සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමයට හඳුන්වා දීම
    - සමස්ත රාජ්‍ය වියදම්වලින් 20% - 25% අතර ප්‍රමාණයක් වැය වනුයේ රාජ්‍ය අංශය සඳහා භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය කිරීමට වන බැවින් රාජ්‍ය අංශයේ ප්‍රසම්පාදන කටයුතු ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සැලකිය යුතු අංශයක් වේ. වර්තමාන ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු ඇගයීම සඳහා දීර්ඝ කාලයක් ගත වීම, විනිවිදභාවය හා තරගකාරිත්වය අඩුවීම ආදී අඩු පාඩු හේතුවෙන් විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදු වන අතර එය රටේ ආර්ථික සංවර්ධනය කෙරෙහි සෘජුවම බලපානු ලබයි.

    'විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදනය - ජයග්‍රහණ, අවස්ථා හා අභියෝග' යන තේමාව යටතේ අතිගරු ජනාධිපතිතුමා සහභාගි වූ 2017 පෙබරවාරි මස 20 දින සිට 23 දින දක්වා කොළඹදී හා මහනුවරදී පැවැති දකුණු ආසියානු කලාපීය ප්‍රසම්පාදන සමුළුවේදී ශ්‍රී ලංකාව හැර අනෙකුත් බොහෝ දකුණු ආසියානු රටවල් විසින් විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය භාවිතා කරන බවත්, එමඟින් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගෙන ඇති බවත් හෙරළිදරව් වී ඇත. නවීන තාක්ෂණය භාවිතය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ පවතින ඇතැම් දුර්වලතා අවම කරගැනීමට යොදා ගත හැකි බැවින් ප්‍රසම්පාදන ක්‍රියාවලියද ඒ අනුව ප්‍රතිනිර්මාණය කර විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදයන් හඳුන්වා දීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත.

