සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,517
    28,324
    113
    Upper Elahera Canal Project

    22528368_811798238979876_7572382110406157062_n.jpg

    22449977_811798272313206_2906518713810672917_n.jpg


    - https://www.facebook.com/MWSIP/posts/811799148979785
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113

    මහින්ද මහත්තයෝ ඉවසුවා ඇති… 2020 වෙනතුරු ඉන්න ඕන නෑ.. ආණ්ඩුවක් හදන්න ලෑස්ති වෙන්න..- ඇමති මුතුහෙටිටි

    යහපාලනය ගැන ගම්වල ඇත්තේ ඉතා අප‍්‍රසන්න තත්වයක් බවත් මේ තත්වය වහා වෙනස් කිරීමට ජනාධිපති-අගමැති පියවර ගත යුතු බවත් නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

    ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

    ආණ්ඩුව ගැනීමට 2020 වන තුරු සිටිය යුතු නැති බවද කී ඔහු ආණ්ඩුවක් ඉක්මනින්ම හදන්න සූදානම් වන්නැයිද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.


    BUMP
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,517
    28,324
    113
    මුතුරාජවෙල සිට කටුනායක දක්වා ගුවන් යානා ඉන්ධන නළයක්

    Tuesday, ඔක්තෝබර් 17, 2017 - 14:45
    පුවත්

    මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ගුවන් යානා ඉන්ධන (Jet A - 01) ගෙනයාම සඳහා jQ ඉන්ධන නළය එළීමේ ව්‍යාපෘතිය ඉදිරි මාස කිහිපයේදී කඩිනම් කිරීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    “මීට පෙර මේ ඉන්ධන නළය එළීමට නියමිතව තිබුණේ හැමිල්ටන් ඇලට සමගාමීව නුගෙපේ බෝපිටිය හරහා පමුණුගමටත් එතැනින් මීගමුව කොළඹ මාර්ගයට සමාන්තරව කටුනායක දක්වායි.

    කෙසේනමුත් එය ඉතා දුෂ්කර ව්‍යාපෘතියක් බව පෙනී ගියා. විශේෂයෙන්ම නළ මාර්ගය මාර්ග හරහා වැටීම නිසා එය එළීමේ කටයුතු පහසු වන්නේ නැහැ. ඒනිසා මෙම නළ මාර්ගය එළීමේදී වඩාත් පහසු මාර්ගයක් යොදා ගැනීමට අපේ අවධානය යොමු වුණා. ඒ අනුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට සමාන්තරව මෙම නළ මාර්ගය එළීම සඳහා වූ හැකියාව සොයා බැලීමට ශක්‍යතා අධ්‍යයනක් සිදු කළා. එහි ප්‍රතිඵල සතුටුදායකයි.

    අධිවේගී මාර්ගයට සමාන්තරව ගුවන් යානා ඉන්ධන නළය එළීමට මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය එකඟ වී තිබෙනවා. සාමාන්‍ය යෙන් ලෝකයේ ඕනෑම අධිවේගී මාර්ගයක තියෙනවා සේවා ඒකකයක්. ඒ කියන්නේ සර්විස් කොරිඩෝවක්. හැබැයි අපි ඒවා ගැන හිතලා නැතිව තමයි මේවා හදලා තියෙන්නේ. නමුත් තාම අපිට ඉඩ තියෙනවා එවැන්නක් ඇති කරන්න....” යයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. එතුමා මේ බව කියා සිටියේ ආමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන මාසික රැස්වීමට සහභාගි වෙමිනි.

    ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්වුණේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීයි. එහිදී ගුවන් යානා ඉන්ධන (Jet A - 01) ගෙනයාම සඳහා jQ ඉන්ධන නළය එළීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය අර්ජුන රණතුංග අමාත්‍යතුමාගේ විශේෂ අවධානයට යොමු විය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනුයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. මෙරටදී ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීම පූර්ණ වශයෙන් සිදු කරනුයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විදේශ මුදල් ලැබෙන ප්‍රධානතම මාර්ගයද එයයි.

    මෙරට ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීමේ ප්‍රධාන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේය. කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට දුම්රියෙන් එම පරිශ්‍රයට අවශ්‍ය ඉන්ධන තොග ප්‍රධාන වශයෙන්ම ප්‍රවාහනය කෙරේ. ඇතැම් අවස්ථාලදී බවුසර් රථද ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනයට යොදා ගනී. කෙසේ නමුත් ඉදිරියේදී දෛනික ඉල්ලුම සැපිරීමට කොළොන්නාවේ සිට පමණක් කෙරෙන මෙහෙයුම් ප්‍රමාණවත් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිරීක්ෂණයයි. විශේෂයෙන්ම මේ වන විට ලීටර් මිලියන 1.6ක් වූ දෛනික ගුවන් යානා ඉන්ධන ඉල්ලුම 2020 වර්ෂය වන විට දිනකට ලීටර් මිලියන 2ක දක්වාද 2030 වර්ෂය වන විට එය ලීටර් මිලියන 3යි දශම 5ක්වාද වැඩි වනු ඇතැයි ගණන් බලා ඇත. ඒ අනුව කොලොන්නාවට අමතරව මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තයෙන්ද කටුනායක ගුවන් යානා ඉන්ධන සැපයීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීමට අපේක්ෂා කෙරේ. මුතුරාජ වෙල සිට කටුනායක දක්වා ඉන්ධන නළයක් එළීමේ ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ ඒ වෙනුවෙනි. එහි මුල් සැලසුමට අනුව එම නළයේ සම්පූර්ණ දිග කිලෝ මීටර් 23යි දශම තුනක් විය. කෙසේනමුත් අධිවේගී මාර්ගයට සමගාමීව එය එළීමට ගත් නව තීරණය මත එහි දිග කිලෝමීටර් 3දශම 5කින් එහි දිග අඩු වී තිබේ. වංගු ප්‍රමාණයද එහි සම්පූර්ණයෙන්ම අඩු වී ඇත. මේ හේතුවෙන් මුතුරාජවෙල සිට කටුනායක දක්වා ඉන්ධන පොම්ප කිරීමේදී වසරකට කිලෝවොට් පැය ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක විදුලි බලයද ඉතිරි කර ගැනීමට හැකිවනු ඇත.

    මේ වන විට කටුනායක ගුවන් යානා ඉන්ධන පර්යන්තයට JIG (JOINT INSPECTION GROUP ) අන්තර් ජාතික ශ්‍රේණිගත කිරීම්හිදී හිමි ඇත්තේ Good ස්ථානයයි. මෙම නව ව්‍යාපෘතියක් සමඟ ඉදිරියේදී එකී ශ්‍රේණිගත කිරීම්හි Excellent දක්වා ඉහළට යාමට හැකිවනු ඇතැයිද අපේක්ෂා කෙරේ. ඊට අමතරව ප්‍රවාහන වියදම් අඩු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ගුවන් යානා ඉන්ධන මිල අඩු කර ඉන්දියාවද ඇතුළත්ව කලාපීය වශයෙන් තරගකාරී ලෙස ගුවන් යානා ඉන්ධන සැපයීමේ අවස්ථාවද ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමි වනු ඇත‍. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ මෙම නව තීරණයත් සමඟ මෙම ව්‍යාපෘතියෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ රටට ලැබෙන මූල්‍ය වාසියද විශාල වන බවයි.

    “ඕනෑම ව්‍යාපෘතියක් සිදු විය යුත්තේ රටට ගැළපෙන විදියට. එතැනදී ව්‍යෘතිය නිසා ජනතාව සිදුවන පීඩාව අවම කිරීමට පියවර ගත යුතු සේම එම ව්‍යාපෘතියෙන් දීර්ඝ කාලීනව රටට වැඩි වාසි ලැබීමත් වැදගත් වනවා. මේ ව්‍යාපෘති සඳහා අපි වැය කරන්නේ ජනතාවගේ මුදල්. ඒ මුදල් නිකරුණේ නාස්ති කරන්න බැහැ. වියදම් කරන සෑම මුදලකට අපි වගකිව යුතුයි. ගුවන් යානා නළ මාර්ගය එළීමේ ව්‍යාපෘතියේදී අපි සැලකිල්ලට ගත්තේ එම කරුණ....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය


    - http://www.dinamina.lk/2017/10/17/පුවත්/42897/මුතුරාජවෙල-සිට-කටුනායක-දක්වා-ගුවන්-යානා-ඉන්ධන-නළයක්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,517
    28,324
    113
    Sri Lanka’s first dedicated performance art center for tourists to open soon

    Author LBO
    Posted on October 17, 2017 | In Pictures, Tourism

    Sri-Dharanee.jpg

    Sri Dharanee Performance Arts Theatre

    Sri Lanka’s first ever dedicated performance arts center for tourists is to open on the banks of the historic Diyawanna Oya on the outskirts of Colombo next month.

    The state of the art Sri Dharanee Performance Theatre fills a huge vacuum in Sri Lanka’s cultural entertainment sector, where tourists will be treated to high quality performances of traditional Sri Lanka dance forms on a scheduled basis. Located in a scenic spot ideally suited to the arts, the massive facility has been constructed on the lines of similar attractions in cities such as Bangkok, Singapore, and Tokyo.

    Minister of Tourism Development, John Amaratunga who was the Chief Guest at a media conference to announce the opening of the performance theatre, noted that it would help “place Sri Lanka’s tourism product offering on par with international standards.”

    Combined with the charm and scenic beauty of the historic Diyawanna Oya, the Waters’ Edge Recreational Complex, restaurants and adjacent shopping attractions, Sri Dharanee Performance Theatre will help create a tourism enclave in close proximity to Colombo.

    “Today tourists have very few evening entertainment options in the city of Colombo. Other than casinos and a few clubs, there is no quality, wholesome entertainment on offer for tourists. Therefore the Sri Dharanee Performing Arts Center has come in at the right time. I’m sure the quality entertainment lineup that seeks to highlight our ancient history and dance forms will be appreciated by the tourists who visit the city,” said Minister Amaratunga.

    The Minister observed that the new venture was in line with the Prime Minister’s vision to add value to Sri Lanka’s tourism product portfolio. “Prime Minister Ranil Wickremesinghe has instructed that every effort must be made to develop tourism. The fact that this facility will be operational by the end of this month is an added benefit in projecting Colombo as an entertainment hub for tourists,” he said.

    The Sri Dharanee Center is capable of accommodating more patrons than both the BMICH and Nelum Pokuna and therefore is well placed to host large MICE events. It will provide a platform for local artistes to perform and earn a livelihood while also portraying Sri Lanka’s rich culture, history and traditions to foreign visitors.

    “I want to thank the Minister of Megapolis for his cooperation and encouragement in making this project a reality. The owning company of this venture must also be commended for showing the way for tourism development in a meaningful and sustainable manner,” Minister Amaratunga said.

    - http://www.lankabusinessonline.com/...ormance-art-center-for-tourists-to-open-soon/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,517
    28,324
    113
    කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට නියමිත ඉඩම්වල පදිංචිකරුවන් සඳහා වෙනත් ස්ථානවලින් නිවාස ලබා දීම

    - කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට පාදුක්ක දක්වා කොටස දිවිත්ව දුම්රිය මාර්ගයක් වශයෙන් වැඩිදියුණු කිරීම හා අවිස්සාවේල්ල දක්වා වූ එහි ඉතිරි කොටස පුනරුත්ථාපනය කිරීම 'කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධන ව්‍යාපෘතියේ' අරමුණ වේ. එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කරගැනීමේදී ඉන් සිදුවන සමාජ-ආර්ථික බලපෑම සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කෙරෙන අතර, එම සමීක්ෂණයේ මරදාන සිට හෝමාගම දක්වා කටයුතු මේ වන විට අවසන් කරනු ලැබ තිබේ. එහිදී අනාවරණය වී ඇති පරිදි එම දුම්රිය මාර්ගය දෙපස දුම්රිය රක්ෂිත ඉඩම්වල පදිංචිව සිටින පවුල් 2,100 ක් ව්‍යාපෘතියේ ඉදි කිරීම් ආරම්භ කිරීමට පෙර වෙනත් ස්ථානවල පදිංචි කළ යුතු වේ.

    එහිදී එම පවුල් විසින් වඩාත් කැමැත්තක් දක්වන මෙන්ම දැනට පවතින වඩාත් ප්‍රායෝගික විසඳුම වන්නේ ‘නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය’ යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති නිවාස ව්‍යාපෘතිවල නිවාස වෙන් කර දීම වේ. 2017 - 2019 කාලවකවානුව තුළ නිම කිරීමට අපේක්ෂිත එවැනි නිවාස ව්‍යාපෘතිවලින් රුපියල් මිලියන 4ත් 5ත් අතර වටිනාකමකින් යුතු, වර්ග අඩි 400ත් 500ත් අතර ප්‍රමාණයේ නිවාස 2,036ක් මේ සඳහා වෙන් කර දීමට නාගරික සංවර්ධන අධිකාරිය එකඟ වී තිබේ. ඒ අනුව, එම නිවාස වෙන් කරගැනීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පොදු වෙළඳ සංකීර්ණ ප්‍රතිසංස්කරණය කිරීම

    - බස්නාහිර පළාතේ ප්‍රධාන නගරවල නගර මධ්‍යයේ පිහිටා ඇති, සැලකිය යුතු භූමි ප්‍රමාණයක් භාවිත කරමින් දශක ගණනාවකට පෙර ඉදි කරනු ලැබ ඇති, පොදු වෙළෙඳ සංකීර්ණවලින් වැඩි ප්‍රමාණයක් ඉතා නොදියුණු හා අබලන් තත්ත්වයේ පවතින බව හඳුනාගනු ලැබ තිබේ. පළාත් පාලන ආයතන මඟින් පාලනය වන මෙම වෙළඳ සංකීර්ණ, වාණිජ ඉඩකඩ සපුරා ලීම සඳහා වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණයන්ට බඳුන් කිරීමට යෝජනා වී තිබේ.

    ඒ අනුව, කොල්ලුපිටිය, බම්බලපිටිය, බොරැල්ල, නුගේගොඩ, මහරගම, දෙහිවල, ගල්කිස්ස, මොරටුව හා කටුබැද්ද යන නගරවල පිහිටි පොදු වෙළෙඳ සංකීර්ණ නවීන හා අංගසම්පූර්ණ පහසුකම් සහිතව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන අධිකාරිය හා අදාළ පළාත් පාලන ආයතන එක්ව විධිමත් ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මාකුඹුර, යෝජිත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හා පරිසරය වැඩිදියුණු කිරීමේ කාර්යයන්

    - කොළඹ අගනගර ප්‍රවාහන සේවා වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ සියලු ප්‍රවාහන අවශ්‍යතා එක්තැන් කොට මහජනතාවට පහසුකම් සැලසෙන පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව - මාකුඹුර අන්තර් හුවමාරු මධ්‍යස්ථානය ආශ්‍රිත ප්‍රදේශය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. ඊට සමගාමීව එම ප්‍රදේශයේ වාණිජ, විනෝදාත්මක හා පාරිසරික වැඩිදියුණු කිරීම් සිදු කිරීමට යෝජනා වී තිබේ.

    නාගරික සංවර්ධන අධිකාරියේ අරමුදල් භාවිත කරමින් මෙම සංවර්ධන කටයුතු ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ඉටු කරවාගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පෑලියගොඩ කසළ රැස් කිරීමේ ඉඩම සංවර්ධනය කිරීම

    - දැනට ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා භාවිතා කරනු ලබන, නාගරික සංවර්ධන අධිකාරියට අයත්, පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි අධික වෙළඳපොළ වටිනාකමකින් යුත්, ප්‍රමාණයෙන් අක්කර 07කට අධික භූමි භාගය සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට යෝජනා වී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහාය ඇතිව එම භූමි භාගය විධිමත් පරිදි පුරවා අවට කලාපය තුළ වැසි ජල අපවහන පද්ධතියක් සකස් කිරීම මඟින් සංවර්ධනය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ කුඩා පරිමාණ සූර්ය විදුලි බලාගාර පිහිටුවීම - අදියර II

    - සූර්යබල සංග්‍රාමය වැඩසටහනේ පළමු අදියර යටතේ මෙගාවොට් 01 බැගින් වන සූර්ය බලාගාර 60ක් ස්ථාපනය කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ ඇති අතර, ඒ සදහා ඉදිරිපත්ව ඇති යෝජනා ඇගයීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. එහි දෙවන අදියර යටතේ මෙගාවොට් 01 බැගින් වන සූර්ය බලාගාර ව්‍යාපෘති 90ක් සඳහා අවස්ථාව ලබා දිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් තහවුරු කරනු ලැබ තිබේ.

    මේ සඳහා ආයෝජකයින් වෙතින් යෝජනා කැඳවීමේදී, පළමු අදියරේදී ඒ සඳහා අනුගමනය කරන ලද නිර්ණායක සමාලෝචනය කර වඩා වැඩි තරගකාරිත්වයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සහිතව දෙවන අදියරේ ව්‍යාපෘති 90 සඳහා යෝජනා කැඳවීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    වතුකර ප්‍රජාව සඳහා ඉඩම් හිමිකාරිත්වය සහ සුදුසු නිවාස ලබා දීම

    - වතු ආශ්‍රිතව ලයින් කාමරවල ජීවත්වන ජනතාවට නිරවුල් ඔප්පු සහිත නිවාස පහසුකම් ලබා දීමේ රජයේ වැඩසටහන යටතේ විවිධ නිවාස ව්‍යාපෘති කීපයක් මඟින් අදාළ ප්‍රතිලාභීන් වෙත මේ වසර අවසන් වන විට නිවාස ලබා දීමට ‍අපේක්ෂා කෙරේ.

    ඒ අනුව, 'හරිත රන්' නිවාස වැඩසටහන යටතේ ඉදි කෙරෙන නිවාස 2,551ක්, 2017 වර්ෂයේ ආපදා හේතුවෙන් බලපෑමට ලක් වූ පවුල් සඳහා ඉන්දියානු ප්‍රදාන ආධාර යටතේ ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරේ නිවාස 1,134ක් සහ 2015 වර්ෂයේ ආපදා බලපෑම හේතුවෙන් නිවාස අහිමි වූ පුද්ගලයින් වෙත තාවකාලික භුක්තිය යටතේ මීරියබැද්ද නිවාස ව්‍යාපෘතියෙන් ලබා දී ඇති නිවාස 75ක් සඳහා හිමිකම් ඔප්පු ලබා දීමට සැලසුම් කර තිබේ. එම හිමිකම් ඔප්පු නිකුත් කිරීම සඳහා අදාළ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වන ඉඩම් කොටස් ප්‍රාදේශීය වැවිලි සමාගම් වෙතින් නිදහස් කරගැනීම පිණිස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රාගම පුනරුත්ථාපන රෝහලේ නව සායන ගොඩනැඟිල්ල ඉදි කිරීම

    - පුනරුත්ථාපන ප්‍රතිකාර වෙනුවෙන්ම සංවර්ධනය කරනු ලැබ ඇති දිවයිනේ එකම ආයතනය වන රාගම පුනරුත්ථාපන රෝහලේ පහසුකම් වැඩිදියුණු කිරීම පිණිස නව සායන ගොඩනැඟිල්ල ඉදි කිරීමට යෝජනා වී තිබේ. එම ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි , රුපියල් මිලියන 195ක මුදලකට M/s. Link Engineering (Pvt.) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මඩකලපුව ශික්ෂණ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම

    - නිදන්ගත වකුගඩු රෝගය බහුල ලෙස ව්‍යාප්ත වී ඇති දිස්ත්‍රික්කයක් ලෙස මඩකලපුව දිස්ත්‍රික්කය හඳුනාගෙන ඇත. එබැවින්, පහසුවෙන් ළඟා විය හැකි ගුණාත්මක ප්‍රතිකාර සේවාවක් ලබා දීමටත්, වකුගඩු රෝගය හේතුවෙන් සිදු වන මරණ වළක්වා ගැනීම සඳහා එම රෝගය මුල් අවස්ථාවේදීම හඳුනාගැනීමටත් හැකි වන පරිදි, සායන හා රසායනාගාර පහසුකම් සහිත වකුගඩු ප්‍රතිකාර ඒකකයක් මඩකලපුව ශික්ෂණ රෝහලේ ඉදි කිරීමට යෝජනා වී තිබේ.

    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එම වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 383ක මුදලකට M/s. Nuwani Construction (Pvt.) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ යෝජිත වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදි කිරීම

    - පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා රෝගී සත්කාරක සේවාවන් සපයනු ලබන විශාලතම රෝහල හලාවත දිස්ත්‍රික් මහ රෝහල වේ. දැනට ඇඳන් 88කින් සමන්විත වන එම රෝහලේ වෛද්‍ය වාට්ටු ඒකකය, වැඩි රෝගීන් සංඛ්‍යාවකට පහසුකම් සැලසිය හැකි වන පරිදි වැඩිදියුණු කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, මෙම කාර්යය කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, යෝජිත වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 583ක මුදලකට ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අමාත්‍ය මණ්ඩල තීරණ 2017-10-17


    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-10-17
     
    • Like
    Reactions: techytee

    monson

    Well-known member
  • May 7, 2007
    25,517
    28,324
    113
    Port City to draw first investment of US$ 1 bn in mid 2018

    Thursday, October 19, 2017 - 01:00

    Business
    Fizel Jabir

    The reclamation of the port city is expected to be completed by 2019 and the first investment on the reclaimed land was expected to begin by mid next year which would be an investment of US$ one billion, said Law and Order Minister Sagala Ratnayaka addressing the Sri Lanka Retailers’ Association first AGM in Colombo on Tuesday.

    The Minister also said that the ground breaking of the Hambantota Industrial Zone was scheduled to take place on November 4.

    Minister Ratnayaka said that there was no doubt that the port city would be the best piece of real estate in the entirety of South East Asia, a state of the art well planned modern city where the Colombo Financial Center would be based. This would result in continuous investment over the next 10 years as the city continues to be developed and this will result in the change of the whole city line. To support these development roads will be built connecting the port city to the marine drive and the airport highway. The government was also working on setting up other industrial zones in Bingiriya, in the Matugama area, and the Weligama Charly Mount Estate will be locally developed as an industrial zone and the government hoped to go for a JV with India over it, he said.

    Ratnayaka said that this year FDI has grown by 88% and it was likely that the full year figure will cross the US$ one billion figure. The BOI outside the G2G and the Hambantota investments is also targeting US$ 1.6 billion for next year and an excess of US$ two billion for 2019.

    He said that tourism was also been revamped with the Tourism Strategy 2020 being worked out. The government is also focused on developing the tourist industry to be a US$ 7 billion business by 2020, he said.

    Minister Ratnayaka also outlined that there will be further investment in the Hambantota port with the joint venture and first of all about US$ one billion will be coming into the country. The debt burden of the Hambantota port will come off with this and then the joint venture will invest on the equipment that was needed which will be about US$ 600 million.

    Ratnayaka said that the BOI is being revamped and it is being strengthened to be a proactive agency as opposed to being a reactive agency and a regulator and a significant amount of work has been done in the last few months .

    The new Exchange Management Act introduces and the old draconian Act has been abolished, exporters will own their money and there will be a reduction on the controls of exports.

    The Minister also said with the new Inland Revenue Act the tax regime has been simplified and with that there will be clarity and consistency. Although the highways initially ran into problems the government has ironed out the issues and now the Southern highway was progressing, Central expressway was on track and they were also considering the Ratnapura highway and with these developments there will also be a good road network as well.

    The minister said the budget has had wide consultations and they would present the most progressive budget in recent times. Above all they have strengthened ‘Brand Sri Lanka’ establishing freedom, democracy and good governance in the country which has led to international stakeholders regaining confidence in the country with a level playing field been ensured, the Minister added.

    - http://www.dailynews.lk/2017/10/19/business/131767/port-city-draw-first-investment-us-1-bn-mid-2018
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,517
    28,324
    113
    Major boost with Sri Lanka harmonising e-commerce legislation with new amendment


    - Harmonises Sri Lankan law with international UN ECC standards
    - Boost for commerce, business and trade in digital era
    - Promotes greater efficiency and transparency in service delivery by Government agencies and courts
    - New standards promote Sri Lanka as a hub for e-commerce and e-Business dispute resolution
    - New standards for time and place of dispatch and receipt of electronic communications and contracts formed hrough automated messages systems
    - Enhanced Govt. revenue through paperless transactions
    - The new definition of “Electronic Signatures” covers all new forms of technologies and facilitates the use of biometric authentication methods
    - Initiative led by Digital Infrastructure Ministry and ICTA

    - http://www.ft.lk/front-page/Major-b...erce-legislation-with-new-amendment/44-641819
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,517
    28,324
    113
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ගැන කරුණු පැහැදිළි කරයි

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට බෙලි අත්ත දක්වා සිදු කෙරෙන ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින ගැටළු සහ ඒවා නිරාකරණය කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී කරුණු පහැදිළි කළේ ය.

    අධිවේගී මාර්ග ඇතුළු මහාමාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ විවදයට ලක් වන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම කරුණු පැහැදිළි කිරීම සිදු කළේ ය.

    එහිදී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා;

    ගෙවීම් කැමැත්ත අනුව කරන්න බෑ. සමහර ඒවා කොමිටිවලට දාලා,අනුමත කරන්න ඕන. මාතර සිට මත්තල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය අදියර හතරකින් නිම කිරීමට සැලසුම් කොට තිබෙනවා.

    මෙහි ප්‍රශ්නගත කොටස වන්නේ කිලෝමීටර 30ක දිගකින් යුතු මතර සිට බෙලි අත්ත දක්වා වන අදියරයි.මේ අදියර ඉදිකිරීම සඳහා මූලික ඇස්තමේන්තුගත මුදල වූයේ රුපියල් මිලියන 103.28ක්. ඉන් කිලෝ මීටර 5.82 දුරක් ගුවන් පාලම මතින් ඉදි කිරීමට සැලසුම් කොට තිබුණා.

    මේ මාර්ගයෙන් කොටසක් දන්දෙණිය වන රක්ෂිතය හරහා වැටි තිබුණා. ඒ සඳහා මධ්‍යම පරිසර අදිකාරිය අනුමතිය ලබා දී තිබුණේ වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතියට යටත්වයි. එහෙත් එම අනුමැතිය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබුණා. මෙම ගැටළුව සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයේ ආර්ථික අනුකමිටුවට වාර්තා කළා. ඒ අනුව නිලධාරීන් ගෙන්වා සාකච්ඡා කළා. මෙයට කලින් එකඟ වෙලත් නෑ විරුද්ධ වෙලත් නෑ.

    පසුව ආණ්ඩුව මාරු වුණාමයි විරෝධය ප්‍රකාශ කළේ. මෙම මාර්ගය ඉදි කිරීමෙන් දන්දෙණිය රක්ෂිතයට බලපෑමක් වන බවත් රක්ෂිතය දෙකට බෙදෙන බවත් ඉන් වන සතුන්ගේ ගමනා ගමනයට බාධා වන බවටත් වන රක්ෂණ දෙපාර්තමේන්තුවත්,පරිසර අධිකාරියත් වාර්තා කළා.

    කැබිනට් කමිටුව මැදිහත් වුණේ මේ ප්‍රශ්නය විසඳන්නයි. මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡා කළා. ක්‍රියාමාර්ග දෙකක් පමණයි ගත හැකිව තිබුණේ. එකක් රක්ෂිතය මඟ හැර මාර්ගය සකස් කිරීම, අනෙක් විකල්පය වුණේ වනාන්තරය හරහා උමං මාර්ගයක් සකස් කිරීම. මේ විකල්ප දෙක සඳහා අතිවිශාල මුදලක් වැයවන බව වර්තා වුණා.

    වනාන්තරයට අවම හානියක් වනපරිදි ගුවන් පලමක් සකස් කිරීමට සැලසුමක් සකස් කරන ලෙසත්,ජනාධිපතිතුමගේ අනුමැතිය ලබාගන්නා ලෙසත් මහාමාර්ග අමාත්‍යාංශයට දැනුම් දුන්නා. මෙය ප්‍රතිපත්ති තීරණයක්. ඉන් අනතුරුව ආර්ථික කළමනාකාර කැබිනට් කමිටුව මඟින් ගුවන් පාලමක් ඉදිකිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා. මෙම තීරණය අමාත්‍ය මණ්ඩලය මඟින් ද අනුමත කළා.

    ගුවන් පාලම 6.31ක් ලෙස දිග මීටර 500කින් වැඩි වුණා. අමතරව බිලියන 2.7ක් වැයවන බව අස්තමේන්තු කර තිබුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට බෙලි අත්ත දක්වා ඉදි කිරීම් සිදු කරමින් සිටින අතරතුර තවත් ප්‍රශ්නයකට මුහුණ දුන්නා. මෙම මර්ගයේ පස් තට්ටුව අපේක්ෂිත තත්ත්වයට වඩා ඝනකමින් වැඩි බව අදාළ ඉදිකිරීම් සමාගම මහාමාර්ග අමාත්‍යාංශයට වාර්තා කර තිබුණා.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් අධ්‍යයනය වාර්තා ලබාගැනීමට කටයුතු කළා. විශේෂඥ උපදෙස් සළකා බලා මාතර බෙලි අත්ත කොටසේ ගුවන් පාලම්වල දිග තවත් 2.28කින් මුළු දුර 9.1 දක්වා වැඩි කිරීමට හා ණය කළමනාකරණය කර ගැනීමට යෙදුණා. මෙය කැබිනට් මණ්ඩලය අනුමත කළා. මෙයයි ගත්ත පියවර.ලංකාවේ විශේෂඥ වාර්තා ගත්තා. අපිට මෙය වෙනස් කරන්න බෑ. වැඩකටයුතු ආරම්භ කරලයි තිබුණේ. අපි බලනවා මෙතන අඩුපාඩුකම් තිබුණ ද කියලා. මුදල් ඉතිරි කරගන්න පුළුවන්ද කියලා බලන්න ඕන. මටත් චෝදනා කළා. ප්‍රතිපත්ති තීරණයක් පමණයි අරගත්තේ යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.


    - https://sinhala.news.lk/news/world-2/item/25559-2017-10-19-10-20-29
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,517
    28,324
    113
    ADB support for Sri Lanka’s railway sector master plan

    Oct 19, 2017 14:05 PM GMT+0530

    ECONOMYNEXT – The Asian Development Bank (ADB) has approved technical assistance to help prepare a master plan for the development of Sri Lanka’s railway sector for the next 20 years.

    The ADB support will help Sri Lanka prioritize investments in key areas such as infrastructure, rolling stock, and equipment and also identify potential future projects for public and private sector funding.

    These will include projects for possible ADB financing, according to the lender. The master plan covers the 2020–2040 period.

    It will support the government’s strategy for public transport and the railway system, to meet current and future passenger and goods transport demand by ensuring quality, safety, and affordability with the widest possible modal mix and technological innovations.

    By 2020, the program intends to double the share of railway passenger transport to 10% from 5% in 2015, increase the share of railway freight transport to 5% from 1%, and increase the share of public transport passenger movement to 65% from the present level of 58% in 2015.

    The ADB will help the government prepare a strategy for the development of the railway transport subsector and the integration of railways with other modes of transport, supplementing prior and ongoing investments in roads and ports.

    The railway master plan will assess the expected future railway demand based on the targeted market share, forecast the expected number of passengers traveling by rail, and suggest the means to achieve the targeted role of the railway in the transport sector.
    (COLOMBO, October 19, 2017)

    - http://www.economynext.com/ADB_support_for_Sri_Lanka’s_railway_sector_master_plan-3-8969-6.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,517
    28,324
    113
    "ජාතික නවෝත්පාදන මධ්‍යස්ථානය" ජනපති අතින් සිසු අයිතියට....

    ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය (NIBM) සහ මැලේසියාවේ ලිම්කොක්වින්ග් විශ්වවිද්‍යාලය (Limkokwing) එක්ව කිරුළපන ප්‍රදේශයේ ඉදිකළ "ජාතික නවෝත්පාදන මධ්‍යස්ථානය" ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අතින් අද (20) පෙරවරුෙවි සිසු අයිතියට පත්කෙරිණි. නවීන තාක්ෂණය, නව්‍යකරණය හා නිර්මාණශීලීත්වය සමගින් අනාගත පරපුරේ ව්‍යවසායකත්ව හැකියාවන් නංවාලිමේ අරමුණින් ඉදිකර ඇති මෙම මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරතවිය.

    22687785_10155592359516327_3940172662943268143_n.jpg

    22528553_10155592359971327_5494318363090100314_n.jpg


    - https://scontent.fcmb2-1.fna.fbcdn....=bd8b03cae038e5402e6fb3450c8b8306&oe=5A6FF11B
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,517
    28,324
    113
    විසල් ජල ව්‍යාපෘති 6කින් පවුල් ලක්ෂ 15කට ජලය
    වියදම කෝටි 10521


    21 ඔක්තෝබර්, 2017

    පසුගිය වසර 2 1/2 ඇතුළත මෙරට ඇතුළත මහා පරිමාණයේ විසල් පානීය ජල යෝජනා ක්‍රම හයක් රුපියල් කෝටි 10521ක වියදමින් ඉදිකළ බවත් ඉන් පවුල් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයකට නව ජල සම්බන්ධතා ලබා දී ඇති බවත් ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා පවසයි. සෙත සැලැසුණු පිරිස ලක්ෂ 50කට අධිකය. ඒ අනුව මහනුවර, මාතලේ, දඹුල්ල, මාතර, බදුල්ල, පස්සර යන ප්‍රදේශවල මේ විසල් ජල ව්‍යාපෘති ක්‍රියාත්මකය.

    මේ ජල යෝජනා ක්‍රමවල සමහර ඒවා ජනතා අයිතියට පත්කර ඇති අතර සමහර ඒවායේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතී. මේ අනුව විසල් මහනුවර උතුර නව ජල ව්‍යාපෘතිය මඟින් පවුල් 470000කට අලුතින් ජලය ලැබෙන අතර මාතලේ විසල් ජල ව්‍යාපෘතිය මඟින් පවුල් 394317කට ජලය ලැබීමට නියමිතය.

    මහනුවර උතුර පානීය ජල ව්‍යාපෘතියේ වියදම දසලක්ෂ 33400ක් වන අතර මාතලේ ජල ව්‍යාපෘතියට වියදම් වූ මුදල රුපියල් දසලක්ෂ 26834 කි. මීට අමතරව බදුල්ල විසල් ජල ව්‍යාපෘතිය සඳහා රුපියල් දසලක්ෂ 11880ක් වියදම් කර පවුල් ලක්ෂයකට ජලය ලබා දී ඇත. විසල් දඹුල්ල ජල ව්‍යාපෘතියෙන් පවුල් 120000කට ජලය ලැබී ඇත. එහි වියදම රුපියල් දසලක්ෂ 26834 කි. විසල් මහනුවර ජල ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණ වියදම රුපියල් දසලක්ෂ 4200ක් වන අතර ඉන් පවුල් 249500කට සෙත සැලැසේ. මාතර ජල ව්‍යාපෘතිය මඟින් පවුල් 90000කට ජලය ලැබෙන අතර ඒ සඳහා වැය කළ මුදල රුපියල් දසලක්ෂ 18200 කි.


    - http://www.silumina.lk/2017/10/21/පුවත්/විසල්-ජල-ව්‍යාපෘති-6කින්-පවුල්-ලක්ෂ-15කට-ජලය
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,517
    28,324
    113
    “උමාඔය” ජල කාන්දුව සියයට 80ක් අඩු කළා ‍කෝටි 55ක් වන්දි ගෙවලා


    උමාඔය ප්‍රධාන උම‍ඟේ සිදුවූ ජල කාන්දුව නෝර්වේ උමං කැණීම් විශේෂඥයන්ගේ උපදෙස් මත දැන් සියයට 80 ක් පමණ අඩු කර ඇතැයි මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා පවසයි.

    ඊට අමතරව නිවාස අලාභ හානි සිදුවූ පවුල් 2784කට වන්දි ලෙස රුපියල් ලක්ෂ 5405ක් ලබාදී තිබේ. වගා වන්දි ලෙස පවුල් සඳහා රුපියල් කෝටි ගණනක් ලබාදී තිබේ.

    මේ අනුව බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශයේ නිවාස 1242ක් සඳහා දසලක්ෂ 240.3 ද ඇල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 655ක් සඳහා රුපියල් දස ලක්ෂ 253.5ක්ද වන්දි ලෙස ලබාදී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සැලසුම් අංශය පවසයි.

    ඊට අමතරව හාලි ඇළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 227ක් සඳහා රුපියල් දස ලක්ෂ 2.5ක්ද, වැලිමඩ ප්‍රාදේශීය බල ප්‍රදේශයේ නිවාස 487ක් සඳහා රුපියල් දස ලක්ෂ 18.6ක්ද වන්දි ලෙස ලබාදීමට අනුමත වී තිබේ. මීට අමතරව පානීය ජලය ලබාදීමට ටැංකි 4100ක් මිලදී ගැනීමට රුපියල් දසලක්ෂ 20ක මුදලක් ලබාදී ඇතැයි ද බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.


    - http://www.silumina.lk/2017/10/21/පුවත්/“උමාඔය”-ජල-කාන්දුව-සියයට-80ක්-අඩු-කළා-‍කෝටි-55ක්-වන්දි-ගෙවලා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,517
    28,324
    113
    New electronic ticketing system for Sri Lanka Railways
    Oct 20, 2017 20:50 PM GMT+0530

    ECONOMYNEXT - The Asian Development Bank is helping Sri Lanka prepare a railway ticketing and seat reservation system to replace the existing largely manual one as part of efforts to shift passenger traffic to rail and ease road congestion.

    The new system will allow commuters to travel using different modes using a single ticket.

    The lender, which if funding a major rail modernisation program in the island, has called for international consultants to design system requirement specifications and detailed engineering and bidding documents.

    Sri Lanka Railway’s existing system is totally manual and causes delays in issuing tickets at busy stations and loss of revenue due to ticketless travel, the ADB said.

    Even the seat reservation service between SLR and mobile phone company Mobitel, on which today about 90% of daily reservations are done, has only a delivery channel available at the ticketing counter of the railway station.

    The consultant is required to design a system integrating railway ticketing and seat reservation with ticketing systems of other transport modes like public and private buses and Light Rail Transit.

    The solution must be designed, enabling integration with ticketing systems of other transport modes allowing passengers to change modes without purchasing tickets for each mode, the ADB said.

    The new system will also be designed to replace SLR’s manually issued paper tickets at station ticketing counters with other delivery channels, such as ticket vending machines, smart cards, kiosks as well as online and mobile ticketing.

    It will also have provision for electronically controlled gates at railway stations which now are not fully closed, enabling passengers enter station platforms from different directions.
    (COLOMBO, October 20, 2017)

    - http://economynext.com/New_electron..._Railways-3-8983-6.html#.WetjTTbBCuo.facebook
     
    • Like
    Reactions: shan4djfun