සංවර්ධන News

topkollek

Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Thanks for the reply.

    "Sustainable tomorrow" තේරුම මට පැහැදිලි මදි. Quora එකේ ප්‍රශ්නයක් අහල දැම්ම. https://www.quora.com/unanswered/What-is-the-meaning-of-sustainable-tomorrow


    EDIT:

    Sustainable tomorrow කියන්නෙ මොකක්ද කියල ඇහුවට තාම කවුරුත් උත්තර දීල නෑනෙ බන්. ඕකට ඉන්ග්‍රීසියෙන් උනත් තේරුමක් තියෙනවද?
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Discussing the HIZ

    image_1486376571-ba02c9458a.jpg


    Law and Order and Southern Development Minister Sagala Ratnayaka, Housing and Construction Minister Sajith Premadasa and former speaker Chamal Rajapaksa are seen at a meeting held at Temple Trees today to discuss the measures to be taken regarding the Hambantota Industrial Zone (HIZ).

    - http://www.dailymirror.lk/article/Discussing-the-HIZ-123361.html
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Thanks for the reply.

    "Sustainable tomorrow" තේරුම මට පැහැදිලි මදි. Quora එකේ ප්‍රශ්නයක් අහල දැම්ම. https://www.quora.com/unanswered/What-is-the-meaning-of-sustainable-tomorrow


    EDIT:

    Sustainable tomorrow කියන්නෙ මොකක්ද කියල ඇහුවට තාම කවුරුත් උත්තර දීල නෑනෙ බන්. ඕකට ඉන්ග්‍රීසියෙන් උනත් තේරුමක් තියෙනවද?

    :confused::confused:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    හම්බන්තොට ආයෝජන කලාපය පිළිබඳව සාකච්ඡාවක්

    Monday, පෙබරවාරි 6, 2017 - 15:00

    විමුක්ති දුෂාන්ත

    001_0.jpg


    හම්බන්තොට වරාය ආශ්‍රිත සංවර්ධන කලාපයේ ඉදිරි වැඩකටයුතු පිළිබද සාකච්ජාවක් අද (06) දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

    ඒ, හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා මෙන්ම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන්ගෙන් යුත් හම්බන්තොට සංවර්ධන කලාපය පිළිබදව පත්කළ කමිටු සාමාජිකයන් සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ගේ සහ නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
    මෙහිදී කමිටු සාමාජිකයන් සහ රාජ්‍ය නිලධාරීන් හම්බන්තොට සංවර්ධන කලාපයේ ඉදිරි කටයුතු පිලිබදව ගැඹුරින් සාකච්ජා කරනු ලැබුණි.

    එහිදී අමාත්‍ය සාගල රත්නායක මහතා කියා සිටියේ හම්බන්තොට ප්‍රදේශයේ ජනතාවට පීඩාවක් නොවන අයුරින් මෙන්ම යෝජිත හම්බන්තොට කර්මාන්ත ව්‍යාපෘතියටද යෝග්‍ය අයුරින් සංවර්ධන වැඩසටහන ක්‍රියාවට නැංවිය යුතු බවයි. ඒ අනුව දැනට අත්පත්කරගෙන ඇති ජනාවාස නොවන ප්‍රදේශ කර්මාන්ත කලාපය සඳහා යොදාගැනීමට හැකිබවද අමාත්‍යවරයා පෙන්වාදුන්නේය. එමෙන්ම ඊට අමතරව අවශ්‍යවන ව්‍යාපෘතීන් සදහා දැනට රජය සතුව පවතින ඉඩම් යොදාගැනීමට හැකි බවත් ඒ සඳහා ඇති හැකියාව සොයාබලන ලෙසත් අමාත්‍යවරයා විසින් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබාදෙනු ලැබීය. වැඩිදුරත් කමිටුව හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක මහතා කියා සිටියේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඉඩම් යොදාගැනීමේදී හැකිතාක් ජනාවාසවලින් තොර රජය සතු ඉඩම් පිලිබදව අවදානය යොමුකිරිම සුදුසු වන බවයි.

    හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින් කියා සිටියේ හම්බන්තොට වරාය ආශ්‍රිත කර්මාන්ත කලාපය සදහා පසුගිය රජය සමයේ වෙන් කර, දැනට නිරවුල් කරගෙන ඇති ඉඩම් සහ ජනාවාස අඩු ප්‍රදේශවලින් අවශ්‍ය ඉඩම් පහසුකම් සපුරාගැනීම වඩාත් යෝග්‍ය වන බවයි. එසේම ඉදිරියේදී අවශ්‍ය උවහොත් සංවර්ධනය සදහා යොදාගන්නා ප්‍රදේශවල ජනතාවට පවතින නිවාසවලට වඩා හොඳ නිවාස සහ ඉඩම් ලබාදිමට ඇති හැකියාවද විමසා බැලිණි. ඒ අනුව ජනතාවට හානියක් නොවන අයුරින් හම්බන්තොට කර්මාන්තපුරයේ කටයුතු සදහා සහය දක්වන බවද ඒ මහතා විසින් සඳහන් කළේය.

    මෙහිදී අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, මහින්ද අමරවීර සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන්ද කර්මාන්තපුරයේ යෝජිත ව්‍යාපෘතීන් පිලිබදව සහ ජනතාවට අවම බලපෑමක් වන අන්දමින් හම්බන්තොට සංවර්ධන වැඩසටහන සිදුකළ හැකි ආකාරය පිළිබදවද අදහස් දක්වනු ලැබීය. ඒ අනුව දැනට යෝජිත නිරවුල් කරගන්නා ලද ඉඩම් යොදාගනිමින් කර්මාන්ත පුරයේ මුල් අදියර ආරම්භ කිරීමටත් ඉන් අනතුරුව අවශ්‍ය පරිදි ජනතාවට සිදුවන අපහසුතා අවමවන පරිදි සෙසු ව්‍යාපෘතීන් ඇරඹීම පිළිබදවද එකඟතාවයකට එලඹිනි.ඒ අනුව ඉදිරි කටයුතු අමාත්‍ය මණ්ඩලය දැනුවත්කර සිදුකිරීමට සහ නැවත කමිටුව තවත් පාර්ශව කිහිපයක් සමග එක්ව රැස්වීමටද යෝජනා කරගනු ලැබිණි. එසේම මෙම කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන පිළිබද ජනතාවට අනියත බියක් ඇතිකරගැනීමට අවශ්‍ය නැති බව රාජ්‍ය නිලධාරීන් මට්ටමෙන් දැනුවත් කිරීමටද මෙහිදී යෝජනා විය.

    එසේම මෙම අවස්ථාවට එක්වූ දක්ෂිණ සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුලු රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන්ද කමිටුව හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ දැනට මුලික කර්මාන්ත පියවරයන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යවන බිම් ප්‍රමාණයන් දක්ෂිණ සංවර්ධන මණ්ඩලය මගින් හඳුනාගෙන නිරවුල් කරගෙන ඇති බවත්ය. ඊට අමතරව අවශ්‍යවන ඉඩම් දිස්ත්‍රික් ලේකම්වරයා මගින් සොයා බැලීමට හැකිබවද පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට දකුණු පළාත් විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ මහතා, නීතිය හා සාමය සහ දක්ෂිණ සනවර්ධන අමාත්‍යංශ ලේකම් ජගත් විජේවීර මහතා, දක්ෂිණ සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුලු රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියේය.


    - http://www.dinamina.lk/2017/02/06/පුවත්/29351
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    "සුවැති දැයක් දැයට හෙටක්" තේමාව යටතේ ඉදි වූ මහර ඇල්දෙණිය ළමා උද්‍යානය, ශරීර සුවතා මධ්‍යස්ථානය සහ ඇවිදින මංතීරුව සහිත "සුවත උයන" ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (06) පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි.

    රට, දැය සමයෙහි අනාගත අභිවෘද්ධිය හා ස්ථාවරත්වය උදෙසා නිරෝගිමත් මානව සම්පතක් තිලිණ කිරීමේ උදාර අරමුණ පෙරදැරිව රුපියල් මිලියන 306 ක වියදමින් සුවත උයන ඉදිකර තිබේ.

    අක්කර 10 ක භූමි ප්‍රමාණයක ඉදිකර ඇති සුවත උයන නවීන ව්‍යායාම උපකරණවලින් සමන්විත ශරීර සුවතා මධ්‍යස්ථානයකින් සමන්විත අතර ඇවිදින මංතීරුව කි.මි 1.8 කින් යුක්තය.

    අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මැති ඇමතිවරු පිරිසක් ද, ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් ද විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.

