සංවර්ධන News

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    21734.jpg

    apita meka balanna yanna widiyak nadda ban..
    :dull::dull::dull::dull::dull:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    21016.jpg


    නගරාසන්නයේ පිහිටා ඇති පහසුකම් සහිත පාසල් අතළොස්සක් වෙත දරුවන් ඇතුළත් කරගැනීම වෙනුවෙන් කාලාන්තරයක් තිස්සේ රට පුරා නොවිසඳී පවත්නා අර්බුදයට සාධාරණවූත්, ප්‍රායෝගික වූත් විසඳුමක් ලෙස, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව, ළඟ ම පාසල හොඳ ම පාසල වැඩසටහන හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, දිවයින පුරා පාසල් පහසුකම් සහිත පාසල් බවට පත්කිරීම මේ වනවිට සිදුවෙමින් පවතින අතර, මෙම වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ ජනඝණත්වය වැඩි දිස්ත්‍රික්ක කේන්ද්‍රකරගනිමින් පහසුකම් සපිරි ජාතික පාසල් අලුතින් ඉදිකිරීමට ද පියවර ගෙන තිබෙනවා. එමෙන් ම එය යහපාලන රජයේ මැතිවරණ පොරොන්දුවක් ද වනවා.

    එහි පළමු පියවර සනිටුහන් කරමින් ළඟ ම පාසල හොඳ ම පාසල වැඩසටහන යටතේ කුරුණෑගල මගුරුඔයවත්තේ අභිනවයෙන් ඉදිකෙරෙන නව ජාතික පාසලට මුල්ගල තැබීමේ ජාතික මහෝත්සවය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 2 ) පැවැත්වුණා.

    ශ්‍රී ලංකාවේ ජන ඝනත්වය වැඩි දිස්ත්‍රික්ක අතරට එක්ව ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා වන සිසු ජනගහණය ද සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා අතර එම ඉල්ලුම සපුරාලීමට පවත්නා පාසල් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම පාසල ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා.කුරුණෑගල මගුරුඔය වත්තේ අක්කර 05ක භූමියක ඉදිකෙරෙන මෙම ජාතික පාසල සඳහා යෝජිත මුලු ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 1000ක් පමණ වන අතර, 2017-2020 කාල සීමාව තුළ වැඩ අවසන් කිරීමට නියමිතයි. 1 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන මිශ්‍ර පාසලක් ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ජාතික පාසල ප්‍රදේශවාසී දරුවන් දහස්ගණනකට ප්‍රතිලාභ ලබාගත හැකි, අනාගත වැඩ ලෝකයට ගැළපෙන ක්‍රියාශීලී මානව සම්පත් ගොඩනැගීම මෙම වැඩපිළිවෙළෙහි අපේක්ෂාවයි.

    21192753_10155793384914060_3502040979205000476_n.jpg

    21271018_10155793388329060_6510915321320072556_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10155793390334060
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    පෝට්සිටිය වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක්

    02 September 2017


    අන්තර්ජාතික මූල්‍ය නගරය හෙවත් කොළඹ වරාය නගරයට අදාළ නීති සකස් කිරීම සඳහා වෙනම ව්‍යවස්ථා සංශෝධනයක් සකස් කෙරෙමින් පවතී. අන්තර්ජාතික නීති සහ ව්‍යාපාර මේ නගරය තුළ ක්‍රියාත්මක වීම නිසා ගැසට් පත්‍රයක් මඟින් පමණක් මේ නීති සකස් කළ නොහැකි බව නීතිවේදීන්ගේ අදහස වී තිබිණි.

    එසේ ගැසට් පත්‍රයක් මඟින් අදාළ නීති පැනවීමට උත්සාහ දරන්නේ නම් ඊට එරෙහිව අධිකරණයට යන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන විසින් ද පවසා ඇත.

    මේ කරුණු සියල්ල සලකා බලා අදාළ මූල්‍ය නගරයේ බදු අයකිරීම්, පාරිසරික නීති ඇතුළු සියලු කටයුතුවලට අදාළ නීති ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කිරීමට අදාළ මූලික කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි. මේ කෙටුම්පත හිටපු නීතිපති යුවන්ජන් විජේතිලකගේ අධීක්ෂණය යටතේ නීතීඥයන් කණ්ඩායමක් මගින් සකස් කරන බවත්, කඩිනමින් එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කිරීමට නියමිත් බවත් අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී අගමැති කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළේ අගමැතිවරයාගේ උපදෙස් මත මේ ව්‍යවස්ථා සංශෝධනය සකස් කෙරෙන බවත්, කිසිදු ගැටළුවක් ඇති නොවන පරිදි අදාළ අන්තර්ජාතික මූල්‍ය නගරයේ කටයුතු සිදු කිරීම ආණ්ඩුවේ අරමුණ වී ඇති බවත් ය.

    ශාලික විමලසේන


    - http://sathhanda.lk/5250-2017-09-02-08-59-00
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Cabinet approval for 66 road projects in N&E

    Monday, 4 September 2017 00:46

    $ 200 million to be allocated under phase one for 2,500 km of rural roads

    The Cabinet has granted approval for the rehabilitation and upgrade of 66 roads in the conflict-affected Northern and Eastern provinces based on a Cabinet memorandum submitted by Prime Minister Ranil Wickremesinghe.

    Unreliable and inadequate road infrastructure is a major impediment to economic growth in these two provinces. To create a conducive environment for private sector investments it is important to consider road improvement a high priority strategic investment. This will promote and expand the export of agricultural, fisheries and livestock products, etc. and enable the regions to make a bigger contribution to GDP.

    Under phase one, it is planned to develop and upgrade approximately 2,500 km of RDA, RDD and rural roads at a cost of over $ 200 million as part of national integration and reconciliation efforts in the Northern and Eastern provinces to enhance unity, harmony, coexistence and build sustainable peace among communities and ensure economic growth and poverty reduction, said Ministry of National Integration and Reconciliation Secretary V. Sivagnanasothy.

    Under this project, in the Jaffna District roads such as the Valukkaiyaru Punguduththivu-Kurikadduwan Road, Jaffna Manipai-Karainagar Road, Punnalai-Point Pedro Road and Eluthumadduwal-Nagarkovil Road, including many Road Development Authority (RDA), Road Development Department (RDD) and rural roads and the Nainathivu and Kurikadduwan jetties are to be rehabilitated.

    The Murikandi Kanagapuram Paranthan Road in the Kilinochchi District, the bridge across Kokkilai Lagoon, Vadduvaikal Bridge, and Vattapalai Main Road in the Mullaitivu District, Mahilankulam Pallamadhu Road, Peramanalankulam Road, Periyapandivirichan Road and Mullikulam Road in the Mannar District and Kiran Bridge, Santhiveli Thikiliveddai Bridge and Marine Drive Batticaloa-Kalkuda Road in the Batticaloa District will be rehabilitated and upgraded.

    Further, the Trincomalee and Ampara districts have also been included and many rural and RDD roads in northern and eastern districts are to be covered under this initiative.

    The project is to be executed by the Ministry of National Integration and Reconciliation together with other relevant line ministries and agencies, including the RDA.

    The project was formulated under the guidance of the Prime Minister’s Northern and Eastern Provinces Development Committee and recommended by the Cabinet Committee on Economic Management headed by Prime Minister Wickremesinghe and was endorsed by Cabinet. The Ministry of National Integration and Reconciliation comes directly under the purview of President Maithripala Sirisena and these road interventions will be executed under the President’s guidance. Action is being taken to call for tenders with financing arrangements on soft terms, said Sivagnanasothy.

    - http://www.ft.lk/news/Cabinet-approval-for-66-road-projects-in-N-E/56-638995
     

    sameerafit

    Junior member
  • Sep 5, 2016
    63
    41
    18
    මචන් රතන්පුර අධිවේගී මාර්ගයේ වැඩ කරනවද ඒ ගැන මොකුත් update නැද්ද ?
     
    • Like
    Reactions: skymicro

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    කන්තලේ සීනි කම්හලේ උක් වගා කටයුතු වසර 25කට පසු යළි ඇරඹේ

    Sep 4, 2017

    කන්තලේ සීනි කම්හලේ උක් වගා කටයුතු වසර 25කට පසු යළි ආරම්භ කිරීම ඊයේ සිදුවුණා.බීජ උක්ගස් වගා කිරීම සඳහා පොළොව සකස් කිරීමයි මෙසේ ආරම්භ කෙරුණේ. එම් ඩී ෂුගර් සමාගම මගින් හෙක්ටාර 150ක මෙම බීජ උක්ගස් වගා කිරීමට නියමිතයි. සීනි කම්හලේ දැනට ඇති ගොඩනැගිලි ආදී සියල්ල ඉවත් කර එය නවීන පහසුකම් ඇතුළත්ව යළි ඉදිකිරීමට නියමිතයි. වසර 3ක කාලයකින් එය යළි ඉදිකිරීමෙන් පසු ස්ථිර රැකියා 1500ක් හා තවත් වක්රව රැකියා අවස්ථා බිහිවන බවයි එම් ඩී ෂුගර් සමාගමේ නියෝජිතයන් පවසන්නේ. සමාගමේ අධ්ය ක්ෂ එස් නාගරාජා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

    - http://www.itnnews.lk/sinhala/කන්තලේ-සීනි-කම්හලේ-උක්-වග/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Rs.1 billion facelift for Palaly airport

    Sri Lankan authorities are currently looking at the possibility of developing the Palaly airport with state assistance amounting to about Rs.1 billion.

    The airport had been under the scanner by the Indian government which had expressed interest in developing, viewing it as a regional airport as well.

    Director General Civil Aviation Authority (CAA) H.M.C. Nimalsiri told the Business Times that the local authorities were to go ahead with the development of the Palaly airport as a civilian airport depending on the availability of funds.

    He said they would request for an allocation of Rs.1 billion in the 2018 budget due in November.

    The CAA had written to the Indian officials to obtain their response on the development of the said airport but had not yet received any communiqué in this regard.
    Discussions between the Indians and the Aviation Ministry were held last year regarding the development of the Northern airstrip which is currently run by the Sri Lanka Air Force (SLAF).

    India has been interested in operating direct flight services between Jaffna and some southern Indian states like Madurai or Tiruchi in Tamil Nadu or Thiruvanathapuram in Kerala even with the present facilities available at this facility.

    This project came in for criticism from some of the Tamil leaders like Northern Province Chief Minister C.V. Wigneswaran who raised his objections with Prime Minister Ranil Wickremesinghe to India funding the development of this airport.

    Under the renovation plan, the airfield will be converted from the existing 1000 metre runway to a 1200 metre runway.

    At present there is one terminal that has a capacity of about 200 people which is expected to be assessed for development, Mr. Nimalsiri explained.

    Currently the SLAF operates Hercules C130 and Antonov An32 transport aircraft and Helitours run Chinese Xian MA60 type aircraft, SLAF spokesman Group Captain Gihan Seneviratne stated. (SD)

    - http://www.sundaytimes.lk/170903/business-times/rs-1-bln-facelift-for-palaly-airport-257190.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Sri Lanka’s first elevated Light Rail Transit (LRT) line

    Japan has assisted in making the Urban Transport Master Plan in 2013. Sri Lanka has officially requested for a STEP loan for LRT. Both sides agreed to conduct JICA feasibility study which commenced in February 2017. JICA feasibility study will be done by February 2018 and hopefully, we will commence the project immediately after that. ( LRT line extends from Malabe to Union Place and Kollupitiya)

    Maritime cooperation and the development of Trincomalee Port

    Sri Lanka is in strategically important location. It is between East Asia, South East Asia and the Middle East and East Africa. In the South of Sri Lanka, we have a most important sea lane in the world.

    About 100,000 ships pass this region every year. Sri Lanka has a deep harbour in Colombo. It is very important when you take the sea routes in the Indian Ocean. You can cover the Southern region of the Indian Ocean with this Port. As Japan depends on sea trade a lot, this is very important for us.

    This is why we think keeping the Indian Ocean open and free is vital for not only Japan but also for other countries. We hope to discuss how to improve maritime cooperation further with Sri Lanka.

    With regard to Trincomalee port development, we have already allocated Rs.1.3 billion for selected areas.

    The project is to procure the products such as mooring buoy and vessel, light buoy, automatic identification system and lights, which are all manufactured by Japanese enterprises to improve the facilities at the Trincomalee port to enhance its daily operations.

    We have also begun discussions with Sri Lanka and with India on how to develop the port further.

    Tripartite Agreement between Japan, Sri Lanka and India for supply and power generation from LNG

    Sri Lanka power demand will grow in the future and the government has identified power generation through Liquefied Natural Gas (LNG) as one of the areas of focus. LNG based power is very environmental friendly. We have started discussions with Sri Lanka and India for a tripartite cooperation for LNG, supply and power generations. LNG is a new experiment for Sri Lanka. The country needs a lot of new technology and expertise. So we are discussing with the government and India how to go about in developing LNG power generation in Sri Lanka.

    Potential areas for Japanese Investment

    Sri Lanka is a hub of the Indian ocean. Many companies like coming here and setting up investment because of the location. South Asia as a whole is growing fast, so we have a big market. Sri Lanka is strategically located in South Asia and thus becomes a very important destination. Sri Lanka is also a middle income country and the potential for further growth is very high. We are looking at several areas, power, development of ports and also tourism. However, the Government should ensure a consistent economic policy and an investment friendly climate.

    Japanese help for digitilisation of television broadcasting

    The digitilisation of terrestrial television broadcasting has become a worldwide trend. Broadcasters are now turning to digital technologies to reduce their operating costs and offer enhanced services to the public. Television broadcasting is a universal service and is an important infrastructure, which most people rely on as a source of information.

    It is, therefore, essential to make television more accessible to people to allow Sri Lanka to keep pace with the rest of the world. Japan is helping Sri Lanka to digitalise television broadcasting.

    - http://www.dailynews.lk/2017/09/06/local/127320/‘it-important-keep-indian-ocean-open-and-free’
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    India’s Petronet to form JV with Japan, Sri Lanka firms for LNG plant

    Thursday, 7 September 2017 00:00

    Reuters: India’s biggest gas importer, Petronet LNG, will soon form a joint venture with Japanese and Sri Lankan companies to build a liquefied natural gas (LNG) terminal near Colombo, the Indian company said in a statement on Wednesday.

    The Sri Lankan government has issued a letter of intent to the Indian government to build the plant that would supply regassified natural gas to power stations and the transport sector in Sri Lanka, Petronet said.

    “The capacity of the LNG terminal will be decided upon the gas demand in Sri Lanka and is expected to be developed in two years after completion of initial formalities,” it added.

    - http://www.ft.lk/front-page/India-s...apan--Sri-Lanka-firms-for-LNG-plant/44-639148
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Mattala Airport to recommence commercial operations soon - PM

    The Mattala Intentional Airport would once again start active commercial operations from the end of the year, said Prime Minister Ranil Wickremesinghe.

    Speaking at the SAARC Investment Summit at Colombo Hilton he said that similarly there would be a hive of activity at the Hambantota Port including cement plants, refineries and also a LMG plant coming up after its lease to the Chinese company.

    - http://www.dailynews.lk/2017/09/07/...port-recommence-commercial-operations-soon-pm
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    ලංකාවේ නැව් තටාකාංගනය ටොන් 5000 ක නැවක් හදයි: රටේ වරාය 3 ක් හදා ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් කරන හැටි අගමැති හෙළිකරයි

    21430195_326801854389948_3529136150947436462_n.jpg


    ටොන් පන්දහසකට අධික බරකින් යුතු නෞකාවක් තැනීමේ ශක්තිය දැන් අප සතු බවත්, රටේ ප්‍රධාන වරාය 3 ක් ඉදිකර රට ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් කරන බවත් රට විකුණනවා යැයි කියන්නේ එදා කඩදාසි බෝට්ටුවක් වත් හදා ගැනීමට නොහැකි වූ අය යැයි අගමැතිවරයා පැවසීය. ඔහු රටේ ඉදිරි සැලසුම් හෙළිකරමින් මේ කතාව කෙළේ අද (07) කොළඹ නැව් තටාකාංගනයේ දී අභිනවයෙන් ඉදි කිරීම් ආරම්භ කළ ටොන් 5000 ක බරකින් යුත් නෞකාවේ නැව් බඳ ගොඩනැගීමේ ආරම්භක උත්සවයට සහභාගී වෙමිනි. එහිදී වැඩි දුරටත් කතා කළ අගමැතිවරයා.

    “ අද මෙම නෞකාව තැනීම ආරම්භ කිරීම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ එක් පියවරක් ලෙස හැඳින්විය හැකියි. ටොන් පන්දහසකට අධික බරකින් යුතු නෞකාවක් තැනීමේ ශක්තිය දැන් අප සතුයි. අපනයනය ඉලක්ක කරගත් අපේ නිෂ්පාදන ආර්ථිකය බොහෝ දුරට සීමා වී තිබුණේ ඇඟළුම් ක්ෂේත්‍රයටයි. ඊට පසුව ප්‍රමුඛස්ථානය හිමි වුණේ රබර් සහ ටයර් සදහා පමණයි. එය හොඳ තත්වයක් වන නමුත් කිසිම රටක් එක් අංශයකට පමණක් සීමා විය යුතු නැහැ. රටක් වශයෙන් අනෙකුත් අංශ වෙත ද යොමු විය යුතුයි.

    නැව් නිෂ්පාදන අංශයෙන් අපට ඉදිරියට යා හැකි බව ආරම්භ කරන මෙම වැඩපිළිවෙලින් පැහැදිලි වෙනවා. ඔබ සතු ශිල්පීය දක්ෂතාවය සහ බුද්ධිය තුලින් මෙම වැඩකටයුතු සිදු කිරීමට හැකි වී තිබෙනවා. එපමණක් නොව ජීඑස්පී ප්ලස් තීරුබදු සහනය ලබා ගැනීම හරහා අපේ භාණ්ඩ වර්ග හයදහසක් පමණ යුරෝපයට අපනයනය කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා. නමුත් භාණ්ඩ හයදසක් අපනයනය කිරීම කෙසේ වෙතත් මේ වන විට අපට භාණ්ඩ හැටක් වත් අපනයන කිරීමට හැකි වී නැහැ. ඒ නිසා කඩිනමින් භාණ්ඩ දෙතුන් සියයක් අපනයනය කිරීම සදහා සැලසුම් කළ යුතුයි. එමගින් අපේ විදේශ විනිමය ගැටළුව විසදීමට හැකියාව ලැබෙනවා.

    නිෂ්පාදන භාණ්ඩ පමණක් නොව ධීවර කර්මාන්තය ද ඒ යටතේ දියුණු කිරීමට අප බලාපොරොත්තු වනවා. කුඩා රටක් ලෙස අපට අද මුහුණපෑමට සිදුව තිබෙන ආර්ථික අර්බූදයෙන් මිදීමට නම් අපනයන දියුණු කළ යුතුයි. එම අපනයන පුළුල් කිරීම අපේ ප්‍රධානම අරමුණයි.

    අප මේ රට භාරගන්නා විට ණය ගෙවීමට නොහැකි තත්වයකට පත්ව තිබුණා. එවකට පැවති ආණ්ඩුව මැතිවරණයකට යොමු වුණේ එම ණය ගෙවීමට හැකියාවක් නොතිබූ නිසයි. අප එදා මේ රට භාරගන්නා විට බොහෝ දෙනෙක් පැවසූයේ වසරක්වත් ආණ්ඩුව පවත්වා ගෙන යාමට නොහැකි බවයි. ඒ වගේම එම ණය අපේ ඉදිරි පරම්පරා ගණනාවකට ගෙවීමට සිදුවන තත්වයක් එදා උද්ගත වී තිබුණා. නමුත් එම ණය බර සීමා කර ගැනීමට මේ වන විට අපට හැකි වී තිබෙනවා. අපට වැඩියෙන්ම ණය ගෙවීමට තිබෙන්නේ තවත් වසර දෙකක් පමණයි. එම වසර දෙක පසු කර රටේ ස්ථාවරභාවයක් ඇති කර ගෙන 2025 වන විට රටේ ආර්ථිකය සාමාන්‍ය තත්වයකට ගෙන ඒමට අපට හැකිවෙනවා.

    එහෙත් එම වසර දෙකක කාලසීමාව තුළ දී රටට ගලා එන ආයෝජනය වැඩි කිරීමට අප කටයුතු කළ යුතුයි. මේ කටයුතු සිදු කරන අතරතුර රාජ්‍ය සේවකයින්ගේ වැටුප ද රුපියල් දස දහසකින් වැඩි කිරීමට අප හැකි වුණා. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට ද කටයුතු කළා. ගැබිණි මව්වරුන් සදහා රුපියල් විසිදහසක දීමනාවක් ලබා දීමට සහ නිවාස දෙලක්ෂයක් ඉදිකිරීම සඳහා ආධාර උපකාර ලබාදී තිබෙනවා. දැනට ලැබී තිබෙන සංඛ්‍යා ලේඛණවලට අනුව සෘජු හා වක්‍ර, විධිමත් හා අවිධිමත් අංශ හරහා ලක්ෂ හතරකට පමණ ආදායම් මාර්ග බිහි කිරීමට අප කටයුතු කර තිබෙනවා. ගතවුණු වසර දෙකහමාරක කාලය තුළ ආර්ථිකය ශක්තිමත් කිරීම හරහා විශ්වාසය දිනාගනිමින් අප මෙම වැඩකටයුතු සිදුකර තිබෙනවා.

    ඉදිරියේදී මීට වඩා විශාල වැඩසටහනක් දියත් කිරීමට නියමිතයි. ඒ අනුව මහනුවර සිට වැල්ලවාය දක්වා විශාල දියුණුවක් ඇති කිරීම අපේ බලාපොරොත්තුවයි. ජපන් රජයේ ආධාර ඇතිව මහනුවර නගරය වැඩි දියුණු කිරීමට කටයුතු කරන අතර වයඹ පළාත සඳහා කර්මාන්ත කලාප ඇති කිරීම, සංචාරක කර්මාන්තය දියුණු කිරීම, බස්නාහිර මහ නගර සංවර්ධනය, කළුතර දිස්ත්‍රික්කයේ විශාල කර්මාන්ත කලාප ආරම්භ කිරීම ආදී වැඩසටහන් දියත් කරනවා. ගාල්ල ප්‍රදේශයේ වැඩි ආදායම් සහිත සංචාරක කලාප සහ හම්බන්තොට වරාය හා ගුවන් තොටුපල කේන්ද්‍ර කර ගනිමින් මාතර, හම්බන්තොට හා මොණරාගල යන ප්‍රදේශවල අලූත් ආර්ථිකයක් ඇති කිරීම එම වැඩසටහනට ඇතුළත් වෙනවා.

    මේ සමගම සිංගප්පුරුවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය සංවර්ධනය සදහා සැලසුම් සකස් කරනවා. අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමටයි. ඒ සදහා ගුවන්යානා සහ නැව් පැමිණිය යුතුයි. ඒ තුලින් අපේ වරායන් හා ගුවන්තොටුපලවල් දියුණු විය යුතුයි. මේ කටයුතු අපට තනිව සිදුකළ නොහැකියි. ඒ සඳහා අවශ්‍ය අයෝජන හා දැනුම අපට ඇත්තේ නැහැ. විදේශ නැව් හා ගුවන් සමාගම් සමග අපට සම්බන්ධතා නැහැ. එම නිසා විදේශිකයන් එකතු කර ගනිමින් එය සිදුකළ යුතුයි.

    අප මේ වැඩ කටයුතු සිදු කරන විට ඇතැම් අය අප රට විකුණන බවට චෝදනා කරනවා. ඇත්ත වශයෙන්ම රට විකුණන බවට මේ චෝදනා කරන්නේ කඩදාසි බෝට්ටුවක් වත් සදාගැනීමට නොහැකි වූ අයයි.

    කොළඹ නැව් තාටාකාංගනයේ දී ටොන් පන්දහසකට අධික බරකින් යුතු නැවක් ඉදිකර විදේශයට විකුණනවා. එමගින් අප සිදු කරන්නේ රට විකිණීමක් ද, එසේ නැතිනම් නෞකාවක් විකුණා ආදායම් ලබාගැනීම ද යන්න කල්පනා කළ යුතුයි. අපේ රට පිහිටා තිබෙන්නේ ඉන්දියන් සාගරය මධ්‍යයේයි. මානවම්ම, පරාක්‍රමබාහු, හයවන පරාක්‍රමබාහු යන රජවරුන් පමණක් නොව සුදු ජාතිකයන් ද අපේ රටේ පිහිටීමෙන් ප්‍රයෝජන ලබා ගත්තා. එසේ නම් රටේ පිහිටීම හරහා ප්‍රයෝජන ලබා ගැනීමට අපට නොහැකි ඇයි ? අප එය දියුණු කළ යුතුයි. ඉන්දියන් සාගරයේ ලොකුම වරාය ලෙස අප සංවර්ධනය වූ විට ඒ හරහා ඉන්දියාවටත්, ඉන්දියාවේ බටහිර හා නැගෙනහිර වරායන්ටන්, බංගලාදේශයටත්, මියන්මාරයටත්, බඩු භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි වනවා. එසේම අප්‍රිකානු මහද්වීපය හරහා මෙරටට පැමිණෙන බඩු භාණ්ඩ එක් අතකින් චීනය සහ ජපානයටත් අනෙක් පසින් යුරෝපයටත් ප්‍රවාහනය කිරීමට හැකිවන පරිදි අපේ වරාය සකස් කළ යුතුයි. ඒ සඳහා අපට ආධාර උපකාර අවශ්‍ය වනවා. විශේෂයෙන්ම අද කොළඹවරායේ ආදායමෙන් සියයට හැටක් රඳා පවතින්නේ ඉන්දියාට යවන බඩු භාණ්ඩ මතයි. ඉන්දියාවේ දියුණුව සැලකීමේදී ඊට අනුව අපේ වරායේ ආදායම සියයට හැත්තෑපහක් දක්වා වර්ධනය කළ හැකියි. ඉන්දියාව නව වරායන් ඉදිකිරීම අපට ගැටළුවක් නොවෙයි. ශ්‍රී ලාංකිකයන් ඉන්දියානුවන්ට වඩා දක්ෂයි.

    පළමුවෙන්ම අප ඉන්දියාව සමග මිත්‍රශීලිව කටයුතු කළ යුතුයි. මෙම ස්ථානයේ ඉන්දියාව සඳහාත් නැව් නිෂ්පාදනය කරන බව මා දැක තිබෙනවා. එම කටයුතු අප ඉදිරියටත් පවත්වාගෙන යා යුතුයි. ඒ සදහා බදු පැනවීමෙන් ඊට බාධා නොකල යුතුයි. ඊළඟට වරායන් දියුණු කළ යුතුයි.

    ඉන්පසුව අපේ වරායන් දියුණු කළ යුතුයි. දකුණු වරායේ වැඩකටයු අවසන් කිරීම පමණක් නොව අප උතුරු වරායක් ද ඉදිකළ යුතුයි. එය උතුරේ සිට ජාඇල දක්වා ව්‍යාප්ත කිරීමෙන් වසර 100 දක්වාම සමස්ත ඉන්දියන් සාගරයේ විශාලම වරාය බවට එය පත් කළ හැකියි. මේ සදහා අපට ජපානයෙන් ආධාර ලබාදෙනවා. පළමුවෙන් ඒ සදහා අධ්‍යයන වාර්තා සකස් කළ යුතුයි.

    එසේම ත්‍රිකුණාමලය ලෝකයේ තිබෙන විශාලම ස්වභාවික වරායන් අතරින් එකක්. එමෙන්ම හම්බන්තොට වරායත් අප සතුයි. ඒ අනුව ඉන්දියන් සාගරයේ විශාලතම වරායන් තුනක් සහ ඉහල මට්ටමේ ගුවන් තොටුපලවල් දෙක තුනක් පවත්වාගෙන යාම තුලින් අපට පහසුවෙන්ම ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්විය හැකිය. අතීතයේ අපේ රජවරු ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කරමින් අපේ රට ලෝක බලවත් රාජ්‍යයක් ලෙස සංවර්ධනය කර ගත්තේ මෙම ක්‍රම වේදයන්ට අනුවයි.

    පසුගිය සඳුදා V2025 ලෙස අපේ ඉදිරි දැක්ම ඉදිරිපත් කලේ මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සදහායි. ශ්‍රී ලංකා ආර්ථිකයේ විශාල තැනක් මේ වරායට හිමිවෙනවා. සිංගප්පූරුව ලෝක ආර්ථිකයේ ඉහල ස්ථානයකට රැගෙන ඒමට එරට වරායට හැකි වුණා සේම අපට ද නිසියාකාරව කොළඹවරාය සංවර්ධනය කිරීමෙන් මුළු රටම දියුණු කිරීමට හැකියාව ලැබෙනවා. අපේ රට අපි කාටවත් විකුණන්නේ නැහැ. බොරු සටන්පාඨ අපට අවශ්‍ය නැහැ. කොළඹ වරාය හම්බන්තොට වරායට එකතු කිරීමෙන් වරාය අධිකාරියට බිලියන 40 ක පාඩුවක් සිදු වුණා. අපට සිදුවූ එම පාඩුව වලක්වා ගැනීමට හැකිවුණා. එම නිසා මින් පසු වාරය සංස්ථාවේ මුදල් හම්බන්තොට වරාය වෙනුවෙන් යොදවන්නේ නැති බව එදා අපි මැතිවරණයේදී පැවසුවා. නමුත් එදා නිහඬව සිටි පුද්ගලයන් වරාය විකුණනාව යැයි පවසමින් අද කෑගහනවා. කෙසේ නමුත් මේ වන විට කොළඹ වරාය ආරක්ෂිතයි. වරාය දියුණු කිරීමට අවශ්‍ය මුදල් අපි ක්‍රමානුකඣලව ලබා දෙනවා. නමුත් මෙහි විශාල දියුණුවක් ලබාදීමට එම මුදල් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඉන්දියන් සාගරයේ විශාලම වරාය ලෙස කොළඹ වරායත්, දෙවන විශාල වරාය ලෙස ත්‍රිකුණාමලය වරායත් සංවර්ධනය කළ හැකියි. හම්බන්තොට වරායද තවත් දියුණු කළ යුතුයි. රටේ දියුණුවට මීටත් වඩා දෙයක් අවශ්‍ය වන්නේ නැති බව මගේ හැඟීමයි.

    මෙම වරායන් තුන සංවර්ධනය කිරීම මගින් සිංගප්පූරුව දියුණු වූවා සේම ශ්‍රී ලංකාවටත් දියුණු කරා ළඟා විය හැකියි. ඉරානයේ සිට ඕස්ට්‍රේලියාව දක්වා කලාපයේ රටවල් එළඹෙන වසර 30 තුල ලෝකයේ ප්‍රධාන රාජ්‍යයන් බවට පත්විය හැකියි. ඒවගේම කෙන්යාව, දකුණු අප්‍රිකාව, මැද පෙරදිග ආදි රටවල් ද අපේ සංවර්ධනයට වැදගත් වනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ පිහිටීම අප ප්‍රයෝජනයට නොගන්නේ නමි අපේ රටට දියුණු කරා ළඟා විය නොහැකියි. එම පිහිටීමේ ප්‍රයෝජනය ගනිමින් අපි ශ්‍රී ලංකාවේ වරායන් සංවර්ධනය කළ යුතු වෙනවා. ඒ සඳහා ඔබ ගන්නා උත්සාහය සහ වැඩපිළිවෙල අපි ඉතා අගය කරනවා. එසේම කොළඹ වරායටත් මෙහි වැඩකටයුතු කරන සමාගමටත් අප ස්තුති වන්ත වෙනවා. “


    a2.jpg

    a4.jpg

    a6.jpg

    21314416_326806057722861_1721216384196836946_n.jpg


    - http://www.lankaenews.com/news/6310/si
    - https://www.facebook.com/permalink.php?story_fbid=326806234389510&id=100011804074832
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    කදුරුවෙල කෘෂි ආර්ථීක මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාව.

    චීන රජයේ ආධාර යටතේ රුපියල් කෝටි 520 ක වියදමින් මෙම කෘෂි ආර්ථීක මධ්‍යස්ථානය ඉදිකෙරෙන අතර ප්‍රධාන වාණිජ සංකීර්ණය සහ කෘෂි කර්මාන්ත පරිශ්‍රයකින් සමන්විත මෙම මධ්‍යස්ථානය වෙළද සැල්, ළමුන් සදහා ක්‍රීඩා කරන ස්ථාන, භෝජනාගාර පහසුකම්, බැංකු පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියලූ පහසුකම්වලින් සමන්විතය. කෘෂි ආර්ථීක මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමරු ඵලකය ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරුණු අතර එම පරිශ්‍රයේ රුක් රෝපණයක් ද සිදු කෙරිණි. මේ අතර දිස්ත්‍රීක්කයේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන චාරිකා ඇතුළු ඔවුන්ගේ අවශ්‍යතා සදහා භාවිතා කිරීමට බස් රථ 03 ක් පොළොන්නරුව, දිඹුලාගල සහ හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාල වෙත භාරදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. දිස්ත්‍රීක්කයේ පාසල් කිහිපයක දරුවන් කළ ඉල්ලීම පරිදි ජනාධිපති කාර්යාලයේ අරමුදල් මත මෙම බස් රථ ලබාදීම සිදුවූ අතර එම බස්රථ දරුවන්ගේ අවශ්‍යතා සඳහා පමණක්ම යෙදවිය යුතු බවට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    21462585_10155479473356327_3702451093459904869_n.jpg

    21369464_10155479473466327_5593871286736681878_n.jpg

    21432999_10155479474381327_7109930716532457925_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10155479472756327