සංවර්ධන News

KDH

Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    monsoon,srilankan1,makka_makka ඇතුළු යහපාලන නඩේට කෑම ලෑස්තියි :lol::lol:

    සහල් හිගයක්.. කොස්කොල, ක්‍රෝටන් කොල කෑමට සූදානම් වෙන්න.. – රජය නිල වශයෙන් කියයි..

    යල හා මහ කන්නයන්ගේ සහල් අවසන් වූ පසු ආහාර සම්බන්ධයෙන් විශාල ප‍්‍රශ්ණයක් රටේ ඇති බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතා පවසයි.

    ඊට විසදුම් ලෙස ඔහු යෝජනා කරන්නේ කොස් කොල, ක්‍රෝටන් කොල, ජපන් බටු කොල, කොප්ප කොල ආහාරයට ගත යුතු බවයි.

    මහනුවරදී පැවති වැඩමුළුක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.



    තණකොළ සිරිසේනලට...:lol::lol::lol::lol:

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    CMPort's Colombo Port (CICT) surpasses 2 million TEUSs milestone in 2016

    logo2.png


    Release time:2017-01-03

    Colombo International Container Terminals (CICT) has reported a throughput of 2 million TEUs for the 12 months ending 31st December 2016, achieving impressive YoY growth of 28% in volume, once again set a record of history.

    In order to celebrate its volume throughput surpasses 2 million TEUs, CICT arranged a simple celebration ceremony,the deputy general manager of CMPort Mr. Hang Tian attended the ceremony. Mr. Liu Yunshu, the chief representative of CICT on behalf of China Merchants Group (CMG)、CMPort overseas operation officer as well as CICT's CEO,was thankful to the joint effort of all staffs who has over completed the company's target.

    Liu Yunshu emphasized: "CICT has overcome many difficulties such as market downturn in 2016, open up new routes constantly, while maintaining the industry's leading level of operational efficiency at the same time. Nevertheless, the future shipping market environment is still under pressure, it is necessary to continuously improve the level of customer service, as well as to maintain a healthy growth momentum."

    Thanks to the strategic leadership and best practical duplication from China Merchants Port Holdings Company Limited (CMPort), as well as its advantages in global port network, together with the combined effort of all staffs, this new volume has enabled the Port of Colombo to register overall incremental growth in the three consecutive years since CICT came into operation.

    CICT is the only port in South Asia that is capable of handling 18000 TEUs volume vessels, these very and ultra large container carriers had contributed 70% of the volumes CICT achieved in 2016.

    Making use if CMPort's global port network as well as its geographical location and excellent deepwater bay condition, CICT made continuous achievements since its first operation. With 0.68 million TEUs in its first 6 months of operation in 2014, and 1.56 million TEUs in its full year of operation in 2015, achieving an impressive YoY growth of 127.5% in volume, enhancing the overall volume of Colombo port to achieve its historical record of 5million TEUs. In year 2016, the volume growth of Colombo port increased by 11% YoY, making it the new star amongst ports in the South-Asia region.

    CICT29001258.jpg

    CICT38530209.jpg

    CICT14202319.JPG


    - http://www.cmport.com.hk/EN/news/Detail.aspx?id=10007152
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    සත්ව ආහාරවලට වෙන් කල අධි විෂ සහල් වෙළදපලට.. වසවිස නැති රතන සාදු කෝ..

    රට හාල් කියමින් විකිණීම සදහා වෙළදපලට වසර තුනක් පමණ පැරණි සහල් තොගයක් මුදා හැර ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරයි.

    එකල ඉන්දියාවෙන් ගෙන්වන ලද මෙම සහල් තොගය පරිබෝජනයට නුසුදුසු යයි නිර්දේශ කිරීම සදහා සත්ව ආහාර සදහා විකුණා දැමූ ඒවා බවද සම්මේලනයේ කැදවුම්කරු නාමල් කරුනාරත්න මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේය.

    මෙතෙක් කලක් විෂ රසායන යොදා ගබඩා කර තිබූ මෙම සහල් දැන් අලූත් ඇසුරුම්වල දමා වෙලදපලට මුදා හැර ඇතැයිද ඔහු කියා සිටියේය.


     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Marangoni confirms technology transfer to Lankan tyre plant

    Marangoni of Italy will transfer technology to the tyre factory being set up in Horana by Sri Lankan investor Nandana Lokuvithana, a spokesman for Rigid Tyre Corporation, the local company, said.

    He said that Marangoni will not invest any money into the factory and that neither the Italian company nor Rigid Tyre had claimed so.

    Rather, Marangoni will sell its technology to Rigid Tyre on a licensing agreement. “This is a fully Sri Lankan investment,” said Sameera Tilakawardana, citing a figure of Rs 11.2 billion. He said the company will also acquire technology from Marangoni.

    “The management (of Rigid) says we have received 100 acres and the foundation has been laid,” he continued. “Hopefully, we will complete the building process within one-and-a-half years.”

    In June 2016, Marangoni issued a statement saying they will only be involved in the US$ 75 million dollar investment “indirectly”. They referred to a “hypothetical transfer of technology to a Sri Lanka-based investor”, Ceylon Steel Corporation. The company is owned by controversial businessman Lokuvithana.

    In a subsequent statement published in September, Marangoni confirmed that it has signed a partnership agreement with Ceylon Steel Corporation to produce tyres using advanced technologies. It said it would sell equipment and know-how to the company and the new partnership agreement could lead to the development of further collaboration plans.

    - http://www.sundaytimes.lk/article/1...-but-technology-transfer-to-lankan-tyre-plant
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Construction of Carlson Rezidor’s first Lankan hotel begins

    image_1483973178-2428b9b478.jpg


    The groundbreaking ceremony of the newest entrant to the Colombo hospitality scene, the US-based Carlson Rezidor group’s ‘Park Inn Colombo’, took place yesterday morning. Media reports said Carlson Rezidor has signed a management agreement with Sofia Hospitality Ltd, a company owned by Sri Lanka’s Gnanam family, who will build Park Inn Colombo with an investment of Rs.2.5 billion. The proposed hotel in Colpetty is expected to be ready in a couple of years.

    - http://www.dailymirror.lk/article/C...zidor-s-first-Lankan-hotel-begins-121945.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    ඖෂධ නිෂ්පාදනාගාරයක් ඉදිකරන්න ජපානය අත දෙයි

    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා නව ඖෂධ නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට හෙට (10) දින ජපානය සමග ගිවිසුමකට එළඹෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    ජපානයේ අන්තර්ජාතික සහයෝගීතා නියෝජිත ආයතනය සමග සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරුවේ එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.

    නවීන යන්ත්‍රෝපකරණ සහිතව නව ඖෂධ නිෂ්පාදනාගාරය ඉදිකිරීම සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන එකයි දශම පහක්ය.

    ඉහළ ගුණාත්මකභවෙන් යුත් ඖෂධ දේශීය වෙළෙඳපොළට සහ දිවයින පුරා රෝහල් වෙත සැපයීමේ අරමුණින් ඖෂධ නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබේ.

    2018 වසර වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධවලින් සියයට 75ක් මෙරටදීම නිෂ්පාදනය කිරීම අපේක්ෂාව වන අතර ඒ සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමග ඖෂධ සමාගම් තිස් දෙකක් ගිවිසුම් අත්සන් කිරීමට ද නියමිතය.


    - http://sinhala.adaderana.lk/news/67945/ඖෂධ-නිෂ්පාදනාගාරයක්-ඉදිකරන්න-ජපානය-අත-දෙයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    මොරගහකන්දට මංගල දියවර නිකුත් කෙරේ

    මොරගහකන්ද ජලාශයට මංගල දියවර නිකුත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණා.

    මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඡායනා මැද උදැසන 9.30 පමණ ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මහතා විසින් ජලාශයට මංගල දියවර මුදාහැරීම සිදුකරනු ලැබුවා. මෙම අවස්ථාවට අමාත්‍ය දුමින්ද දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ඇතුළු මැතිඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියා.

    මෙම ව්‍යාපෘතිය මගින් දිවයිනේ පළාත් කිහිපයක ගොවිබිම් වෙත ජලය සැපයීමට නියමිතයි.

    මාතලේ, කුරුණෑගල, ති්‍රකුණාමලය, පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ති්‍රක්කවල ගොවිජනතාවට එමගින් ප්‍රතිලාභ හිමි වනවා. රජරට ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය සැපයීම මගින් එම ප්‍රදේශයේ වකුගඩු රෝගයට විසදුමක් ලබාදීමද ව්‍යාපෘතියෙන් අපේක‍ෂා කෙරෙන තවත් ප්‍රතිලාභයක් වනවා.


    unnamed-2.jpg

    unnamed-3.jpg

    unnamed-4.jpg

    unnamed-5.jpg

    unnamed-6.jpg

    unnamed-7.jpg

    unnamed-8.jpg

    unnamed-9.jpg

    unnamed-10.jpg

    unnamed-11.jpg


    - http://nethnews.lk/article/34621
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද පටන්ගනිපු මොරගහකන්ද සිරිසේන වතුර පුරෝනවා හිටං ....monsoon පොන්ස් කොස් කොලද කෑවේ , ක්‍රෝටන් කොලද කෑවේ ?

    :lol::lol::lol::rofl::rofl:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    සන්නාමය අවභාවිත කලේ යයි වොක්ස්වැගන් සමාගම නඩු දාන්න යයි..


    ශ‍්‍රි ලංකාවේ වොක්ස්වැගන් ශාඛාවක් ආරම්භ කරන්නේ යයි පවසමින් තම සන්නාමය අවභාවිත කලේ යයි නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට ජර්මානු වොක්ස්වැගන් සමාගම සූදානම් වන්නේ යයි මාධ්‍ය වාර්තා පල වෙයි.

    මෙරට වොක්ස්වැගන් නියෝජිතයා, රජයේ නියෝජිතයින් විසින් කරන ලද ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් මේ වන විටත් සමාගමේ නීතිවේදීන් අධ්‍යනය කරමින් සිටින බවද සදහන්ය.

    කෙසේ වෙතත් කොළඹ පිහිටි ජර්මානු තානාපති කාර්යාලයෙන් කල විමසීමකදී මේ සම්බ්ධයෙන් විමසීමේදී එහි ප‍්‍රකාශකයා තමන් සතුව ප‍්‍රමාණවත් තොරතුරු නැති බව පවසමින් අදහස් දැක්වීමෙන් වැලකී සිටියේය.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    ජනාධිපතිවරණයට නැවත එන්නට ජනපති මෛත‍්‍රීට සදාචාරාත්මක අයිතියක් නෑ… එජාපයට දැන් තේරේ..

    විධායක ජනාධිපති පදවිය අහෝසි කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එම පදවිය තවදුරටත් පවත්වාගෙන යාමට සදාචාරාත්මක අයිතියක් නැතැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.

    ස්වාධීන දේශපාලන පක්ෂයක් ලෙසින් තමන්ට අවශ්‍ය තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතියක් තිබෙන නමුත්, එම පක්ෂයේ පවා විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමේ ප්‍රතිපත්තිය මත දේශපාලනයේ යෙදුනු කණ්ඩායම්වලටත් එවැනි ස්ථාවරයක් දැරීමේ සදාචාරාත්මක අයිතියක් නැති බවත් ඔහු පැවසීය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, ජාතික ගැටලුවට විසඳුම් ලෙසින් බලය විමධ්‍යගත කිරීම සඳහා විධායක ජනාධිපති ධුරය දිගටම පවත්වාගත යුතු යයි පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවට ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයා කළ ප්‍රකාශය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය විමසූ අවස්ථාවේදීය.

    පක්ෂයේ අභ්‍යන්තර බල අරගලය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවැනි තීරණයක් ගෙන ඇති නමුත්, ජනාධිපතිවරයා ඇතුළු පක්ෂයේ බහුතරයකට එවැනි අරමුණක් තිබෙන්නේ යයි තමන් විශ්වාස නොකරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම්වරයා පැවසීය.
    “පක්ෂය ඇතුලේ තිබෙන ගැටළු, බල අරගල නිසා ඔවුන්ට විවිධ දේ කියන්න සිද්දවෙනවා වන්නට පුළුවන්,” ඔහු පැවසීය.

    කෙසේ නමුත් 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ පැවති දේශපාලන වාතාවරණය වෙනස් වී තිබෙන බැවින් පක්ෂයේ නව ස්ථාවරය පිළිබඳව එජාපය ඇතුළු පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත් සරත් අමුණුගම අමාත්‍යවරයා පැවසීය.

    මීළඟ ජනපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් විය යුතු බවටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර තිබේ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    කරදියාන සහ මුතුරාජවෙල ප්‍රදේශයන්හි නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

    - කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල එක්රැස් වන කසළ කළමනාකරණය කිරීම පිළිබඳ ගැටලුවට විසඳුමක් වශයෙන් භෂ්මීකරණය (Incineration) තාක්ෂණය වශයෙන් යොදා ගනිමින් අපද්‍රව්‍ය මඟින් විදුලිබලය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති දෙකක් කරදියාන සහ මුතුරාජවෙල යන ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. රාජ්‍ය - පෞද්ගලික හවුල් පදනම යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සඳහා රජයේ ප්‍රසම්පාදන පටිපාටිය අනුගමනය කරමින් තෝරා ගන්නා ලද ආයෝජකයින් වෙත කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අතිරේක මූල්‍ය පහසුකම් සපයා ගැනීම

    - සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD), අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල (KFAED) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් සලසනු ලබන මූල්‍ය සහාය යටතේ කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය දැන‍ට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙහි ඉදි කිරීම් කටයුතු 2018 වර්ෂයේ දෙසැම්බර් වන විට නිම කිරීමට නියමිත වේ. මෙම ව්‍යාපෘතියේ සංශෝධිත කොන්ත්‍රාත් පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 140.35ක් වන අතර, ඉන් ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 89.85ක් සංවර්ධන පාර්ශ්වකරුවන් විසින් ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 50.5ක පමණ අරමුදල් අමතරව සපයා ගත යුතුව ඇති අතර, එම අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 16.5ක පමණ මුදලක් සහන කොන්දේසි යටතේ සලසා ගැනීම සඳහා අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල (KFAED) සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පුත්තලම ඒකාබද්ධ සංචාරක සංවර්ධන සැලැස්ම

    - ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක කලාපයක් ලෙස කල්පිටිය හා පුත්තලම කලපුව ආශ්‍රිත ප්‍රදේශය වැඩිදියුණු කිරීමට ඉහළ හැකියාවක් පවතියි. ඒ අනුව, ප්‍රදේශයේ ජෛව විවිධත්වය ඉහළ නැංවීම හා සංරක්ෂණය, ප්‍රදේශයේ ජනතාව සවිබලගැන්වීම තුළින් සංචාරක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා වැඩි කිරීම, පුත්තලම දිස්ත්‍රික්කය තුළ පවතින ප්‍රධාන සංචාරක කර්මාන්ත මුල් කරගනිමින් ජාතික නිෂ්පාදිතයට ඉහළ දායකත්වයක් ලබා දීම, ජනතාවගේ ආදායම් මාර්ග වැඩිදියුණු කිරීම, දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය ඉහළ නැංවීම සහ මෙම ප්‍රදේශය තිරසර සංචාරක කලාපයක් බවට පත් කිරීම අරමුණු කරගනිමින් පුත්තලම ඒකාබද්ධ සංචාරක සංවර්ධන සැලැස්ම යටතේ ව්‍යාපෘතියක්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය සහ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය ඒකාබද්ධව 2017 - 2018 දෙවසර තුළ ක්‍රියාත්මක කිරීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උම‍ඟේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක් වූ නිවාස හිමියන්ට හදිසි ආපදා තත්ත්වය යටතේ සහන සැලසීම

    - ජල ඌනතාවයෙන් පෙළෙන දක්ෂිණ කලාපයේ කිරිඳි ඔය ද්‍රෝණියට වාරි ජලය සැපයීමේ අරමුණින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙමින් පවතියි. මෙම ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු අතරතුර එහි ප්‍රධාන උමඟ තුළ සිදු වූ ජලය කාන්දු වීම හේතුවෙන් බණ්ඩාරවෙල සහ ඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරි වසම් 08ක ළිං සිඳී යාම, නිවාසවල ඉරි තැළීම් සිදුවීම වැනි අහිතකර බලපෑම් උද්ගත වී ඇත. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවිතවලට හා දේපළවලට හානි සිදු වී ඇති අතර, ඔවුන්ගේ දෛනික ජීවනෝපාය මාර්ග කෙරෙහිද විශාල බලපෑමක් සිදුව ඇත. උද්ගත වී ඇති ආපදා තත්ත්වය සමනය කර එම ජනතාවගේ දෛනික ජීවනෝපාය කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා පූර්ණ වශයෙන් හානියට පත් නිවාස ‍ෙවනුවට නව නිවාස ඉදි කිරීම, පානීය ජල සම්බන්ධතා නොමිලේ ලබා දීම ආදී අවශ්‍ය සහන කඩිනමින් සැලසීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

    සංචාරක ක්ෂේත්‍රයේ වෙළඳපළ පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

    - සංචාරක ව්‍යාපාරය තුළ ව්‍යාපාරික ඉඩප්‍රස්තා වර්ධනය කිරීම ඉලක්ක කරගනිමින්, වසර 04ක කාලයක් තුළ ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 12ක මුදලක් ආයෝජනය කරමින් වෙ‍ළඳපොළ පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. නව සංචාරක ආකර්ෂණීය ස්ථාන හා ක්‍රියාකාරකම් හඳුනාගැනීම තුළින් සංචාරක කර්මාන්තයේ විවිධාංගිකරණය, සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත ව්‍යාපාර කටයුතු ප්‍රචලිතව නොමැති ප්‍රදේශවල එම ව්‍යාපාරික කටයුතු ප්‍රවර්ධනය කිරීම, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඉහළම තත්ත්වයේ භාණ්ඩ සඳහා අන්තර්ජාතික පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම සහ ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ඩිජිටල් තාක්ෂණය මඟින් අන්තර්ජාතික ව්‍යාපාරික කටයුතු සඳහා පහසුකම් සැලසීම යන ක්ෂේත්‍රයන්හි ව්‍යාපාර ආයෝජන වැඩි කිරීමට යෝජිත ව්‍යාපෘතිය මඟින් ඉලක්ක කෙරේ. ඒ අනුව, යෝජිත වෙළඳපොළ පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය ඕස්ට්‍රේලියානු රජයේ මූල්‍ය සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියා රජය අතර ගිවිසුමකට එළඹීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මාතලේ දිස්ත්‍රික්කයේ ගොඩිගමුව වැව ප්‍රවර්ධනය හා වැඩිදියුණු කිරීම

    - මාතලේ දිස්ත්‍රික්කයේ, නාවුල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පිහිටි ගොඩිගමුව වැව, අක්කර අඩි 45ක පමණ ධාරිතාවකින් යුක්ත වන අතර එහි ජලය උපයෝගී කරගනිමින් වී හා අනෙකුත් භෝග රැසක් වගා කරනු ලැබේ. මෙම වැවෙහි ධාරිතාව අක්කර අඩි 45 සිට අක්කර අඩි 202 දක්වා ඉහළ දැමීම මඟින් නාවුල ප්‍රදේශයේ දඹගල්ල, බඹරගහවත්ත හා හලඹගහවත්ත යන ගම්වල ජීවත් වන ගොවි පවුල් 162කට වාරි ජල පහසුකම් සැපයීම තහවුරු කිරීමේ අරමුණින්, ගොඩිගමුව වැව සංවර්ධනය හා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 165.9ක පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-01-10