සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    pg11_8.jpg

    pg11_9.jpg

    - http://epaper.dinamina.lk/?id=11&tday=2018/08/17
     
    • Like
    Reactions: malganis

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    eka tamai ban.
    mono rail eka mahindage kaale hadanawa kiwwe.
    mun tamai wada patan aran na..
    2019lu.
    kadawathin passe highway eka joint kale na taama.
    kotinma yako hedges court wala ape office eka tibbe.
    ethana paare bata daanna thadi size walak kapuwa.
    mama awurud 3k ethana wada kala.
    mama as wela enakotath a wala wahala tibbe na..
    taama ehemada danne na...
    :lol::lol::lol:

    ඔහොම තමයි බන් හැමදාම. වික්කාමසිංහගේ සංවර්ධනේ News වලට විතරයි. 2020 වෙනකම් හුලන් තමයි මුළු රටටම :angry:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඔහොම තමයි බන් හැමදාම. වික්කාමසිංහගේ සංවර්ධනේ News වලට විතරයි. 2020 වෙනකම් හුලන් තමයි මුළු රටටම :angry:

    කඩුවෙල පාලමත් ඔහොම්මම තමා..
    බාගෙට හදලා නවත්තලා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Mega windmill power project by Danish company

    A Danish company has been selected for a US$ 200 million project to generate power by installing windmills in Mannar, Power and Energy Ministry Secretary Suren Batagoda told the Sunday Times.

    This will be the first of three major projects of the Ceylon Electricity Board (CEB), which has decided to boost its supplies from wind and solar power and hopes to generate 300 megawatts of electricity by the end of next year.
    Dr Batagoda said the Asian Development Bank (ADB) would provide a soft loan for the project to be awarded next week to the Danish company selected from a bidding procedure. Under the project, 39 towers will be installed to generate about 100 Mw of power.

    “The project is expected to be completed faster than other projects as the equipment is pre-fabricated and takes less time to install. The project is expected to be completed by the end of next year and ready to generate power,” he said.
    Two other solar power projects are expected to come up in Pooneryn in the North and in Monaragala. Through these projects, the CEB expected to generate 200 Mw of power.

    He said that under the project the Government would be leasing out only 500 acres of land at each locations for independent power producers to put up the projects. The Government would be calling for international tenders next month for the other two projects which should be ready by the end of next year.

    In addition to these project, the Secretary said the Cabinet had approved several other projects including a barge-mounted project to generate about 100 Mw of power and four projects which could generate 25 Mw each. These four projects would be handled by the private sector. The CEB would enter into an agreement to buy power for 10 years from the producers.

    Currently, Sri Lanka’s average daily power consumption is around 2,400 Mw.

    - http://www.sundaytimes.lk/180819/news/mega-windmill-power-project-by-danish-company-307521.html
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ විදුලි සීනු පද්ධති

    ශ්‍රී ලංකාව පුරා පිහිටා තිබෙන දුම්රිය හරස් මාර්ගවලින් සිදුවන අනතුරු සංඛ්‍යාව පසුගිය වසර කිහිපය පුරාම වැඩිවෙමින් පැවතිණ. ඉන් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වූ අතර වාහන ඇතුළු දේපොළ විනාශවීම්ද සිදුවිණ. එම ලබාගත් දත්ත හා තොරතුරු අනුව 2016 වසරේදී ආරක්ෂණ විදුලි සීනු පද්ධති 200 ක අවශ්‍යතාවයක් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් අතර එම විදුලී සීනු පද්ධති සවිකිරීමේ ව්‍යාපෘතිය 2016 වසරේ ආරම්භ කරන ලදී.

    මේ ව්‍යාපෘතිය සඳහා වැයවන මුලු වටිනාකම ඇ.ඩො.මි. 6.4 ක් වන අතර, තනි දුම්රිය මාර්ග සඳහා විදුලි සීනු පද්ධති 175 ක් හා ද්විත්ව මාර්ග සඳහා විදුලි සීනු පද්ධති 25ක් ස්ථාපනය කිරීම ආරම්භ කරන ලදී.

    මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ පෞද්ගලික සමාගමක් වන යුනි කන්සල්ටන්සි සර්විස් (Uni-Consultancy Services) ආයතනය විසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

    මෙම ව්‍යාපෘතිය යටතේ මුහුදුබඩ දුම්රිය මාර්ගය තුළ පමණක් තනි මාර්ග විදුලී සීනු පද්ධති 132 ක් හා ද්විත්ව මාර්ග විදුලී සීනු පද්ධති 07ක් ස්ථාපනය කිරීමට නියමිත අතර ලබන 2019 ජනවාරි මස අවසන් වන විට මුහුදුබඩ මාර්ගයේ සියලුම අනාරක්ෂිත හරස්මාර්ග, විදුලි සීනු පද්ධති යොදා ආරක්ෂිත තත්ත්වයට පත් කිරීමට හැකියාවක් ලැබෙනු ඇත. මෙයට අමතර ප්‍රධාන මාර්ගයේ හා පුත්තලම් මාර්ගය තුළ ආරක්ෂණ විදුලි සීනු පද්ධති 61 ක් ස්ථාපනය කිරීමටද නියමිතය.

    ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ගවල වසරකට දළ වශයෙන් අනතරු 75 ක් පමණ සිදුවේ. මුහුදුබඩ මාර්ගයේ පමණක් 2016 වසර තුළ අනතුරු 19 ක් ද, 2017 වසර තුළ අනතුරු 20 ක් ද, 2018 ජූලි මස වන විට අනතුරු 15 ක් ද සිදුවී ඇත. මෙම ව්‍යාපෘතියේ අවසානයත් සමගම දුම්රිය හරස් මාර්ග අනතුරු සංඛ්‍යාව ඉතාමත්ම අවම මට්ටමකට පැමිණෙනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව විශ්වාසය පල කරයි. එමෙන්ම මේ වන විට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුද ආරම්භ කර ඇත.

    ශ්‍රී ලංකාවේම දුම්රිය මාර්ග පද්ධතිය තුළ හරස් මාර්ග 1337 ක් පවතින අතර, ඉන් හරස් මාර්ග 526 ක් සඳහා නිසි ආරක්ෂාව සපයා ඇති අතර තවමත් අනාරක්ෂිත හෙවත් බම්බු ගේට්ටු මගින් ආරක්ෂාව සපයනු ලබන හරස් මාර්ග සංඛාව 626 කි. මෙම ව්‍යාපෘතිය නිමවීමත් සමගම එම අනාරක්ෂිත හරස් මාර්ග ගේට්ටු ප්‍රමාණය අවම කිරීමට හැකිවන බව දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් අවධාරණය කරයි.

    ව්‍යාපෘතිය යටතේ හික්කඩුව සිට දොඩන්දූව අතර ඉදිකළ ආරක්ෂිත විදුලී සීනු පද්ධති 10ක් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අද (18) දින පෙරවරුවේ දුම්රිය සේවය සඳහා විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මැතිතුමා, අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ, දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්.අබේවික්‍රම යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් රැසක්ද සහභාගි විය.

    - https://sinhala.news.lk/news/political-current-affairs/item/30480-2018-08-18-08-02-27
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    අපජලය විධිමත්ව බැහැර කිරිමට නව ව්‍යාපෘතියක්

    Friday, අගෝස්තු 17, 2018 - 16:22

    අපජලය විධිමත්ව බැහැර කිරීම වෙනුවෙන් නාගරික අපජල පද්ධතියක් සැකසීමට රජයට ප්‍රංශ රජය විසින් අනුග්‍රහය දක්වා ඇත.

    රුපියල් මිලියන 20786ක පිරිවැයක් මේ වෙනුවෙන් වැයකෙරෙන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ උණවටුන නාගරික බල ප්‍රද්ශය තුළ මෙම ව්‍යාපෘතිය සිදු කිරිම සඳහා කටයුතු සඳහා රුපියල් මිලියන 490ක් වැය කිරීමට නියමිතය.

    මේ අනුව ගාල්ල , මහනුවර, කුරුණෑගල , කැළණිය, කතරගම, මීගමුව , පෑළියගොඩ යන නාගරික ප්‍රදේශයන්හි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

    ශ්‍රි ලංකාව තුළ 2.12% ක් ප්‍රජාව පමණක් විධිමත් පරිදි අපජලය බැහැර කිරීම සිදු කරනු ලබයි. Shift( sanitation and hygiene initiative for towns) ලෙස හඳුන්වනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරය සහ උණවටුන යන නාගරික ප්‍රදේශයන් පළමු පියවර ලෙස හඳුනාගෙන ඇත. මේ අනුව පළමු අදියර පවුල් 3000ක් සඳහා නොමිලේ මෙම පිරිපහදු නළ පද්ධතියට අවශ්‍ය සබඳතා ලබා දීමට නියමිතය.

    නිවෙස්වලින් බැහැර කරනු ලබන අප ජලය නළ මගින් මධ්‍යස්ථාන කිහිපයකට රැස් කොට පිරිසිදු කර මුදා හැරීම මෙම වැඩපිළිවෙළේ මුලිකම අරමුණයි.

    විධිමත් පරිදි අප ජලය බැහැර කරලීම ජාතික ප්‍රතිපත්තියක් ලෙස ඉදිරියේදී සැකසීමට නියමිතය. මෙම නළ පද්ධති ඉදිරියේදී නාගරික සීමාව තුළ අනිවාර්යය කරුණක් වන බවත් එහි මෙහෙයුම් ක්‍රියාවලිය ජල සම්පාදන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන බව ගාල්ල දිස්ත්‍රික් සැලසුම් ඒකකය සඳහන් කර සිටී.

    ඒ අනුව ව්‍යාපෘතිය මඟින් ගාල්ල ප්‍රදේශයේ පියවර 2ක් යටතේ ග්‍රාම නිලධාරී වසම් 43ක් ආවරණය වනු ඇත.

    උණවටුන ප්‍රදේශයේ හෝටල් 85 ක් පමණ, නිවාස 585 ක් පමණ සහ වෙළඳසැල්, පාසැල්, ආගමික ස්ථාන 103 පමණ ප්‍රමාණයක් ආවරණය කිරීමට නියමිත වේ.

    යෝජිත අපජල කළමණාකරන පද්ධතිය යටතේ නිවාස කඩ සාප්පු හෝටල් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රෝහල් වල ගෘහස්ථ අපජලය ලබා ගැනීමට නියමිතය.

    නමුත් කර්මාන්ත ශාලා වලින් සහ වාහන සේවා ස්ථාන වලින් නිකුත් කරනු ලබන අපජලය මෙම පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා කර්මාන්ත ශාලා මඟින් මූලික පිරිපහදු කිරීමක් සිදු කළ යුතුය.

    ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ 2018 අගොස්තු මාසය තුළ මීගමුව,ගාල්ල උණවටුන සහ කැළණිය පෑලියගොඩ ප්‍රදේශයන්හි සැලසුම් කටයුතු ආරම්භ කරනු ලබන අතර මීගමුව නගරයේ ඉදිකිරීම් කටයුතු 2022 වර්ෂය වන විට නිම කිරීමට බලාපොරෝත්තු වේ.

    මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රි ලංකා රජය රුපියල් මිලියන 5018ක්, යුරෝපා සංගමය විසින් රුපියල් මිලියන 1100 සහ ප්‍රංශ සංවර්ධන ආයතන මගින් මිලියන 14668 යෙදවිම සිදු වේ.

    මෙවැනි මධ්‍යගත අපජල පිරිපහදු පද්ධතියක් අවශ්‍ය වනුයේ, අධික ජනගහනය නිසා භූමි පරිභොජනය වැඩිවීම හේතුවෙන් එක් එක් නිවාස ඒකක සඳහා පූතික ටැංකි වෙනම ඉදිකිරීමට භූමි ප්‍රමාණවත් නොවීමයි.

    පවතින පූතික ටැංකි පවත්වා ගැනීමේ හා නඩත්තු කිරීමේ අවිධිමත් බව වැළැක්වීම,ස්වාභාවික ජල ප්‍රවාහ වලට නීති විරෝධී ලෙස අපජල බැහැර කිරීමෙන් එම ජල ප්‍රවාහ අපිරිසිදු වීම වැළැක්වීම,භූගත ජල මුලාශ අපවිත්‍ර වීම වැළැක්වීම, ජල කාන්දු වීම නිසා වන නායයෑම් වැළැක්වීම,ක්‍රියාත්මක හා නඩත්තු කිරීමේ පහසුව, පරිසර සංරක්ෂණයට සක්‍රීය දායකත්වය දැක්විමද මෙම ව්‍යපෘතියෙන් අපෙක්ෂිතය. මේ වන විට මහනුවර, කුරුණෑගල , මීගමුව යන නාගරික ප්‍රදේශයන්හි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

    - http://www.dinamina.lk/2018/08/17/පුවත්/58780/අපජලය-විධිමත්ව-බැහැර-කිරිමට-නව-ව්‍යාපෘතියක්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    මාලඹේ, තලංගම, ඇවරියහේන ප‍්‍රදේශවල ගංවතුර පාලනයට පොම්පාගාරයක්

    කොළඹ ගංවතුර පාලනය සඳහා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ව්‍යාපෘති ගණනාවක් කි‍්‍රයාත්මක කරයි. ඒ අනුව අමාත්‍යාංශය මගින් පරිපාලිත කොළඹ අගනගර ආශ‍්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මගින් ගංවතුර පාලනයට වැඩසටහන් 36 ක් හඳුනාගෙන ඇති අතර එම වැඩසටහන් මේ වන විටත් කි‍්‍රයාත්මකයි. ඒ යටතේ පොම්පාගාර 3 ක් ඉදිකෙරේ. එනම් නාගලන් වීදිය, අඹතලේ සහ සෙන් සෙබස්තියන් දකුණු ඇල ආසන්නයේ ය. නාගලන්වීදිය පොම්පාගාරයේ ඉදිකිරීම් මේ වන විට සිදු කෙරෙන අතර සෙන් සෙබස්තියන් දකුණු ඇල ඉදිකිරීම් ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලියේ අවසන් අදියරේ පවතී. අඹතලේ පොම්පාගාරයේ ඉදිකිරීම් සඳහා ගිවිසුම් ගත වීම අද දින සිදුවිය. ඒ මහනගර අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා සහ මැලේසියානු සැල්කොන් ඉංජිනේරු ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ඕ ඉ වෙන් ශ‍්‍රී මහතා අතරයි. මෙම පොම්පාගාරයේ ධාරිතාව තත්පරයට ඝන මීටර් 20කි. මාස 21 කින් මෙහි ඉදිකිරීම් අවසන් වන අතර මේ සඳහා රුපියල් මිලියන 2896 ක් වැය කෙරේ. මෙම පොම්පාගාරය ඉදිවීමෙන් අඹතලේ, මාලබේ, තලංගම, ඇවරියහේන ප‍්‍රදේශවලට බලපාන ගංවතුර පාලනය වේ.

    39522227_2165131773768329_5655380062246010880_n.jpg

    - https://www.facebook.com/pg/PataliC...0vOUxWk2kiHnk_4LPB3a57zUn09nvD_&__tn__=-UCH-R
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    අවුරුදු 48කට පසු ශ්‍රීලංගමය ලැබූ ලොකුම ලාභය

    අගෝස්තු 18, 2018 11:29

    වසර 48කට පසු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වාර්තාගත ලාභයක් උපයාගෙන තිබෙනවා. රුපියල් මිලියන 1618ක මෙභෙයුම් ලාභයක් ලබාගත් බවයි ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.

    සියලුම ලංගම බස් රථ කාර්යක්ෂමව ධාවනය කිරිමයි ඊට හේතුව. වැඩි කිලෝ මීටර් සංඛ්‍යාවක් ධාවනයේ යෙදවීමටත් පියවර ගෙන තිබෙනවා.

    මහ ජනතාවට සමීප සහ ලාභදායී ප‍්‍රවාහන සේවයක් ලෙස ඉදිරියටත් ලංගම පවත්වාගෙන යන බවයි ගමනාගමන මණ්ඩලය ප‍්‍රකාශ කළේ.

    - http://www.itnnews.lk/2018/08/18/22749/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    තරුණ ව්‍යාපාරිකයන්ට ඇප නැති ණයක්

    18 අගෝස්තු, 2018

    ලංකාවේ පළමු වරට තරුණ ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට ඇපයකින් තොරව බැංකු ණය දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ සඳහා මේ වන විටත් ව්‍යාපාර සැලසුම් 800කට ආසන්න ප්‍රමාණයක් සකස් කර ඇති අතර, ඊට අදාළ වැඩකටයුතු රැසක් මේ වන විට ඇරඹී ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සිළුමිණට පැවසීය.

    ‘තුරුණු දිරිය’ නමින් ක්‍රියාත්මක වන මේ ණය යෝජනා ක්‍රමයෙන් 12%ක පොලී අනුපාතයක් යටතේ රුපියල් ලක්ෂ 5ක් දක්වා උපරිම ණය මුදලක් ගත හැකි වේ. සාර්ථක ව්‍යාපාර අදහසක් පැවතුණද එය ආරම්භ කිරීමට ප්‍රාග්ධනයක් නැති තරුණ ව්‍යාපාරිකයන් තම ව්‍යාපාරය ආරම්භ කිරීමට අදාළ ණය මුදලක් අයදුම් කිරීමේදී ඊට සාපේක්ෂව ඇපකර තැබීමට නොහැකි වීම හේතුවෙන් ණය ලබාගැනීමට නුසුදුස්සන් වූ අතර, මෙබඳු අවස්ථාවල ඔවුන්ට ණය ලබා දෙන ලෙස රජය මෙතෙක් බැංකු වෙතින් කළ ඉල්ලීම්ද බැංකු විසින් නොසලකා හළ බවත්, මේ තත්ත්වය අවබෝධ කරගෙන විභවයක් සහිත ව්‍යාපාර පිළිබඳ අදහස් ඇති ව්‍යවසායක තරුණ-තරුණියන් තෝරාගෙන, මේ ණය ලබා දීමට පියවර ගන්නා බවත් ආර්ථික කටයුතු අමාත්‍යාංශ නිලධාරියා සඳහන් කළේය.

    මේ අනුව විවිධ වෘත්තීන් පිළිබඳ කුසලතා සහිත එමෙන්ම සාර්ථක ව්‍යාපාර අදහස් ඇති තරුණ-තරුණියන්ට ව්‍යාපාර සැලසුමක් සකස් කර දීම, ණය උපදේශන සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපදේශන සේවය තම අමාත්‍යාංශය යටතේ පවතින කුඩා ව්‍යාපාර සංවර්ධන කාර්යාංශය මඟින් සලසා දෙන බවත්, මේ වන විටත් ඔවුන් අතරින් 800කට ආසන්න ප්‍රමාණයකට ව්‍යාපාර සැලසුම් සකස් කොට ලංකා බැංකුව වෙත යොමු කර ඇති බවත් එම නිලධාරියා තවදුරටත් සඳහන් කළේය.

    මුලින්ම ලංකා බැංකුව සමඟ එක්ව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. එහිදී අදාළ ණය සඳහා සුදුසුකම් ලබන තරුණ-තරුණියන් තෝරාගැනීම සඳහා නිර්ණායක කිහිපයක් සකස් කර ඇති අතර, ඉදිරියේදී බැංකු නිලධාරීන්ද මේ පිළිබඳ නිසි ලෙස දැනුම්වත් කිරීමට කටයුතු කරන බවද මේ නිලධාරියා තවදුරටත් සඳහන් කළේය.

    - http://www.silumina.lk/2018/08/18/පුවත්/තරුණ-ව්‍යාපාරිකයන්ට-ඇප-නැති-ණයක්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    වසර 30කට ආසන්න කාලයක් භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි නවීකරණය

    වත්මන් රජයේ අයවැය යෝජනාවකට අනුව 1989 හා 1992 වසර වල ආනයනය කරන ලද දැනට භාවිතයෙන් ඉවත්කර ඇති දුම්රිය මැදිරි 200ක් පුර්ණ පහසුකම් සහිතව නවීකරණය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

    දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව හා එක්ව පෞද්ගලික සමාගමක් විසින් මෙම නවීකරණ කටයුතු ආරම්භ කර ඇති අතර මේවන විටත් දුම්රිය මැදිරි කිහිපයක් ධාවනයටද එක් කර ඇත.

    මෙම නවීකරණ කටයුතු පිළිබදව සොයා බැලීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (17) පෙරවරුවේ දෙමටගොඩ ආරාම පාරේ පිහිටි එම කර්මාන්තශාලා පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    මෙම ව්‍යාපෘතිය යටතේ 1989 වසරේ හා 1992 වසරේ රුමේනියාවෙන් මෙරටට ආනයනය කරනු ලැබු පරිහරණයෙන් ඉවත දැමු මැදිරි 140 ක් හා 1992 වසරේ ආනයනය කල S8 බලවේග කට්ටල වලට අයත් මැදිරි 60 ක් නවීකරණය කිරිමට කටයුතු කරනු ඇත. නවීකරණය කරන ලද මැදිරියක වගකීම් කාලය (warranty ) වසර 15 කි.

    මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය අනුව මේවන විට දුම්රිය මැදිරි 30 ක් සම්පූර්ණ වශයෙන් නිමකොට දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ධාවනය සඳහා භාරදී ඇති අතර කර්මාන්තශාලව තුල තවත් දුම්රිය මැදිරි 26 ක ඉදිකිරීම් නිමවෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    මෙම මැදිරිවල පිටත සහ ආසන, වැසිකිලි ඇතුළු උපාංග සහිත අභ්‍යන්තර කොටස් පෞද්ගලික සමාගම විසින් නවීකරණය කරන අතර, තිරිංග සහ ස්වයංක්‍රීය ඇමුණුම් පද්ධතියේ අළුත්වැඩියාවන් දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ප්‍රධාන ඉංජිනේරු කර්මාන්තශාලාව මගින් සිදු කෙරේ. එක් මැදිරියක් නවීකරණය කිරිම සදහා රුපියල් මිලියන 14ක මුදලක් වැය වන අතර මෙවැනි මැදිරියක් ආනයනය කිරිමට රුපියල් මිලියන 60ක් පමණ වැය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. සමස්ත ව්‍යාපෘතිය සදහා වැයවන මුදල රුපියල් බිලයන 2.4කි.

    - https://sinhala.news.lk/news/sri-lanka/item/30469-30
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    අවුරුදු 48කට පසු ශ්‍රීලංගමය ලැබූ ලොකුම ලාභය

    අගෝස්තු 18, 2018 11:29

    වසර 48කට පසු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වාර්තාගත ලාභයක් උපයාගෙන තිබෙනවා. රුපියල් මිලියන 1618ක මෙභෙයුම් ලාභයක් ලබාගත් බවයි ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.

    සියලුම ලංගම බස් රථ කාර්යක්ෂමව ධාවනය කිරිමයි ඊට හේතුව. වැඩි කිලෝ මීටර් සංඛ්‍යාවක් ධාවනයේ යෙදවීමටත් පියවර ගෙන තිබෙනවා.

    මහ ජනතාවට සමීප සහ ලාභදායී ප‍්‍රවාහන සේවයක් ලෙස ඉදිරියටත් ලංගම පවත්වාගෙන යන බවයි ගමනාගමන මණ්ඩලය ප‍්‍රකාශ කළේ.

    - http://www.itnnews.lk/2018/08/18/22749/

    Me stats harida ban? වසර 48කට පසු ...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Bandaranaike Quay opens for PPP to boost cruise tourism

    By Bandula Sirimanna

    The Government is set to take a fresh look at the East Container Terminal and Bandaranaike Quay in the Colombo Port by improving its infrastructure, shipping and naval services through public private partnerships (PPPs), official sources confirmed.

    Several key renowned players in the shipping industry including two local conglomerates and a Chinese company have shown keen interest in bidding for the Bandaranaike Quay development project, a senior official of the Ministry of Ports and Shipping said.

    A few companies have already submitted their bids responding to Sri Lanka Ports Authority’s (SLPA) recent call for Expression of Interest (EOI), Chairman of the Authority Parakrama Dissanayake confirmed without naming the companies.

    He told the Business Times that the technical evaluation committee will evaluate the bids and request for proposals following transparent and proper procedures.

    The Business Times reliably learns that China Merchants Port Company, John Keels Holdings PLC and Access Engineering PLC were among the bidders.

    Bandaranaike Quay of the Colombo port will be converted into a state- of- the -art fully-equipped central feeder and fully-fledged cruise terminal with, international shipping service centre, shopping mall and high class restaurant.

    This terminal will facilitate cruise tourism while catering to the increasing number of stops made there by cruise liners, Mr. Dissanayake revealed.

    The number of cruise vessels calling at the Colombo Port and other ports is increasing but the lack of a dedicated cruise ship terminal is seen by the travel trade as a drawback, he added.

    Growth in cruise tourism is expected to continue, reaching more than 25.3 million passengers in 2019.

    The SLPA is exploring the possibility to attract more ships and cruises through the supply of services of the highest quality and implementing them at present, he disclosed,

    Almost all the other international ports have such facilities for tourists; he said adding that the government’s ability to invest large amounts of money for infrastructure development such as ports is limited.

    The Government has decided to upgrade the existing facilities to international level to promote cruise tourism as the Bandaranaike Terminal is currently being used only for general cargo handling at present, he said.

    The SLPA has also called for Expressions of Interest for the East Container Terminal (ECT) of the Colombo Port as other terminals in the Colombo Port have been 85 or 93 per cent privatised.

    The ECT will be managed and operated as a common – user/open access terminal, a senior official of the Ministry of Ports and Shipping said.

    The Ministry of Finance has approved the proposal to select a shipping company or a terminal operator to take over 49 per cent of the shares of the ECT of which the main shareholder is the SLPA, he added.

    At present, SLPA has taken steps to lengthen the jetty by 440 m and develop the facilities relevant to the ECT and the adjoining yard, he revealed.

    - http://www.sundaytimes.lk/180819/bu...s-for-ppp-to-boost-cruise-tourism-307255.html
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපජලය විධිමත්ව බැහැර කිරිමට නව ව්‍යාපෘතියක්

    Friday, අගෝස්තු 17, 2018 - 16:22

    අපජලය විධිමත්ව බැහැර කිරීම වෙනුවෙන් නාගරික අපජල පද්ධතියක් සැකසීමට රජයට ප්‍රංශ රජය විසින් අනුග්‍රහය දක්වා ඇත.

    රුපියල් මිලියන 20786ක පිරිවැයක් මේ වෙනුවෙන් වැයකෙරෙන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ උණවටුන නාගරික බල ප්‍රද්ශය තුළ මෙම ව්‍යාපෘතිය සිදු කිරිම සඳහා කටයුතු සඳහා රුපියල් මිලියන 490ක් වැය කිරීමට නියමිතය.

    මේ අනුව ගාල්ල , මහනුවර, කුරුණෑගල , කැළණිය, කතරගම, මීගමුව , පෑළියගොඩ යන නාගරික ප්‍රදේශයන්හි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

    ශ්‍රි ලංකාව තුළ 2.12% ක් ප්‍රජාව පමණක් විධිමත් පරිදි අපජලය බැහැර කිරීම සිදු කරනු ලබයි. Shift( sanitation and hygiene initiative for towns) ලෙස හඳුන්වනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරය සහ උණවටුන යන නාගරික ප්‍රදේශයන් පළමු පියවර ලෙස හඳුනාගෙන ඇත. මේ අනුව පළමු අදියර පවුල් 3000ක් සඳහා නොමිලේ මෙම පිරිපහදු නළ පද්ධතියට අවශ්‍ය සබඳතා ලබා දීමට නියමිතය.

    නිවෙස්වලින් බැහැර කරනු ලබන අප ජලය නළ මගින් මධ්‍යස්ථාන කිහිපයකට රැස් කොට පිරිසිදු කර මුදා හැරීම මෙම වැඩපිළිවෙළේ මුලිකම අරමුණයි.

    විධිමත් පරිදි අප ජලය බැහැර කරලීම ජාතික ප්‍රතිපත්තියක් ලෙස ඉදිරියේදී සැකසීමට නියමිතය. මෙම නළ පද්ධති ඉදිරියේදී නාගරික සීමාව තුළ අනිවාර්යය කරුණක් වන බවත් එහි මෙහෙයුම් ක්‍රියාවලිය ජල සම්පාදන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන බව ගාල්ල දිස්ත්‍රික් සැලසුම් ඒකකය සඳහන් කර සිටී.

    ඒ අනුව ව්‍යාපෘතිය මඟින් ගාල්ල ප්‍රදේශයේ පියවර 2ක් යටතේ ග්‍රාම නිලධාරී වසම් 43ක් ආවරණය වනු ඇත.

    උණවටුන ප්‍රදේශයේ හෝටල් 85 ක් පමණ, නිවාස 585 ක් පමණ සහ වෙළඳසැල්, පාසැල්, ආගමික ස්ථාන 103 පමණ ප්‍රමාණයක් ආවරණය කිරීමට නියමිත වේ.

    යෝජිත අපජල කළමණාකරන පද්ධතිය යටතේ නිවාස කඩ සාප්පු හෝටල් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රෝහල් වල ගෘහස්ථ අපජලය ලබා ගැනීමට නියමිතය.

    නමුත් කර්මාන්ත ශාලා වලින් සහ වාහන සේවා ස්ථාන වලින් නිකුත් කරනු ලබන අපජලය මෙම පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා කර්මාන්ත ශාලා මඟින් මූලික පිරිපහදු කිරීමක් සිදු කළ යුතුය.

    ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ 2018 අගොස්තු මාසය තුළ මීගමුව,ගාල්ල උණවටුන සහ කැළණිය පෑලියගොඩ ප්‍රදේශයන්හි සැලසුම් කටයුතු ආරම්භ කරනු ලබන අතර මීගමුව නගරයේ ඉදිකිරීම් කටයුතු 2022 වර්ෂය වන විට නිම කිරීමට බලාපොරෝත්තු වේ.

    මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රි ලංකා රජය රුපියල් මිලියන 5018ක්, යුරෝපා සංගමය විසින් රුපියල් මිලියන 1100 සහ ප්‍රංශ සංවර්ධන ආයතන මගින් මිලියන 14668 යෙදවිම සිදු වේ.

    මෙවැනි මධ්‍යගත අපජල පිරිපහදු පද්ධතියක් අවශ්‍ය වනුයේ, අධික ජනගහනය නිසා භූමි පරිභොජනය වැඩිවීම හේතුවෙන් එක් එක් නිවාස ඒකක සඳහා පූතික ටැංකි වෙනම ඉදිකිරීමට භූමි ප්‍රමාණවත් නොවීමයි.

    පවතින පූතික ටැංකි පවත්වා ගැනීමේ හා නඩත්තු කිරීමේ අවිධිමත් බව වැළැක්වීම,ස්වාභාවික ජල ප්‍රවාහ වලට නීති විරෝධී ලෙස අපජල බැහැර කිරීමෙන් එම ජල ප්‍රවාහ අපිරිසිදු වීම වැළැක්වීම,භූගත ජල මුලාශ අපවිත්‍ර වීම වැළැක්වීම, ජල කාන්දු වීම නිසා වන නායයෑම් වැළැක්වීම,ක්‍රියාත්මක හා නඩත්තු කිරීමේ පහසුව, පරිසර සංරක්ෂණයට සක්‍රීය දායකත්වය දැක්විමද මෙම ව්‍යපෘතියෙන් අපෙක්ෂිතය. මේ වන විට මහනුවර, කුරුණෑගල , මීගමුව යන නාගරික ප්‍රදේශයන්හි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

    - http://www.dinamina.lk/2018/08/17/පුවත්/58780/අපජලය-විධිමත්ව-බැහැර-කිරිමට-නව-ව්‍යාපෘතියක්

    සිංගප්පූරුවේ කුණු දාන්න ගම්පහ පැත්තේ පොල් ගස් 1500ක් කපලලු
    මෙහේ අපජලයට කාණු කපනවා
    :lol::lol::lol: