සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    PM opens integrated water supply system, sewerage project in Kurunegala

    Saturday, August 11, 2018 - 01:00

    Prime Minister Ranil Wickremasinghe will be in Kurunegala on August 13, where he would vest in the public the integrated water supply system and sewerage project.

    The improvement and enhancement of the Kurunegala drinking water supply scheme was a long standing requirement of the Kurunegala Municipal area and its suburbs. With this necessity being taken into consideration, measures were taken to provide the people in Kurunegala with solutions for the drinking water problem.

    The sanitation facility will cater to the needs of households, government, private sector, schools, hospitals, tourist hotels, institutions and all of the daily floating population exceeding 100,000.

    It was also cited that the rapid development of the Kurunegala city had led to a sewerage disposal problem where most septic tanks in households were not up to standard and leak into the environment. This has also led to the contamination of the Kurunegala lake due to contaminated underground water.

    The project aims to provide safe drinking water, continuous, potable water for 24 hours, facilitating more than 100,000 floating population with 45,000 public in city limits and also to facilitate the General hospital of Kurunegala with 24 hours continuous water supply.

    To would also provide the opportunity of disposing waste water for 3,500 domestic and commercial institutes through well organized sewerage network. The project is estimated to be valued at Rs. 15,500 million out of which, Rs. 3,200 million is funded by the government.

    The construction of this project was completed by the China Machinery Engineering Company (CMEC), under the guidance of the Ministry of City Planning and Water Supply and the supervision of the Water Supply and Drainage Board.

    - http://www.dailynews.lk/2018/08/11/...ter-supply-system-sewerage-project-kurunegala
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    රත්නපුරයට නව අධිකරණ සංකීර්ණයක්

    on 10 August 2018.

    Untitled.pngcourt.png

    රත්නපුර නව නගර භූමියේ රුපියල් කෝටි 250ක වියදමින් නව අධිකරණ සංකීර්ණයක් ඉදි කෙරෙනවා. අද ඊට මුල්ගල තැබුණා. උත්සවය පැවැත්වුණේ, අමාත්‍ය තලතා අතුකෝරල, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්.

    මහේස්ත්‍රාත් අධිකරණ දෙකක්, දිසා අධිකරණ දෙකක්, මහාධිකරණ තුනක් සහ කම්කරු විනිශ්චය සභාවක්, නව අධිකරණ සංකීර්ණයට ඇතුළත්. සියලු ඉදිකිරීම් වසර 3ක් තුළ අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

    සබරගමු පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    - http://www.rupavahininews.lk/index.php/local-news/17860-2018-08-10
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    දින 1015කදී උදා ගම්මාන 1000ක්

    - 10 08 2018 - 22:12

    නව උදාගම්මාන වැඩ සටහන යටතේ ඉදිකිරීමට නියමිත 1000 වැනි උදාගම්මානයට හෙට (11දා) හම්බන්තොට, සූරියවැව, වැදිවැවදී මුල්ගල තබන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය පවසයි.

    වත්මන් රජය යටතේ ඉදිවූ පළමු උදාගම්මානය වන සහනගම සඳහා 2015 වසරේ ඔක්තෝබර් 31 මුල්ගල තබන ලද්දේය.

    එතැන් පටන් හෙට දිනය දක්වා උදා ගම්මාන 1000කට මුල්ගල් තබා ඇත.

    - http://www.ada.lk/breaking_news/දින-1015කදී-උදා-ගම්මාන-1000ක්/11-339172
     
    • Like
    Reactions: basunnaha

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    වාහන තදබදය මඩින්න සැහැල්ලු දුම්රිය මාර්ග හතරක්

    By කතෘ මණ්ඩලය // 2018 අගෝ 11 වන සෙනසුරාදා

    රටේ සංවර්ධනයට හා ආයෝජකයන්ගේ පැමිණීමට අපේ රටට බලවත් බාධාවක් වී ඇත්තේ මාර්ග තදබදයයි. මේ මාර්ග තදබදයට පැහැදිලි විසඳුමක් තවමත් ලැබී නැති බව පැහැදිලිය.

    රටේ ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානය වී ඇත්තේ කොළඹ නගරයයි. මේ මාර්ග තදබදය අද බරපතළ සංකීර්ණ ගැටලුවක් වී ඇත. අධිවේගී මාර්ග, ගුවන් පාලම්, මාර්ග පුළුල් කිරීම දිගින් දිගටම සිදු කළත් මාර්ග තදබදය අවම කිරීමට ඒවා හේතුවක් වී නැත.

    මේ හේතුවෙන් කොළඹ හා තදාසන්න නගරයන්ට සේවා හා රැකියා සඳහා පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත පිරිස මෙන්ම නාගරිකවැසියෝද දැඩි පීඩාවට පත්ව සිටිති.

    මෙම රථවාහන තදබදය නිසා ඉන්ධන වැඩි වශයෙන් වැයවීම හේතුවෙන් අතිවිශාල ධනයක් පිටරටට ඇදීයාම සිදු වෙයි. මීට අමතරව මිනිස් ශ්‍රමය දැඩි ලෙස නාස්තිවීමෙන් රටේ ජාතික ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ලබයි. බස්නාහිර පළාත පුළුල් සංවර්ධනයකට යොමු කිරීමේදී ප්‍රවාහනය ද අතිශය වැදගත් සාධකයක් වෙයි. ආයෝජකයන් වැඩි වැඩියෙන් මෙරටට අද්දවා ගැනීමේදී ඔවුන්ට සිය කාර්යයන් විගසින් ඉටු කර ගැනීමට කාලය අතිශයින් වැදගත් වෙයි.

    එහිදී ඔවුන්ට පැය ගණන් මාර්ග තදබදයට කොටුවීම බාධාවක් වෙති. කර්මාන්ත සඳහා යටිතල පහසුකම් සැලසීමේදී මාර්ග පහසුවද ප්‍රබල කරුණකි. පවත්නා ප්‍රශ්නයට දීර්ඝ කාලීන විසඳුමක් ලබාදීමටත් රථ වාහන තදබදය අවම කිරීමටත් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර මූලික සැලසුම් සකස් කරමින් සිටී.

    එම යෝජනාව නම් සැහැල්ලු දුම්රිය මාර්ග 4ක් ඉඳිකිරීමටයි. ඒ සඳහා මේ වනවිටත් මූලික පියවර ආරම්භ කර ඇත. මේ වනවිට ජාත්‍යන්තර උපදේශන ආයතනයක් මගින් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස් කර ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සුදුසු ප්‍රදේශ 4ක් හඳුනා ගෙන ඇත. ප්‍රධාන මාර්ග 4ට අමතරව වරාය නගරය තුළ විශේෂ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් ද ස්ථාපිත කිරීමට යයි.

    ප්‍රධාන සැහැල්ලු දුම්රිය මාර්ග 4 මෙසේය.

    රාගම - නාරාහේන්පිට, මොරටුව - කැලණිය, පන්නිපිටිය - හුණුපිටිය, මාලබේ සිට පිටකොටුව වශයෙනි.

    මින් රාගම සිට නාරා​හේන්පිට දක්වා දුම්රිය මාර්ගය කි.මී. 31.3කි. රාගම, කඩවත, කිරිබත්ගොඩ, පිටකොටුව හා නාරාහේන්පිටට මාර්ගය ඉඳි වේ.

    මොරටුව සිට කැලණිය මාර්ගය කි.මී. 27.4කි. මොරටුව, කටුබැද්ද, නුගේගොඩ, බොරැල්ල හරහා කැලණියට මාර්ගයක් ඉදිවේ.

    පන්නිපිටිය සිට හුණුපිටිය මාර්ගය කි.මී. 24.8කි. කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය, බත්තරමුල්ල, අ​ංගොඩ හරහා හුණුපිටිය දක්වා වේ.

    මාලබේ සිට පිටකොටුව දක්වා කි.මී. 15.3කි. මාලබේ, බත්තරමුල්ල, බොරැල්ල, පිටකොටුව දක්වා එම මාර්ගය පිහිටුවනු ලබයි. මෙම ප්‍රධාන මාර්ගයන්ට අමතරව වරාය නගරය තුළ කි.මී. 5ක පමණ දුරකින් යුතු සැහැල්ලු දුම්රිය මාර්ගයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

    රාගම, කඩවත, මොරටුව, කටුබැද්ද, කොට්ටාව, පන්නිපිටිය යන ප්‍රධාන මාර්ග තුන සඳහා ​ඇමෙරිකානු ඩොලර් මිලියන 48ක් පමණ වැය වෙතැයි ගණන් බලා ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජය හා පෞද්ගලික අංශයේ ආයෝජකයන් විසින් සිදු කරනු ලබයි. ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රියාදාම භාවිතා කරමින් සැහැල්ලු දුම්රිය මාර්ග ඉදිකිරීමේ අත්දැකීම් හා පළපුරුදු සුදුසුකම් ඇති ආයෝජකයන් හය දෙනකු දැනටමත් තෝරා ගෙන ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

    තරගකාරී ක්‍රමවේදයක් මත සුදුසු ආයෝජකයා තේරීමේ කටයුතුද ආරම්භ කර ඇත. පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගත්තද, සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය මුළුමනින්ම පෞද්ගලික අංශයට පවරාදීමක් සිදු නොවන අතර රජයේ පූර්ණ මැදිහත්වීම නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකෙරේ.