    ඒ අනුව, රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ ක්‍රියාත්මක කිරීමටත්, ජාතික ප්‍රසම්පාදන කොමිසමේද එකඟතාව සහිතව ඒ සඳහා සුදුසු ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිණිස රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් හා අනෙකුත් ආදළ ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා තලපත්පිටිය රෝහල පාරේ පිහිටි ඉඩමක් බදු දීම
    - ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත අත්පත් කර ගනු ලැබ ඇති බත්තරමුල්ල හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ඉඩම් ප්‍රමා‍ණයෙන් අක්කර 06- රූඩ් 00-පර්චස් 9.60ක විශාලත්වයෙන් යුත් ඉඩම් කොටසක මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු සංවර්ධකයෙකු හඳුනාගැනීම පිණිස රජයේ ප්‍රසම්පාදන පටිපාටිය යටතේ ලංසු කැඳවා ඇත. මේ සඳහා ලංසුකරුවන් තිදෙනෙක් ඉදිරිපත් වී ඇති අතර, ඔවුන්ගේ තාක්ෂණික යෝජනා ඇගයීමට ලක් කළ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එකී ඉඩම් කොටස සඳහා රජයේ තක්සේරුවට (රුපියල් මිලියන 514) සාපේක්ෂව ඉහළම මිලක් ඉදිරිපත් කරනු ලැබ ඇති ආයෝජකයා වන මොනාක් ඉම්පීරියල් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය වෙත රුපියල් මිලියන 1,200ක මුදලකට, නියමිත කොන්දේසිවලට යටත්ව, අදාළ ඉඩම 99 අවුරුදු බදු පදනම මත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
    - 2017 වර්ෂයේ අයවැය මඟින් ප්‍රධාන ව්‍යාපෘති 06ක් යටතේ, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට වෙන් වී ඇති ප්‍රතිපාදන ප්‍රයෝජනයට ගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 06ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ වන ව්‍යාපෘති සංරචකය යටතේ ව්‍යාපෘති 13ක් ද, පළාත් බද නාගරික ප්‍රදේශ සංවර්ධන ව්‍යාපෘති 16ක් ද, නාගරික ප්‍රදේශ සංවර්ධනය හා නාගරික සහ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ ව්‍යාපෘති 10ක් ද වශයෙන් ඉන් ප්‍රධාන ව්‍යාපෘති 03ක් යටතේ වන රුපියල් මිලියන 20 ඉක්මවන අනු ව්‍යාපෘති 39ක් එකී භාණ්ඩාගාර ප්‍රතිපාදන මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය - වාද්දුව - මොරොන්තුඩුව (බී449) සහ බෙල්ලන-මොරගල (බී544) මාර්ග දියුණු කිරීම සහ පුනරුත්ථාපනය සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
    - ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) මඟින් සපයනු ලබන අරමුදල් මඟින් ක්‍රියාත්මක කෙරෙන බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වාද්දූව - මොරොන්තුඩුව මාර්ගයේ (බී449) කිලෝ මීටර 5.3ක මාර්ග කොටසක් සහ බෙල්ලන - මොරගල මාර්ගයේ (බී544) කිලෝ මීටර 9.8ක මාර්ග කොටසක් දියුණු කිරීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර, ඒ සඳහා ලංසු 08ක් ලැබී තිබේ. එකී ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව සාර්ථක අවම ලංසුකරු වන මාගා ඉංජිනියරින්ග් පෞද්ගලික සමාගම වෙත පැවරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    හෝමාගම පිටිපන තාක්ෂණ නගරයේ ප්‍රධාන පිවිසුම් මාර්ගයක් ලෙස කොට්ටාව - පිංහේන මාර්ගය සංවර්ධනය කිරීම
    - මාලඹේ, කොට්ටාව, හෝමාගම, අතුරුගිරිය හා කඩුවෙල යන ප්‍රදේශ ආවරණය වන පරිදි බස්නාහිර මහා නගර සැලැස්ම යටතේ විද්‍යා හා තාක්ෂණික නගරය ඉදි කෙරේ. ඒ අනුව, හෝමාගම, පිටිපන ප්‍රදේශයේ අක්කර 200ක භූමි භාගයක් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අනුබද්ධිත තොරතුරු තාක්ෂණ හා අනෙකුත් තාක්ෂණ පීඨයන් ස්ථාපිත කිරීම සඳහා වෙන් කර ඇත. එම සංවර්ධන කටයුතුවලට සමගාමීව පහසුවෙන් ලඟාවිය හැකි පරිදි ඒ අවට මාර්ග පද්ධතිය පුළුල් කිරීම හා සංවර්ධනය කිරීම කඩිනම් අවශ්‍යතාවක් වශයෙන් හඳුනා ගනු ලැබ තිබේ.

    ඒ අනුව, කඩිනමින් සංවර්ධනය කළ යුතු මාර්ගයක් වශයෙන් හඳුනාගනු ලැබ ඇති, මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන කොට්ටාව - පිංහේන මාර්ගය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත වෙන් කරනු ලබන ප්‍රතිපාදන මඟින් සංවර්ධනය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බස්නාහිර කලාපය තුළ ජනනය වන නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා දිගු කාලීන විසඳුම් - පුත්තලම, අරුවක්කාළු සනීපාරක්ෂක කසළ බිම් පිරවුම් ව්‍යාපෘතිය
    - කොළඹ නගරය තුළ දෛනිකව ඒකරාශී වන මෙට්‍රික්ටොන් 1,200ක් පමණ වන ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ දිගුකාලීන විසඳුමක් වශයෙන් එම අපද්‍රව්‍ය නියමිත පරිදි ඇසුරුම් කර අඩි 20 බහාලුම් මඟින් කැලණියේ සිට පුත්තලම, අරුවක්කාළු ප්‍රදේශය වෙත දුම්රිය මඟින් ප්‍රවාහනය කර හුණුගල් ලබාගැනීම සඳහා කැණීම් කර අත්හැර දමා ඇති ආකර ප්‍රයෝජනයට ගනිමින් ඉදි කිරීමට නියමිත සනීපාරක්ෂක බිම් පිරවුමකට (Sanitary Landfill) සුරක්ෂිත අයුරින් බැහැර කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සහ වයඹ පළාත් පරිසර අධිකාරියේ මූලික පාරිසරික පරීක්ෂණ වාර්තා ලබාගැනීම පිණිස කටයුතු කරමින් පවතින අතර එකී වාර්තා ජුලි මස අවසන් වන විට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන් අනතුරුව ව්‍යාපෘතියේ මූලික මෙහෙයුම් කටයුතු මාස 06-08ක් තුළ ආරම්භ කිරීමට අපේක්ෂා කරනු ලැබේ.

    මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට ලෝක බැංකුව විසින් මූලික වශයෙන් එකඟ වී ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාතික ප්‍රසම්පාදන මා‍ර්ගෝපදේශ ප්‍රකාරව 'සීමිත ජාත්‍යන්තර තරඟකාරී' සහ 'සීමිත දේශීය තරඟකාරී' ලංසු කැඳවීමටත්, යෝජිත ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් අරුවක්කාළු ඉඩමින් අත්පත් කරගැනීමටත්, එහි මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් ඉදි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් හා දේපළ අත්පත් කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව, සීමාසහිත සියාම් සිටි සිමෙන්ට් (ලංකා) පෞද්ගලික සමාගම ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීම පිණිස අදාළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව වෙත බලය පැවරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නායයෑම් අධි අවදානම් කලාපවල ජීවත් වන පවුල් සඳහා ස්ථිර නිවාස ඉදි කිරීම
    - ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 09ක පිහිටි නායයෑම් අධි අවදානම් කලාපවල පදිංචි පවුල් සංඛ්‍යාව 14,680ක් බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධාන විසින් හඳුනාගනු ලැබ තිබේ. අධික වර්ෂාව පවතින කාලවලදී මෙම පවුල් ආපදාවට ලක්වීමේ අවදානමක් පවතින බැවින් ඔවුන් පදිංචි ස්ථානයන්ගෙන් ඉවත් කර කඩිනමින් සුදුසු වෙනත් ස්ථානවල පදිංචි කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ. ඒ අනුව, එම පවුල් සඳහා ආරක්ෂිත ස්ථානවලින් ඉඩමක් හා නිවසක් මිල දී ගැනීම සඳහා රජයෙන් මූල්‍යාධාර ලබා දීමටත්, එහිදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතිවලින් නිවාස ලබා දීමේ හැකියාව සොයා බැලීමටත්, එම පවුල් නැවත අධි අවදානම් කලාපවල පිහිටි සිය නිවාසවල පදිංචිවීම වැළැක්වීම සඳහා සුදුසු පියවර ගැනීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පැසිෆික් මුහුදු ඉස්සන් වගාව සඳහා තායි ලංකා ඇක්වා පුද්ගලික සමාගමට අවශ්‍ය ඉඩම් වෙන් කර දීම
    - ශ්‍රී ලංකාවේ පුත්තලම් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගනිමින් අක්කර 10,000ක පමණ ඉඩම් ප්‍රමාණයක කර අඬු ඉස්සන් (Tiger Prawn)වගාව සිදු කෙරෙන අතර වාර්ෂික ඉස්සන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 6,030ක් පමණ වේ. ඉන් මෙට්‍රික් ටොන් 2,500ක් පමණ අපනයනය කෙරෙන අතර ඇමරිකානු ඩොලර් මිලියන 16ක පමණ වාර්ෂික ආදායමක් එමඟින් උපයනු ලැබේ. සුදු පුල්ලි රෝගයට ලක්වීම නිසා මෙරට වගා කරනු ලබන ඉස්සන් අපනයන ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් එම කර්මාන්තය පසුබෑමට ලක් වී ඇති අතර, ජලජීවී ඉස්සන් වගාවේ ශීඝ්‍ර වර්ධනයක් සඳහා සුදු පුල්ලි රෝගයට ප්‍රතිරෝධීත්වයක් දක්වන සහ ලෝක වෙළඳ පොළේ ඉහළ ඉල්ලුමක් ඇති පැසිෆික් සුදු ඉස්සන් (Pacific White Shrimp) වගාව මෙරටට හඳුන්වාදීමට යෝජනා වී තිබේ.