    16427314_10154820752511327_1344691671475625724_n.jpg

    16640657_10154820752431327_3095921305050101216_n.jpg

    16472789_10154820752141327_4799844570095643078_n.jpg

    16425711_1845821179032725_934522037548037920_n.jpg


    - https://www.facebook.com/media/set/?set=a.10154820751416327.1073742867.365053451326&type=3
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Chinese company to build Ruwanpura Expressway

    2017-02-08 07:54:14

    A Chinese company is to be awarded the contract to construct the Ruwanpura Expressway linking Colombo and Ratnapura, Highways and Higher Education Minister Lakshman Kiriella said in an interview that only China had the money to invest in mega road projects.

    A Chinese company has also been given the contract to construct one segment of the Central Expressway while a Chinese company has been selected to construct the Dambulla Expressway.

    “Work will begin on February 27,” the minister said. (Kelum Bandara)

    - http://www.dailymirror.lk/article/Chinese-company-to-build-Ruwanpura-Expressway-123449.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුප‍ළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම - දූරස්ථ නැවතුම් අංගණය සහ උපධාවන පථ ඉදි කිරීම

    - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුප‍ළ විසින් 2016 වර්ෂයේදී ගුවන් මගීන් මිලියන 9.5ක් හසුරුවන ලද අතර, 2020 වර්ෂය වන විට ගුවන් මගීන් මිලියන 14.5ක් පමණ හැසිරවීමට සිදුවනු ඇතැයි පුරෝකථනය කරනු ලැබ තිබේ. මෙම ගුවන්තොටුපළෙහි මගීන් හැසිරවීමේ ධාරිතාව වර්ෂයකට ගුවන් මගීන් මිලියන 15ක් දක්වා වැඩි කිරීමට සහ ගුවන්තොටුපළේ යටිතල පහසුකම් වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) ණය ආධාර යටතේ ක්‍රියාත්මක කරනු ලබන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුප‍ළ සංවර්ධන ව්‍යාපෘතියේ (BIADP) දෙවන අදියර යටතේ, 'දූරස්ථ නැවතුම් අංගණය සහ උපධාවන පථ' ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කණු මත ඉදි කරනු ලබන, වරාය ප්‍රවේශ මහාමාර්ගය (Elevated Highway) ව්‍යාපෘති‍ෙය් උපදේශක සේවා සැපයී‍ෙම් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

    - ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයනු ලබන අරමුදල් මඟින් ක්‍රියාත්මක කෙරෙන කණු මත ඉදි කරනු ලබන වරාය ප්‍රවේශ මහාමාර්ගය (Elevated Highway) ඉදිකිරීමේ ව්‍යාපෘති‍ය සඳහා උපදේශක සේවා සැපයී‍ෙම් කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ග්‍රාමීය පාලම් ඉදි කිරීම

    - ප්‍රවාහන සම්බන්ධතා ගොඩනැඟීම මඟින්, දුර බැහැර පිහිටි පසුගාමී ගම්මාන රැසක වෙසෙන ජනතාවට වෙළඳ පොළ, අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් වෙත ඇති ප්‍රවේශය ඉහළ නැංවීමේ අරමුණින් පාලම් 4,000ක් ඉදි කිරීමට රජය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීමට නෙදර්ලන්ත, බෙල්ජියම් සහ ඔස්ට්‍රියානු රජයන් එකඟ වී ඇති අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගනු ලබන එක්සත් රාජධානියේ සැපයුම්කරුවන් සඳහා කොන්ත්‍රාත් වටිනාකමින් 85%ක් දක්වා සෘජු මූල්‍ය පහසුකම් එරට භාණ්ඩාගාරය මඟින් සලසා දිය හැකි බව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් දැනුම් දෙනු ලැබ තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය පවුම් මිලියන 50ක වටිනාකමකින් යුතු ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා, පාලම් ඉදි කරනු ලබන, එක්සත් රාජධානියේ සමාගම් වෙතින් මූල්‍ය යෝජනාද ඇතුළත්ව මිල ගණන් කැඳවීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත බලය පැවරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මහවැලි වම් ඉවුරු පහළ ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය

    - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා සහ කන්තලේ යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශද, පෙළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයද ඇතුළත් වන පරිදි, ඉඩම් අක්කර 4,000ක් සඳහා යල හා මහ යන දෙකන්නයේදීම වාරි ජලය සැපයීමේ අරමුණින්, රුපියල් මිලියන 6,250ක ඇස්තමේන්තුගත පිරිවැයකින් 'මහවැලි වම් ඉවුරු පහළ ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කළුතර, රයිගම කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් පිහිටුවීම

    - කළුතර දිස්ත්‍රික්කයේ, රයිගම ප්‍රදේශයේ කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් පිහිටුවීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. මෙම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමේ අරමුණින්, එම අධිකලාපයෙහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව, සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව, රජය සතු සමාගමක් වන, මධ්‍යම ඉංජිනේරු සේවා (පෞද්ගලික) සමාගම (CECL) වෙත පිරිනැමීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයක් ඉදි කිරීම

    - අස්වනු නෙළන සමයේ අතිරික්ත අස්වැන්නක් ලැබීම හේතුවෙන් සිදු වන වෙළඳ පොළ මිල පහත වැටීම මඟ හරවා ගනිමින්, තම කෘෂි අස්වැන්න ගබඩා කරගැනීම සඳහා උසස් තත්ත්වයේ ගබඩා පහසුකම් ගොවීන්ට සැලසීමේ අරමුණින්, කිලිනොච්චිය, රත්නපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි ගබඩා සංකීර්ණ 03ක් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඉන් කිලිනොච්චිය හා රත්නපුර ගබඩා සංකීර්ණ දෙකෙහි ඉදි කිරීම් කටයුතු දැනටමත් ආරම්භ කරනු ලැබ ඇති අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත වර්ග අඩි 28,500ක් පමණ වන ගබඩාව සහ අනෙකුත් යටිතල පහසුකම් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ගාල්ල වරායේ යොට් යාත්‍රා අංගණය සංවර්ධනය කිරීම

    - ගාලු වරායේ රුවල් නැව් යාත්‍රා මධ්‍යස්ථානයක් සංවර්ධනය කර මෙහෙයුම් කිරීම සහ ඊට අදාළ ව්‍යාපාර සිදු කිරීම සඳහා කැමැත්තක් දක්වන සුදුසු සංවර්ධකයෙකු/ආයෝජකයෙකු හඳුනාගැනීම සඳහා ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි 'Swiss Challenge' ක්‍රමවේදය අනුගමනය කරමින් යෝජනා කැඳවීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ද සොයිසා මාතෘ රෝහලෙහි ළදරු සහ ප්‍රසව විමර්ශන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය

    - ද සොයිසා මාතෘ රෝහලෙහි ළදරු සහ ප්‍රසව විමර්ශන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ අරමුණින්, එම රෝහල වෙත අත්‍යවශ්‍ය යටිතල පහසුකම්, උපකරණ සහ එහි රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් කරනු ලැබ තිබේ. ස්ථාපිත කරනු ලැබීමට නියමිත මධ්‍යස්ථානය ළදරු සෞඛ්‍ය සම්බන්ධයෙන් වන ජාතික මට්ටමේ පුරෝගාමී මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා ප්‍රංශයේ ක්‍රෙඩිට් ඇග්‍රිකෝල් කොපරේට් ඇන්ඩ් ඉන්වෙස්මන්ට් බැංකුව (Credit Agricole Corporate and Investment Bank of France) සහ ශ්‍රී ලංකාවේ හැටන් නැෂනල් බැංකුව සමඟ ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතියේ මූලික ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා ව්‍යාපෘති සැලසුම්කරණ අත්තිකාරම් ණය මුදලක් ලබාගැනීම

    - පෝෂණ තත්ත්වය, ආහාර සුරක්ෂිතතාව සහ ධීවර නිෂ්පාදනය ඉහළ දැමීම මඟින් උතුරු පළාතේ වෙසෙන ධීවර ප්‍රජාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, යාපනය, මුලතිව් සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල වෙරළාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි, 'උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. මෙමඟින් උතුරු පළාතේ ධීවර පවුල් 40,000කට පමණ ප්‍රතිලාභ හිමි වනු ඇත. මෙම ව්‍යාපෘතියේ මූලික ව්‍යාපෘති ක්‍රියාකාරකම් ආරම්භ කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඇමරිකන් ඩොලර් මිලියන 1.3ක අත්තිකාරම් ණය මුදලක් ලබාගැනීම වෙනුවෙන් ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණය සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම

    - 'ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණ සහයෝගිතා වැඩසටහන' සහ 'ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ වැඩසටහන' ක්‍රියාත්මක කිරීම සඳහා පිළිවෙළින් යුරෝ මිලියන 30ක් සහ යුරෝ මිලියන 14.5ක ප්‍රදාන ආධාර ලබා දීමට යුරෝපා සංගමය එකඟ වී ඇති අතර, ඒ අනුව එම සංගමය සමඟ ඊට අදාළ මූල්‍ය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මහව සිට ඕමන්තෙයි දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා උපදේශක සේවා ප්‍රසම්පාදනය

    - මහව සිට ඕමන්තෙයි දක්වා වූ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB)වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    - Cabinet decisions 2017-02-07

    http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-02-07
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Swashakthi to bolster 25,000 MSMEs

    DFT-1-29.jpg



    • Govt. allocates Rs. 4 b, anticipates 17 participatory banks to leverage it to Rs. 12 b
    • Swashakthi will contribute to broader policy objectives of Govt.
    • CB Governor says Rs. 79.5 b disbursed in past 5 years but development of sector not proportionate
    • Banks requested to provide loans based on viability and strength of project proposals


    By Charumini de Silva

    The National Policies and Economic Affairs Ministry yesterday launched the Swashakthi loan scheme aimed at developing and generating employment at 25,000 micro, small and medium enterprises (MSMEs), which is essential for real economic growth.

    The launch was held under the patronage of Premier Ranil Wickremesinghe, National Policies and Economic Affairs State Minister Niroshan Perera, Central Bank Governor Dr. Indrajit Coomaraswamy, Women and Child Affairs Minister Chandrani Bandara and Primary Industries Minister Daya Gamage at Temple Trees.

    Outlining the features of the new credit facility, Central Bank Governor Dr. Coomaraswamy said the initial fund allocation of Rs. 1 billion had already been allocated by the Treasury and it would eventually grow to Rs. 4 billion.

    “We are also anticipating that banks will leverage it to at least three times this amount so that this program in due course will mobilise a total of Rs. 12 billion for MSMEs around the country,” he added.

    Noting that the Swashakthi loan scheme would contribute to the broader policy objectives of the Government, particularly in creating one million jobs, Dr. Coomaraswamy acknowledged that the Central Bank provided its expertise to design this scheme and would continue to disburse and refinance loans through the 17 participatory banks.

    He said there had been growing demand from emerging entrepreneurs in villages for a new concessionary loan scheme that could support their new business ideas.

    “The scheme fills the need for a Government-led support mechanism to address financial, technical, marketing and entrepreneurship needs, especially those of youth and youth graduates, women and differently abled people at the grassroots level has been identified as essential,” he explained.

    Although the Central Bank has disbursed loans amounting to Rs. 79.5 billion amongst 917,200 MSMEs through various programs during the past five years, Dr. Coomaraswamy pointed out that the development of MSMEs was not proportionate with that amount.

    Since Swashakthi is a MSME credit facility, the Governor said that the participatory banks were requested and encouraged to provide loans based on the viability and strength of the project proposals rather than depending on the exclusivity of the strength of the product.

    Terming Swashakthi a credit plus loan scheme, he said each existing business was entitled to a maximum loan of Rs. 250,000 while each start-up business was entitled to a maximum loan of Rs. 200,000. In addition to the loan component, new entrants are eligible to a special grant to meet their initial expenses without any interest.

    Furthermore, the loans are granted at a special interest rate of 5.5% per annum to make sure the prospective borrowers were not burdened with a high cost of capital. The beneficiaries are allowed to repay the loan within five years and the scheme is planned to go on for 20 years using the recovery proceeds.

    The scheme is expected to identify existing skills and the talent of potential entrepreneurs and resources in villages to provide them with necessary training and technical support, where several Government departments have been mobilised to deliver the plus dimensions of the credit scheme.

    PM insists on rural economic development


    Prime Minister Ranil Wickremesinghe yesterday stressed the importance of uplifting the middle class at the village level to drive real-time economic growth.

    Noting that the Government was focused on creating one million jobs, he acknowledged that several projects were underway to develop export manufacturing plants, the tourism industry, shipping, aviation and IT companies in the country.

    Considering the funds that the banks have in their possession, the Premier said the development which has taken place in the rural economy was inadequate. He urged the banks to play an active role in improving the middle class economy of the country.

    He said the Government had initiated several programs aimed at developing the rural economy, insisting that the Swashakthi program would support small-scale businesses.

    Wickremesinghe said the Government had formulated Swashakthi to improve the rural economy, adding that it had disbursed over Rs. 79 billion during the past five years, pointing out that these funds were not fairly distributed.

    He assured that Swashakthi was formulated considering all matters after many discussions held with Central Bank officials to promote businesses through the support of commercial banks in the country.

    Premier Wickremesinghe added that the Government was paying special attention to uplifting the middle class in the economy.

    “We want to support existing businesses while helping with the creation of new enterprises,” he added.

    However, the Premier added that the selection process for Swashakthi would be carried out by commercial banks.

    He stated that the Government wanted to rapidly develop rural economies, adding that during the past two years Rs. 500,000-Rs. 1 million had been allocated for village development projects such as road development, infrastructure and agricultural industries.

    Wickremesinghe acknowledged that the internal funds were inadequate to develop the economy and as a result the country needed foreign investment.

    “We need foreign investments but that doesn’t mean we want to pass on the benefits to them only. Our intentions are to distribute the benefits to the general public,” he noted.

    - http://www.ft.lk/article/596919/Swashakthi-to-bolster-25-000-MSMEs
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    අක්‌කර 58 ක භූමි ප්‍රමාණයක්‌ තුළ රුපියල් මිලියන 4996 ක වියදමින් ඉදිකෙරෙන අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ වැඩ ආරම්භ කෙරුණේ 2014 මැයි 16දාය. මෙහි රැඳවියන් 2000 ක්‌ පමණ රඳවා තැබීමට හැකිය.

    නව බන්ධනාගාරයට බන්ධනාගාර රෝහලක්‌, වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයක්‌, කර්මාන්ත සඳහා වෙනම ගොඩනැඟිල්ලක්‌, නිලධාරීන් සඳහා නිලනිවාස 140 ක්‌ සහ තනිකඩ නිලනිවාසද ඇතුළත් වේ. තවද මීටර් 4000 ක ධාවනපථයක්‌, මීටර් 25 කින් යුත් පුළුල් නාන තටාකයක්‌ ගෘහස්‌ථ ක්‍රීඩාංගණයක්‌ සහ බන්ධනාගාර නිෂ්පාදන වෙළෙඳ සංකීර්ණයකින්ද යුතුය.

    01-6.jpg

    02-5.jpg

    03-4.jpg

    04-3.jpg

    05-1.jpg

    06-1.jpg

    07-1.jpg

    08-1.jpg

    09-1.jpg

    10-1.jpg

    11-1.jpg

    12-1.jpg

    13-1.jpg


    - http://nethgossip.lk/articles/21787
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යහපාලන ස්න්වර්දනේ හිටන් ..

    ක්රෝටන් කොළ කන ටෝයියන්ට සහ බැලයින්ටමේවා අදාළ නැත :rofl:



    නිපුන කාරයිත් උබලගේ අර රවී කියන බලල මහබැංකුවට දුන්න වගේ ගේමක් තමයි දෙන්න යන්නේ :dull:
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    බත්තරමුල්ලේ සිට වැල්ලවත්තට බෝට්ටු සේවයක්


    2017 පෙබරවාරි මස 09 11:55:20

    බත්තරමුල්ල දියත උයනේ සිට වැල්ලවත්ත දක්වා ඇළ මාර්ග ඔස්සේ බෝට්ටු සේවයක් ආරම්භ කිරීමට තීරණය කළ බව ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසයි.

    මාර්ග තදබදය නිසා මෙම සේවය ආරම්භ කළ බවත් පැකේජ තුනක් යටතේ දේශීය හා විදේශීය සංචාරකයින්ට මෙහි ගමන් කළ හැකි බවත් ඒ මහතා කියයි.

    ඇළ මාර්ගය දෙපස අඳුන් දිවියන්,කිඹුලන් හා මෙරට ආවේණීක කුරුල්ලන් ඇතුළු සතුන් සිටින බව කී ඉද්දවිල මහතා මේ වසර අවසානයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවද සඳහන් කරයි.

    මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය හා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම සේවය ආරම්භ කරන බව ඒ මහතා කියයි.


    20170208_163338.jpg

    20170208_163808.jpg


    - http://www.lankadeepa.lk/index.php/articles/505681