..
ත්‍රීකුණාමලය වරාය ඉන්දියාවට දීමට කතා කරන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
එම ගනුදෙනුව ඉතා ඉක්මනින් සිදුවනු ඇති බව ෆොන්සේකා මහතා පවසා ඇත්තේ හින්දු පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමිනි.
වරායේ ස්වභාවික තත්ත්වයන් ආරක්ෂා කරලීම මෙන්ම චීනයට හා ඉන්දියාවට ශ්‍රි ලංකාවේ වරායන් සම්බන්ධයෙන් සමාන ඉඩක් ලබාදීමක් සිදුකරන බව හෙතෙම සඳහන් කළේය.
අනවශ්‍ය ලෙස වියදම් සිදුකරනු ලැබූ හම්බන්තොට වරයාද චීනයට පවරාදීමට කටයුතු කළ බවත්, එම ගනුදෙනුව ශ්‍රී ලංකාවට වඩා වාසිදායක වූ බවත් ෆොන්සේකා මහතා මෙහිදී පෙන්වාදී තිබේ.
Ada derana