    මන්නාරම් දිස්ත්‍රික්කයේ, මාන්තායි - බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යෝජිත ජලජීවී වගා කර්මාන්තපුරය ආශ්‍රිතව පැසිෆික් සුදු ඉස්සන් වගා කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා තායි - ලංකා ඇක්වා (පෞද්ගලික) සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනාව ක්‍රියාත්මක කිරීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, මාන්තායි - බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 'ජලජීවී වගා කර්මාන්තපුරයක්' වශයෙන් සංවර්ධනය කිරීමට හඳුනාගෙන ඇති භූමියට ආසන්නයෙන් අක්කර 250ක භූමි ප්‍රදේශයක්, පැසිෆික් සුදු ඉස්සන් වගා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා තායි - ලංකා ඇක්වා (පෞද්ගලික) සමාගම වෙත අවුරුදු 30ක කාලසීමාවකට බදු පදනම මත වෙන් කර දීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ජාතික වැඩසටහන සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

    - ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ජාතික වැඩසටහන යනු මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය (HIV), නතු කරගත් ප්‍රතිශක්ති ඌණතා සහ ලක්ෂණය (AIDS) සහ ලිංගාශ්‍රිත බෝවන රෝග (STD) හඳුනාගැනීම, ප්‍රතිකාර කිරීම සහ වළක්වාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික කේන්ද්‍රස්ථානය වශයෙන් කටයුතු කරනු ලබන මහජන සෞඛ්‍ය වැඩසටහනකි. දැනට වාර්ෂිකව නවක රෝගීන් 23,000ක් පමණ ප්‍රතිකාර සඳහා මෙකී සායන වෙත පැමිණෙන අතර ප්‍රතිකාර සේවා අවශ්‍ය එහෙත් හඳුනා නොගත් HIV ආසාදිත රෝගීන් 4,000ක් පමණ රට තුළ සිටින බවට ගණන් බලා ඇත.

    මෙම වැඩසටහනේ ප්‍රධාන කාර්යාලය කොළඹ 10, ද සේරම් ප්‍රදේශයේ දැනට පිහිටුවා ඇති අතර ඒ යටතේ වන අනෙකුත් කාර්යාල ඒකක කිහිපයක් ටීබී ජයා මාවතේ කුලී පදනම මත ලබාගත් ස්ථානයක පවත්වාගෙන යනු ලැබේ. මෙම වැඩ සටහනේ කටයුතු ස්ථාන දෙකක පවත්වාගෙන යාම මඟින් ඇති වන අපහසුතා වළක්වා ගැනීම පිණිස දැනට එම වැඩසටහනේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යනු ලබන ස්ථානයේම මහල් 4කින් යුත් ගොඩනැඟිල්ලක් අලුතින් ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නැ‍ඟෙනහිර කොළඹ (මුල්ලේරියාව) මූලික රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සහ සමාකරණ මධ්‍යස්ථානය (Simulation Center) ඉදි කිරීම
    - පහසුවෙන් ලඟා විය හැකි, ඉහළ ප්‍රමිතියකින් යුත් රෝගී සත්කාරක සේවාවක් ලබා දීම මඟින් හදිසි අනතුරු හේතුවෙන් සිදු වන මරණ සහ ආබාධිතවීම් වළක්වාගැනීමේ අරමුණින් නැ‍ඟෙනහිර කොළඹ (මුල්ලේරියාව) මූලික රෝහලෙහි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සහ සමාකරණ මධ්‍යස්ථානයක් (Simulation Center) ස්ථාපනය කිරීමට යෝජනා වී ඇත. මෙම ඒකකය ඉදි කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාතික තරඟකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර ඒ සඳහා ලංසුකරුවන් 13 දෙනෙකු ඉදිරිපත් වී ඇත.

    එකී ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Link Engineering (Pvt) Ltd. වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම
    - පහසුවෙන් ලඟා විය හැකි, ඉහළ ප්‍රමිතියකින් යුත් රෝගී සත්කාරක සේවාවක් ලබා දීම මඟින් හදිසි අනතුරු හේතුවෙන් සිදු වන මරණ සහ ආබාධිතවීම් වළක්වාගැනීමේ අරමුණින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලෙහි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීමට යෝජනා වී ඇත. මෙම ඒකකය ඉදි කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාතික තරඟකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර ඒ සඳහා ලංසුකරුවන් 10 දෙනෙකු ඉදිරිපත් වී ඇත.

    එකී ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Link Engineering (Pvt) Ltd. වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මාලඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්ව රෝහල රජයට පවරා දීම සහ දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනයේ (SAITM) අනාගත කළමනාකරණ ව්‍යූහය සඳහා වූ යෝජනා
    - ඇඳන් 100ක් සහිත කාමර පහසුකම් සහ ඇදන් 500කින් යුතු සාමාන්‍ය වාට්ටු සහිත පෞද්ගලික රෝහලක් ලෙස 2013 වසරේදී ආරම්භ කරන ලද මාලඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්ව රෝහල මසකට බාහිර රෝගීන් 3,000කට පමණ සහ නේවාසික රෝගීන් 100කට පමණ ප්‍රතිකාර ලබා දෙමින් ක්‍රමික වර්ධනයක් අත් කර ගනු ලැබූ නමුත් දැනට පැනනැඟී ඇති වාතාවරණය හමුවේ වෛද්‍ය සිසුන් පුහුණු කිරීමට ප්‍රමාණවත් නේවාසික රෝගීන් සංඛ්‍යාවක් එම රෝහල වෙත යොමු කරගැනීමේ අපහසුතා මතු වී තිබේ.

    නැ‍ඟෙනහිර කොළඹ ප්‍රදේශයේ තෘතීය සෞඛ්‍ය සත්කාර සේවා සපයන ආයතනයන්ගේ පවතින සීමිත බව සහ අධීවේගී මාර්ගයට සමීපව පිහිටා තිබීම හේතුවෙන් දුර බැහැර රෝගීන්ට පහසුවෙන් ප්‍රවේශවීමට ඇති හැකියාව සැලකිල්ලට ගෙන රුපියල් බිලියන 3.55ක රජයේ තක්සේරු වටිනාකමකින් යුත් මාලඹේ, නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා රජය වෙත පවරා ගැනීමටත්, එම රෝහල ස්ථාපනය කිරීම සඳහා SAITM ආයතනය විසින් ලංකා බැංකුවෙන් ලබා ගනු ලැබ ඇති ණය මුදල වසර 10ක් තුළ නිරවුල් කිරීමෙන් අනතුරුව, එහි හිමිකම රජය වෙත මුළුමණින්ම පවරා ගැනීමටත්, වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාලනය වන ආකෘතියට සමානව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් පත් කරනු ලබන පාලක මණ්ඩලයක් මඟින් මෙම රෝහල කළමනාකරණය කිරීම මඟින් මහජනතාවට නොමිලේ සෞඛ්‍ය සත්කාරක සේවා ලබා දීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා සහ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. තවද, දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනයේ (SAITM) අයිතිය පුළුල් කිරීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්ව විමසා විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු බවටද තීරණය විය.


    - http://www.cabinetoffice.gov.lk/cab...view=article&id=16&Itemid=49&lang=si&dID=7870
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    19429826_1918759391738903_5576040657007649111_n.jpg

    19437281_1918759175072258_2876873190675444121_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    19437250_1918925835055592_1127432165188879639_n.jpg


    ‘ලක්හිරු සෙවණ’ ජනතා අයිතියට.

    කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නුහුරු නාගරික ප‍්‍රදේශ සුහුරු නාගරික ප‍්‍රදේශ බවට පත් කිරීම සඳහා මහනගර අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් කි‍්‍රයාත්මක කරනු ලබන දිවිසරු පුරවර ව්‍යාපෘතියට සමගාමීව මාලිගාවත්තේ ඉදිකරන ලද නිවාස ඒකක 192 කින් සමන්විත ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දෙවන අදියර විවෘත කිරීම අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. මෙම අවස්ථාවට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , ප්‍රදේශිය සංවර්ධන අමාත්‍ය මුදල් හා ජනමාධ්‍ය නි:අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් එක් විය. මාළිගාවත්ත ‘ලක්හිරු සෙවණ’ මහල් නිවාස ව්‍යාපෘතියේ සමස්ථ නිවාස ඒකක ප‍්‍රමාණය 768 කි. නිවාස 192 බැගින් ගොඩනැගිලි 4 ක් ඉදිකිරීම සැලසුම් කර ඇති අතර ඉන් නිවාස 384 ක් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල නිවාස ලෙස ලබාදීමට නියමිතයි. ඒ අනුව පළමු නිවාස 192 අද (28) දින අතිගරු ජනපතිතුමාගේ සුරතින් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලදි. එහිදී භාරදුන් සමස්ථ නිවාසයන් හි වටිනාකම රුපියල් ලක්ෂ 6270කි.

    - https://www.facebook.com/pg/uda.gov.lk/photos/?tab=album&album_id=1585070038203691
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුවන හානීය කඩිනමින් විසඳනවා - ව්‍යාපෘති අධ්‍යක්ෂ

    2017-06-29 14:09:09

    උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට උද්ගත වී ඇති තත්ත්වය අවම කරමින් කඩිනමින් ඒ සඳහා අවශ්‍ය විසඳුම් ගන්නා බව උමා ඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ද සිල්වා මහතා පවසයි.

    මෙම ව්‍යාපෘතිය වාරිමාර්ග සහ විදුලි උත්පාදක ලෙස කොටස් දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර, මෙම ගැටලුකාරී තත්ත්වය උද්ගත වී ඇත්තේ විදුලි උත්පාදක කොටස හා සම්බන්ධ ව බව ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැවසීය.

    මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු 78%ක ප්‍රමාණයකින් දැනට අවසන් වී ඇති අතර, ප්‍රධාන උමගේ ඉදිකිරීම් කටයුතු සමඟ මෙම ජල කාන්දුව සිදුවූ බවත්, ජලය කාන්දුවීම ආරම්භ වූයේ උමගේ කැණීම් කටයුතු කිලෝ මීටර් 8.2ක් කැණීම් කටයුතු සිදුකිරීමේදී බවත් පෙන්වා දුන් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා එමගින් ජල කාණ්දුවක් සිදුව ඇති බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසුවේ, මෙම උමගේ කැණීම් කටයුතු පොළොවට වඩා මීටර් 300ක් යටින් සිදු කෙරෙන අතර, එය යම් යම් ස්ථානවලදී ඉතා කුඩා වෙනස්කම්වලට භාජනය වන බවයි.

    මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ක්‍රමවත් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරන ලද බව පෙන්වා දුන් අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්වත් මණ්ඩලයක් මගින් වසර එකහමාරක කාලයක් තුළ අදාළ අධ්‍යයන කටයුතු සිදු කර 2011 අප්‍රේල් 12 වන දින පාරිසරක අනුමැතිය සඳහා අදාළ වාර්තාව ලබා දුන් බවයි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය ඉතාමත් ක්‍රමවත් ලෙසින් සිදු කර ඇති ව්‍යාපෘතියක් බව අධ්‍යක්ෂවරයා එහිදී තවදුරටත් පෙන්වා දුන්නේය.

    මෙම උමා ඔය ජල ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 120ක ජල විදුලිබලාගාරයක් ඉදිකිරීමට අපේක්ෂිත අතර, ඒ ඔස්සේ මොණරාගල දිස්ත්‍රික්කයට වැඩිප්‍රතිලාභයක් හිමිවේ. එමෙන් ම මේ ඔස්සේ හෙක්ටයාර් 6000කට අවශ්‍ය වාරි ජලය ලබාදිමට ද පියවර ගෙන ඇත.

    එමෙන් ම ඩයරබා වේල්ල හරහා මහ බණ්ඩාරවෙල ප්‍රදේශයට පානීය ජලය ලබාදීමටත්, හම්බගමුව, ඇටම්පිටිය යන ප්‍රදේශවලට ජල අවශ්‍යතා සපුරාලීමටත් කටයුතු යොදා ඇත. එමෙන් ම මොණරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට පානීය හා කර්මාන්ත සඳහා අවශ්‍ය ජලය වසරකට ඝන මීටර් මිලියන 30ක් ලබාදීමටත් මෙමගින් කටයුුතු යොදා ඇත.

    දැනට මෙම උමගේ කැණීම් කටයුතු හේතුවෙන් ඇති වී ඇති ජල කාණ්දු තත්ත්වය මත මේ වන විට එම ප්‍රදේශය ආශ්‍රිත ව ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වා දුන් අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසුවේ, ලිංවල ජලය අඩුවීම, නිවාසවල ඉරිතාලායාම්, කෘෂි බිම් විනාශ වී යාම් යනාදිය නිසා ගැටලු රැසකට ජනතාව මුහුණ දී ඇති බවයි. මේ වන විට ජනාධිපතිතුමන් විසින් ස්විස්ටර්ලන්තයේ සහ නෝර්වේ රජයේ විශේෂඥ කණ්ඩායම්වල අධීක්ෂණ සහාය ඉල්ලා ඇති අතර, දැනටමත් ඒ සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත විශේෂඥ කණ්ඩායමේ වාර්තාව ජනාධිපතිතුමන් වෙත භාරදී ඇති බවත්, නොර්වේ විශේෂඥ කණ්ඩායමේ වාර්තාව ඉදිරියේදී ලබාදීමට නියමිත බවත් සුනිල් ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

    උමා ඔය ව්‍යාපෘතිය ආශ්‍රිත උමගේ කැණීම් හේතුවෙන් මේ වන විට ඒ අවට නිවාස 52ක ක පුද්ගලයින්ට තාවකාලිකව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස දන්වා ඇති අතර, ඒ අය වෙනුවෙන් තාවකාලික කුලි නිවාස ලබා ගැනීම වෙනුවෙන් මුදල් ලබා දී ඇති බවත්, අදාළ නිවාස වල වටිනාකම් තක්සේරු දෙපාර්තමේන්තුව මගින් තක්සේරු කළ පසු ඒවායෙහි වටිනාකම් අදාළ නිවාසලාභීන් වෙත ලබාදීමට පියවර ගන්නා බවද ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැවසීය.

    එමෙන් ම මෙම ප්‍රදේශවල කෘෂි වගා හානිවීම් පිළිබඳ වාර්තා වී ඇති බව පෙන්වා දුන් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසුවේ, අදාළ වගා හානි පිළිබඳ ව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාගේ තක්සේරු වාර්තාවට අනුව එම අධ්‍යක්ෂවරයාට වගා හානි වෙනුවෙන් මුදා හැරීමට රුපියල් මිලියන 370ක මුදලක් ලබාදී ඇති බවයි.

    එමෙන් ම මකුල් ඇල්ල, වෙහෙරගල තැන්න, කුරුදු ගොල්ල යන ව්‍යාපෘති මේ වන විට අවසන් අදියවර වල පවති අතර, මේ අවට ආපදාවට පත් වූ පවුල් 2400ක් වෙනුවෙන් අවශ්‍ය ජල සම්පාදනය නොමිලේ ලබාදීමට ද පියවර ගෙන ඇත. එමෙන් ම ජල බවුසර් 41ක් මගින් ජලය බෙදාදීම සිදු කෙරෙන අතර, පවුල් 2600ක් වෙනුවෙන් ජල ටැංකි 4000ක් ද ජල නළ මීටර් 18000ක් පමණ ද බෙදා දී ඇති බව ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැවසීය.

    මෙම උමා ඔය උමගේ කැණීම් කටයුතු සිදු කිරීමේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශය නිරන්තරයෙන් අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වාදීම් සිදුකරන බව පෙන්වා දුන් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසුවේ, මෙම ව්‍යාපෘතිය මගින් සිදුව ඇති මෙම අපහසුතාවය හේතුවෙන් ව්‍යාපෘතිය අතර මැද නවතා දමන ලෙස කිසිදු විටක ජනතාව ඉල්ලීම් නොකරන ලද බවත්, ඔවුන් ඉල්ලා සිටියේ මෙම සිදුව ඇති තත්ත්වය කඩිනමින් පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බවත්ය.

    එසේ හෙයින් සිදුව ඇති තත්ත්වයට කඩිනමින් විසඳුම් ලබා දෙමින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව පෙන්වා දුන් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ඒ සඳහා අවශ්‍ය සොයා බැලීම් සහ උපදෙස් ජනාධිපතිතුමන්, අගමැතිතුමන්, අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන් මගින් සිදු කරන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.


    - http://mawbima.lk/article20170401MB20170930.php?id=5247
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Solar power plant to be set up in Sampur

    Wednesday, June 28, 2017 - 01:00
    Print Edition
    Disna Mudalige

    A 50 MW solar power plant will come up in Sampur as a joint venture, Power and Renewable Energy Minister Ranjith Siyambalapitiya said.

    Changing the initial plan to construct a coal power plant, the government decided to set up an LNG plant in Sampur, but the plans have been changed again to make it a solar power plant.

    Addressing a press conference at his ministry, Siyambalapitiya said the proposal to set up a solar power plant in Sampur was discussed at the last Cabinet meeting. “It is now confirmed that there will not be an LNG plant in Sampur, but a solar power plant,” he said.

    - http://www.dailynews.lk/2017/06/28/local/120293/solar-power-plant-be-set-sampur

    පට්ට මේක නම්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    Japan aid to establish Radar Weather Networks

    Friday, June 30, 2017 - 15:30

    Japan_grant_for_Radar_30_-1_1.jpg


    The Japanese Ambassador, Kenichi Suganuma signed an agreement to donate Yen 2,503 million amounting to approximately Rs. 3,422 million to establish Radar Weather Networks in Sri Lanka.

    The Exchange of Notes and Grant Agreement was made at the Finance and Mass Media Ministry in Colombo today.

    The main objective of this project is to mitigate devastations generated as a result of shortcomings by improving the weather information and forecast released by the Meteorology Department.

    The radar tower buildings will be established in Puttalam and Pottuvil.

    A Doppler Weather Radar Network including C - band Pulse Compression Solid State Dual Polarization Doppler Meteorological Radar Systems, Meteorological Radar Central Processing System, Meteorological Radar Data Display Systems and Meteorological Data Communication Systems will be installed in those buildings.

    Furthermore this project provides technical support to Meteorology Department staff to strengthen monitoring capabilities of hazardous meteorological occurrences.

    - http://www.dailynews.lk/2017/06/30/local/120588/japan-aid-establish-radar-weather-networks
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    This would be the longest Viaduct in Sri Lanka which is under construction in Southern Expressway Extension Project....it just starts from nearby Jayanthi Bridge, Palatuwa....goes just near to Kapuduwa in Hakmana Road...continues up to Yatiyana through Kadawadduwa....

    19598711_10213509617793918_6100804742157353738_n.jpg