    මේ අතරින් පළමු වැන්න මාලබේ තොරතුරු තාක්ෂණ උද්‍යානයේ සිට පිටකොටුව දක්වා ජයිකා ණය ආධාර මත ක්‍රියාත්මක කිරීමට යෝජිතව ඇත.

    එම ව්‍යාපෘතිය සඳහා වන ශක්‍යතා අධ්‍යයන වාර්තාව දැනටමත් සකස් කර අවසන් කර ඇත. සමස්ත ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 1700ක් වැය කිරීමට නියමිතව ඇති අතර, සියයට 1ට සහන පොලියක් යටතේ මෙම ණය මුදල ලබා දේ. ලබන වසර ඇතුළත විස්තරාත්මක සැලසුම් නිම කිරීමටත් 2020 දී ඉදිකිරීම් ආරම්භ කර 2024 දී ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමටත් නියමිතව ඇත.

    එසේම සුව පහසුව, ආරක්ෂාව, විශ්වාසනීයත්වය මුල් කර ගනිමින් ජයිකා ආයතනයේ සහයෝගයෙන් ක්‍රියාත්මක මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කි.මී. 16කින් යුක්ත වේ. එහි නැවතුම් ස්ථාන 16කි.

    බස්නාහිර පළාත් මහ නගර සංවර්ධන සැලැස්මට සමගාමීව මාලබේ,​ හෝමාගම නාගරික කලාපයක් තාක්ෂණික නගර ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. තාක්ෂණික නගරයක් ලෙස සංවර්ධනය කිරීමේ දී මාර්ග තදබදය අවම කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

    විදේශ ආයෝජකයන් මෙරටට ආකර්ශනය කර ගැනීමටත්, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත් ස්ථිර විසඳුමක් අවශ්‍ය වේ.

    පොදු ප්‍රවාහන සේවයකින් හෝ පුද්ගලික වාහනයකින් මාලබේ සිට කොළඹට ගමන් කිරීමට විනාඩි 45ත් 90 අතර කාලයක් ගත වේ. සැහැල්ලු දුම්රියෙන් ඒ සඳහා වැය වන කාලය විනාඩි 30ක් වන බව ගණන් බලා ඇත.
    මාලබේ සිට කොටුවට සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරීමෙන් අනතුරුව මාර්ග තදබදය බොහෝදුරට අවසන් වනු ඇත.

    මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ, 1860 දී මෙරටට දුම්රිය සේවාව හඳුන්වා දීමෙන් පසු ඇතිවන අලුත් අත්දැකීමක් බවයි.

    වැඩිදුරටත් කරුණු දක්වමින් ඇමැතිවරයා මෙසේ ද කීය.

    මාර්ග තදබදය මේ රටේ සංවර්ධනයට විශාලම බාධාවක්, ආ​ෙයා්ජකයෝ මේ රටට එන්න කැමති නැහැ. මේ මාර්ග තදබදය බරපතළම ප්‍රශ්නයක් දිනෙන් දිනම වාහන පරිහරණයත් වැඩි වෙනවා. 2017 සංඛ්‍යා ලේඛනවලට අනුව මෝටර් කාර් 756856ක්, ත්‍රීරෝද රථ 1139524ක්, යතුරු පැදි 4044010ක්, බස්රථ 107435ක් යනාදී වශයෙන් වාහන විශාල ප්‍රමාණයක් ධාවනය වෙනවා.

    මෙලෙස වාහන ප්‍රමාණය වැඩි වුණත් මාර්ගවල දිග පළල වැඩිවීමක් සිදු වන්නේ නැහැ. මේ රටේ මාර්ගවල මුළු දිග කිලෝ මීටර් 12380යි. වාහන වැඩි ප්‍රමාණයට මාර්ග පද්ධතිය පුළුල් කිරීමට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපේ රටට අවශ්‍ය වන්නේ උඩින් යන ව්‍යාපෘතියක්, සැහැල්ලු දුම්රිය ධාවනය තෝරා ගන්නේ මේ මාර්ග තදබදයට පහසුව හා ඉතාම උචිත ක්‍රමවේදයක් වශයෙනි.

    දයාසීලි ලියනගේ

    - http://www.lankadeepa.lk/sunday/thaksalawa/වාහන-තදබදය-මඩින්න-සැහැල්ලු--දුම්රිය-මාර්ග-හතරක්/55-534344
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Envisaged as ‘Eastern Gateway’ in master plan : Trinco to be hub for tourism, exports and logistics

    z_p29-Trinco.jpg

    Trincomalee will become Sri Lanka’s ‘Eastern Gateway’ and will be remodelled as a hub for tourism, exports and logistics under a master plan for the district done by Singapore’s urban planning firm Surbana Jurong Consultants Pte Ltd.

    The master plan, done for the Ministry of Megapolis and Western Development, adopts a ‘B.L.U.E. (biodiversity, liveability, uniqueness, economy) urbanism’ planning approach.

    The acronym communicates four clear goals shaping the master planning framework to protect the region’s biodiversity, enhance its liveability while retaining its uniqueness and strengthening the economy of Trincomalee.

    The plan is a comprehensive one that seamlessly integrates the strategies and proposals from three key aspects related to urban development, namely Land use, Transportation and Infrastructure.

    The land use aspect covers environmentally sensitive areas and land set aside to meet all needs of projected economic, residential, amenities, and recreational needs.

    According to the plan Trincomalee would become the ‘Eastern Export Hub’ by creating a clean industrial ecosystem that can add value to the rich agriculture, aquaculture and mineral resources available in its hinterland in the Eastern, North-Central, and Northern Provinces.

    Trincomalee would also be repositioned as an ‘Eastern Tourism Hub’ with increased regional connectivity, realised through the Colombo - Trincomalee Economic Corridor development and proposed Hingurakgoda international airport.

    The plan also recognises Trincomalee as the ‘Eastern Logistics Hub’.

    This will be done by attracting its share from growing maritime trade in the Bay of Bengal as well as gains from economic opportunities resulting from Sri Lanka’s Free Trade Agreements with South Asian and South East Asian countries.

    The development plan for Trincomalee District says it shall also open up growth opportunities for the eastern and northern parts of Sri Lanka in order to contribute to the holistic development of the island.

    The detailed land use plan would ensure adequate land is set aside to efficiently serve ‘live-work-play’ needs of future residents while the zoning plan would guide urban development in a sustainable manner.

    In addition to these, urban design guidelines would shape unique and memorable public spaces.

    By 2050, Trincomalee is envisioned to become the largest city in eastern Sri Lanka, serving as a magnet for Northern, Eastern, and Central Provinces as an employment, education, healthcare, tourism, and energy hub.

    Its population is projected to be 1.24 million, supported by 1 million jobs and occupying 300 square kilometers of land.

    http://www.sundayobserver.lk/2018/0...master-plan-trinco-be-hub-tourism-exports-and
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    අලුතින් ගෙන්වන ලද බස්රථ ධාවනයට හවුල්කාර සමාගමක්

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් හංගේරියාවෙන් ගෙන්වීමට යන වායු සමනය කරන ලද බස්රථ 1000 ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ඒවා සපයන හංගේරියානු සමාගම එක්ව පිහිටුවනු ලබන හවුල්කාර සමාගමක් මඟින් මඟී ප්‍රවාහනය සඳහා යොදා වනු ඇත.

    විදුලියෙන් ධාවනය කෙරෙන බස්රථ 250ක් සහ හයිබ්‍රිඩ් බස්රථ 750 ක් මෙම බස්රථ 1000ට අයත් වේ.මෙයින් විදුලි බස්රථ 250 කොළඔ හා නගරාශ්‍රිත ප්‍රදේශවලත් අනෙක් බස්රථ කොළඔ සහ පිටපළාත් අතර ධාවනයෙහි යෙදවිමට බලාපොරොත්තු වන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා රජයේ නිල පුවත් අඩවියට පැවැසීය.

    අලුතින් ගෙන්වු ලබන මෙම බස්රථවල නඩත්තු කටයුතු හංගේරියානු සමාගම විසින් සිදුකෙරෙන අතර මෙම බස් සේවාවන් ලැබෙන ලාභයෙන් කොටසක් ලංගමයට ලැබෙන පරිදි ගිවිසුම් අත්සන් කිරිමට යන බවද සභාපතිවරයා කීය.

    දැනට ලංගමය සතුව බස්රථ 6000ක් ඇණියක් තිබේ. වසර 3කින් ලංගමයට අලුතින් බස්රථ මිලයට ගෙන නොමැත. එසේම හදිසි අනතුරුවලට භාජනය විම,බසයේ ආයු කාලය අවසන් වීම ආදී හේතූන් මත වසරකට බස්රථ 500ක් පමණ ධාවනයෙන් ඉවත් කෙරේ. මේ තත්ත්වය යටතේ ලංගමයට බස්රථ 1500ක පමණ හිඟයක් පවතී. මේ නිසා අලුත් බස්රථ 1000 ගෙන්විම මඟින් පෞද්ගලික බස් කර්මාන්තයට බලපෑමක් සිදු නොවනු ඇතැයි ද රමාල් සිරිවර්ධන මහතා කිය.

    - https://sinhala.news.lk/news/political-current-affairs/item/30391-2018-08-13-09-51-35

    ලංගමයට නව බස් රථ 1500 ක්

    - http://www.itnnews.lk/2018/08/13/21412/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    සුවසැරිය ඌවටත්

    Tuesday, අගෝස්තු 14, 2018 - 01:02
    සන්ධ්‍යා කරුණාරත්න
    පුවත්

    “සුවසැරිය“ මූලික ප්‍රතිකාර ගිලන්රථ සේවාව ඌව පළාතට හඳුන්වා දීම ලබන සතියේ දී සිදු කෙරේ.

    නව ගිලන්රථ 26ක් ලබාදීම මෙහිදී සිදු කරන අතර 1990 දුරකථන අංකයට කතා කිරීමෙන් ගිලන්රථ සේවාව නොමිලේ ලබාගැනීමට මහජනතාවට හැකියාව ලැබෙන බව “සුවසැරිය“ මෙහෙයුම් කළමනාකාර ගයාන් චතුරංග මහතා “දිනමිණට“ පැවැසුවේය.

    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා, විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා ඇමැති හරීන් ප්‍රනාන්දු, ඉන්දියානු මහ කොමසාරිස් මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඌව පළාතට “සුවසැරිය“ ගිලන්රථ සේවාව හඳුන්වාදෙන බව ද ඒ මහතා කීය.

    රට පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මේ සේවාව ව්‍යාප්ත කිරීමේ මූලික අදියර යටතේ බස්නාහිර හා දකුණු පළාත් ආවරණය වන ලෙස ගිලන්රථ බෙදා හැරීම සිදුකෙරිණ. පසුව උතුරු පළාතට මේ සේවාව ව්‍යාප්ත කෙරිණි.

    මේ සේවාව ආරම්භයේ සිට මේ දක්වා 99,814 වතාවක් හදිසි අවස්ථාවල දී ගිලන්රථ සැපයීම ද, 90,0043 ක් රෝහල්ගත කිරීම් ද, රෝගීන් 2265කට ප්‍රථමාධාර ලබාදීම ද සිදු කර තිබෙන අතර දරු උපත් 33ක් සිදු කර තිබේ.

    වත්මන් රජය මඟින් නොමිලේ සපයන මේ සේවාව හේතුවෙන් මේ වන විට ජීවිත රැසක් බේරා ගෙන තිබේ.

    - http://www.dinamina.lk/2018/08/14/පුවත්/58535/සුවසැරිය-ඌවටත්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදි කිරීමේ ව්‍යාපෘතිය - ඉදි කිරීම් කාලය තුල බස් රථ ගමනාගමන පාලනය

    - මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදිකිරීම් කටයුතු සැලසුම් අදියරේ පවතින අතර එහි ඉදි කිරීම් කාලය තුළ බාධාවකින් තොරව බස් රථ ධාවනය කිරීම සඳහා පහසුකම් සැපයිය යුතුව ඇත. නගරය තුළ වාහන තදබදය අවම වන පරිදි එකී බස් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා කාලසටහනක් සකස් කරනු ලැබ ඇති අතර මධ්‍ය පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති 'සහසර' වැඩසටහන යටතේ තොරතුරු තාක්ෂණය පාදක කොට ගත් බස් රථ ධාවන මෙහෙයුම් පද්ධතිය වැඩිදියුණු කර මෙහිදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, යෝජිත තොරතුරු තාක්ෂණ ක්‍රමවේදය ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය

    - ධීවර වරාය, නැංගුරම් පොළ සහ තොටුපොළ ඉදි කිරීම හා සංවර්ධනය කිරීම, ජල ජීවී වගා සංවර්ධනය සහ ජීවනෝපාය සංවර්ධනය යන සංරචක 03කින් සමන්විත වන උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය, 2018 - 2024 කාලපරිච්ඡේදය තුළ ආසියානු සංවර්ධන බැංකුව විසින් සලසා දීමට එකඟවී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 174ක මූල්‍ය සහායක් සහිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ රජයේ දායකත්වය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 27.22කට සමාන මුදලක් වෙන් කරවා ගැනීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීම හා බලශක්තිය ඉතිරි කිරීමේ ව්‍යාපෘතිය

    - ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය සහාය සලසනු ලබන මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීම හා බලශක්තිය ඉතිරි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හඳුනාගනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජලනළ අලුත්වැඩියාව හා ප්‍රතිස්ථාපනය, උපකරණ සවි කිරීම, පොම්පාගාර ක්‍රියාවලිය සඳහා ස්වයංක්‍රීයකරණ පද්ධතියක් හඳුන්වාදීම, ඝන මීටර 8,000ක ධාරිතාවකින් යුත් ජලාශයක් ඉදි කිරීම යනාදිය සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව එම ව්‍යාපෘතිය සැලසුම් කිරීමේ හා ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Zongnan-SZSG JH JV වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම

    - ශ්‍රී ලංකාව තුළ දුම්රිය හරස් මාර්ග 1,337ක් පිහිටා ඇති අතර, මින් 520ක ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මකව පවතියි. මීට අමතරව දුම්රිය හරස් මාර්ග 400ක ආරක්ෂණ පද්ධති සවි කිරීමට අදාළ කටයුතු සිදු වෙමින් පවතියි. ඉතිරි දුම්රිය හරස් මාර්ග 417හි ආරක්ෂණ පද්ධති සැපයීම, සවි කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය සහාය ලබා දීම පිණිස හංගේරියානු රජය විසින් සිය එකඟතාව පළ කරනු ලැබ ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හංගේරියානු රජය විසින් නිර්දේශ කරනු ලැබ ඇති M/s. Muszer Automatika Ltd. ආයතනය වෙතින් යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පාසල් සිසුන් සඳහා පාවහන් යුගලක් ලබා දීම

    - දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල්වල සිසුන් 648,151 දෙනෙකු වෙත පාවහන් මිලදී ගැනීම සඳහා තිළිණපත් ලබාදීමේ වැඩසටහනක් 2017 වර්ෂයේදී සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන හරහා තමන්ගේ අභිමතය පරිදි සුදුසු පාවහන් යුගලක් මිල දී ගැනීමේ අවස්ථාව මෙම සිසුන්ට හිමි වූ අතර, එමඟින් එම සිසුන්ගේ දෙමව්පියන් සඳහාද සැලකිය යුතු ආර්ථික සහනයක් හිමිවූ බව හඳුනාගන්නා ලදී. එබැවින් 2018 වර්ෂය සඳහාද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකාව සංචාරකයින් අතර ආකර්ශණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම

    - එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල සංචාරකයින් අතර ශ්‍රී ලංකාව ආකර්ශණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිජිටල් ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, එම එක් එක් රටවලට විශේෂිත වූ ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ කටයුතු කරනු ලැබ ඇත. ඒ අනුව එක්සත් රාජධානිය තුළ ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඩිජිටල් ස්ප්‍රිං ලිමිටඩ් ආයතනය වෙත ඇමරිකානු ඩොලර් 703,480 ක මුදලකටද, ජර්මනිය තුළ ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන ක්‍රියාත්මක කිරීම මීඩියා කන්සල්ටන්ට් ඉන්ටනැෂනල් හෝල්ඩිංස් ඒජී ආයතනය වෙත ඇමරිකානු ඩොලර් 697,770.92 ක මුදලකටද, ප්‍රංශය තුළ ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන ක්‍රියාත්මක කිරීම ඉන්ටෆේස් ටුවරිසම් ආයතනය වෙත ඇමරිකානු ඩොලර් 706,460 ක මුදලකටද, ප්‍රදානය කිරීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Cabinet decisions 2018.08.14
    http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2018-08-14
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe

    :rofl::rofl::rofl::rofl:
     
    Last edited: