සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    Outer Circular Highway Project Phase III

    22366541_1714215265317079_3042483183331667551_n.jpg

    22366686_1714215091983763_4924049038421206_n.jpg

    22405994_1714215278650411_6681515445729572038_n.jpg

    22366697_1714215135317092_6559063261322614775_n.jpg

    22492036_1714215141983758_527439623536750535_n.jpg
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    රහස්‌ ගන්න පරපෙචුවල් සල්ලි කඳු බෙදා දීලා - සමාගමේ ප්‍රධාන ගැනුම්කරු බැඳුම්කර කොමිසමේදී පිළිගනී

    lead.jpg



    ගෙවීම් කළේ 'චාලි-කාර් ටැන්ගෝ' නම්වලින්

    ශ්‍යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන

    දැනට ව්‍යාපාරික කටයුතු තහනම් කර තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට භාණ්‌ඩාගාර බැඳුම්කර ලංසු ඉදිරිපත් කිරීම සඳහා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සහ සේවක භාරකාර අරමුදල ඇතුළු ආයතනවල සිටින නිලධාරීන්ගෙන් ලද අභ්‍යන්තර රහස්‌ තොරතුරුවලට තම සමාගම විසින් විශාල මුදල් ගෙවීම් සිදුකළ බව පර්පෙචුවල් ටෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු (චීµa ඩීලර්) නුවන් තිළිණ සල්ගාදු මහතා ඊයේ (12 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේ දී පිළිගත්තේය.

    චාලි, කාර් සහ ටැන්ගෝ යන අන්වර්ථ නාමයන්ගෙන් එම ගෙවීම් සිදුකළ බවද එම ගෙවීම්වලට අදාළ පරිගණක ලිපිගොනු යාවත්කාලීන කළේ තමා විසින්ම බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි දෙමින් සල්ගාදු මහතා කොමිසමට හෙළි කළේය.

    මින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ සිටින ගෙවීම් ලබන පුද්ගලයා හැඳින්වූයේ "චාලි" යන නමින් බවද සල්ගාදු මහතා කීවේය.

    2015 සැප්තැම්බර් මාසය දක්‌වා මෙසේ "චාලි ලෙස හැඳින්වූයේ සේවක අර්ථසාධක අරමුදලේ උදසීලන් මහතා බවත් ඉන් පසු "චාලි" ලෙස හැඳින්වූයේ අර්ථසාධක අරමුදලේ සිටි ඉන්දික සමන් කුමාර මහතා බවත් සල්ගාදු මහතා කොමිසමට කීවේය.

    මෙසේ "චාලි" නමින් හැඳින්වූයේ සේවක අර්ථසාධක අරමුදලේ අභ්‍යන්තර තොරතුරු සැකසූ පුද්ගලයා බවත් "කාර්" සහ "ටැන්ගෝ" ලෙස හැඳින්වූයේ කව්දැයි තමා නොදන්නා බවත් තමා කළේ පර්පෙචුවෙල් ටෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතාගේ උපදෙස්‌ මත එම ලේඛන නඩත්තු කිරීම පමණක්‌ බවත් සල්ගාදු මහතා කොමිසමට සාක්‍ෂි දෙමින් කීවේය.

    පර්පෙචුවල් ටෙෂරීස්‌ සමාගම ආරම්භ කළ 2014 වර්ෂයේ දී මෙන්ම එවැනි ගෙවීම් 2015 වර්ෂයේදීත් දිගටම සිදුවූ බවද කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සල්ගාදු මහතා කීවේය.

    පර්පෙචුවල් ටෙෂරීස්‌ සමාගම ආරම්භ කළ අවස්‌ථාවේ සිටම එම සමාගමට අභ්‍යන්තර රහස්‌ තොරතුරු සපයන පුද්ගලයින් සිට ඇති බව ඉන් පැහැදිලි වනවා නේදැයි විනිසුරු ජයවර්ධන ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සල්ගාදු මහතා ඒ බව පිළිගත්තේය.
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    හංසයා සභාපති ලංකාවේ පුරවැසියකු නොවේ.. ජාතික හැඳුනුම්පත ව්‍යාජ එකක්.. හංසයා යටතේ ජනාධිපතිවරණයට තරග වැදීම ගැන නීතී අවුලක්..

    33blevn.jpg


    හංසයා ලකුණ පක්ෂයේ සභාපති ශලිල මුණසිංහ බ්‍රිතාන්‍යයේ පුරවැසියකු වන බවත් ඔහුගේ ශ්‍රී ලංකාවේ විසා තව නොබෝ දිනයකින් නිමවන බවත් ලෝකයේ බැංකු අතර වංචා සිදු කොට බන්ධනාගාර ගත කිරිමට යාමේදි මහේස්ත්‍රාත් අධිකරණයේදි හෙලිදරව් වි ඇත.

    රාජ්‍ය ආයතනයක් වන ලිට්ත්‍රො ගෑස් සමාගමේ සභාපති ලෙස බ්‍රිතාන්‍යයේ පුරවැසියකු පත් කලේ කෙසේද යන්නත් එසේ පත්කලේ කවුරුන් ද යන්න සොයා බැලිය යුතු කරුණකි.
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි උතුර පුරා හර්තාල්.. ජන ජිවිතය මුළුමනින්ම අඩාලයි..

    t6pcfl.jpg



    දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (13) උතුරු පලාත තුල පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් දෛනික කටයුතු සියල්ලක්ම අඩාල වී තිබුණි.

    උතුරු පලාතේ පිහිටි සියලුම වෙළඳසැල් අද උදෑසන සිට වසා තිබුණු අතර බස් ප්‍රවාහනය ඇතුලු සියලු ගමනාගමන කටයුතු සම්පූරණයෙන්ම නැවතී තිබූ අතර උතුරු පලාතෙන් පිට පලාතවල පමණක් බස් ධාවනය සිදු විය.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආණ්ඩුව ලංකාවේ උන්ට තනතුරු දීලම නැද්ද බන් එතකොට... මේ වෙනස නම් අන්තර්ජාතිකයි බන්...
    හංසයා සභාපති ලංකාවේ පුරවැසියකු නොවේ.. ජාතික හැඳුනුම්පත ව්‍යාජ එකක්.. හංසයා යටතේ ජනාධිපතිවරණයට තරග වැදීම ගැන නීතී අවුලක්..


    හංසයා ලකුණ පක්ෂයේ සභාපති ශලිල මුණසිංහ බ්‍රිතාන්‍යයේ පුරවැසියකු වන බවත් ඔහුගේ ශ්‍රී ලංකාවේ විසා තව නොබෝ දිනයකින් නිමවන බවත් ලෝකයේ බැංකු අතර වංචා සිදු කොට බන්ධනාගාර ගත කිරිමට යාමේදි මහේස්ත්‍රාත් අධිකරණයේදි හෙලිදරව් වි ඇත.

    රාජ්‍ය ආයතනයක් වන ලිට්ත්‍රො ගෑස් සමාගමේ සභාපති ලෙස බ්‍රිතාන්‍යයේ පුරවැසියකු පත් කලේ කෙසේද යන්නත් එසේ පත්කලේ කවුරුන් ද යන්න සොයා බැලිය යුතු කරුණකි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    කොළඹට නොමිලේ වයිෆයි කලාප 100ක්

    නොමිලේ වයිෆයි ලබා දීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ එක් පියවරක් ලෙස කොළඹ නගරය ආවරණය වන පරිදි වයිෆයි කලාප 100 ක් ඇති කිරීමට පියවරගෙන ඇත. කොළඹ නගර සභාව මූලිකත්වයෙන් මෙහි මූලික පියවර ලෙස වයිෆයි කලාප 20 ක් ඇති කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතී. ඒ අතරින් වයිෆයි කලාප 10 කට වැඩි ප්‍රමාණයක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

    මෙම පොදු වයිෆයි යන්ත්‍ර ආකර්ෂණීය පෙනුමකින් මෙන්ම අධිතාක‍්ෂණිකව නිමවා ඇති අතර වයිෆයි පහසුකම්වලට අමතරව ජංගම දුරකථන ආරෝපණය කිරීමේ පහසුකම් සහ සාමාන්‍ය කසල බැහැර කිරීමේ පහසුකම් ද මෙම යන්ත්‍රය මගින් ලබා දේ. වත්මන් තාක‍ෂණික ලෝකය සමග ශ්‍රී ලාංකිකයන් සමීප කරවමින් නූතන ලෝකයේ දියුණ නාගරික ලක‍්ෂණ ශ්‍රී ලංකාවේ නගර තුළ ද ඇති කරවීම මෙම පරිසර හිතකාමී වයිෆයි යන්ත්‍ර පිහිටුවීමේ මූලික අරමුණ බව අගමැතිවරයා යටතේ පවතින ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය කියයි.

    මෙහි දෙවන පියවර ලෙස කොළඹ නගරය තුළ ඉතිරි වයිෆයි කලාප 80 පිහිටුවීම සඳහා සුදුසු ස්ථානයන් හඳුනා ගැනීමට නියමිත අතර මීට අමතරව මාතර, ගාල්ල, නුවර සහ නුවර එළිය ආදී ලෙස පියවරෙන් පියවර ඉදිරියේ දී මෙම ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්හි තුළ ද ක්‍රියාත්මක කරවීමට නියමිතය.


    148.jpg

    Free_Wifi_Matchine_2.JPG


    - http://www.ada.lk/article/283236/කොළඹට-වයිෆයි-දෙන්න-යන්ත්‍ර-100-ක්
    - http://www.lankaenews.com/news/6489/si
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    Hambanthota to Mattala via Andarawewa (Section 4)
    Physical Progress as at 30 Sep. 2017 - 53.05 %


    30092017-section4-all.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    ආර්ථිකයේ සංවර්ධන ඉලක්ක ජයගන්නා කොළඹ-මහනුවර අධිවේගී මාර්ගය

    Thursday, ඔක්තෝබර් 12, 2017 - 01:00

    82col9a9575114941068_6151996_11102017_SSE_CMY.jpg


    බලයට පත්වූ සෑම රජයකම ප්‍රධානම ඉලක්කය වූයේ මෙරට ආර්ථික සංවර්ධනය කලාපයේ ඉහළම ස්ථානයකට ගෙන ඒමයි. ඒ උදෙසා විවිධාකාර සැලසුම් සහ ව්‍යාපෘති රාශියක් ඉතිහාසය පුරා ක්‍රියාත්මක කෙරිණි. විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීම, මහවැලි ව්‍යාපාරය, ජල විදුලි බලාගාර ව්‍යාපෘති, ඇඟලුම් කම්හල් ඇතුළු අපනයන සැකසුම් කළාප, නිදහස් වෙළෙඳ කලාප වැනි ව්‍යාපෘති මෙරට රජයන් එලෙස ක්‍රියාත්මක කළ ව්‍යාපෘති අතර කැපී පෙනෙනවා. එලෙස නිදහසින් පසු ශ්‍රී ලංකාව ශීඝ‍්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යෑමේ දී මුහුණ පෑ බාධක කිහිපයක් මෙරට ආර්ථික විද්වතුන් විසින් හඳුනා ගනු ලැබුවා.විශේෂයෙන් අගනුවර ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට සීමා වූ ප්‍රධාන කර්මාන්ත කලාප, ඒ උදෙසා රටේ අනෙකුත් ප්‍රදේශවල සක්‍රීය දායකත්වය ලබා ගැනීමට තිබූ විවිධ බාධා වැනි හේතු රැසක් එහි දී හඳුනාගනු ලැබුවා.

    එවන් වූ කරුණු රැසක් වෙත අවධානය යොමු කිරීමේ දී රට පුරා විහිදුණු දියුණු මාර්ග පද්ධතියක වැදගත්කම මෙරට ආර්ථික වර්ධනයේ ප්‍රබලතම සාධකයක් වෙනවා. රට පුරා විවිධ ප්‍රදේශවල සිදු කෙරෙන කෘෂිකාර්මික, අපනයන, වෙළෙඳ නිෂ්පාදන අගනුවර ඇතුළු ඉල්ලූම පවතින අනෙකුත් ප්‍රදේශ වෙත ආරක්ෂිතව හා කඩිනමින් ප්‍රවාහනය කිරීම, වරාය, ගුවන්තොටුපොළ හරහා ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත අවශ්‍ය අවස්ථාවේ දී යොමු කිරීමට ප්‍රවාහන පද්ධතිය අතිශයින් වැදගත් මෙහෙවරක් සිදු කරනු ලබනවා. ඒ අනුව බලන කළ සංවර්ධනයේ ප්‍රධානතම සාධකයක් වන මාර්ග පද්ධතිය අනාගතයට ගැලපෙන පරිදි නවීකරණය කිරීම රජයක් සතු ප්‍රධානතම වගකීමක් වෙනවා.

    මේ කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් මෙරට ප්‍රධාන පළාත් යා කෙරෙමින් අධිවේගී මාර්ග පද්ධතියක් ඉදිකිරීමේ සැලසුම් සකස් වූයේ බොහෝ කලක පටන්. මීට වසර 15කට පමණ පෙර 2001 වසරේ මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳ මුල්වරට යෝජනාවක් ඉදිරිපත් වූයේ එක්සත් ජාතික පක්ෂ රජය සමයේදීයි. එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ඒ සඳහා මැලේසියානු ආයෝජකයෙකුද ඉදිරිපත් වුවද, එවකට සිදුවූ දේශපාලන බල පෙරැළිය හේතුවෙන් එම වටිනා අවස්ථාව මඟහැරී ගියා.

    ඉන්පසුව ඉදිවූ දක්ෂිණ අධිවේගී මාර්ගය, කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය හේතුවෙන් මෙරට ආර්ථිකයට ලැබෙන්නේ විශාල දායකත්වයක්. ඒ අනුව යමින් රටේ අනෙකුත් පළාත් කරාද අධිවේගී මාර්ග ව්‍යාප්ත කිරීමට රජය සැලසුම් කරනු ලැබුවා. 2015 වසරේ ඇතිවූ බල පෙරැළියත් සමඟ නතරවී තිබූ කොළඹ - නුවර අධිවේගී මාර්ගයේ හා උතුරු අධිවේගී මාර්ගයේ විෂය පථයන් ඒකාබද්ධ කරමින් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කිරීමට රජය පියවර ගනු ලැබුවා. බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම පළාත් යා කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගය මගින් කොළඹ හැරුණු විට ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, මහනුවර යන දිස්ත්‍රික්කවල ජනතාවට අත් වන්නේ විශාල ආර්ථික හා සමාජීය දියුණුවක්.ඉදිරියේ දී රජය මගින් මහනුවර කේන්ද්‍ර කර ගත් විශේෂ සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ යටතේ බෝගම්බර සංස්කෘතික හා සංචාරක කේන්ද්‍රස්ථානයක්, කෘෂි තාක්ෂණික සංවර්ධන ව්‍යාපෘතියක්, තොරතුරු තාක්ෂණ උද්‍යානයක් මෙන්ම ජපානය යෝජනා කර තිබෙන කර්මාන්ත පුරය ද මහනුවර ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට නියමිතයි. මේ සෑම දැවැන්ත ව්‍යාපෘතියක් උදෙසාම මධ්‍යම අධිවේගී මාර්ගය කඩිනමින් ඉදිවීම තුළින් හිමි වන්නේ ප්‍රබල පිටිවහලක්.

    මහනුවර දිස්ත්‍රික්කය මෙන්ම රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් වෙනුවෙන් සංවර්ධනය කෙරෙන ප්‍රධාන නගරවලින් එකක් වන කුරුණෑගල නගරය වෙත සුළු කාලයකින් ගමන් කිරීමේ හැකියාව ලබා දීම මෙහි සුවිශේෂී ඉලක්කයක්.

    එමෙන්ම විශාල කර්මාන්ත ශාලා සඳහා සුදුසු ප්‍රදේශ පිළිබඳ උනන්දුවක් දක්වන දේශීය සහ විදේශීය ආයෝජකයන්ටද මේ ප්‍රදේශවල ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා මෙලෙස යටිතල පහසුකම් සංවර්ධනය ප්‍රබල පිටිවහලක් වනු ඇති.

    විශේෂයෙන් ආර්ථික වශයෙන් සහල්, පොල් ඇතුළු කෘෂි නිෂ්පාදන රැසක් සිදු කෙරෙන කුරුණෑගල වැනි ප්‍රදේශවල නිෂ්පාදන අගනුවරටත්, මහනුවර හරහා දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වෙතත් ප්‍රවාහනය කිරීමට ගත වූ දීර්ඝකාලය අධිවේගී මාර්ගය ඉදිවීමත් සමඟ ඉතා සුළු කාලයකට සීමා වනු ඇත.

    එසේම රටේ ප්‍රධානතම කෘෂි වෙළෙඳ මධ්‍යස්ථානයක් වන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත උඩරට ඇතුළු අනෙකුත් ප්‍රදේශවල නිෂ්පාදනය කෙරෙන එළවළු, පලතුරු තොග වේගවත්ව ප්‍රවාහනය කිරීමට හැකිවීම තුළින් ගොවි ජනතාවටත්, පාරිභෝගිකයන්ටත් හිමිවන්නේ විශාල වාසියක්.

    දෛනිකව විවිධ අවශ්‍යතා වෙනුවෙන් සහ රැකියා සඳහා මේ ප්‍රදේශවලින් අගනුවරට සහ අනෙකුත් ප්‍රදේශවලට පොදු ප්‍රවාහන සේවා සහ පෞද්ගලික වාහන මගින් පැමිණෙන ජනතාවට ඒ සඳහා ගතවූ කාලය හරි අඩකට වඩා අඩු කර ගැනීමේ හැකියාව අධිවේගී මාර්ගය මගින් හිමිවෙනවා.

    මේ වන විටත් ව්‍යපෘතියේ ඉදිකිරීම් ක්‍රියාත්මක වන කඩවත - මීරිගම, මීරිගම - කුරුණෑගල අදියරයන්හි ඉඩම්වල වටිනාකම ඉතා ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඉදිරියේ දී එම ප්‍රදේශවල ඉඩම්වලට අදටත් වඩා ආර්ථික වටිනාකමක් අධිවේගී මාර්ගය නිසා හිමි වනු ඇති බව නොඅනුමානයි.

    මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් අතර ජනප්‍රියතම සංචාරක ගමනාන්තයක් වන මහනුවර ලෝක උරුම නගරය හා ඒ අවට සංචාරක ආකර්ෂණය බහුල ප්‍රදේශයන්හි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයටද අධිවේගී මාර්ගය තුළින් තවත් වාසියක් හිමිවෙනවා. විශේෂයෙන් කෙටිකාලයක් තුළ මෙරට ප්‍රදේශ ගණනාවක සංචාරය කිරීමට අවශ්‍ය වේගවත් ගමන් පහසුව හිමිවීමත් සමඟ බොහෝ විදේශීය සංචාරකයන් මේ ප්‍රදේශවල සංචාරය කිරීමේ උනන්දුවක් ඇති කිරීම එමගින් අරමුණු කරයි.

    බෞද්ධ බහුතරයක් ජනතාව වෙසෙන ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත්වල සිට මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාව ඇතුළු සිද්ධස්ථාන වන්දනාමාන කිරීමට දිනපතා විශාල පිරිසක් පැමිණෙන අතර ඒ සඳහා ඔවුන්ට ගත වන කාලය අවම කිරීම මධ්‍යම අධිවේගී මාර්ගයේ තවත් බලාපොරොත්තුවක්.

    එලෙසම දඹුල්ල හරහා කුරුණෑගල අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශන්හි බෞද්ධ උරුමයන් මෙන්ම යාපනය, මඩකලපුව වැනි උතුරු නැඟෙනහිර පළාත්වල ආකර්ශණීය සංචාරක ගමනාන්තයන් වෙත පහසුවෙන් පිවිසීමටද මේ අධිවේගී මාර්ග පද්ධතිය ඔස්සේ නව දොරටුවක් විවර වනු ඇති.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජාතික මාර්ග පද්ධතිය තුළ පවතින නිරන්තර තදබදය සහ ඒ තුළින් සිදුවන පරිසර හානිය අවමවීමත් මහ මඟ නිකරුණේ සිදුවන ඉන්ධන නාස්තියත් අධිවේගී මාර්ග ඉදිවීමත් සමඟ අවසන්වීම අනාගත සංවර්ධන සැලසුම් උදෙසා විශාල ධනයක් රටට ඉතිරි කර දෙනු ඇති.

    මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට දේශීය ඉදිකිරීම්කරුවන්ට අධිවේගී මාර්ගයක ඉදිකිරීම් උදෙසා සෘජුව දායකවීමේ අවස්ථාව උදාවන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල දෙවන අදියර තුළයි. එමගින් රජය සංවර්ධනයට ආයෝජනය කරන දැවැන්ත මුදලක් දේශීය ඉදිකිරීම්කරුවන්ට හිමිවන අතර අනාගත මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය සමාගම් දායක කර ගැනීමේ අවස්ථාව දේශීය සමාගම්වලට හිමිකර දීමට හැකියාව ද මේ තුළින් හිමිවනවා.

    එකිනෙකට වෙන්ව තිබෙන දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය කඩවත සිට කෙලවරපිටිය දක්වා ඉදිවීමත් සමඟ 2019 වසර අවසන් වන විට කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා සම්බන්ධ වන අතර ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ගය ද කඩවතින් මේ පද්ධතියට සම්බන්ධ වනු ඇති. ඒ අනුව ඉදිරියේ දී එකිනෙකට සම්බන්ධ අධිවේගී මාර්ග පද්ධතියක් ඔස්සේ වේගවත් ප්‍රවාහන ජාලයක් දිවයින පුරා යාවීම සංවර්ධන ක්‍රියාදාමයේ යෝධ පියවරක් වනු ඇති.

    විශේෂයෙන් වේගවත් සංවර්ධන ඉලක්ක කරා ළඟාවීමට කටයුතු කරන රටක් ලෙස, රටේ කෘෂිකාර්මික, කාර්මික, නිෂ්පාදන අංශයන්හි නිමැවුම් කඩිනමින් දේශීය හා විදේශීය වෙළෙඳපොළ වෙත යොමුකිරීම සඳහා අන්තර් පළාත් අතර හුවමාරුව මෙන්ම වරාය ගුවන්තොටුපොළ වෙත නියමිත පරිදි යොමු කිරීමේ හැකියාව පවතින්නේ දියුණු මාර්ග පද්ධතියක් හා ප්‍රවාහන පහසුකම්වල වර්ධනය මතයි. එසේම මෙරට ආයෝජනය කිරීම සඳහා දිරිගැන්වෙන විදෙස් ආයෝජකයන්ට වඩාත් ලාභදායී ලෙස රටේ ඕනෑම ප්‍රදේශයක භූමිය, ශ්‍රමය, අමු ද්‍රව්‍ය භාවිත කිරීමේ අවස්ථාවන් උදාකරදීමට ද අධිවේගී මාර්ග වැනි යටිතල පහසුකම් මගින් ඇතිවන්නේ විශාල පෙළඹවීමක්.

    මේ අනුව බලන කළ වැටහෙන්නේ රටේ කොයි දෙසකට ඉදිවුවද අධිවේගී මාර්ගයක් යනු හුදෙකලා ගමනක යෙදෙන ව්‍යාපෘතියක් නොව රට භෞතිකවත්, ආර්ථිකවත් දියුණුවට මාවත විවර කරමින් සෑම ප්‍රදේශයකම දායකත්වය එම ගමනට යොදා ගැනීමේ සහ අනාගත පරපුර ඉල්ලා සිටින සමෘද්ධිමත් දේශයක ආර්ථික කොඳු නාරටිය වන බව නොවේද?


    - http://www.dinamina.lk/2017/10/12/විශේෂාංග/42607
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    Marine drive to be extended up to New Kelani bridge: RDA

    Published : 9:00 am October 12, 2017

    By Darshana Sanjeewa

    nkb.jpg


    Compensation for land acquired by the Road Development Authority (RDA) for the Marine Drive extension project has been paid to some and measures will be taken to pay others as and when funds are available, the Authority said.

    Speaking to the Daily Mirror, RDA Chairman Nihal Sooriyarachchi said that compensation had been paid to the American Embassy as well as the Hyatt Hotel which was being constructed along the Galle Road, as parts of the property will be used for the extension of the road which will ultimately lead to the Port City.

    “We have more people to provide compensation for but we will do that as and when we have funds,” he said.

    Sooriyarachhi explained that the Authority funded the marine drive extension project through funds received from other completed projects. Therefore, plans are underway to submit a proposal in time with the budget for the coming year, requesting funds be allocated for the project.

    “We have to finish the project soon as it will be connected to the Port City. We are continuing work on the project,” he said.

    Meanwhile, media reports stated that the China Harbour Engineering Company Limited (CHEC), the developers and the owners of the Colombo Port City project had proposed the extension of the Marine Drive via an underground tunnel, which will ultimately connect with the country’s southern and northern regions.

    The US $ 150 million project, is most likely to be a Public Private partnership. Quoting a source close to the matter, the media report stated that technical feasibility studies were currently underway.

    The project will extend the existing Marine Drive through an underground tunnel through Galle Face Green which will then be connected to an elevated highway on the Port City which will be linked to the New Kelani Bridge.

    - http://mirrorcitizen.dailymirror.lk...e-to-be-extended-up-to-new-kelani-bridge-rda/
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මත්තල ගුවන් තොටුපලේ නොකියන කතාව
    ====================================
    ශ්‍රී ලංකාවට දෙවන ගුවන් තොටුපලක අවශ්‍යතාවය මතුවන්නේ මීට දශක ගණනාවකට පෙර සිටය.. මේ අනුව දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල පිළිබද විවාදය පැණ නැගුනේ එය පිහිටවිය යුතු ප්‍රදේශය පිළිබඳවය.. ඒ සදහා කලින් කලට එකිනෙකට වෙනස් යෝජනා ඉදිරිපත් වූ අතර ඒවා බොහොමයක් හුදු යෝජනා පමණක්ම විය.. ඒ අනුව සීගිරිය, හිඟුරක්ගොඩ, වවුනියාව, පල්ලෙකැලේ, කළුතර, වැල්ලවාය, වීරවිල වැනි ප්‍රදේශ යෝජනා වූ අතර එම ගුවන් තොටුපල අවසාන වශයෙන් ඉදි වූයේ දකුණු පලාතට සහ ඌව පලාතට මායිම්ව මත්තල ප්‍රදේශයේය.. ඒ සදහා මත්තල ප්‍රදේශය තෝරා ගැනීම පිළිබද විවිධ තර්ක ගොඩනැගුනි..
    මේ ගුවන් තොටුපල සදහා මත්තල තෝරා ගැනීම සාධාරණද..??
    පැහැදිළිව ඔව්.. ඊට ප්‍රධාන හේතු කිහිපයකි..
    1. මත්තල වෙනුවට වැල්ලවාය හෝ සීගිරිය හෝ වෙනත් ප්‍රදේශයක් යොදා ගත්තද ආරම්භයේදී එම ගුවන් තොටුපල සක්‍රිය වීමට බලපාන ගැටලු එලෙසින්ම පැවතීම.
    2. මේ කලාපයේ ප්‍රධානතම වරාය ලෙස සංවර්ධනය වන හම්බන්තොට වරාය සදහා සැපයුම් ගුවන් තොටුපලක් අවශ්‍ය වීම.
    3. වරාය ආශ්‍රිතව ගොඩ නැගීමට නියමිත කාර්මික කලාපය සහ ආර්ථික කේන්ද්‍රය සදහා සැපයුම් ගුවන් තොටුපලක් අවශ්‍ය වීම.
    4. මත්තල ප්‍රදේශය කේන්ද්‍ර කර බැලූ විට දකුණු මුහුදුකරයේ සිට නැගෙනහිර මුහුදු තීරය දක්වාද යාල උඩවලව ප්‍රදේශ කේන්ද්‍ර කරගෙනද විශාල සංචාරක කලාපයක් දැනටම නිර්මාණය වී තිබීම.
    5. විශාල ගුවන් ධාවන පථයක් ලංකාවේ දකුණු කෙලවරේ ස්ථාපිත කිරීමෙන් ශ්‍රී ලංකා අහස හරහා සිදුකරන ජාත්‍යන්තර ගුවන් ගමන් ආකර්ශණය කර ගැනීම සදහා භූගෝලීය වාසියක් ලබා ගැනීමට හැකිවීම.
    ඒ අනුව මේ සියළු අවශ්‍යතාද සලකා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල (MRIA) ඉදිකිරීමට 2009 වසරේ කැබිනට් අනුමැතිය ලැබුනු අතර එම වසරේ නොවැම්බර් මස 27 වනදා රාජ්‍ය අනුග්‍රහය සහිතව, ගුවන් තොටුපල සහ ගුවන් සේවා රාජ්‍ය සමාගම (Airport and Aviation Services Limited - AASL) චීනයේ චයිනා හාබර් ඉන්ජිනියරින් සමාගම (M/s. China Harbour Engineering Co. Ltd.) සමග ඉදිකිරීම් ගිවිසුමට එලබෙනු ලැබිනි.. ව්‍යාපෘතියේ සමස්ථ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 209ක් වූ අතර ඉන් ඩොලර් මිලියන 190ක් චීනයේ එක්සීම් බැංකුවෙන් ( Exim Bank of China) ලබා ගත් අඩු පොලී ණය ආයෝජනයකින්ද ඉතිරිය රාජ්‍ය ආයෝජනයක් ලෙසද සිදු විය..
    මේ ආකාරයට අක්කර 8000ක භූමි භාගයක ගොඩනැගුණු ලොව දැනට භාවිතාවන ඕනෑම මගී හෝ ප්‍රවාහන ගුවන් යානයක් ගොඩබැස්වීමේ හැකියාව ඇති කිලෝමීටර් 3.5ක් දිග දැවැන්ත ධාවන පථයකින් සමන්විත මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල 2013 වසරේ මාර්තු 18 වන දින මහජන ප්‍රයෝජනය සදහා විවෘත කරනු ලැබීය..
    ඉන්පසු මේ ඉපදුනු ගමන් සිටි ළඳරු ගුවන් තොටුපල ගැන බොහෝ විට අසන්නට ලැබුනේ නරක කථාය.. ඊට ප්‍රධාන හේතුව හොද ගොඩට වඩා නරක ටික ඉස්මතු කර කාළකණ්නි වින්දයක් ලබා ගැනීම පුරවැසියන්ගෙන් බහුතරයගේ ජන්ම ලක්ෂණයක් වී තිබූ නිසාය.. පුරවැසියන්ගේ මේ නරක ගතිය ප්‍රයෝජනයට ගත් අවස්ථාවාදීන්ට මෙම ළඳරුවා වැඩකට නැති සුදු අලි පැටවෙකු ගානට මතයක් සමාජයේ පැල කරන්නට පහසුවෙන් හැකි විය..
    නමුත් සත්‍යය එයද..??
    ඇත්තටම මත්තල ගුවන් තොටුපල සිය උපතේ සිට වර්ධනයක් නොවූ අංගවිකල දරුවෙක් වූයේද..?? මේ ප්‍රශ්ණයට පිළිතුරු ලෙස 2015 තෙක් ගුවන් තොටුපලේ සංඛ්‍යා දත්ත විමසා බලමු..
    මත්තල ගුවන් තොටුපලේ මෙහෙයුම්..
    2013 වසර : ගුවන් ගමන් 1376, මගීන් : 36,137
    2014 වසර : ගුවන් ගමන් 2734, මගීන් : 40,396, (හුවමාරු මගීන් : 7,158)
    2015 වසර : ගුවන් ගමන් 910, මගීන් : 5,736
    2016 වසර : ගුවන් ගමන් 1317, මගීන් : 6,207
    2017 වසර (ඔක්තෝම්බර් තෙක්) : ගුවන් ගමන් 2984, මගීන් : 52,448
    මත්තල ගුවන් තොටුපලේ ආදායම, වියදම සහ පාඩුව.. (රුපියල් මිලියන)
    2014 වසර : ආදායම : 136, වියදම : 2,228, පාඩුව : 2,092
    2015 වසර : ආදායම : 71, වියදම : 2,289, පාඩුව : 2,218
    2016 වසර : ආදායම : 49, වියදම : 2,339, පාඩුව : 2,290
    මෙහි පාඩුව ගණනය කිරීමේදී ණය පොලී වාරිකය සමග සලකා ඇති බැවින් එම පාඩුව තුල රටට හිමිවන මේ ජාතික සම්පත ඉදිකිරීමේ පිරිවැයද අඩංගු වී ඇත..
    එබැවින් මෙම පාඩුව තුල එම ආයෝජනයද අඩංගු වී ඇත.. ඒ අනුව එම පාඩුව යනු ගඟට කපන ඉනි ලෙස සැලකිය හැකි නොවේ..
    මත්තල ගුවන් තොටුපලේ පාඩුව ජාතික ආර්ථිකයට බරක්ද..??
    මත්තල ගුවන් තොටුපල ඉදිකිරීම පාලනය කිරීම සහ සියළු ණය පොලිය ගෙවීමේ වගකීම පැවරෙන්නේ ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම (AASL) ටය..
    ඒ අනුව 2013 වසරේ සිට සමාගම මත්තල ගුවන් තොටුපලේ ණය පොලී වාරික සමඟ සෙසු සියළු වියදම් දරා ඇති අතර මත්තල ගුවන් තොටුපලේ ණය වාරික ගෙවීම සාමාන්‍ය ජනතාව ගෙවන බදු මුදල් මත යැපෙනවා යැයි පැවසීම පට්ටපල් බොරුවකි..
    මත්තල ණය පොලිය ගෙවන ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම (Airport and Aviation Services Limited - AASL) සියළු ණය මුදල් සහ රාජ්‍ය බදු ගෙවූ පසු ශුද්ධ ලාභය සහ ලාභාංශ කලින් වසරට සාපේක්ෂව වර්ධනය මෙසේය.. (රුපියල් මිලියන)
    2011 : ශුද්ධ ලාභය : 1,390,
    2012 : ශුද්ධ ලාභය : 2,738, ලාභාංශ වර්ධනය : 97%
    2013 : ශුද්ධ ලාභය : 3,554, ලාභාංශ වර්ධනය : 30%
    2014 : ශුද්ධ ලාභය : 3,412, ලාභාංශ වර්ධනය : 4%
    2015 : ශුද්ධ ලාභය : 817, ලාභාංශ වර්ධනය : -76%
    2016 : ශුද්ධ ලාභය : 6,920, ලාභාංශ වර්ධනය : 747%
    දැන් මෙහි කතන්දරය සරලව පැහැදිළි විය යුතුය.
    තවත් සරලව සදහන් කරතොත් 2016 වසරේ මත්තල ගුවන් තොටුපලේ පාඩුව වන රුපියල් මිලියන 2,290 ගෙවූ පසු ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම (AASL) ලබන ශුද්ධ ලාභය (රාජ්‍ය බදුද ගෙවීමෙන් පසු) රුපියල් මිලියන 6,920 කි..
    ඒ අනුව මත්තල ගුවන් තොටුපලේ ණය වාරික ගෙවීම රටට බරක් වී නොමැත.. ඒ සදහා ජනතාව ගෙවන බදු මුදල් සතයක් හෝ වැය කර නොමැත.. මහා භාණ්ඩාගාරය රුපියලක් හෝ යොදවා නොමැත.. එම ගුවන් තොටුපල තමන්ට බරක් බව ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම කිසිඳු වාර්තාවක සදහන් කර නොමැත.. ඒ වෙනුවට සමාගමේ සියළු වාර්ථා සදහන් කරන්නේ මත්තල ගුවන් තොටුපල ඔවුන්ගේ අනාගතයට කල ආයෝජනයක් ලෙසය..
    එසේ නම් මත්තල ගුවන් තොටුපල බරක් වී ඇත්තේ කාටද..??? රට විකුණං කෑම අරමුණු කරගත් දේශපාලන අළුගුත්තේරුවන් පිරිසකට පමණක් නොවේද..??? මත්තල ගුවන් තොටුපල තම භාරයේ තබා ගෙන සංවර්ධනය කිරීමට ගුවන් තොටුපල සහ ගුවන් සේවා රාජ්‍ය සමාගම පියවර ගෙන ඇත.. ගිය වසරේ (2016) වාර්ථාවේ ඔවුන් ඒ පිළිබද දක්වන්නේ මෙසේය..
    Opportunities at MRIA.. AASL is still looking for business opportunities
    at MRIA with private sector participation with the intervention of the Government for better utilization of the airport. Expression of Interest (EOI) was called in year 2016 from potential international and local investors which received some diverse proposals to implement aviation related activities such as Fixed Based Operations (FBO), Flying Schools, Aircraft Maintenance Repair and Overhaul (MRO) and other aviation related industries at MRIA. Discussions have taken place with few interested parties, which are yet in the initial stage. In the meantime, SriLankan Airlines recommenced its operations at MRIA and SriWijaya Airlines instigated flights to Indonesia while Fly Dubai and Rotana Jet Aviation continued their operations at MRIA. These improvements in MRIA operations will provide some positive expectations in terms of return on investment. (2016 AASL Annual Report)
    මීට අමතරව පසුගිය රජය යටතේ මත්තල ගුවන් තොටුපල සංවර්ධනයට විවිධ පියවර ගෙන තිබුනි.. නමුත් 2015 ජනවාරි 08 වන දින බලයට ආ යහපාලන රජය කිසිදු විමසීමක් නොකර එම සියළු ව්‍යාපෘති අඩාල කරමින් ගුවන් තොටුපල ගබඩාවල වී ගබඩා කිරීමට පියවර ගත්තේ උන්මන්තකයන් රැලක් ලෙසය.. පසුගිය රජය මත්තලට ගෙන එන්නට සැලසුම් කල එක් ව්‍යාපෘතියක් උදාහරණයක් ලෙස මෙසේ පෙන්විය හැකිය..
    No-frill carrier IndiGo’s Airbus A-320 fleet would now on undergo major maintenance checks in the hangars of SriLankan Airlines in the island nation.
    An agreement to this effect was signed between SriLankan and IndiGo’s parent company, InterGlobe Aviation Limited, to enable the Indian carrier’s fleet of 78 A-320s undergo ‘C’ checks by SriLankan’s Engineering Division at the country’s second international airport, Mattala Rajapaksa International Airport (MRIA) in Hambantota, a SriLankan release said.
    A ‘C’ check is performed approximately every 20-24 months or a specific amount of actual flight hours or as defined by the manufacturer. - Economic Times
    http://www.info.gov.lk/…/20140711indian_a320_fleet_undergo_…
    එසේම මත්තල ආශ්‍රිතව අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන FlyDubai සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත Jetwing හී ගුවන් සේවා සම්බන්දයෙන් මනා දැණුමැති අධ්‍යක්ෂවරයා පවසන්නේ මත්තල ගුවන් තොටුපල අනාගතයේ කාර්යබහුල ගුවන් තොටුපලක් වන බවයි..
    With the development of the Hambantota Port, the planned oil refinery, and more luxury hotels opening in the Southern Province, Mattala international airport will be a busy aerodrome in the future, says Jetwing Air Director Sunil Peiris.
    http://dailynews.lk/…/mattala-will-be-busy-airport-future-j…
    මේ සියළු කරුණු සැලකූ කල මත්තල ගුවන් තොටුපල යනු අනාගතයක් නැති සුදු අලියෙකුය යන්න අවස්ථාවාදීන්ගේ ප්‍රබන්ධයක් මිස සැබෑවක් නොවේ.. ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමට බරක් නොවන මේ ගුවන් තොටුපල රටට කිසිසේත්ම බරක් නොවේ..
    අළුත ඉපදුන ළඳරුවා විකුණං කන්න එපා.. ඇයට ස්වාභාවික වැඩෙන්න දෙන්න..
    අද දරන වියදමට වඩා බොහෝ ආදායමක් ඇය අනාගතයේ රටට ජාතියට නිසැකවම ලබා දෙනු ඇත.. මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල යනු ජාතිය සතු තවත් අනගි සම්පතකි.. එය මතු පරපුර සඳහා රැකගැනීම සියළු පුරවැසියන්ගේ වගකීමක්ද වන්නේය..
    උපුටාගැනීම - Wishwa Chinthaka


    22406218_1963201860374627_919700399596031151_n.jpg
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මේ ආණ්ඩුව ඇවිල්ලා “සුදු කරවපු” දේවල් ටිකේ ලිස්ට් එක මෙන්න

    vc.png


    මේ ආණ්ඩුව දැන් බලයට ඇවිල්ලා අවුරුදු දෙකකට කිට්ටුයි.මේ වෙද්දි ආණ්ඩුව ගැන ජනතාව ප්‍රසාදයකින් ඉන්නවා කියලා නම් කියන්න අමාරුයි.හොරු අල්ලනවා කියලා ආවට මොකද මේ වෙද්දි හොරු ටික එකතුවෙලා ආණ්ඩුව අල්ලගෙන තියෙනවා.එහෙම තත්වයක් තුල පහුගිය කාලයේ හිටපු හොරු ටික ඇතුලට දායි කියලා නම් හිතන්න අමාරුයි.කොහොම වුනත් අපි අද කතා කරන්නේ මේ ආණ්ඩුව ඇවිල්ලා කරපු “සුදු වැඩ “දෙක තුනක් ගැනයි.
    ආණ්ඩුව කරපු මුල්ම සුදු වැඩේ තමයි කහ පාටට තිබුනු කහ ඉරි සුදු පාට කරපු එක.ලෝකයේ අනෙකුත් රටවල තියෙන්නේ සුදු ඉරි.ඉතිං මේ දැවෙන ප්‍රශ්නය හඳුනාගත්ත ආණ්ඩුව වහාම කරපු වැඩේ තමයි කහපාටට කිසිම කරදරයක් නැතුව තිබුනු “කහ ඉරි” ටික වහාම ක්‍රියාත්මක වන පරිදි සුදු පාටින් පාට කරපු එක.
    ඊලඟ වැඩේ තමයි රුපියල් 5 කාසිය සුදු කරවපු එක.මොකද මේ වෙනකල්ම පහේ කාසිය මුද්‍රණය කරේ ,එහෙමත් නැතිනම් නිෂ්පාදනය කරේ රන් පැහැයට හුරුවයි.ඒත් දැන් පහේ කාසි එළියට එන්නේ සුදු පාටට හුරුවයි.බලන්නකො ඉතිං..මේකත් ආණ්ඩුව කරපු සුදු වැඩක්.
    රාජගිරිය පාලම සුදු පාටින් පාට කරන එකත් මෙහිදී කියන්නම ඕනේ.මොකද සාමාන්‍යයෙන් පාලමක පැහැය වෙන්නේ අලු පාට.ඒත් රාජගිරියේ ඉදි කෙරෙන නව ගුවන් පාලම නිමවුනාට පස්සේ සුදු පාටින් බැබළෙනවා කියන එක දැන් එතනින් යන එන අයට නම් රහසක් නෙවෙයි.
    ඊලඟ එක තමයි වැදගත්ම දේ.මේ ආණ්ඩුව කරපු අනෙක් වැදගත්ම සුදු කිරීම තමයි,”මහ බැංකුව සුදු කිරීම”.ඇත්තටම කිවුවොත් මහ බැංකුව සුදු කරා නෙවෙයි,සුද්ද කරා.මේ සිද්ධියට වගකියන්න ඕනේ කවුද කියන එක රටම දන්නවානේ.
     
    • Like
    Reactions: KOTA NIHAL

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සහල් මිල රුපියලකින් අඩු කිරිමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ලංකා සතොස සභාපති අචාර්යය ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, ස්ථාපනය කර ඇති තොග වෙළද මධ්‍යස්ථාන 22 හරහා නව මිලට සහල් තොග වශයෙන් මිලදී ගත හැකි බව ය.

    ඒ අනුව, ලංකා සතොසෙන් රුපියල් 74ක් වන නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 73කට මිලදී ගත හැකි වේ.

    රුපියල් 84ක් වන සම්බා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 83කට මිලදී ගැනීමේ අවස්ථාව උදාවේ.

    සභාපතිවරයා සඳහන් කළේ, තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල සංශෝධනය කිරිමට පියවර ගන්නා බව ය.

    ජනතාවට පහසුවන පරිදි සහල් මිල පවත්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය වශයෙන් වෙළඳ සංගම් නියෝජිතයින් සමඟ අද සාකච්ඡා කරන බව ද ඔහු සඳහන් කළේය.

    ඔහු පැවසුවේ, මේ වනවිට තොග වෙළඳ මධ්‍යස්ථාන 22ක් සඳහා ප්‍රමාණවත් පරිදි සහල් නිකුත් කර ඇති බව ය.


    rice.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොන විහිලුද බන් මේව.....

    සහල් මිල රුපියලකින් අඩු කිරිමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ලංකා සතොස සභාපති අචාර්යය ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, ස්ථාපනය කර ඇති තොග වෙළද මධ්‍යස්ථාන 22 හරහා නව මිලට සහල් තොග වශයෙන් මිලදී ගත හැකි බව ය.

    ඒ අනුව, ලංකා සතොසෙන් රුපියල් 74ක් වන නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 73කට මිලදී ගත හැකි වේ.

    රුපියල් 84ක් වන සම්බා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 83කට මිලදී ගැනීමේ අවස්ථාව උදාවේ.

    සභාපතිවරයා සඳහන් කළේ, තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල සංශෝධනය කිරිමට පියවර ගන්නා බව ය.

    ජනතාවට පහසුවන පරිදි සහල් මිල පවත්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය වශයෙන් වෙළඳ සංගම් නියෝජිතයින් සමඟ අද සාකච්ඡා කරන බව ද ඔහු සඳහන් කළේය.

    ඔහු පැවසුවේ, මේ වනවිට තොග වෙළඳ මධ්‍යස්ථාන 22ක් සඳහා ප්‍රමාණවත් පරිදි සහල් නිකුත් කර ඇති බව ය.


    rice.jpg
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    තායිවාන් බැංකු සොරකම පසුපස රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් ?

    image_1507654000-6320fa70d4.jpg


    ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා අත් අඩංගුවට ගෙන මේ වන විට දින දෙකක් පමණ වෙනවා.තායිවානයේ බැංකුවකින් කෝටි ගණනක මුදල් සොරාගෙන ඇති ඔහු එම මුදල් තැන්පත් කර ඇත්තෙ ඇමරිකාවේ,කාම්බෝජයේ සහ ශ්‍රී ලංකාවේයි.කෙසේ වෙතත් එම වංචා කොට තමන්ගේ ගිණුම් වලට ලබා ගත් මුදල් සැලකිය යුතු ප්‍රමාණයක් යලි බැන්කුව සොයාගෙන තිබෙනවා.ඔවුන් පවසන පරිදි තවත් සොයා ගැනීමට ඇත්තේ 5%ක පමණ සුලු ප්‍රමාණයක්.
    මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමේ වැඩි කොටසක් අයත් වන්නේ රක්ෂණ සමාගමටයි.ඒ අනුවයි රජය විසින් මෙම පුද්ගලයා සභාපතිධූරයට පත් කොට ඇත්තේ.ඔහු පසුගිය ජනපතිවරණයේදී මයිත්‍රීපාල සිරිසේන මහතා තරඟ වැදුණු පක්ෂයේ සභාපතිවරයාද වෙනවා.ඒ අනුව ඔහු මෙලෙස එම ධූරයට පත්කොට ඇත්තේද රජය විසින්.
    මේ අතර මෙම තායිවානයේ බැංකු මංකොල්ලය පසුපස රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.රජය නියෝජනය කරන දේශපාලන පක්ෂයක ප්‍රබලයෙකු වන ඔහු කොළඹින් පිට දිස්ත්‍රික්කයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණියෙකු වෙනවා.
    එමෙන්ම ඔහු දැනට තමන් නියෝජනය කරන පක්ෂයේ ප්‍රබල තනතුරක්ද දරන අතර මෙම සිදුවීමේන් ඔහු බලවත් ලෙස කලබලයට පත්වී තිබෙනවා.යම් හෙයකින් මෙම සිදුවීමට තමාගේ සමබන්ධයක් ඇතැයි හෙලිවුවහොත් සිය ඉදිරි දේශපාලනයද ඒ සමඟම අවසානය කරා යනු ඇති බවයි ඔහු පවසා තිබෙන්නෙ.
    නමුත් මෙම සිදුවීම යට ගැසීමට ආණ්ඩුවට නොහැකි තත්වයක් උදගත්ව ඇත්තෙ මේ වන විටත් මෙම සිදුවීම පිලිබඳව ජාත්‍යන්තර මාධ්‍ය අවදියෙන් පසු වන නිසයි.
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    යුද අපරාධ ලොක්‌කා කොටි ස්‌මාරක නරඹයි


    එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිප් මුල්ලිවයික්‌කාල්හි අඩක්‌ නිම කළ කොටි ස්‌මාරකය පරීක්‌ෂාවට ලක්‌ කිරීමේ සිද්ධියක්‌ අනාවරණය වේ.


    මේ ස්‌මාරකය ඉදිකිරීම ශ්‍රී ලංකා රජය තහනම් කළ බව දක්‌වමින් රාජ්‍ය නොවන සංවිධාන මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ට පැමිණිලි කර තිබුණි.


    මේ අනුව පැබ්ලෝ ඩි ග්‍රෙයිප් තම නිරීක්‌ෂණ සිය වාර්තාවට ඇතුළත් කරනු ඇත.


    පසුගිය මැයි මස කොටි 2624 ගේ නම් අඩංගු එම ස්‌මාරකය ඉදිකිරීම අධිකරණ නියෝග මත තහනම් විය.


    මෙම ස්‌මාරකය ඉදිකිරීමට මුල් වූ පියනම ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය විසින් විදේශගත කර ඇත.


    මුල්ලිවයික්‌කාල් විමර්ශනයෙන් පසු මුලතිව් තෙප්පලාවුq වෙත ගිය පැබ්ලෝඩි ග්‍රෙයිප් මුලතිව් හමුදා කඳවුර ඉවත් කරන ලෙස විරෝධතාකරුවන් පවත්වන උද්ඝෝෂණයද විමර්ශනයට ලක්‌කර ඇත.


    ඔහු තම විමර්ශන වාර්තාව 2018 වසරේ සැප්තැම්බර් මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරේ.

    කීර්ති වර්ණකුලසූරිය
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    Millennium Challenge Corporation To Give Sri Lanka USD 700 Million Over A Period Of 5 Years

    October 13, 2017

    b3676d8fd26cee9be5f81c4b3b54fefe_L.jpg



    Minister of Finance and Media, Mangala Samaraweera, met Fatema Z. Sumar, the Regional Deputy Vice President for Europe, Asia, Pacific and Latin America in the Millennium Challenge Corporation (MCC) on the sidelines of the WB/IMF Annual Meeting, to review the progress of its 5-Year Grant Compact to Sri Lanka.

    In December 2016, MCC’s Board of Directors selected Sri Lanka to develop a compact. Sri Lanka became eligible for assistance after passing 13 out of 20 indicators on MCC’s policy scorecard.

    Sri Lanka will receive approximately USD 700 million within a period of 5 years from the MCC to invest in three priority areas - Policy stability, access to land and transport.

    MCC is an independent agency working to reduce global poverty through economic growth. MCC’s grants and assistance to Sri Lanka is an immense contribution to Sri Lanka’s efforts in advancing good governance, fighting corruption and in the protection and promotion of human rights.

    A delegation from the U.S. Government’s Millennium Challenge Corporation (MCC) led by Fatema Z. Sumar, visited Colombo in July, 2017, to advance progress on the development of the MCC compact—a five-year grant program—with the Government of Sri Lanka that aims to reduce poverty and promote economic opportunity for Sri Lankans.

    The Sri Lankan Government has established a project management unit, the “Sri Lankan Compact Development Team”, within the Prime Minister’s Office, to work with MCC on the compact. The goal is to develop a high-quality, evidence-based and sustainable compact aimed at addressing these economic challenges in a way that drives growth and reduces poverty. MCC holds partner countries accountable through rigorous oversight, monitoring and evaluation.

    The Sri Lankan delegation comprised of the Secretary to the Ministry of Finance and Media Dr. R.H.S. Samaratunge, Senior Advisor to the Ministry of Finance Mr. Mano Tittawella and Chargé d'affaires a.i. of the Embassy of Sri Lanka in Washington D.C.Prof. Gamini Keerawella.

    - http://www.asianmirror.lk/news/item...anka-usd-700-million-over-a-period-of-5-years