සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    The Shopping Complex at Ahangama which was constructed at a cost of 100 Mn LKR was opened on 13th September 2017 by the patronage of Hon. Minister of Skills Development and Vocational Training Mr. Chandima Weerakkody.

    23130574_1605823799479872_2865078227284823015_n.jpg

    22852162_1605823856146533_4014090495112242021_n.jpg


    - https://www.facebook.com/permalink.php?story_fbid=1605825736146345&id=1153550904707166
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    ශාරීරික ව්‍යායාම පරිශ‍්‍රයක් බොරලැස්ගමුවට.

    බොරලැස්ගමුව ශරීර සුවතා මංතීරුවේ ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් ඉදිකල ශාරීරික ව්‍යායාම් පරිශ‍්‍රය සහ අවුරුදු 7 න් පහළ ළමුන් සඳහා පාපැදි තීරුවක් විවෘත කිරීම මහනගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය. බෙල්ලන්විල සුවතා සහ ක‍්‍රීඩා සමාජයේ ඉල්ලීම පරිදි මෙම පරිශ‍්‍රය ඉදිකළ අතර බස්නාහිර පළාත් ක‍්‍රීඩා අමාත්‍යාංශයේ පුහුණු උපදේශකවරුන් එහි උපදේශකත්වය සපයනු ලබයි.

    23130836_1975855939362581_5981785931592283596_n.jpg

    22815109_1975856062695902_4911208516861420911_n.jpg



    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=1975855922695916
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    මිලියන 763 ක ආයෝජනයන් මෙත්සඳ සෙවණ නිවාස 218 ක් ජනතා අයිතියට...

    මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පළමු අදියර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මහනගර අමාත්‍ය චම්පික රණවක මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද දින ජනතා අයිතියට පැවරිණි. මෙම ව්‍යාපෘතියේ පළමු අදියරෙන් නිවාස 218 ක් ජනතාවට බාරදීම සිදුවිය. ජාත්‍යන්තර මූල්‍ය නගරයට සමගාමීව බේරේ වැව ආශ‍්‍රිත ප‍්‍රදේශය සංවර්ධනය වන අතර මහනගර සංවර්ධන සැලසුමට අනුව ද, එම ප‍්‍රදේශය පුළුල්ව සංවර්ධනය වේ. එහිදී නිවාස අහිමිවන පදිංචිකරුවන් සඳහා මෙත්සඳ සෙවණ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාදීමට නියමිතය. නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීරණය ඉදිවේ. මිලියන 763 ක ආයෝජනයෙන් ඉදිකල මෙම නිවාස සංකීර්ණයේ එක් නිවසක් වර්ග අඩි 450 කින් යුක්ත වන අතර නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුළුතැන් ගෙයක්, සඳළුතලයක් සහ සනීපාරක්‍ෂක පහසුකම්වලින් සමන්විතය. නිවාස ඒකක 218 ක් පළමු අදියර යටතේ අද දින ජනතා අයිතියට පත් කළ අතර තවත් නිවාස 941 ක් මෙහි ඉදිවීමට නියමිතය.

    22852883_1719956201381740_7285105117843108840_n.jpg


    - https://www.facebook.com/pg/uda.gov.lk/photos/?tab=album&album_id=1719956074715086
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    ඩිජිටල්කරණයට රුපියල් මිලියන 300 ක් වටිනා පරිගණක. දන්ත සේවා කටයුතු ගමට ගෙනයාමට රුපියල් මිලියන 107 ක් වටිනා ජංගම බස් රථ බෙදා දෙයි

    23131027_1917149068538641_7150002012458267485_n.jpg


    දන්ත සේවා කටයුතු ගමට ගෙනයාම සදහා ජංගම දන්ත සේවා බස් රථ 07 ක් සහ රෝහල් 50 ක් පරිගණක ගත කිරීම සදහා පරිගණක යන්ත්‍ර බෙදා දීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (30) පස්වරුවේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී සිදු කෙරිනි.
    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “ඩිජිටල් තාක්ෂණය යනු පහසුවෙන් කාර්යයන් සිදු කළ හැකි මෙවලමක්. ඩිජිටල් තාක්ෂණය දේශපාලන ව්‍යුහය පවා වෙනස් කළ මාතෘකාවක්. රටකට තනිවම කිසිවක් කරන්න බැහැ. තරුණ කාලයේ අපි දැකපු දේශපාලන ක්‍රමය වත්මන් තාක්ෂණය හමුවේ කඩා වැටුනා. ලොවම එකම ගම්මානයක් බවට පත්ව තිබෙනවා. වත්මන් රජය විසින් ඩිජිටල්කරණයට මුල පුරා තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය සේවාවන් ද පරිගණක ගත කරනවා.”
    “අද දින රුපියල් මිලියන 300 ක් වටිනා පරිගණක සහ රුපියල් මිලියන 107 ක් වටිනා ජංගම බස් රථ බෙදා දෙනු ලබනවා. සෞඛ්‍ය අමාත්‍යධූරයට මා පත්වන විට ඖෂධ හිගයක් පැවතුනා. සෑම දිනකම ඖෂධ වර්ග 44 - 79 අතර ප්‍රමාණයක හිගයක් තිබුනා. 2014 වර්ෂයේ පමණක් රුපියල් මිලියන 350 ක් වටිනා කල් ඉකුත් වූ ඖෂධ විනාශ කර තිබෙනවා. ඖෂධවල හිගය අවම කළේ පරිගණක මෘදුකාංගයක් හදුන්වා දීමෙන් පසුවයි. එමගින් ඖෂධ විනාශ වීම පවා නතර වුනා. ඖෂධ හිගයක් පිළිබදව ද වාර්තා වුයේ නැහැ. රෝහල් ඩිජිටල්කරණය කිරිම හොරණ මුලික රෝහලෙන් ආරම්භ කළා. 2019 වසර වනවිට රෝහල් 300 ක් පරිගණක ගත කර අවසන් කරනවා.”
    “වර්තමානයේ ඇතැම් පිරිස් සයිටම් එකට විරුද්ධව කථා කරනවා. ඔවුන් දූපත් මානසිකත්වයෙන් තමයි කටයුතු කරන්නේ. සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කළාට පමණක් මදි. තමන් ද ඩජිටල්කරණය විය යුතුයි. මනස ඩිජිටල්කරණය විය යුතුයි. එවිට ගෝලීයකරණය පිළිබදව හදුනා ගැනිමට පුලුවන්. එමගින් සේවා සැපයීම පහසු වෙනවා.”
    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා, විදුලි සංදේශ සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේවප්‍රිය මහතා, රෝහල් අධ්‍යක්ෂවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.


    - https://www.facebook.com/notes/සුව-...සේවා-කටයුතු-ගමට-ගෙනයාමට-රුප/1917148828538665/
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පෝට්‌සිටි හා කොල්ලුපිටිය යාකරන උමං මඟක්‌

    කොළඹ වරාය නගරය (Port City) සහ කොල්ලුපිටිය දුම්රිය ස්‌ථානය යාකෙරෙන කිලෝමීටර් පහකට ආසන්න දිගකින් යුත් උමං මාර්ගයක්‌ ඉදිකිරීමට රජය සැලසුම් කර ඇත.

    එය මෙරට පළමු සහ දිගම උමං මාර්ගය වන අතර වරාය නගරය ආසන්නයේ ඇති චෛත්‍ය මාර්ගයේ සිට පරණ පාර්ලිමේන්තුව, ගෝල්ෆේස්‌, ගෝල්ෆේස්‌ හෝටලය යටින් මෙම මාර්ගය ඉදිකෙරෙන බව මහා නගර සහ බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පැවසීය.

    කටුනායක අධිවේගී මාර්ගය පෑලියගොඩදී වමට සහ දකුණට ලෙස මාර්ග දෙකකට බෙදෙන බවත් වම් දෙසට මාර්ගය කණු මඟින් වරාය පිවිසුම් මාර්ගය ඔස්‌සේ කොළඹ වරාය නගරය තෙක්‌ පිවිසෙන බවත් එතැන් සිට උමං මාර්ගය ඔස්‌සේ කොල්ලුපිටිය දුම්රිය ස්‌ථානය අසල ඇති මුහුදු මාර්ගය වෙත එය පිවිසෙන බවත් හෙතෙම කියා සිටියේය. එසේම දකුණට හැරෙන මාර්ගය පාර්ලිමේන්තුව දක්‌වා දිවෙන බවත් හෙතෙම කියා සිටියේය.

    වරාය නගර සංවර්ධනය යටතේ මෙම කටයුතු සිදු වන අතර ඒ සම්බන්ධව මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ඡා කෙරෙන බවත් හෙතෙම පැවසීය.

    මෙම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ද එය දෙදහස්‌ විස්‌ස වසර වන විට අවසන් කිරීමට නියමිත යෑයි ද හෙතෙම කියා සිටියේය.


    සිරිමන්ත රත්නසේකර


    - http://divaina.com/sunday/index.php/puwath-2/649-2017-10-27-13-19-34

    :love::love:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Sri Lanka’s longest railway bridge nearing completion

    2017-10-31 00:10:02

    image_1509370868-c79bdf08e2.jpg

    image_1509370873-18d19102cf.jpg



    Only three more girders have to be placed for the initial completion of Sri Lanka’s longest railway bridge which is being constructed on the Matara Beliatta extension of the island s Southern Railway line. The 6.2 meter wide 1.5 kilometer long single line railway bridge between Akurubebila and Waththegama is referred to as the Watttegama Bridge and rests on 59 pier stems including the two ends.
    (Text and picture by P D Silva)

    - http://www.dailymirror.lk/article/Sri-Lanka-s-longest-railway-bridge-nearing-completion-139431.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනවාරියේ දී ජනසතු වෙයි

    October, 31, 2017

    Kottawa-Makunbura1.jpg


    ශ්‍රී ලංකාවේ ඉදිවන පළමු බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය වන කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙන අතර මෙය 2018 ජනවාරි මාසය පමණ වනවිට විවෘත කිරීමට රජය සැලසුම් කර ඇත.

    මෙම විවෘත කිරීමත් සමග ආරම්භයේදී මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය තුළ දුම්රිය සහ බස්රථ නතර කෙරෙන අතර මාලඹේ දක්වා දැනට ඉදිකිරීමට සැලසුම් කර තිබෙන සැහැල්ලු දුම්රිය මාර්ගයද මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා අනාගතයේදී දීර්ඝ කිරීමට සැලසුමක් ඇතැයි වාර්තා වේ.

    මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කළ පසුව දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන මේ වනවිට මහරගම නතර කරන බස්රථ මෙහි නතර කිරීමට සැලසුම් කර තිබෙන අතර කොට්ටාව බස් නැවතුම්පොළින් කොටසක්ද මෙම ස්ථානයට ගෙන එනු ඇත.

    අළුතින් ඉදිවන අධිවේගී මාර්ග පද්ධතිය ඔස්සේ කොළඹට ඇතුළු වීමට තිබෙන පිවිසුම් ස්ථාන දෙක වන්නේ කොට්ටාව මාකුඹුර සහ අතුරුගිරිය පෝරේ යන පිවිසුම් ස්ථාන දෙකයි.

    මේ අනුව, දකුණු අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය, කටුනායක අධිවේගී මාර්ගය, ඉදිකරමින් තිබෙන මහනුවර අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන මගීන්ට මෙම පිවිසුම් ස්ථාන දෙක ඔස්සේ කොළඹට ඇතුළු වීමට පුළුවන.

    මේ නිසා, අනාගතයේදී කොට්ටාව මාකුඹුර සහ අතුරුගිරිය පෝරේ යන ප්‍රදේශ ආශ්‍රිතව මහා පරිමාණ සංවර්ධනයක් සිදුවනු ඇතැයි උපකල්පනය කළ හැකිය.

    මේ වනවිටත්, මෙම ප්‍රදේශ රජයේ මහා නගර සංවර්ධන වැඩසටහන යටතේ විවිධ සංවර්ධන කටයුතු සඳහා හඳුනාගෙන තිබෙන කලාපයකි.

    මේ අනුව බලන විට, කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වැදගත්කම අනාගතයේදී වඩාත් වැඩිවනු ඇත.

    මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය සහිතව කොන්ත්‍රාත්තුව ලබාදුන්නේ 2015 මැයි මාසයේදී වන අතර කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් මිලියන 845 කි. සම්පූර්ණ භූමිය සංවර්ධනය කිරීම සඳහා තවත් රුපියල් මිලියන 140 ක් වැයකර ඇත.

    මේ සඳහා 50% ක අරමුදල් ජාත්‍යන්තර සහයෝගීතාවය පිළිබඳ ජපාන බැංකුවෙන් ලැබී තිබෙන අතර ඉතිරිය දේශීය වශයෙන් ලබා ගත් අරමුදල් වේ.


    Kottawa-Makumbura-2.jpg

    Kottawa-Makumbura-3.jpg


    - http://biz.adaderana.lk/කොට්ටාව-බහුවිධ-ප්‍රවාහන/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    ශ්‍රී ලංකාවේ බස්නාහිර කලාපය තුළ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) මාර්ග හය (06) පිළිබඳව පූර්ව - ශක්‍යතා අධ්‍යයනය සහ ශක්‍යතා අධ්‍යයනය සඳහා උපදේශක සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම

    - කොළඹ හා තදාසන්න ප්‍රදේශයේ දැනට පවතින අධික රථවාහන තදබදය සහ පොදු ප්‍රවාහන පද්ධතිය හා සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව ප්‍රවාහන මාදිලියක් ලෙස සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (Light Rail Transit - LRT) හඳුන්වා දීමට යෝජනා වී තිබේ. මේ යටතේ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග 06ක් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉදි කිරීමට නියමිත අතර, රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මෙම දුම්රිය සංක්‍රමණ මාර්ග 06 ඉදි කිරීම සඳහා පූර්ව ශක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීම පිණිස උපදේශක ආයතනයක් තෝරාගැනීමට ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවනු ලැබ තිබේ. ඒ සඳහා ජාත්‍යන්තර ආයතන 05කින් යෝජනා ඉදිරිපත්ව ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාළ උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 202ක මුදලකට, කොරියාවේ, M/s Seoyoung Engineering Co. Ltd., (SYE), Saman Corporation වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මහනුවර නගරයේ නාගරික රථගාල වැඩිදියුණු කිරීම

    - උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහනුවර නගරයේ නාගරික රථගාල (Municipal Car Park Roof Top) වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එම කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 654.11ක බදු රහිත මුදලකට, M/s. Sierra Construction (Pvt.) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළ ප්‍රවේශ ද්වාරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

    - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළට යාබද කොළඹ-මීගමුව මාර්ගයේ 18 වන සැතපුම් කණුව ආශ්‍රිත ප්‍රදේශය ප්‍රවාහන, ව්‍යාපාර හා වාණිජ කටයුතු, විවේක හා විනෝදාස්වාද කටයුතු ඇතුළත් වන පරිදි සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඒකාබද්ධ බස්රථ නැවතුම් පොළක් ස්ථාපනය කිරීම, දුම්රිය ස්ථානය වැඩිදියුණු කිරීම, කුලී රථ නැවතුම් පොළ, සංචාරක රථ ගාල, බැංකු සේවා, සිනමා ශාලා, අවන්හල්, විනෝදාස්වාද ජල තීර, සාප්පු සංකීර්ණ ආදී පහසුකම් ස්ථාපිත කිරීමට නියමිතය. ඒ අනුව, යෝජිත 'බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළ ප්‍රවේශ ද්වාර ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ගුවන් නගර සංවර්ධනය සඳහා ඉඩම් ලබාගැනීම

    - කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළට ආසන්නව පිහිටා ඇති ඒකල ප්‍රදේශය, මෙරට කාර්මික අංශයේ නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබා දෙයි. බස්නාහිර කලාප මහානගර සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක කෙරෙන ගුවන් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පහත සඳහන් උප ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    * අගය එකතු කළ කර්මාන්ත සඳහා වෙන් කළ ප්‍රදේශයක් ස්ථාපිත කිරීම

    * කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර(SME) සඳහා වෙන් කළ ප්‍රදේශයක් ස්ථාපිත කිරීම

    * වාණිජ හා විනෝදාස්වාද සඳහා වෙන් කළ ප්‍රදේශයක් ස්ථාපිත කිරීම

    * මාධ්‍ය නගරය

    * මධ්‍යම පාන්තික නිවාස හා පොදු පහසුකම් සේවා

    ඉහත සඳහන් උප ව්‍යාපෘති ඇතුළත් මෙම ගුවන් නගර ව්‍යාපෘතිය රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරීත්ව පදනම යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් අක්කර 80ක පමණ ඉඩම් කොටසක්, නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ කොම්පෝස්ට් අංගණය ඉදි කිරීම

    - අධික ජනගහනය හා ශීඝ්‍ර කාර්මීකරණය හේතුවෙන් නාගරික ඝන අපද්‍රව්‍ය විශාල වශයෙන් එක්රැස් වන ගම්පහ දිස්ත්‍රික්කය තුළ සනීපාරක්ෂක කසළ රඳවනයක් ඉදි කිරීමද ඇතුළත්ව ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් හිමි වී තිබේ. එම ව්‍යාපෘතිය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන විසින් එකතු කරනු ලබන ඝන අපද්‍රව්‍ය විධිමත්ව වර්ග කර දිරාපත්වන අපද්‍රව්‍ය යොදාගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට ද සැලසුම් කර තිබේ.

    එහි පළමු පියවර වශයෙන් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය වන කාබනික පොහොර නිෂ්පාදන අංගණය කඩිනමින් ඉදි කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

    - රාජ්‍ය විශ්වවිද්‍යාලවල දැනට පවතින ඉඩකඩ හා පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, එම විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය ප්‍රමුඛතාව ලබා දී තිබේ. ඒ අනුව, පහත සඳහන් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති, 2018-2019 කාලසීමාව තුළ රුපියල් මිලියන 380ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

    * පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අධ්‍යයන අංශය පුළුල් කිරීම.

    * අනුරාධපුර, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන විදේශීය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා තෙමහල් නේවාසිකාගාර ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සහ එම විශ්වවිද්‍යාලයේ සංචාරක නිවාසය වැඩිදියුණු කිරීම.

    * නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයේ කාර්යමණ්ඩල නිල නිවාස ඉදි කිරීම.

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීම

    - ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නඟාසිටුවීම සඳහා ණය පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස ඇමරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් ආසියානු සංවර්ධන බැංකුව විසින් සලසා දෙනු ලැබ තිබේ. මෙම ණය යෝජනා ක්‍රමය සඳහා වන අධික ඉල්ලුම හේතුවෙන් යෝජිත ව්‍යාපෘති කාල සීමාව අවසන් වීමට පෙර, සම්පූර්ණ අරමුදලම උපයෝජනය කරමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත සහනශීලී ණය ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මෙම ණය යෝජනා ක්‍රමය තවදුරටත් පුළුල් කර, ප්‍රතිලාභීන් වැඩි පිරිසකට සහනශීලී ණය ලබා දීමට හැකිවන පරිදි, ඇමරිකානු ඩොලර් මිලියන 75ක අතිරේක අරමුදල් ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Cabinet decisions 2017-10-31.


    Read more:
    http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-10-31
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Link Engineering has been successfully awarded with yet at another Mega Design and Build Project for University of Ruhunu. A Twelve Storied Building Complex for the Faculty of Medicine to be design and build for University of Ruhuna, Karapitiya, Galle.

    Project Value : Rs. 850 Million + VAT
    Client : University of Ruhuna

    23130461_1475573305831285_3821996947428544446_n.jpg


    - https://www.facebook.com/LinkEngineering/posts/1475573345831281
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    ලංකා රාජ්‍ය ජාලයේ දෙවන අදියර ඇරඹෙයි

    November, 1, 2017

    LGN-2.0-Logo.jpg


    රාජ්‍ය ආයතන එකම පරිගණක ගත ජාලයකට සම්බන්ධ කෙරෙන ලංකා රාජ්‍ය ජාල (LGN) ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කර තිබේ.

    මේ යටතේ මුලික වශයෙන් තවත් රාජ්‍ය ආයතන 860ක් සම්බන්ධ කිරීම ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

    මෙම ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම ලබන 7දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

    අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ,පළාත් සභා ලේකම් කාර්යාල, කලාප අධ්‍යපන කාර්යාල සහ පළාත් පාලන ආයතන මෙම ව්‍යාපෘතිය යටතේ ජාල ගත කෙරෙන රාජ්‍ය ආයතන වලට අයත්වන බව නියෝජිතායතනය පවසයි.

    අන්තර්ජාල පහසුකම් ලබාදීම/ මෙගා බයිට් 100 දක්වා ධාරිතාවයෙන් යුතු පුළුල් පරාස දත්ත සම්බන්ධතාවයක් ලබාදීම /ආයතන පරිශ්‍රය ආවරනය වන පරිදි රැහැන් රහිත පරිගණක ජාලයක් ස්ථාපනය කිරිම/රාජ්‍ය ආයතනයක් සතු දත්ත තවත් රාජ්‍ය ආයතනක් සමග විශ්වාසදායී සහ සුරක්ෂිත ලෙස හුවමාරු කර ගැනිමට හැකිවීම එමෙන්ම මෙම රාජ්‍ය ආයතන වලට පැමිණෙන මහජනතාවට නොමිලේ අන්තර්ජාල පහසුකම් සැලසීම ආදී පහසුකම් රැසක් රාජ්‍ය ආයතන වෙත හිමිවේ.

    මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ලංකා රාජ්‍ය මේඝය හෙවත් ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් වෙත ප්‍රවේශ වී ආරක්ෂාකාරී සහ විශ්වාසදායී ලෙස රාජ්‍ය ආයතන වල දත්ත ගබඩා කිරීමේ පහසුකම් සැළසීම සහ ඉ-මේල් ලිපි ගොනු කළමනාකරණ පද්ධති ඉ-රාජ්‍ය සේවාවන් ලබා දිමට පරිශ්‍රීලනය කිරීමට හැකිවීමයි.තවද දිවයිනේ ඕනෑම ස්ථානයක සිට වයිෆයි තාක්ෂණය ඔස්සේ ලංකා රාජ්‍ය ජාලය සමග සම්බන්ධවීමේ පහසුකම්ද මේ යටතේ හිමිවේ.

    ඩිජිටල් ශ්‍රි ලංකාවක් දැක්ම යතාර්තයක් කර ගැනීමට පෙර මග සුදානම් කර ගැනීමේදී මෙරට රාජ්‍ය අංශය මේ අයුරින් සවිබල ගන්වා තිබීම අතිශයින් වැදගත් බවද අවසන් වශයෙන් මෙමගින් මහජනතාවට කාර්යක්ෂම සහ පලදායි සේවාවක් ලබා ගැනීමට හැකිවන බවද නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අජිත් මදුරප්පෙරුම මහතා සදහන් කරයි.


    - http://biz.adaderana.lk/ලංකා-රාජ්‍ය-ජාලයේ-දෙවන-අද/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    23172882_1721947227849304_2991001350079969128_n.jpg


    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් දිවිසරු පුරවර ව්‍යාපෘතියට සමගාමීව 2016-2020 දක්වා නිවාස ඒකක 25,000 ක් ඉදිකිරීමට නියමිතය. මේ වන විට නිවාස ඒකක 19,072 ක ඉදිකිරීම් කටයුතු අරඹා ඇති අතර ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන 100 කි.

    - https://www.facebook.com/uda.gov.lk...203269090372/1721947227849304/?type=3&theater
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Sri Lanka's Colombo moves to 25 among container ports

    Nov 02, 2017 07:28 AM GMT+0530


    ECONOMYNEXT - Sri Lanka's Colombo Port has moved up two places to become the 25th busiest container port, next to Vietnam's Ho Chi Minh City, helped by a Chinese run terminal, a global ranking has shown.

    In 2016 Colombo's volumes grew 10.6 percent to 5.734 million twenty foot equivalent units (TEUs) helping it overtake Bremen/Bremerhaven (5.535 mn) in Germany and Tanjung Prion (5.515mn) in Indonesia, in a ranking of top 100 container ports by Lloyd's List.

    "The significant rise in volumes came as a result of an influx of ultra large containerships calling the Colombo International Container Terminal, situated in the port’s new south harbour development, capable of handling three ULCs simultaneously," the publication said.

    CICT is operated by China Merchant Holdings group.

    Ho Chi Minh City retained its position as the 24th busiest port with volumes growing 3.4 percent to 5.98 million units in 2016.

    Chinese ports dominates the list with Shanghai in top spot 37.13 million TEUs, Shenzen in third with 23.97 million units, Ningbo-Zhoustan (4th place) with 21.56 million units, Hong Kong (6th) with 19.81 million, Guangzhou (7th) 18.8 million and Qindao (8th place) with 18.0 million units.

    Outside of China only Singapore (2nd place) with 30.9 million units, South Korea's Busan (5th place) 19.85 million and Dubai (9th place) with 14.77 million were outside China.

    - http://www.economynext.com/Sri_Lanka_s_Colombo_moves_to_25_among_container_ports-3-9071-6.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    23032374_1153709608094227_4655893190729877778_n.jpg


    රත්නපුර, බලංගොඩ, පඹහින්න ප්‍රෙද්ශයේ ජල ව්‍යාපෘතිය අද දිනයේදී ආරම්භ කිරීම සිදුවිය.
    නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ මැදිහත්වීම මත රු.මි1020ක මුදල් ප්‍රතිපාදන මේ සදහා වෙන්විය. මෙමගින් සබරගමුව විශ්වවිද්‍යාලය, පුවක්ගහවෙල, කරගස්තලාව, මුත්තෙට්ටුවේගම හා ඉඹුල්ගම යන ප්‍රෙද්ශ සදහා පානීය ජලය ලබාදීම සිදුකරයි.

    - https://www.facebook.com/thalatha.atukorale.unp/posts/1153712818093906
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    පැහැදිලිවම, ශ්‍රී ලංකා සිතියම අලුතින් නිර්මාණය කරන්න වෙනවා
    බස්නාහිර පළාත් හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක


    4 නොවැම්බර්, 2017

    ඒකාබද්ධ විපක්ෂය මෙන්ම සමාජයේ පිළිගත්යැයි සැලකෙන ඇතැම් විචාරකයන්ද රජයට චෝදනා කරන්නේ කිසිදු සංවර්ධන කාර්යයක් මේ රජය යටතේ සිදු නොවන බවයි. පසුගිය රජය සමයේ සිදු කළ සංවර්ධන කාර්යයන් පවා අතරමඟ නවතාදමා ඇතැයිද ඔවුහු චෝදනා නඟති. මේ සම්බන්ධයෙන් අදහස් දැනගැනීමට මෙවර අප සිළුමිණ සංවාදයට එක් කරගත්තේ බස්නාහිර පළාත් හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතායි.

    ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මෙන්ම ඇතැම් විචාරකයන්ද නඟන රටේ සංවර්ධනය අඩාළ වෙලා කියන චෝදනාවෙන්ම අපි මේ සාකච්ඡාව ආරම්භ කළොත්...

    ඇස් පෙනෙන ඕනෑම අයකුට පේන දෙයක් තමයි මේ වන විට රටේ සංවර්ධන කටයුතු සිදු කෙරෙන බව. වැඩි ඈතක යන්න ඕන නැහැ. ගාලු මුවදොර පිට්ටනියට ඇවිත් බැලුවහම හොඳටම පේනවා රටේ සංවර්ධන කටයුතු වෙනවද නැද්ද කියල. වරාය නගරය නැත් නම් පෝට් සිටියේ මේ වෙන විට පිරවීම් වැඩ 50%ක් ඉවරයි.

    පෝට් සිටි පසුගිය රජයේ ආරම්භ කළ සංවර්ධන කාර්යයක්. එවකට විපක්ෂයේ හිටපු ඔබතුමා ඇතුළු බොහෝ දෙනෙක් ඒ සඳහා විරෝධය පෑවා. දැන් ඒ කාර්යය දිගටම කරගෙන යනවා!

    අපි යම් දෙයක් සඳහා විරෝධය පාන්නේ සාධාරණ හේතු සහිතවයි. පෝට් සිටි ව්‍යාපෘතිය ඉදිකිරීමේ අරමුණු ලෙස පසුගිය රජය දක්වා තිබුණු කරුණු මොනවාද? කැසිනෝ, මෝටර් රථ ධාවන තරග වගේ විනාශකාරි දේවල් මේ රටේ සංවර්ධනයට ඉවහල් වන කාර්යයන්ද? අනිත් එක: 2014 වසරේ ගිවිසුම අරගෙන බලන්න. වරාය නගරයේ චීන සමාගමට බදු දෙන ඉඩම් ප්‍රමාණයෙන් හෙක්ටයාර් 20ක ඉඩම් ප්‍රමාණයක් චීන සමාගමට සින්නක්කරව ප්‍රදානය කරන්න කටයුතු යොදලා තිබුණා. අපි 2016දී ඒ ගිවිසුම සංශෝධනය කරලා සියලු ඉඩම් 99 අවුරුදු බදු පදනම මත පමණක් ලබා දුන්නා. බදු කාලය අවසානයේ ඉඩම් කොටසක් ලංකා රජයටත් ඉතිරි කොටස (හෙක්ටයාර් 20) චීන ව්‍යාපෘති සමාගම් භාරයේත් පැවතීමයි 2014 ගිවිසුමේ සඳහන් වුණේ. අපි එයත් සංශෝධනය කළා බදු කාලය අවසානයේ මුළු ඉඩම් ප්‍රමාණයම ලංකා රජය වෙත ලැබිය යුතු ආකාරයෙන්. ඒ වගේම වරාය නගරයේ නඩත්තු කටයුතු ශ්‍රී ලංකා රජය මඟින් සිදු කළ යුතු බවටයි පසුගිය රජය අස්සන් කළ ගිවිසුමේ සඳහන් වුණේ. එයත් අප සංශෝධනය කළා රජය හා ව්‍යාපෘති සමාගම සමඟ හවුල්ව මේ සඳහා හවුල් සමාගමක් පිහිටුවිය යුතු බවට. මේ ආකාරයේ වගන්ති 9ක් අප ශ්‍රී ලංකා රජයට වාසිදායක වන ආකාරයෙන් සංශෝධනය කළා. අප විවේචනය කළේ රටට වූ අයහපත ගැන මිස සංවර්ධන කටයුතු ගැන නෙමෙයි.

    පසුගිය රජය කැසිනෝ මෝටර් රථ ධාවන තරග ආරම්භ කිරීමට වරාය නගරය යොදාගැනීමට කටයුතු කරන්න සැලසුම් කළ බව ඔබ පැවසුවා. ජාතික ආණ්ඩුව වරාය නගරය රටේ සංවර්ධනයට යොදාගන්නේ කුමනාකාරයටද?

    වරාය නගරය ආයෝජන නගරයක් ලෙස තමයි අප යොදාගන්නෙ. එතෙර ආයෝජකයන් ඊට ඈඳාගැනීම තමයි අරමුණ. විශේෂයෙන්ම කියන්න ඕනෑ: මේ වෙන කොට ලෝකෙ රටවලට වඩා නගර ඉදිරියෙන් ඉන්නෙ. නගර කේන්ද්‍ර කරගනිමින් තමයි වෙළෙඳාම සිදු වන්නෙ. ඒ කියන්නෙ ආයෝජකයො බලන්නෙ කොයි නගරයේ ආයෝජනයෙන්ද තමන්ට ලාභය උපයාගැනීම වැඩි කරගන්න පුළුවන් කියලා.

    වරාය නගරය මූල්‍ය නගරයක් ලෙසින් සංවර්ධනය කරන්න සැලසුම් කළ බවත් ඔබ කිව්වා. එහෙත් මූල්‍යනගර සංකල්පය අපට අලුත් දෙයක්. ඒ වගේම ලෝකෙ රටවල මෙවන් ව්‍යාපෘති අසාර්ථක වූ අවස්ථා තිබෙනවා. එය රටක ආර්ථිකය කඩාවැටීමට විශාල හේතුවක් වන්න පුළුවන්...

    ඒ කතාව ඇත්ත. පළමුවැනි ලෝක සංග්‍රාමයෙන් පස්සේ ප්‍රථම මූල්‍ය නගරය ලෙස ලෝකයේ නැඟී සිටියේ ස්විට්සර්ලන්තයයි. පසුව එවැනි නගර සහ රටවල් සියයට අධික සංඛ්‍යාවක් පසුගිය දශක 6-7 කාලය තුළ ඉහළට ඒමට උත්සාහ ගත්තා. ඒත් සාර්ථකත්වය ලබා ඇත්තේ ඩුබායි, හොංකොං, සිංගප්පූරුව වැනි රටවල් තමයි. ඒ වගේම බලවත්ව තිබූ අයර්ලන්තය වැනි රටවල් කඩාවැටීමකටද ලක් වුණා. අප කරන්නේ බලවත් වූ සහ අසාර්ථක වූ අයගෙන් අත්දැකීම් ලබාගෙන මේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට පියවර ගැනීමයි‍.

    වරාය නගරය චීනය හා එක්ව ගොඩනඟන්නක්. මෙය සුපිරි ධනවතුන්ට පමණක් වෙන් වෙයිද?

    මේ නගරයේ පළමුවෙන්ම ඉදි වන්නේ විහාරමහාදේවි උද්‍යානය වගේ දස ගුණයකින් යුක්ත උයනක්. එය සැමටම විවෘත උද්‍යානයක්. එමෙන්ම අනෙක් සියල්ල ඕනෑම අයකුට විවෘතයි. සුපිරි රෝහලක් වගේම සුපිරි පාසලක් ඉදි වනවා. මෙය ඉන්දීය සාගරයේ කලාපීය වාණිජ මධ්‍යස්ථානයක් බවට පත් කරනවා.

    වරාය නගරය ඉදි කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. කොළඹ හා සම්බන්ධ වන අනෙකුත් යටිතල පහසුකම් ගැනත් සොයා බැලිය යුතු වනවා...

    වරාය නගරයට පහළින් ඇති මැරීනා කලාපය මඟින් සංචාරක ව්‍යාපාරය දිරි ගන්වන නාවික කේන්ද්‍රයක් ඉදි කිරීමට බලාපොරොත්තු වනවා. මේ සඳහා කොල්ලුපිටියෙන් පහළට දෙහිවල දක්වා මුහුදු තීරයත් ඊට සමාන්තරව සංවර්ධනය කිරීමට බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කරනවා.

    එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ඇතිව කැලණි නව පාලමේ සිට වරාය දෙසට ගුවන් මඟින් දිවෙන මහාමාර්ගයක්ද ඉදි වනවා. ඒ මාර්ගය වරාය නගරයේ සිට භූගත මාර්ගයක් මඟින් කොල්ලුපිටිය දුම්රිය ස්ථානය දක්වා සහ මැරයින් ඩ්‍රයිව් (මුහුදු නව මාවත) දක්වා ඉදි කිරීමට නියමිතයි.

    නගරයක බරපතළම අර්බුද නිර්මාණය වන්නේ කසළ ප්‍රශ්නය මතයි...


    කසළ කළමනාකරණය මේ නගර නිර්මාණයේම කොටසක්. මේ සඳහා දැනටමත් විසඳුමක් දී අවසානයි. කොළඹ නගර සභාවට ඒ බර පැටවෙන්නේ නැහැ. චීන සමාගම හා එක්ව ඒ සඳහා වෙනම පරිපාලන ආයතනයක් ස්ථාපිත කෙරෙනවා. දැනටමත් ඒ සඳහා බලපත්‍රයක් අරගෙනයි තියේන්නේ.

    ජලය හා විදුලිය ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්නේ කෙසේද?

    මේ සඳහා නව ජලාශ ව්‍යාපෘති දෙකක් ඉදි කිරීමට යෝජිතයි. වාරිමාර්ග අමාත්‍යාංශය සහ ජලසම්පත් මණ්ඩලය සමඟ එකතුව 'වී ඔය' සහ 'යටිමහන' නමින් නව ජලාශ දෙකක් ඉදි කරමින් තමයි මේ නගරයේ ජල අවශ්‍යතාව සම්පූර්ණ කරන්නේ. විදුලිය සැපයුම සඳහා මෙගාවොට් 300ක ස්වාභාවික ද්‍රව වායු බලාගාරයක් වරාය නගරය තුළම ස්ථාපනය කරනවා.

    වරාය නගරය අලුතින් ශ්‍රී ලංකාවට එක් වන බිම්කඩක්. සිතියමත් වෙනස් කරන්න වෙයි නේද?

    පැහැදිලිවම, ශ්‍රී ලංකා සිතියම අලුතින් සකස් කරන්න වෙනවා. අලුත් පරිපාලන නගරයක් ලෙසයි මෙය බිහි වන්නේ.

    ඒ කියන්නේ කොළඹ නගර සභාවෙන් බාහිර පරිපාලන ව්‍යූහයක් ලෙසද මෙය ක්‍රියාත්මක වන්නේ?

    ඔව්, ශ්‍රී ලංකාවට අයත් වෙනම පරිපාලන නගරයක් ලෙස පවත්වාගෙන යෑමටයි කටයුතු කරන්නේ.

    මේ පරිපාලන නගරයේ ව්‍යූහය වරිපනම් බදු ආදිය කොළඹ නගර සභාවට අයත් නොවනවා නම් ඒ සඳහා බලපාන ක්‍රමවේදය කුමක්ද?

    වෙනම බදු ක්‍රමයක් මේ පරිපාලන නගරය සඳහා සිදු කෙරෙනවා ඇති. සංචාරක කලාපයක් සඳහා මුල් තැනක් දෙනවා.

    චීන සමාගමේ හිමිකාරිත්වයක් නැතිද?

    ජනාධිපතිතුමා සතුවයි ඉඩම් බලතල තියෙන්නේ. ඕනෑම රටක නාවික සැතපුම් 12ක් දක්වා යන තුරු මුහුද ගැඹුර අයත් වන්නේ ඒ රටටයි. ජනාධිපතිතුමා විශේෂ බලපත්‍රයකින් ඒ සංවර්ධනයට අවසර දුන්නා. අපි ඒ අවසරය චීන සමාගමට දුන්නා සංවර්ධන කටයුතු සඳහා. නගරය ස්ථාපිත කිරීමෙන් පසු යළිත් අනුමැතියක් අවශ්‍ය වනවා.

    වරාය නගරය ඉදි කරන අතරතුර කොළඹ නගරයේ තැන්-තැන්වලත් බොහෝ කැණීම් සිදු වනවා. වරාය නගරයේ අතුරු ප්‍රතිඵලයක්ද? නැත් නම් උමා ඔය වගේ තවත් අර්බුදයක පෙර නිමිත්තක්ද?

    වරාය නගරයේ ඉදි කිරීම් සිදු කරන්නේ මුහුද ගොඩ කිරීමෙන්... කොළඹ නගරයේ භූගත කැණීම් කරන්නේ නගරය තුළ... ඒ කැණීම් කරන්නේ ඉපැරැණි ජල නළ ඉවත් කර. , නව ජල නළ එළීමටයි..

    හදිසියේම ඇයි මේ ජල නළ එළීමක් ආරම්භ කළේ.

    කොළඹට තවමත් ජලය සපයන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් එළන ලද නළ මඟින්. කොළඹ නගරය තුළ පමණක් කිලෝමීටර් 960ක දුරකට එම නළ විහිදී තිබෙනවා. ඒ ඉපැරණි ජල නළ නිසා කොළඹ නගරයට සපයනු ලබන ජලයෙන් 40%ක් අපතේ යනවා. ඒ නිසා විදේශාධාර ඇතිව අලුතින් ජල නළ එලීම් පටන් ගත්තා. අපි කිලෝමීටර් 60ක් අලුතින් ජල නළ එළනවා.

    වරාය නගරය හදන්න දිනකට කළු ගල් ලොරි සිය ගණනක් එනවා. පරිසර හානිය, ගල් කැඩීම මේ සියල්ල ගැටලුවක් වෙලා නැද්ද.

    මේ සියලු කළුගල් ලබා ගන්නේ බස්නාහිර පළාතෙන් පමණයි. පරිසර අධ්‍යයන වාර්තා ඇතුළු සියලු වාර්තා ලබාගැනීමෙන් පසුවයි මේ සියලු කටයුතු සිදු කරන්නේ.ෙ

    ඔබගේ අමාත්‍යාංශය මැදිහත් සැහැල්ලු දුම්රිය සේවා පද්ධතියක් ආරම්භ කරන බව පසුගිය කාලයේ වාර්තා වුණා. ඒක කතාබහට සීමා වුණාද‍

    සැහැල්ලු දුම්රිය සේවා 7ක් අලුතින් ආරම්භ කරනවා. කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් බත්තරමුල්ල පාරේ ඇති තදබදයත් සැලකිල්ලට ගෙනයි මේ මාර්ග පද්ධතිය සැලසුම් කර තිබෙන්නේ. මෙයින් මාර්ග දෙකක් ජයිකා ආධාර ඇතිව අපි ලබන වසරේ ආරම්භ කරනවා. එයින් එක් මාර්ගයක් කොළඹ කොටුවේ සිට කඩුවෙල දක්වාත් අනිත් මාර්ගය කොළඹ කොටුව කොම්පඤ්ඤවීදිය හරහා බම්බලපිටිය දක්වාත් දිවෙනවා.

    මේ සඳහා ලබන වසරේ ජූනි මාසයේ ගිවිසුම් අස්සන් කර 2018 දෙසැම්බර් මස වැඩකටයුතු ආරම්භ කරනවා. මේ වන විට පරිසර අධ්‍යයන කටයුතු සිදු කරනවා. ජපන් සමාගම් විශේෂ දැනුම් දීමක් කර තිබෙනවා නිවාස අහිමි වන අය සම්බන්ධව සමාජ ඇගයීමක් සිදු කරන ලෙස. ඒ කටයුත්තත් මේ වන විට සිදු කෙරෙනවා.

    ඉතිරි මාර්ග 5 සඳහා මේ වන විට ටෙන්ඩර් කැඳවා තිබෙනවා. ආයෝජකයන් 9 දෙනෙක් ඒ සඳහා ඉදිරිපත්ව සිටිනවා. මේ මාර්ග 5ම එක්වර කඩිනම් මහවැලිය වගේ ක්‍රියාත්මක වෙනවා.


    ඔබ මේ සැහැල්ලු දුම්රිය පද්ධති වරාය නගරයන්ගේ වැදගත්කම ගැන කතා කළත්, මධ්‍යම අධිවේගී මාර්ගය ගැන යම් විරෝධයක් දක්වන බවක් පෙනෙනවා.

    කිසිම විරෝධයක් නැහැ. අප ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමකටද යන්න හඳුනාගෙන කටයුතු කළ යුතුයි. අපි 2011 වසරේ සිට 2015 වසර දක්වා අධිවේගී මාර්ග කිලෝමීටර් 170ක් හැදුවා. ඒ සඳහා රුපියල් බිලියන 207ක් වැය කළා. පසුව ඉතිරි අවුරුදු තුනට තවත් කිලෝමීටර් 190ක් බාර ගෙන තිබෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 353ක් වැය වනවා. ඊට අමතරව තවත් මාර්ග කිලෝමීටර් 260ක් අධිවේගී මාර්ග පද්ධතියට එකතු කරන්න සූදානම්. මේ සියල්ලට වැය වන මුදල රුපියල් බිලියන 1700ක්. ඒ තරම් මුදලක් අපේ අධිවේගී මාර්ගවලට වෙන් කළාම රටේ අනෙක් සංවර්ධන කටයුතුවලට මුදල් සොයාගන්නේ කොහොමද?

    ඔබ කියන්නේ අධිවේගී මාර්ග තැනීම නොකළ යුතු බවද?

    කොළඹ - හොරණ මාර්ගයේ දිනකට වාහන 170000ක් ගමන් කරනවා. පාමංකඩ සිට ඩබ්ලියුඒ ද සිල්වා මාවත දක්වා මාර්ග කොටස සංවර්ධනය කරන්නේ නැතිව අපි කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය හදනවා. ඒ මාර්ගය ගලගෙදර දක්වා සෑදීම ප්‍රමාණවත්. එතැනින් ඔබ්බට මාර්ගය තැනීම ආර්ථික වශයෙන් මෙන්ම භෞතික වශයෙනුත් ඵලදායි නැහැ. අනෙත් කරුණ කොළඹ නගරයේ 20000ක පමණ පිරිසක් මේ වන විට වැසිකිළි නැතිව සිටිනවා. අධිවේගී මාර්ගයේ එක කිලෝමීටරයක් නැවැත්වුව හොත් ඒ 20000ටම වැසිකිළි හදන්න පුළුවන්. කිලෝමීටර් 2ක් නැවැත්වුව හොත් වෛද්‍ය විද්‍යාලයක් හදන්න පුළුවන්. වීඔය සහ යටිමහන ජලාශ දෙකම හදන්න පුළුවන් කිලෝමීටර් 3ක් නැවැත්වුව හොත්. කොළඹ නගරයේ අධික තදබදයක් තියෙනවා. මේ වගේ තත්ත්වයක් තියාගෙන ගලගෙදරින් එහාට අධිවේගයක් හැදීම අපේ ප්‍රමුඛතා ලැයිස්තුව අබිබවා යෑමක් බව පැහැදිලියි.

    එසේ වුවත් වරාය නගරයේ සිට කොල්ලුපිටිය දක්වා භූගත මාර්ගයක් සෑදීමට යෝජනා කර තිබෙනවා...

    නාගරික ප්‍රවාහන අර්බුදයට විසඳුම් ලබා දීමට රජය මුදල් වැය කර කළ යුතුයි. එහෙත් ඒ සඳහා චීන සමාගම මිලියන 200ක් වැය කර භූගත මාර්ගයක් සකස් කරනවා. එය අප ලැබූ ජයග්‍රහණයක්. මහානගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමක් මතයි එය සිදු වන්නේ.

    බේරේ වැව ආශ්‍රිත සංවර්ධන වැඩකටයුතු මේ වන විට මන්දගාමි වී ඇති බවක් පෙනෙනවා...?

    බේරේ වැවේ සිට ඩීආර් විජයවර්ධන මාවත දක්වා ඇති සියලු පැල්පත් ලබන සතියේ ඉවත් කිරීම අරඹනවා. අප ඒ සියලු දෙනාට නිවාස ලබා දෙනවා. නිවාස ලබා දීම සිදු කරන්නේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ. තව ටික කලකින් බේරේ වැව අවට කලාපයම සුන්දර කලාපයක් වේවි. ඒ වැඩ කටයුතු 50%ක් අවසන් වී තිබෙන්නේ.

    සංවාදය
    තාරක වික්‍රමසේකර


    - http://www.silumina.lk/2017/11/04/දේශපාලනය/පැහැදිලිවම-ශ්‍රී-ලංකා-සිතියම-අලුතින්-නිර්මාණය-කරන්න-වෙනවා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Malabe-Fort Light Rail Transport project starts early 2018

    Preliminary work on the Light Rail Transport (LRT) project between Malabe and Fort will commence early next year, officials said.

    The project covering a distance of 21 km and costing US$ 1.3 billion, with funding from JICA, is due to be completed by 2021.

    Ahead of the launch of the project, all overhead Telecommunication and Electricity lines are to go underground, to facilitate the LRT project.

    Megapolis and Western Development Ministry Secretary Nihal Rupasinghe told the Sunday Times that the loan, similar to the Port City project, will have to be paid back in 40 years, with a 10-year grace period.

    Once the project is completed, it will take about 40 min to travel from Malabe to Fort, with trains operating every four minutes during peak hours.

    “As the project is new to Sri Lanka, for the first 2 years, the project will be operated by the Japanese and subsequently, our drivers, who would be trained during that period, will take over,” he added.

    There will be 21 stations along the route which covers the Borella, Rajagiriya, Battaramulla and Thalahena areas.

    LRT-Graphic.jpg


    - http://www.sundaytimes.lk/171105/ne...ansport-project-starts-early-2018-267259.html