝ ඊට ඉහළ අනුපාතයකින් වර්ධනය වනු ඇතැයිද අපේක්‍ෂා කෙරේ.

    මෙසේ 2017 ආර්ථික වර්ධනය සියයට 6.3 කින් වර්ධනය වනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර තිබුණත්, ආර්ථික ක්‍රියාකාරීත්වයේ ඇති මන්දගාමීත්වය හමුවේ සංශෝධිත ඇස්‌තමේන්තු මගින් මෙම ඉලක්‌ක තවදුරටත් අඩු වනු ඇතැයි සිතිය හැකිය. විශේෂයෙන් ගිය වසරේ මෙන්ම මේ වසරේ (2017) දී ද නියඟයේ අහිතකර බලපෑම් කෘෂිකර්ම නිෂ්පාදිතයට ඉතා අහිතකර ලෙස බලපානු ඇත. එසේම කොටස්‌ වෙළෙඳපොළින් මේ වනවිට විදෙස්‌ ආයෝජන බොහෝමයක්‌ පිට වී ගොසිනි. අගමැතිවරයා කොටස්‌ වෙළෙඳපොළට මැදිහත් වී එහි ගනුදෙනු නවත්වන සිද්ධියක්‌ ද වාර්තා වී ඇත. හේතුව කුමක්‌ වුවත් aමෙලෙස දේශපාලඥයන් මැදිහත්වී කොටස්‌ ගනුදෙනු නතර කිරීම නම් බරපතළ තත්ත්වයකි. වරදක්‌ වී ඇත්නම් එය නිවැරැදි කළ යුතු වුවත්, එහිදී එම වරද කළ අය වෙනුවෙන් කවර පියවර ගත්තේ ද යන්න ගැන කිසිවක්‌ දැන ගන්නට නැත. බැදුම්කර මගඩිය ගත්තත් එහිදී වරදක්‌ සිදුවී ඇති නමුත් තවමත් වරදකරුවන්ට දඬුවම් ලැබේද යන්න ගැන විශාල සැකයක්‌ තිබේ. මෙවැනි තත්ත්වයන් හමුවේ කොටස්‌ වෙළෙඳපොළ මෙන්ම මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳව බරපතළ අවිශ්වාසයක්‌ ජනිත වී හමාරය. මේවාට නිසි පියවර නොගන්නා තත්ත්වය තුළ විනිමය අර්බුදය ද තවදුරටත් උග්‍ර විය හැක. එම නිසා රුපියල ද තව තවත් පිරිහීමට ඉඩ තිබේ.

    වත්මන් මෛත්‍රී - රනිල් යහපාලන ආණ්‌ඩුවේ දෙවැනි වසරේ අවසානයට ළඟා වී ඇත. වසර දෙකක්‌ යනු සැළකිය යුතු කාලයකි. මේ රජය බලයට පත් වූයේ මහින්ද රාජපක්‍ෂ රජයට දහසකුත් එකක්‌ චෝදනා ඉදිරිපත් කරමිණි. වංචා දූෂණ චෝදනා, "මෙගාඩීල්" චෝදනා ඉදිරිපත් කරමිණි. නීතියේ ආධිපත්‍යය, මාධ්‍ය නිදහස සුරක්‌ෂිත කරන බව පවසමිණි. එහෙත් මේ ගෙවී ගිය ටික කාලයට සිදුව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස්‌ දේවල්ය. එනම් සියල්ල කණපිට හැරී ඇති සැටියකි. මේ රජයටත් බරපතළ වංචා හා දූෂණ චෝදනා ඉදිරිපත්ව ඇති අතර වඩාත් කනගාටුදායක කරුණ නම් එම චෝදනා ඉදිරිපත් වූ අය රජයේ ඉහළම මට්‌ටමින් ආරක්‍ෂා කරමින් සිටීමයි. නීතිය නමන පොලිස්‌පතිවරයෙක්‌ මෙන්ම මාධ්‍යවේදීන්ගේ බෙල්ල නමන නාවික හමුදාපතිවරයෙක්‌ මෙන්ම එම මාධ්‍ය ප්‍රහාර හමුවේ ගුටි කන මාධ්‍යවේදීන්ගේ ආචාරධර්ම විනිශ්චය කරන ප්‍රවෘත්ති අධ්‍යක්‌ෂ ජනරල්වරයෙක්‌ද රටේ සිටී. රාජ්‍ය දේපළ බොහොමයක්‌ විකුණා දැමීමට පිඹුරුපත් සකසා ඇත. පසුගිය රජය ගත් අසීමිත ණය නිසා, ඒ අසීමිත ණය බරින් රට ගොඩගැනීමට රාජ්‍ය දේපළ විකුණන බව රජය කියයි. මෙවන් පසුබිමක්‌ තුළ ගෙවී ගිය වසරේ (2016) ආර්ථිකය ඉලක්‌ක බිඳ වැටී ඇති අයුරු අපට මෙසේ පැහැදිලි කළ හැකිය.

    මේ වසරේ (2016) සැළකිය යුතු ආර්ථික පසුබෑමක්‌ තිබෙන බව දැනට නිකුත් වී ඇති ආර්ථික දත්ත අනුව පැහැදිලිය. 2015 වසරේ මහ බැංකු වාර්තාවෙන් ප්‍රකාශ වූයේ මේ වසරේ (2016) ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.8 කින් වර්ධනය වනු ඇති බවයි. එහෙත් පසුගියදා නිකුත් වූ මහ බැංකුවේ "මෑතකාලීන ආර්ථික ප්‍රවණතා" නම් වාර්තාවේ සඳහන් වන්නේ මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 5 ත් 5.5 ත් අතර අගයක්‌ ගනු ඇති බවයි. මේ අනුව නවතම පුරෝකථන අනුව මහ බැංකුව විසින් ද මේ වසරේ (2016) ආර්ථික වර්ධනය පසුබෑමට ලක්‌වන බව කියයි. මේ වන විට, මේ වසරේ (2016) කාර්තු තුනක ආර්ථික වර්ධන දත්ත ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. අන්තිමට නිකුත් වූ තෙවන කාර්තුවේ දත්ත අනුව එම කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2,270,171 ක්‌ දක්‌වා සියයට 4.1 කින් වර්ධනය වී තිබේ. ඒ 2015 තුන්වන කාර්තුdවේ වාර්තා වූ රු. මිලියන 2,181275 ක දළ දේශිය නිෂ්පාදිතයට සාපේක්‍ෂවය. ආර්ථිකයේ කිසියම් වර්ධනයක්‌ තිබේ. එහෙත් මුලින් ඇස්‌තමේන්තු කළ ආර්ථික වර්ධන ඉලක්‌කවලට ගමන් කිරීමට නොහැකිව තිබේ. තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 4.1 ක්‌ වූවත්, මේ වසරේ (2016) මුල් කාර්තු තුනේ සමස්‌ත ආර්ථික වර්ධනය සියයට 3.9 කට සීමා විය. මේ නිසා 2016 වසරේ මුල් කාර්තු තුනේ සාමාන්‍ය ආර්ථික වර්ධනය තිබෙන්නේ සියයට 4 කට වඩා අඩු මට්‌ටමකය. මේ අනුව අපට පෙනෙන්නේ මහ බැංකුව විසින් පහත හෙළා ඇති නවතම ආර්ථික වර්ධන පුරෝකථනයේ ඇති සියයට 5 ත් 5.5 ත් අතර ආර්ථික වර්ධනයට පවා 2016 දී ගමන් කිරීම දුෂ්කර වනු ඇති බවයි. බොහෝ විට සමස්‌ත ආර්ථික වර්ධනය සියයට 5 කට වඩා අඩු වීමට ඉඩ තිබේ.

    බොහෝ අය සිතුවේ එජාප රජයක්‌ යටතේ වේගවත් ආර්ථික වර්ධනයකට රට ගමන් කරනු ඇති බවයි. එහෙත් ඒ අපේක්‍ෂා දැන් පුස්‌සක්‌ බවට පත්ව තිබේ. මේ අසාර්ථකත්වය හමුවේ වත්මන් රජයේ අය නිරන්තරයෙන්ම කියන්නේ "රාජපක්‌ෂලා ආර්ථිකය කාලා" ඒ නිසා රට ගොඩගැනීමට තවත් කල් අවශ්‍ය වන බවය. පසුගිය රජය යටතේ අසීමිතව ණය ගෙන ඇති බවද කියති. එසේ කියමින් මේ අය ද තවදුරටත් ණය ගනිමින් සිටී. වත්මන් රජයේ ආර්ථික කළමනාකරණය හමුවේ රට විශාල විනිමය අර්බුදයකටද මුහුණ දී සිටී. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ රජය රට භාර දෙන විට ඇමෙරිකානු ඩොලරයක්‌ පැවැතියේ රු. 131.05 ක මට්‌ටමේය. එහෙත් මේ වන විට ඇමෙරිකානු ඩොලරයක විනිමය අගය රු. 151 ද පසු කරගෙන ගොස්‌ අවසන්ය. මහ බැංකුව කියන නිල විනිමය අනුපාතයට පවා බැංකුවල මිලදී ගැනීමට ප්‍රමාණවත් ඩොලර්, නැත. එහෙත් මුදල් ඇමතිවරයා නම් කියන්නේ බැංකුවල ඕනෑ තරම් ඩොලර් ඇති බවයි. දැන් ප්‍රශ්නය වන්නේ මෙසේ රුපියල පිරිහීම නිසා විදේශ ණය විශාල ලෙස පැටව් ගසමින් තිබීමයි. අසීමිතව ණය වී ඇතැයි වත්මන් රජය, පසුගිය රාජපක්‍ෂ රජයට කෙතරම් බැන්නත් එම ණය ප්‍රමාණය පවා රුපියල පිරිහීම නිසා පමණක්‌ අසීමිතව, නිකන්ම පැටව් ගසා ඇත. 2015 වසරේදී පමණක්‌ මෙසේ රුපියල පිරිහීම නිසා වැඩි වු විදේශ ණය ප්‍රමාණය රුපියල් කෝටි 28500 ක්‌ පමණ වේ. මේ වසරේ (2016) රුපියල පිරිහීම නිසා වැඩි වූ ණය ප්‍රමාණයත් සැළකූ වූ විට වැඩි වු මුළු ණය ප්‍රමාණය මීට වඩා බොහෝ වැඩිය. එසේ වැඩි වු ණය මුදල්වලට අඩු තරමේ ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපළක්‌වත්, නැව් එන්නේ නැති වරායක්‌වත් රටට ඉතිරි වී නැත. සිදුව ඇත්තේ නිකන්ම රජයේ ණය වගකීම වැඩි වීම පමණය.

    රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය පහත වැටී, විනිමය ආදායම් ගලා නොඑන තත්ත්වයක්‌ තුළ විනිමය අර්බුදය උග්‍ර වී රාජ්‍ය ණය ප්‍රමාණය ද වර්ධනය වී ඇති බව පැහැදිළිය. එසේම තවමත් රටට ගලා එන විදේශ ආයෝජන ප්‍රමාණය වර්ධනය කර ගැනීමට ද රජය සමත් වී නැත. මේ සියලු තත්ත්වයන් හමුවේ මහජනතාවට සිදුව ඇත්තේ අසීමිත බදු, දඩ හා ගාස්‌තුවලින් පීඩා විදීමටය. මේ තුළ ජනතාවගේ ජීවත්වීමේ ප්‍රශ්නය එන්න එන්නම උග්‍රවෙමින් ද තිබේ. මේ සියල්ලට පිළිතුර ලෙස "රාජපක්‍ෂලා ආර්ථිකය කාලා" යන රාජපක්‍ෂ මන්ත්‍රය මේ රජය විසින් තව කෙතරම් කාලයක්‌ නම් ජප කරන්නද? රාජපක්‍ෂ රජය සමයේදී ආර්ථික කළමනාකරණය තුළ බොහෝ අඩුපාඩු තිබුණි. එම අඩුපාඩු අප එදත් කතා කළේය. අදත් කතා කරමු. ඒ සියල්ලටම වඩා වත්මන් රජයේ අඩුපාඩු ගැන අප දැන් කතා කළ යුතුය. එහෙත් අපට පෙනෙන්නේ තිබුණු අතටත් වඩා නරක අඩියකට රට ගමන් කරමින් තිබෙන බවයි. අපට 2017 නව වසරට පියනැගීමට සිදුව ඇත්තේ මෙවන් අහිතකර, පසුබිමකය. මේ තිබෙන ආර්ථික ප්‍රශ්න සමනය කර ගත හැකි බවට තවම විශ්වාසයක්‌ ඇතිව නැත.

    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
    අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඕ ලෙවල් නැති තානාපති රජයේ අවධානය අවදි කරයි

    නිලන්ත මදුරාවල

    උසස්‌ නිලතලවලට පුද්ගලයන් පත් කිරීමේදී ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හා අත්දැකීම් පිළිබඳ දැඩි අවධානය යොමු කිරීමට ආණ්‌ඩුව තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග 'දිවයින ඉරිදා සංග්‍රහය'ට පැවසීය.

    සාමාන්‍ය පෙළ විභාගය ද අසමත් තැනැත්තෙකු තානාපතිවරයකු ලෙස පත්කිරීමේ ආණ්‌ඩුවේ සූදානම සම්බන්ධයෙන් පසුගිය සතියේ 'දිවයින ඉරිදා සංග්‍රහයෙන්' අනාවරණය කිරීමෙන් පසු මෙම තීරණය ගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග කීවේය.

    කෙසේ වුවද සුදුසුකම් නොමැති මෙම තැනැත්තා තානාපතිවරයකු ලෙස පත්කළහොත් ඊට එරෙහිව නඩු පැවරීමට නීතිඥවරු පිරිසක්‌ සූදානමින් සිටිති. මෙම තත්ත්වය පිළිබඳවද ආණ්‌ඩුව අවධානය යොමු කර තිබේ. මෙම නීතිඥවරු පිරිස යහපාලන ආණ්‌ඩුව බලයට ගෙන ඒම සඳහා කැප වී කටයුතු කළ අය වෙති.
     

    ausboyalain

    Junior member
  • Dec 17, 2009
    167
    11
    18
    Colombo
    ත්‍රෙඩ් එකේ බයියන්ගේ නෙගටිව් කොමෙන්ට්ස් දැක්කම තේරෙනවා මුන්ට කොච්චර රිදෙනවද කියලා. බයි අන්දෝනා. බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නෑ..:yes::yes::yes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ත්‍රෙඩ් එකේ බයියන්ගේ නෙගටිව් කොමෙන්ට්ස් දැක්කම තේරෙනවා මුන්ට කොච්චර රිදෙනවද කියලා. බයි අන්දෝනා. බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නෑ..:yes::yes::yes:

    kuhaka bayyo.. :yes: