සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    pg13_0.jpg


    - http://www.sundayobserver.lk/2017/1...-sri-lanka-revolutionising-classroom-teaching
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    නීති නොතකා අධිවේගයේ යතුරු පැදි ගෙනයන සිරිසේන පවුලේ සාමාජිකයෝ


    අද දින අධික වේගයෙන් අධිවේගී මාර්ගයේ ප්‍රභූ ආරක්ෂක යතුරු පැදි ධාවනය වූ වීඩියෝවක් පාඨකයෙකු විසින් අප වෙත එවා තිබේ. යතුරු පැදියක් ධාවනය කල හැකි උපරිම වේගයද අභිබවා, ඒ වගේම පැයට කිලෝමීටර් 100ක වේගයද අභිමවමින් යන අනෙකුත් ප්‍රභූ රථ පෙලද, අනෙක් වාහනවලටද ප්‍රභල අනතුරුදායී අවධානමක් ලබා දෙමින් ධාවනය කරන ආකාරය මෙහි සටහන්ව තිබේ. කෙසේ වුවත් සාමාන්‍ය ඇමති කෙනෙකුට වඩා ඉහල පන්තියේ පුද්ගලයෙකුට හිමි රථ වාහන පෙළපාලියක් වන අතර, අගමැතිගේ රථ වාහන පෙළපාලියක් ලෙස සැක සිතිය හැක. නමුත් මෙය එවපු පාඨකයා සඳහන් කරන්නේ මෙහි ගියේ ජනපති දියණිය වන චතුරිකා සිරිසේන බවයි. එසේ නම් 2015 ජනවාරි අටට පෙර වත්මන් ජනපති කියූ කතා හාස්‍යයට පමණක් වන බව සිතේ තියා ගැනීම වටී.


     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83

    රාජිත සිය ලේකම්ගේ නමට නැව් 8ක් ගෙන්නා මාට්ටු – පරීක්ෂණ නවත්වන්නැයි තර්ජනය කරයි

    මාස කිහිපයකට පෙර ධිවර සංස්ථාව ඉදිරිපිට උද්ගෝෂණය කල ධිවර ජනතාවට රාජිත විසින් සිය මැරයන් යොදවා පහරදීමක් සිදු කලේ, එම ජනතාව විසින් රාජිතගේ මේ වංචාවන්ට විරුද්ධව පැමිණිලි රාශියක් වග කිවයුතු වයතනයන් වෙත ගොනු කර තිබීම b=නිසා පලිගැනීමක් වශයෙනි.

    රාජිතගේ මේ වංචා සියල්ල ඇරඹෙන්නේ රාජිත සේනාරත්න මහතා හමුවූ ARUGAMBAY FISHARY(PVT)LTD නම් සමාගම ශ්‍රී ලංකා දියඹේ මසුන් ඇල්ලීමට කළ ඉල්ලීමක් සමඟයි. මේ සමාගම පොතුවිල්හි ස්ථාපිත එකකි. අදාළ සමාගම කළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා 2012.10.01 වැනිදා UL 888 දරණ යානයෙන් චීනය බලායන්නේ අදාළ සමාගමේ වියදමෙන්.

    නැවත 2013.06.06 වැනි දින චීනය බලායන රාජිත සේනාරත්න මහතා හවුල් ව්‍යාපාරයක් අරඹනවා. ඒ තම සම්බන්ධීකරණ ලේකම් වන දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න ප්‍රධාන කොටස් හිමිකරු කරමින්. සමාගමේ නම “BLUE OCEAN FISHERY(PVT)LTD”. එහි ලියාපදිංචි අංකය N/A 176433යි. මෙහි කොටස් 60%ක් හිමි රාජිත සේනාරත්නගේ ලේකම් වන අනුරාධ සෙනෙවිරත්නට වන අතර මෙම නව සමාගම විසින් නැව් අටක් මිලදී ගේන ඇත. ඒවා නම්
    Blue Ocean – 101,102,103,104,105,106,107සහ108 යි.

    ඒවායේ ලියාපදිංචි අංක වන්නේ පිළිවෙලින්
    IMUL-A-0090,0091,0092,0093,0098,0099,0100,0101යි.

    එහි ආයෝජනය මිලියන 1000 බව වාර්තාවේ. ඒ අනුව රාජිත සේනාරත්නගේ ලේකම් දොන් අනුරාධ සෙනෙවිරත්නගේ ආයෝජනය මිලියන 600ක්. අනුරාධ සෙනවිරත්නට මිලියන 600ක් ආයෝජනය කිරීමට මුදල් ලැබුනේ කෙසේද සොයා බැලිය යුතුය.

    ගිවිසුම අනුව මෙම නැව් අටෙන් අල්ලා අපනයනය කරන මාළු ප්‍රමාණයෙන් 10%ක් ලංකා ධිවර සංස්ථාවට කිලෝ 1ක් ඇමරිකානු ඩොලර් 1කට විකිණීමට එකඟවී තිබුණත් මේ දක්වා එම ආදායම ධීවර සංස්ථාවට ලැබී නැති බවද වාර්තාවේ.

    කෙසේවෙතත් මේ සම්බන්ධ පරීක්ෂණ සිදුකරමින් රාජිත සේනාරත්නව බෙල්ලෙන් අල්ලාගැනීමට ඔන්න මෙන්න තිබියදී රනිල් හා මෛත්‍රී ළඟ වැඳ වැටි ඇති රාජිත පවසා ඇත්තේ තමන්ව කෙසේ හෝ බේරා ගන්නා ලෙසත් බැරිවෙලා හෝ තමන්ව මෙයට හසු වුවහොත් ආණ්ඩුවේ අනෙකුත් අක්‍රමිකතා ද හෙළි කරන බවයි.

    ඒ අනුව ක්‍රියාත්මක වූ රනිල් මෛත්‍රී ඇතුළු කණ්ඩායම් මුලින්ම කර ඇත්තේ මේ පිලිබඳ දැඩිව නීතිය ක්‍රියා කරන විජයදාස රාජපක්ෂව අධිකරණ ඇමති ධුරයෙන් ඉවත් කිරීමයි. ඉන්පසු තමන්ගේ සුවච කීකරු බැළලියක් වන තලතා එම තනතුරට පත් කරවාගෙන තමන්ට ඕනා ආකාරයට නීතිය හසුරවීමට කටයුතු කර ඇත. තලතා අධිකරණ ඇමතිනී වීමත් සමග රාජිතගේ පරීක්ෂණ වහාම අත්හිටුවා ඇති අතර අදාල ලියකියවිලිද තමන්ගේ භාරයට ගේන ඇතැයි වාර්තාවේ, එලෙසම කිසිදු ආකාරයකින් එම ලියකියවිලි වල පිටපත් තබා නොගන්නා ලෙසද අදාල නිලධාරීන්ට නියෝග කර ඇත. මෙලෙස ලබාගත් ලියකියවිලි රාජිත සේනාරත්නට ලබාදී ඇති අතර සියලුම ලියකියවිලි එතැන ඇති බව තහවුරු කර ගැනීමෙන් පසු ඒවා විනාශ කිරීමටත් කටයුතු කර අත.

    තම බලය භාවිත කර ස්ථාපිත කල “BLUE OCEAN FISHERY (PVT) LTD” සම්බන්ධ ගනුදෙනු පිළිබඳ පහත කරුණු අපි සතුයි. මේ “BLUE OCEAN FISHERY (PVT) LTD” සම්බන්ධ ලේඛන වලින් කොටසක් පහත දැක්වේ.


    Ship2.jpg
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    තායිවාන බැංකු සයිබර් කොල්ලය - නුගේගොඩ නාලන්දාරාමයේ සැඟව සිටි ලිට්රෝ සභාපති ශලිල අත්අඩංගුවට

    ශලිල අත්අඩංගුවට ගැනීමට සොයන බව සැලවී නිවසින් පළාගොස් සිටි අතර ඔහුගේ හිතවතෙකු වන මන්ත්‍රී රවී කරුණානායකගේ රැකවරණය ලබමින් නුගේගොඩ නාලන්දාරාමයෙහි
    සැඟව සිටින බව පොලිසියට තොරතුරු ලැබී තිබියදී ජනාධිපති නිතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මාර්ගයෙන් ඔහු භාර විය.
    ශලිල මුණසිංහ යනු පසුගිය ජනපතිවරණයේ ජනපති මෛත්‍රී තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (හංසයා) පක්ෂයේ සභාපතිවරයාය.

    මෙම වංචාව ඇමරිකානු ඩොලර් මිලියන 2104 වන අතර රුපියල් වලින් කෝටි 32 කට ආසන්න මුදලකි.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    තායිවාන බැංකු සයිබර් කොල්ලය - නුගේගොඩ නාලන්දාරාමයේ සැඟව සිටි ලිට්රෝ සභාපති ශලිල අත්අඩංගුවට

    ශලිල අත්අඩංගුවට ගැනීමට සොයන බව සැලවී නිවසින් පළාගොස් සිටි අතර ඔහුගේ හිතවතෙකු වන මන්ත්‍රී රවී කරුණානායකගේ රැකවරණය ලබමින් නුගේගොඩ නාලන්දාරාමයෙහි
    සැඟව සිටින බව පොලිසියට තොරතුරු ලැබී තිබියදී ජනාධිපති නිතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මාර්ගයෙන් ඔහු භාර විය.
    ශලිල මුණසිංහ යනු පසුගිය ජනපතිවරණයේ ජනපති මෛත්‍රී තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (හංසයා) පක්ෂයේ සභාපතිවරයාය.

    මෙම වංචාව ඇමරිකානු ඩොලර් මිලියන 2104 වන අතර රුපියල් වලින් කෝටි 32 කට ආසන්න මුදලකි.

    hama thanama horu. Allapu ekata CID ekata mal mitak.:yes::yes::yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික විද්‍යා ක්ෂේත්‍රය සංවර්ධන කිරීම මඟින් ආර්ථිකය සවිබල ගැන්වීම

    - සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ආර්ථිකය තුළ යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව සඳහා සුවිශේෂී ස්ථානයක් හිමිවේ. එම ‍ක්ෂේත්‍රය සඳහා සිදුකරනු ලබන ආයෝජනයන් ගෙන් එමෙන් පහළොස් ගුණයකට වැඩි ප්‍රතිලාභ අත්කර ගත හැකි බව වෙනත් රටවල අත්දැකීම් මඟින් හෙළි වී තිබේ. ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම මඟින් උසස් තාක්ෂණික අපනයනයන් ඉහළ නැංවීම, මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා යොදා ගත හැකි උසස් තාක්ෂණික යන්ත්‍ර නිර්මාණය කිරීම මඟින් ආනයන වියදම් අවම කිරීම, මනා පුහුණුවලත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා නිර්මාණය කිරීම වැනි ප්‍රතිලාභ අත්කර ගත හැකි වේ.
    ඒ අනුව, යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා සම්බන්ධ සමාගම් සඳහා නිෂ්පාදන සැලසුම් නිර්මාණය කිරීමේ ඉංජිනේරු (Product Design Engineering) උද්‍යානයක් හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නිතිනි තාක්ෂණ ආයතනය තුළ ස්ථාපිත කිරීමටත්, එහි කළමනාකරණ කටයුතු ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) වෙත පැවරීමටත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කොළඹ සහ රුහුණ විශ්වවිද්‍යාලවල ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
    - අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි, කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය ස්ථාපනය කිරීම සදහා වූ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 1,801ක මුදලකට M/s. International Construction Consortium (Pvt.) Ltd. වෙතද, රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා විභාග ශාලාවක්, සායනික විශිෂ්ටතා මධ්‍යස්ථානයක්, සෞඛ්‍ය අධ්‍යාපන මධ්‍යස්ථානයක් සහ පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානයක් සහිත මහල් 12කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සදහා වූ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 850ක මුදලකට M/s. Link Engineering (Pvt.) Ltd. වෙතද පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පොළොන්නරුව නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය

    - 'රජරට නවෝදය - පිබිදෙමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධනය කෙරෙන පොළොන්නරුව ප්‍රදේශයේ නැ‍ඟෙනහිර නගර ප්‍රදේශය ඇතුළත්වන පරිදි නව ජල සම්පාදන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලැබී තිබේ. මෙමඟින් වැලිකන්ද, දිඹුලාගල, තමන්කඩුව, ලංකාපුර, හිඟුරක්ගොඩ සහ ඇලහැර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි 262,481ක් පමණ වූ ජනතාවට සෞඛාරක්ෂිත පානීය ජලය සැපයීමට අපේක්ෂා කෙරේ.
    මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 354ක මුදලකට M/s. China Harbour Engineering Company Ltd. වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    විසල් පොළොන්නරුව උපනගර ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

    - 'රජරට නවෝදය - පිබිදෙමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහන යටතේ ජලසම්පාදන ව්‍යාපෘති 09ක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් හිමි වී තිබේ. එහි උප ව්‍යාපෘතියක් වන විසල් පොළොන්නරුව උපනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගල්ලෑල්ල ජල පවිත්‍රාගාරයේ සිට යෝජිත පොළොන්නරුව උරුම නගරය, වාණිජ නගරය, පරිපාලන නගරය හා වකුගඩු රෝහල සදහා අවශ්‍ය අතිරේක ජල සැපයුම සම්පාදනය කෙරෙනු ඇත.
    මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය යාන්ත්‍රික හා විදුලි උපකරණ සැපයීම, ස්ථාපනය, පරීක්ෂා කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 154ක මුදලකට M/s. K P Projects International (Pvt.) Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කළුතර මහ රෝ‍හලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණය වැඩිදියුණු කිරීම

    - කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම රෝහල වන කළුතර මහ රෝහල මඟින් අගලවත්ත, බුලත්සිංහල, හොරණ, බණ්ඩාරගම, කළුතර, මතුගම සහ බේරුවල යන ප්‍රදේශයන්හි ජීවත් වන ජනතාව වෙත රෝගී සත්කාරක සේවාවන් සැපයීමේදී ඉමහත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. නේවාසික රෝගීන් සදහා වඩා වැඩි ඉඩ පහසුකම් සැපයීම අරමුණු කරගනිමින්, එම රෝහලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණය සඳහා මහල් 07කින් යුත් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට යෝජනා වී තිබේ.
    මෙම ගොඩනැඟිල්ල ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 2,817ක මුදලකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය‍ට හා ඉංජිනේරු සේවා පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලැබීමට යෝජිත ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය

    - ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන වෙත ප්‍රමාණවත් පහසුකම් සැලසීම හා නිසි ක්‍රමවේදයක් සකස් කර දීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත. මේ සඳහා දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක කරනු ලබන නිසි වැඩපිළිවෙළක් මඟින් විසඳුම් ලබා දීම සුදුසු බව හඳුනාගනු ලැබ තිබේ. ඒ යටතේ, අධික ජනගහනය හා ශීඝ්‍ර කාර්මීකරණය හේතුවෙන් විශාල වශයෙන් නාගරික ඝන අපද්‍රව්‍ය එකතුවන ගම්පහ දිස්ත්‍රික්කයේ සනීපාරක්ෂක කසළ රඳවනයක් ඉදි කිරීමට යෝජනා වී තිබේ.
    ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන විසින් එක්රැස් කරනු ලබන ඝන අපද්‍රව්‍ය විධිමත් පරිදි කළමනාකරණය සඳහා සනීපාරක්ෂක කසළ රැඳවුමක් සහ කාබනික පොහොර නිෂ්පාදන අංගණයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක්, මධ්‍යම පරිසර අධිකාරිය මඟින් රුපියල් මිලියන 989 ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අංගොඩ ප්‍රදේශයේ අලුතින් ඉදි කෙරෙන මහල් නිවාස සංකීර්ණයේ නිවාස අලෙවි කිරීම

    - 'නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය' යටතේ, කොළඹ නගරයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් පදිංචි කරවීම සඳහා නිවාස ඒකක 500කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක්, අංගොඩ රෝහල් පරිශ්‍රයේ අක්කර 05ක ඉඩම් කොටසක් තුළ ඉදි කෙරෙමින් පවතියි. එහි වැඩකටයුතු අවසන් වීමට ආසන්නව ඇත. එහෙත් විවිධ හේතු නිසා කොළඹ නගරය තුළ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් කොළඹ නගර සීමාවෙන් බැහැර ප්‍රදේශවල පදිංචි කරවීමේ ප්‍රායෝගික අපහසුතා මතු වී තිබේ.
    එබැවින්, රුපියල් මිලියන 4ත් 5ත් අතර මුදලකට මිල කළ හැකි මෙම නිවාස ඒකක, පුවත්පත් දැන්වීම් මඟින් අයදුම්පත් කැඳවා, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ද ඇතුළුව පහළ මධ්‍යම පාන්තික රජයේ සේවකයින්, කලාකරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, සමාජ ක්‍රියාකාරීන් ආදී කණ්ඩායම් වෙත අලෙවි කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    'සැමට සෙවණ' හා 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන සඳහා යටිතල පහසුකම් සම්පාදනය

    - 2016 වර්ෂයේදී පවත්වන ලද දීපව්‍යාප්ත නිවාස අවශ්‍යතා සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාව තුළ නිවාස නොමැති අඩු ආදායම්ලාභී පවුල් 216,197ක් වෙසෙන බව හඳුනාගෙන තිබේ. එම ජනතාවට නිවාස අයිතිය ලබා දීම සඳහා නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය විසින් 'සැමට සෙවණ' හා 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන වැඩසටහන්, ඉතා ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන් ලෙස සලකා ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති අතර, එමඟින් 2020 වර්ෂය වන විට ආදර්ශ ගම්මාන 2,500ක් ඉදි කිරීමට ඉලක්ක කර තිබේ.
    එම වැඩසටහන් සාර්ථක කරගැනීමේදී නව ජනාවාස ඉදි කිරීම සඳහා ඉඩම් වෙන් කිරීම, ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීම, පානීය ජල පහසුකම් ස්ථාපනය කිරීම මෙන්ම විදුලිබලය ලබා දීම ද අත්‍යවශ්‍ය වේ. එබැවින් අලුතින් ආරම්භ කිරීමට අපේක්ෂිත ආදර්ශ ගම්මාන 2,500 සඳහා අවශ්‍ය ඉහත සඳහන් පහසුකම් සලසා දීම කෙරෙහි රජය විසින් දැනටමත් ක්‍රියාත්මක කරනු ලබන හා ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලැබීමට නියමිත සංවර්ධන වැඩසටහන්වලදී ප්‍රමුඛතාව ලබා දීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

    'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම

    - දරිද්‍රතාවෙන් පීඩා විඳින ජනතාවගේ නිවාස ගැටලු විසඳීම සඳහා 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන වැඩසටහන නමින් පුළුල් වැඩසටහනක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලැබේ. එම වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි ආදර්ශ ගම්මාන 25ක නිවාස 600ක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 300ක මූල්‍යාධාරයක් ඉන්දියානු රජය විසින් දැනටමත් ලබා දෙනු ලැබ ඇත. එම ව්‍යාපෘතියේ ප්‍රගතිය අගයමින් නිවාස 600ක් තවදුරටත් ඉදි කිරීම පිණිස තවත් රුපියල් මිලියන 300ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දියානු රජය එකඟතාව පළ කර ඇත.
    ඒ අනුව, ඉන්දියානු රජය විසින් ලබා දෙනු ලබන රුපියල් මිලියන 300ක එම ප්‍රදානය උපයෝගී කරගනිමින් 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ, ඉතා පහළ ආදායම් ලබන තවත් පවුල් 600ක් සඳහා නිවාස ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, ඉන්දියානු රජය සමඟ ඊට අදාළ අවබෝධතා ගිවිසුමට එළඹීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    From Cabinet decisions 2017.10.10
    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-10-10
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Hi-tech number plates to keep tabs on vehicles

    By Damith Wickremasekara
    View(s): 1901

    A Radio Frequency Identification system to be introduced to new number plates will help police to keep close tabs on vehicle movements.
    The new number plates will be introduced next year, Motor Traffic Commissioner General Jagath Chandrasiri told the Sunday Times.
    The vehicles with the new number plates could be tracked by the nearest tower to be installed soon. These towers will be similar to the mobile phone towers that help track the location of mobile phones.

    Motor Traffic Commissioner Thushara F. Suraweera said the new system would be first introduced to new vehicles when registered and thereafter to other vehicles gradually. He said the identification system could be made use of by the police in the event forged number plates were used and would also be useful in cracking down on crimes where vehicles were involved.

    Police Traffic Director Indika Hapugala said that system would enable authorities to monitor online the movement of vehicles.
    This would be similar to monitoring through CCTV cameras and initially the towers would be installed in Colombo, he said.
    “In the event of an accident or crime the vehicle could be followed through the towers enabling easy detection of the vehicle,” he added.

    - http://www.sundaytimes.lk/171008/news/hi-tech-number-plates-to-keep-tabs-on-vehicles-263080.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Developing Mattala Int’l Airport: Top Indian player keen to throw hat into the ring ‘If proposition is feasible to do business’

    October 7, 2017, 7:53 pm

    by SURESH PERERA

    HYDERABAD: GMR Group, a key player in the international infrastructure sphere, expressed optimism of participating in a global bidding process to develop Sri Lanka’s Mattala International Airport, but the proposition should be "feasible in doing business", says S. G. K. Kishore, Chief Executive Officer, GMR Hyderabad International Airport Limited.

    ‘We have always shown interest in developing airports globally, and if Mattala is feasible, we are keen to come into the picture to cut losses and make this civil air facility viable", he told a group of visiting Sri Lankan journalists at the Hyderabad Rajiv Gandhi International Airport (RGIA) complex recently.

    "It is important that we look at the models that can be built around the (Mattala) airport for the project to be viable. One proposal will be to establish a flying and aeronautical school to use the airport", he noted.

    Under the modern concept, when constructing an airport, a city should be built around it, Kishore outlined.

    The Bangalore headquartered GMR Group is a private sector, well diversified corporate with interests in airports, energy, transportation,highways and urban infrastructure sectors. It is credited with developing India’s busiest Indira Gandhi International Airport (IGIA) in New Delhi and the RGIA in Hyderabad.

    Apart from managing these two assets within India, the Group has also signed a concession agreement for operations and development of the Mectan Cebu International Airport in the Philippines for a period of 25 years.

    The CEO said that there should be an eco-system to make the Mattala airport sustainable and profitable with many components around it to ensure viability.

    "We developed the first-ever benchmark greenfield Airport City in Hyderabad. If the Sri Lankan government feels it needs a model airport at Mattala, there is capacity to do so, and we are ready to participate in the bidding process under the right atmosphere", he noted.

    Indian tourists have been largely visiting Singapore and Malaysia as their preferred destinations, but now Sri Lanka has emerged as an attractive option. With a population of 1.25 billion, the capacity in every sector in India increasing and the average person is now keen to travel overseas, says Manish Agnihothri, Head – Strategic Planning.

    With four SriLankan Airlines direct weekly flights now operating from Colombo to Hyderabad and a fifth frequency on the cards from October 2017, there is enormous potential for both countries to boost their tourism markets, he underscored.

    Inaugurated in March 2008, the Rajiv Gandhi International Airport in Hyderabad, the sixth largest metropolis in India, has the capacity to handle 12 million passengers and 100,000 tons of cargo per annum under Phase 1. With world-class facilities, it has been consistently ranked amongst the top three airports in the world in Airport Service Quality ratings.

    "The Hyderabad airport development project was the first-ever private-public model in India. The concept was so successful that it was replicated world-wide", Agnihothri said.

    More:
    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=172944
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Port City company offers to extend Marine Drive in US $ 150mn project

    2017-10-09 10:00:15

    China Harbour Engineering Company Limited (CHEC), the developers and the owners of the Colombo Port City project, has proposed to extend the Marine Drive via an underground tunnel, that will ultimately connect the country’s South with the Northern region.


    The US $ 150 million project is likely to be on Public Private Partnership (PPP) basis, but the government is likely to make an annuity payment to the project owner during the period it operates the project as the toll collection is unlikely to be sufficient to generate a return.


    However, this would not weigh on the country’s budget or escalate the already high borrowings because the annuity payment would be made from the State’s operating budget as opposed to the capital budget.


    The technical feasibilities are currently underway, said sources close to the matter.


    The project has been designed to expand the existing Marine Drive through an underground tunnel through the Galle Face Green which will then be connected to an elevated highway on the Port City, which will link up to the New Kelani Bridge.


    There could also be an extension of the Galle Face Green promenade when the project reaches completion.

    The environmental lobbyists and transport sector specialists have for years raised serious concerns about the possible adverse environmental impact from the US $ 1.4 billion Port City project and of the likely additional congestion in Colombo once the project becomes fully operational.


    An Environmental Impact Assessment (EIA) is currently underway for the Marine Drive extension project to ascertain the possible negative impact on the environment.


    The project sponsors have decided to preserve the aesthetic beauty of the Galle Face Hotel and also to ensure that the project does not spoil the fascinating view of the Galle Face Green.


    Meanwhile, in a separate development, another feasibility study is currently being carried out to construct a Light Rail Transit (LRT) system between Colombo Port and Katunayake. The study is due to be completed this week.


    Sri Lanka’s coalition regime banks on PPPs to develop the country’s physical infrastructure, a clear shift from the former regime’s debt-funded, state-led development model, which proved highly unsustainable.


    However, the current regime is also accused of selling the country’s national assets to foreigners with geo political interests for a song, a development vehemently opposed by the majority.

    - http://www.dailymirror.lk/article/P...-mn-project--138049.html?fbrefresh=1507524446
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    පහළ මල්වතුඔය ව්‍යෘපෘතිය යටතේ විදුලි බලාගාරයක්

    09 October

    පහළ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත් රටටත් ජනතාවටත් උපරිම ප‍්‍රතිලාභ ලැබෙන පරිදි ව්‍යාපෘති සැලසුම් කිරීමට පිියවර ගත යුතු බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

    පසුගියදා අමාත්‍යංශයේ පැවති නිලධාරී හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ඉදිකිරීමට යෝජිත විදුලි බලාගාරය මගින් ගිගාවොට් පැය 4.68 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට ලබා දීමට නියමිතයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පූර්ණ දායකත්වය මත මෙම ව්‍යාපෘතියද ක්‍රියාත්මක වේ. එම බලාගාරය ඉදිකිරිමෙන් අනතුරුව එය පවත්වාගෙන යාමේ වගකීම ලංකා විදුලි බල මණ්ඩලය වෙත පවරන බව අමාත්‍යවරයා සඳහන් කළේ.

    විදුලි බල උත්පාදනය සඳහා යොදා ගන්නා ජලය වාරි ඇල මාර්ග කිහිපයක් ඔස්සේ කුඩා වැව් වෙත යොමු කිරීමටද සැලසුම් කර තිබේ. මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියට සමගාමීව කුඩා වැව් 100 ක් ඉදිකිරීමට නියමිතයි. උග‍්‍ර ජල හිගයකට ගොදුරු වී ඇති වගාබිම් වෙත ජලය සැපයීම කුඩා වැව් ව්‍යාපෘතියේ අරමුණයි. මල්වතුඔය ජලාශ ව්‍යාපෘතිය මගින් වගාබිම් අක්කර 40,000 ට ජලය සැපයීමට සැලසුම් කර තිබේ.

    මේ වන විට ජලාශ ව්‍යාපෘතියේ මූලික අදියරේ ඉදිකිරීම් ආරම්භ කර තිබේ. ප‍්‍රධාන ව්‍යාපෘති කාර්යාලය තන්තිරිමලේ ප‍්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින අතර යෝධවැව දක්වා දිවෙන පෝෂිත ඇල මාර්ගයේ ඉදිකිරීම්ද සිදු වෙමින් තිබේ.

    වසර තුනක් ඇතුලත සමස්ථ ව්‍යාපෘතියේ වැඩ නිම කිරීම සිය අපේක්‍ෂාව බවයි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසූයේ. ශී‍්‍ර ලංකාවේ ඉදිවන තුන්වන විශාලම ජලාශය ද වන පහළ මල්වතුඔය ජලාශයේ අපේක්‍ෂිත ජල ධාරිතාව අක්කර අඩි 169440 කි.

    වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසේකර, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ටී.පී අල්විස් යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.


    - https://sinhala.news.lk/news/sri-lanka/item/25382-2017-10-09-04-29-39