සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    තිස්සමහාරාමයට නවෝදයක්...

    තිස්සමහාරාම බහුකාර්ය ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අද දින මහනගර අමාත්‍ය චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර 2019 වසරේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් වේ. දක්ෂිණ කලාපීය මහනගර සංවර්ධන සැලසුමට අනුව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත නාගරික සංවර්ධන අධිකාරිය ව්‍යපෘතිය ක්‍රියාත්මක කරයි. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 360.1 ක මුදලක් වැය කිරීමට අපේක්ෂිතය.

    21432993_1955317531416422_5586693710842816251_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=1955314318083410

    දක්ෂිණ කලාපීය මහනගර සංවර්ධන සැලසුමට අනුව ඉදිවන බෙරලිහෙල පොළ ඉදිකිරීම් ආරම්භය අද දින මහනගර අමාත්‍ය චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. අද ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය 2018 වසරේදී අවසන් කිරීමට නියමිතය. මහනගර අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත නාගරික සංවර්ධන අධිකාරිය මෙහි ඉදිකිරීම් සිදු කරනු ලබයි. රුපියල් මිලියන 43.2 ක මුදලක් මේ සඳහා වැය කිරීමට නියමිතය.

    21432979_1955349094746599_8371848304387404526_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=1955348091413366
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    ගණේමුල්ල නව ගුවන් පාලම ළඟදීම ජනතා අයිතියට

    21751808_1810526325643081_1433637112629208318_n.jpg


    ගණේමුල්ල නව ගුවන් පාලමේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතින අතර එය ළඟදී ම ජනතා අයිතියට පත්කෙරෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

    මාර්ග සංවර්ධන අධිකාරියේ බ්‍රිතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘතිය යටතේ, ගණේමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ ඉදිවන මෙම ගුවන් පාලමේ දිග ප‍්‍රමාණය මීටර් 504කි. මීටර් 300ක පිවිසුම් මාර්ගයක් ඊට ඇතුලත්වේ. මංතීරු දෙකක් සහිතව ඉදිකෙරෙන පාලම වෙනුවෙන් වැය කෙරෙන මුදල රු.මිලි.1768.21 කි.



    ගණේමුල්ල නඟරය ගම්පහ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන නඟර කිහිපයක් මධ්‍යයේ පිහිටා ඇත. කඩවත, ගම්පහ, ජාඇල කඳාන වැනි ජනාකීර්ණ නඟර අතර පිහිටි ගණේමුල්ල නඟරය හරහා දිනපතා විශාල රථවාහන ප‍්‍රමාණයක් ගමන් ගනී.



    දිවයිනේ ප‍්‍රධානතම දුම්රිය ස්ථානයක් වන ගණේමුල්ල දුම්රිය ස්ථානය හේතුවෙන්ද නගරය තුළ නිරන්තර මාර්ග තදබදයක් ඇතිවේ. මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් අරමුණින් 2015 අප්‍රේල් 19 වන දින ගණේමුල්ල ගුවන් පාලමේ ඉදිකිරීම් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මූලිකත්වය සහ මඟපෙන්වීම අනුව ආරම්භ විය.



    දුම්රිය මාර්ගය හා මහාමාර්ගය සමීපව පිහිටීම හේතුවෙන් ඇතිවන අනාරක්ෂිත බවද මේ පාලම ඉදිවීමත් සමඟ අවම වනු ඇති. එසේම තදබදය හේතුවෙන් සිදුවන වායු දූෂණයද විශාල ප‍්‍රමාණයකින් අඩුවීමද මෙම ගුවන් පාලම ඉදිකිරීමේ ප‍්‍රධානතම අරමුණ වේ. බියන්විල, - ගණේමුල්ල, කිරිඳිවිට - ගණේමුල්ල මාර්ග ඔස්සේ තදබදයකින් තොරව රථවාහන ධාවනය කිරීමේ අවස්ථාව ද මේ පාලම ඉදිවීමත් සමඟ හිමිවේ.


    - https://sinhala.news.lk/news/sri-lanka/item/24982-2017-09-12-04-33-08
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    කොළඹ, කොටුව 'චාර්මස් ග්‍රැනරීස්' භූමියේ යෝජිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය
    - සියලු ප්‍රවාහන මාදිලි ඒකාබද්ධ කරමින් කොළඹ කොටුව/පිටකොටුව ප්‍රදේශයේ බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කරනු ලැබ තිබේ. එම ව්‍යාපෘතිය යටතේ අවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කිරීම පිණිස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති 'චාර්මස් ග්‍රැනරීස්' නැමැති අක්කර 9 රූඩ් 3 පර්චස් 27ක ප්‍රමාණයෙන් යුත් නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් කොටස යොදා ගැනීමට තීරණය කර ති‍ෙබ්.

    ඒ අනුව, බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථාන ව්‍යාපෘතිය යටතේ 'කොළඹ නගර පිවිසුම' ලෙස එකී ඉඩම් කොටස සංවර්ධනය කිරීමට සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා තරගකාරී ලංසු කැඳවීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ග්‍රාමීය ප්‍රදේශවල පාලම් ඉදි කිරීම
    - ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ, නගරයට පමණක් නොව ඈත පිහිටි ගම්මානවලට ද ළඟා කර දීමේ අරමුණින්, රට තුළ මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සදහා රජය ප්‍රමුඛතාව ලබා දී තිබේ. ඒ යටතේ ග්‍රාමීය ප්‍රදේශවල පාලම් 3,500ත් 4,000ත් අතර ප්‍රමාණයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, එක්සත් රාජධානියේ හා නෙදර්ලන්තයේ මූල්‍ය සහාය ඇතිව මෙවැනි පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘති දෙකක් දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

    එසේම හංගේරියානු සහ බෙල්ජියම් රජයන් ද ග්‍රාමීය ප්‍රදේශවල පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘති සදහා මූල්‍ය සහාය ලබා දීමට ඉදිරිපත්ව ඇත. ඒ අනුව, එම රජයන්ගේ මූල්‍ය සහාය ද ඇතිව ග්‍රාමීය ප්‍රදේශවල පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කැඳවීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත බලය පැවරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    දුෂ්කර ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ ගමනාගමන පහසුව සඳහා කුඩා පාලම් ඉදි කිරීම

    - ඉතාම අනාරක්ෂිත තාවකාලික ඒදඬු භාවිතයෙන් ඇළදොළ ආදිය හරහා ගමනාගමනය සිදු වන ස්ථාන 1,500ක් සහ කිසිදු ආරක්ෂිත පිළියමක් නොමැතිව දුෂ්කර ලෙස ගංගා, ඇළදොළ ආදිය තරණය කරමින් ගමනාගමනය සිදු කෙරෙන ස්ථාන 500ක් පමණ ශ්‍රී ලංකාවේ අතිදුෂ්කර ප්‍රදේශවල තිබෙන බව නිරීක්ෂණය කර තිබේ. එබැවින් මෙවැනි දුෂ්කර ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ආරක්ෂිත ලෙස ගමන් පහසුව සලසා දීමේ අරමුණින් කුඩා පාලම් ඉදි කිරීම අවශ්‍ය වේ. මේ සඳහා ඉතා අඩු වියදමක් යටතේ, කල් පවතින කුඩා පාලම් (Foot Bridges) විශේෂයක් දියුණු තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කර අත්හදා බැලීමට ඉංජිනේරු පර්යේෂණ හා තාක්ෂණ ආයතනය (NERDC) සමත්ව ඇත.

    ඒ අනුව, ඉතා අනාරක්ෂිත ලෙස ගංගා, ඇළදොළ ආදිය තරණය කරමින් ජනතාව ගමනාගමනය සිදු කරන ස්ථාන හඳුනාගෙන, එම ස්ථානවල මෙවැනි පාලම් 1,000ක්, ඉදිරි වර්ෂ තුන (03) තුළ ඉදි කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

    කොට්ටාව, කුලසෙවන වත්ත, වෘත්තීයවේදීන් සඳහා වූ මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතිය
    - කොළඹ නගරයේ ක්‍රියාත්මක කෙරෙන 'නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය' යටතේ කොට්ටාව, කුලසෙවන වත්ත ප්‍රදේශයේ වෘත්තීයවේදීන් සඳහා වූ මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස ඒකක 300 ක් ඉදි කිරීමට නියමිතය. ඒ සඳහා සුදුසුකම් ලත් කොන්ත්‍රාත්කරුවන් වෙතින් යෝජනා කැඳවනු ලැබ ඇති අතර ලංසු කරුවන් 04 දෙනෙකු විසින් යෝජනා ඉදිරිපත් කරනු ලැබ තිබේ.

    එම යෝජනා ඇගයීමට ලක් කරන ලද අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, සැලසුම් කර ඉදි කිරීමේ පදනම මත අදාළ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 3,699ක මුදලකට, සතුට බිල්ඩර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ කොළඹ 07, ටොරින්ටන් මාවතේ නිවාස ඒකක 115ක් ඉදි කිරීම.
    - කොළඹ නගරයේ ක්‍රියාත්මක කෙරෙන 'නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය' යටතේ කොළඹ 07, ටොරින්ටන් මාවතේ නිවාස ඒකක 115ක් ඉදි කිරීම සඳහා සුදුසුකම් ලත් කොන්ත්‍රාත්කරුවන් වෙතින් යෝජනා කැඳවනු ලැබ තිබේ. ඒ අනුව ලංසු කරුවන් 05 දෙනෙකු විසින් යෝජනා ඉදිරිපත් කරනු ලැබ ඇති අතර එම යෝජනා ඇගයීමට ලක් කරන ලද අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සැලසුම් කර ඉදි කිරීමේ පදනම මත අදාළ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 395ක මුදලකට සුබසිංහ කන්ට්‍රැක්ටර්ස් ඇන්ඩ් අර්ත් මුවර්ස් ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පුත්තලම - අරුවක්කාලුහි නාගරික ඝන අපද්‍රව්‍ය අවසන් වශයෙන් බැහැ‍ර කිරීමේ පහසුකම් ස්ථාපිත කිරීම
    - මීතොටමුල්ල විවෘත කසළ බිමෙහි සිදු වූ හදිසි කඩා වැටීම හේතුවෙන් උද්ගත වූ තත්ත්වය තුළ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම අර්බුදයක් බවට පත්ව තිබේ. මෙම තත්ත්වය තුළ දැනටමත් අනුමැතිය ලබා දී ඇති පුත්තලම - අරුවක්කාලු ප්‍රදේශයේ සනීපාරක්ෂක බිම් පිරවුමක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම අවශ්‍ය වේ.

    ඒ අනුව, මෙම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියට අදාළ කසළ හුවමාරු මධ්‍යස්ථාන, සනීපාරක්ෂක බිම් පිරවුම් හා දුම්රිය මාර්ග සම්බන්ධතා ඉදි කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමටත්, එහි කසළ බැහැර කිරීමේ කටයුතු 2020 වර්ෂය වන විට ආරම්භ කිරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය නගා සිටුවීම සඳහා රාජ්‍ය - පෞද්ගලික බද්ධ ව්‍යාපාර පිහිටුවීම
    - ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය නගා සිටුවීම මඟින් ඖෂධ ආනයනය සඳහා වැය වන සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකි වන අතර ඖෂධ මිල ගණන් ස්ථාවරව පවත්වා ගැනීමටද එමඟින් ඉඩකඩ සැලසෙයි. ඒ අනුව, රෝහල් සඳහා අවශ්‍ය නැවුම් හා උසස් තත්ත්වයෙන් යුතු ඖෂධ ද්‍රව්‍ය කාර්යක්ෂමව රජයේ රෝහල් වෙත අඛණ්ඩව සැපයීමේ හැකියාවක් ඇති ආයෝජකයින් හඳුනාගෙන එම ආයෝජකයින් සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අතර බද්ධ ව්‍යාපාර පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ.

    මේ සඳහා ප්‍රතිචාර දක්වා ඇති ආයෝජකයින් 24 දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 36ක් අතුරින් සාර්ථක යෝජනා 31 පිළිගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, මෙම කරුණ සම්බන්ධයෙන් පත් කරන ලද භාණ්ඩාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරි කමිටුවේ නිර්දේශයන්ට යටත්ව, එකී සාර්ථක යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගත් ආයෝජකයින් සමඟ රාජ්‍ය - පෞද්ගලික පදනම මත බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අමාත්‍ය මණ්ඩල තීරණ 2017-09-12


    More here:
    http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-09-12
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිල්ල..

    ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ පවතින ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිල්ල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ විවෘත කෙරිණි. නව කැලණි පාලම ඉදිකිරීම් ව්‍යාපෘතිය සදහා භූමිය අත්පත් කරගැනීමේදී ඔරුගොඩවත්තේ පිහිටි මෝටර්රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය පිහිටි භූමියද අත්පත්කර ගැනිණි. ඒ අනුව ජපන් සහයෝගීතා ණය ආධාර යටතේ රුපියල් මිලියන 1540 ක මුදලක් වැයකරමින් ඔරුගොඩවත්තේ නව භූමියක ඉදිකෙරුණු මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය අති නවීන තාක්ෂණ ශිල්පීය ක්‍රම අධ්‍යයනය කළහැකි අයුරින් නිමවා තිඛෙන අතර පරිපාලන සහ පුහුණු ඒකක වර්ග මීටර් 8,000 කින් යුක්ත වේ. වැඩ ඒකකවල තිබූ පුහුණු යන්ත්‍රසූත්‍ර හා උපකරණ හානියකින් තොරව ප්‍රතිස්ථාපනය, නවීන තාක්ෂණික ක්‍රම අධ්‍යයනය සදහා පුහුණු කිරීමේ යන්ත්‍ර 05 ක් අලූතෙන් එක්කිරීම, අලූතින් සිසුන් වැඩි පිරිසක් ඇතුළත් කරගැනීමේ හැකියාව පැවතීම සහ අනාගත අවශ්‍යතා අනුව තවත් ඉඩකඩ අවශ්‍යනම් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් තට්ටු 05 සිට 10 දක්වා වැඩිකරගත හැකි පරිදි මූලික ඉදිකිරීම් නිමකර තිබීම විශේෂත්වයකි. ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වයේ ඉපැරණි සිහිවටනයක් ලෙස 1985 වර්ෂයේදී මෙරටට ලැබුණු මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය මගින් මෙරටට ගෙන්වන ජපන් මෝටර්රථ අලූත්වැඩියා කිරීමේ කාර්මික ශිල්පීන් බිහිකිරීම සදහා අඛණ්ඩවම දායක වී තිබේ.

    21742933_10155494879576327_7285305222808700503_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10155494877751327

    21731043_461271844257260_8927187031610643031_n.jpg

    21743210_461271807590597_81821387961934912_n.jpg

    21728510_461271947590583_2794267747467509906_n.jpg

    21751627_461271974257247_4741492446237632740_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    සුගතදාස කී‍්‍රඩාංගණයේ කෘති‍්‍රම ධාවන පථය යළි එලීම අරඹයි

    2017-09-14

    2013 වසරේ සිට තාවකාලිකව වසා දැමුණු කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේ මීටර් 400 කෘති‍්‍රම ධාවන පථය යළි නැවත එලීමේ වැඩ කටයුතු අද (14) උදෑසන ආරම්භ වුණා.

    එ් කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ ප‍්‍රධානත්වයෙන්.

    කී‍්‍රඩාංගණයේ කෘති‍්‍රම ධාවන පථයේ ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතාබහක් මතු වූ අතර මේ නිසා වසර කිහිපයක්ම මළල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට නිසි ලෙස සිය පුහුණුවීම් සිදු කිරීමටද හැකියාව ලැබුණේ නැහැ.

    සුගතදාස කී‍්‍රඩාංගණයේ මීටර් 200 ධාවන පථය අලූතින් එලීමේ කටයුතු ද අද ආරම්භ කෙරෙනවා. මෙවර කෘතී‍්‍රම ධාවන පථය එලීමේ ටෙන්ඩරය ලබාගෙන ඇත්තේ ඇක්සස් කොනිකා එ්කාබද්ධ සමාගමයි.

    මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 269ක්. කෘති‍්‍රම ධාවන පථය නැවත එලීමේ සියලූ කටයුතු ලබන දෙසැම්බර් මස වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

    මීට පෙර එක්තරා සමාගමක් විසින් රුපියල් මිලියන 113ක ටෙන්ඩරයක් මගින් මෙහි එලනු ලැබූ කෘති‍්‍රම ධාවන පථය කඩතොලූ වීම හේතුවෙන් සුගතදාස කී‍්‍රඩාංගණය තාවකාලිකව වසා දැමීමට කී‍්‍රඩා බලධාරීන් පියවර ගත්තා. අවසන් වරට සුගතදාස කී‍්‍රඩාංගණයේ පැවැත් වූ අන්තර්ජාතික තරගාවලිය වන්නේ 2012 වසරේ පැවති ආසියානු කනිෂ්ඨ මළල කී‍්‍රඩා තරගාවලියයි.


    - http://nethnews.lk/article/45727
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    China Merchant to reveal its ‘Road Map’ for the Hambantota Port at Ceylon Chamber seminar

    September, 14, 2017

    The China Merchant Port Holdings will declare its ‘Road Map for the Development of the Hambantota Port’ at a Ceylon Chamber of Commerce seminar organized under the title of ‘South Asia’s Emerging Gateway City ’.

    During the seminar, Mr. Hang Tian, Deputy General Manager, China Merchant Port Holdings Company will declare the firm’s overall plan for the Hambantota Port under the title ‘Road Map for Development of Hambantota Port.’

    Mr. Mangala P.B. Yapa, Managing Director, Agency for Development Strategies and Dr. Parakrama Dissanayake, Chairman, Sri Lanka Ports Authority will also speak at the seminar. Yapa will speak under the title of ‘Hambantota Logistics and Industrial Zone’- Vision for the Future’ and Dissanayake will speak on the ‘Hambantota Port: Development Strategy ‘

    Development of the Hambantota Port, as well as the new proposed Logistics and Industrial Zone, would have business opportunities for a range of sectors and provide new prospects for FDI – particularly through joint ventures between foreign and Sri Lankan firms.

    - http://bizenglish.adaderana.lk/chin...he-hambantota-port-at-ceylon-chamber-seminar/
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    සේවා නගරයට තවත් ආයතන දෙකක්.

    ශී‍්‍ර ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ යාන්ත‍්‍රික අංශය සහ රෙඩෙකෝ ආයතනය කෙරවලපිටිය නව සේවා නගරය තුළ ස්ථාපිත කිරීමේ ඉදිකිරීම් සමාරම්භක උත්සවය අද දින ගරු මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කෙරවලපිටිය නව සේවා නගරයේ දී පැවැත්විණි.

    21730837_1956603581287817_1445318451255808388_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=1956601384621370
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    India's biggest importer of gas, Petronet to build Sri Lanka’s first LNG terminal

    15 September 2017

    Petronet LNG Ltd, India’s biggest importer of gas, will partner with Japan’s Mitsubishi and Sojitz Corp to set up Sri Lanka’s first liquefied natural gas (LNG) terminal near Colombo, its CEO Prabhat Singh said today.

    “Petronet will be the leader of the joint venture with the largest shareholding,” he told reporters after the company’s annual general meeting, the FInancial Express reported. Without disclosing the shareholding, he said the Sri Lankan government will also be a partner in the project.

    Petronet officials will visit Tokyo this month and Colombo in October to finalise the project details, he said. Sri Lankan government had earlier this month issued a Letter of Intent to the company to build a floating LNG import facility to supply gas to power plants and the transport sector in Sri Lanka.

    - http://www.sundaytimes.lk/article/1...et-lng-to-build-sri-lankas-first-lng-terminal
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Ruwanpura Expressway: RDA pushes ahead without EIA report

    By Namini Wijedasa

    CEA sources critical of process as being 'inside out'

    The Road Development Authority (RDA) has started acquiring land for the US$ 1.8 billion (Rs. 275 billion) Ruwanpura Expressway even before a mandatory environmental impact assessment (EIA) and an economic feasibility study are completed, prompting Central Environment Authority (CEA) sources to denounce the process as ‘inside out’.

    Tens of families have been issued notices under the Land Acquisition Act’s controversial Section 38(a) which allows for immediate takeover of land on grounds of “urgency” with compensation to be paid in the unspecified future. It is not clear what the urgency is as neither the EIA nor feasibility study is ready. And there is still no budget to pay landowners for the properties they will forfeit.

    The RDA has already advanced Rs 314 million to a consultancy firm for the feasibility study which was initially given out for 32 weeks but is still not final, details obtained under the Right to Information (RTI) Act revealed. The job was assigned more than two years ago, in November 2014, to Maga Neguma Consultancy and Project Management Services (Pvt) Ltd which subcontracted it to Skills International. A penalty was not imposed for the delay. The agreement was merely extended.

    Meanwhile, the EIA–which is crucial as the expressway will traverse environmentally sensitive areas–is yet to be presented to the public for comment. “We have to see it first to gauge whether it is suitable enough to open out for public comment,” a CEA official said, on condition of anonymity. Several areas along the proposed trace, running 73.9km from Kahathuduwa to Pelmadulla via Horana, are prone to disaster.

    Eighteen percent of land acquisition is now finished in the 26.3km stretch from Kahathuduwa to Ingiriya while 40 percent of preliminary design work is also done. “The RDA is violating every step in the book in its rush to push this through,” the official pointed out. “What will they do if the EIA is rejected or there is a call for the trace to be changed? Or if the feasibility study deems the project to be economically unviable?”

    The Auditor General’s Department has also queried the process, the Sunday Times learns. Civil works contractors have not yet been selected. It has not been decided whether to request proposals from a nominated contractor for the first section or to go for a Build, Operate and Transfer (BOT) option, project officers said in response to the RTI application.

    However, a Cabinet memorandum dated August 2016, obtained under RTI, states that the Cabinet Committee on Economic Management (CCEM) decided in July last year that the project should be divided into four sections. “…and technical and civil works of each section of the Expressway should be invited from one of the four companies identified for that particular section which were recommended by the Chinese Government,” it states.

    This is no different to the much-vilified unsolicited proposals process that was followed by the previous administration which led to allegations of cost inflation and corruption. The Cabinet memorandum clearly states that the “single proposal” option will be chosen, in violation of a declared Government policy of open, transparent bidding.

    The memo reveals that the first section from Kahathuduwa to Ingiriya was to be parcelled out to China National Technical Import & Export Corporation; the second 21km section from Ingiriya to Kahengama to China National Aero-Technology International Engineering Corporation; the 12.7km stretch from Kahengama to Bela to Hunan Construction Engineering Group Corporation; and the final 13.9km section from Bela to Pelmadulla to China Harbour Engineering Corporation.

    Meanwhile, the National Physical Planning Department (NPPD) of the Ministry of Megapolis and Western Development has already voiced strong concern about the expressway saying it cuts through “central fragile areas” that are crucial to conservation of the country’s water sources. It previously sent letters to this effect to the RDA, CEA and others.

    The Draft National Physical Plan– expected to be approved by the National Physical Planning Council headed by President Maithripala Sirisena next month–questions the requirement for both the Ruwanpura and Central Expressways. It strongly flags the sensitivities and fragile nature of these areas.

    “If one wants to develop more than that, we will have to forget the beauty, salubrity and heritage and increase carrying capacities, investing huge sums on artificial infrastructure,” said Jagath Nandana Munasinghe, NPPD Director General. “This is the same in Ratnapura and the fragile area of the Sabaragamuwa province.”

    The NPPD has pointed out that four urban metro regions–other than the Western Megapolis–are proposed to be developed in Trincomalee-Polonnaruwa-Dambulla; Jaffna-Kilinochchi; Hambantota; and Batticaloa-Ampara. This will attract a major share of the country’s future population.

    “Such attraction will result in depopulation trends in the study region within the next 30 years, and thereby cause a decrease in travel demand within the study area,” it states, referring to the regions the Ruwanpura Expressway will cut across. “The growth factors used in the feasibility study to forecast travel demand could have considered such trends.”

    Instead of expressways, Dr Munasinghe said, the NPP promotes railway improvements between Colombo and Kandy and Colombo and Hambantota via Ratnapura. “That is less costly, environment friendly and therefore more feasible,” he pointed out.

    - http://www.sundaytimes.lk/170917/news/ruwanpura-rda-pushes-ahead-without-eia-report-259984.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Monsontath sanwardane epa welada?

    මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ දෙසැම්බරයෙන් අවසන්

    (ඉන්දික අරුණ කුමාර)

    මේ වසරේ දෙසැම්බර් වන විට මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ අවසන් කළ හැකි බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පි.ජී. දයානන්ද මහතා පවසයි.

    මේ වන විට සුළු වැඩ කොටසක් ඉතිරිව ඇති බව ද ඒ මහතා කියයි.

    කඩිනම් මහවැලි මහ සැලැස්මේ අවසන් වාරි ව්‍යපාතිය වන මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 18100ක් පමණ වැය කර තිබේ.
    ඒ අතරින් මේ වසර අවසානයේ වැඩ අවසන් වන මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 557.5 මුදලක් වෙන්කර තිබේ.

    ජලාශයේ ජලය ගෙනයාමට ඉදිකෙරෙන ඉහල ඇලහැර ව්‍යාපෘතිය යටතේ මොරගහකන්දේ සිට මහකනදරාව දක්වා ඇල ඉදිකිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450 ක් වැයකිරීමට නියමිතය.

    මීට අමතරව වයඹ සංවර්ධන ඇල සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200 ක් වැය කෙරෙන බව පි.ජී.දයානන්ද මහතා පැවසීය.

    වැඩ අවසන් අදියරේ පවතින මොරහකන්ද වාරි ව්‍යාපෘතිය දැකගැනීම සඳහා මෙරට මහජනතාවට අවස්ථාව පවතින බව ද හෙතෙම ප්‍රකාශ කළේය.


    image_9c6567c3c8.jpg


    - http://www.lankadeepa.lk/main_picture/මොරගහකන්ද-ව්‍යාපෘතියේ-වැඩ-දෙසැම්බරයෙන්-අවසන්/11-517850
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Access Engineering PLC Re-draws the Capital City’s Skyline with Capital Heights

    September, 20, 2017

    Image-01-Mr.png


    Construction of the 242-unit ‘Capital Heights’ luxury apartment project commenced on 18th September 2017,when Blue Star Realties (Pvt) Ltd., a Member of Access Engineering PLC, formally received China State Construction Engineering Corporation Ltd.,(CSCEC) to the site in Buthgamuwa Road, Rajagiriya. CSCEC mobilised its team to the site, in association with Access Projects (Pvt) Ltd., as the Piling Division of Access Engineering PLC successfully completed the piling stage of the venture.

    Speaking at the Mobilisation Ceremony, Access Group Chairman Mr. Sumal Perera said, "Capital Heights is already receiving great interest from Sri Lankans living overseas, who are keen to invest in a home that is away from the busy city, yet with all the modern conveniences and ease of access. China State Construction Engineering Corporation Ltd. (CSCEC), in association with Access Projects (Pvt) Ltd. and the other partners on this project, are leaders in their speciality and together with them, we hope to deliver homes that balance construction excellence with low maintenance and comfortable living."

    Set in the idyllic backdrop of the DiyawannaOya, this venture of Access Engineering PLC will see 242 apartments in two and three-bedroom configurations and 10 plush penthouses crowning the property. The location, just minutes away from all conveniences and government services, offers residents the tranquillity of living close to one of Colombo’s thriving wetlands. The apartments will be ready for occupancy in March 2020.

    “Buthgamuwa Road, Rajagiriya, known as the Manhattan of Sri Lanka, with the backdrop of DiyawannaOya is a much sought after residential location and ‘Capital Heights’ will boost its property value further. Access Engineering PLC is a name synonymous in the area, having built the bridge across the DiyawannaOya and now fast completing the Rajagiriya flyover," said Rajitha Jayasuriya, Director Sales & Marketing of Blue Star Realties (Pvt) Ltd., the developing arm of this high-rise project.

    Access-Engineering-PLC.png


    - http://bizenglish.adaderana.lk/acce...he-capital-citysskyline-with-capital-heights/