සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Ceylon Electricity Board awards Vestas Sri Lanka’s first large scale wind park with 104 MW EPC project

    News release from Vestas Asia Pacific
    Singapore, 31 December 2018

    After introducing wind energy to Sri Lanka with a demonstration project 19 years ago, Vestas returns to the country and will install the country’s first large scale wind park, the 104 MW Mannar Wind Power Project. The order includes Engineering, Procurement and Construction (EPC) and is placed by Ceylon Electricity Board (CEB), the main utility company of Sri Lanka. The order represents the first large scale wind project ever planned in the country as previous projects were in the range of 10 to 15 MW.

    The order was awarded through an international tender, which underlines Vestas’ broad range of capabilities and solutions that can provide low cost wind energy across the globe. The project was conceived by CEB and is fully funded by Asian Development Bank (ADB).

    Located on Mannar Island in Sri Lanka, Vestas will provide the Mannar Wind Power Project Phase 1 with delivery, installation and commissioning of 30 V126-3.45 MW wind turbines, as well as civil and electrical work. The project will also include full scope Active Output Management 4000 (AOM 4000) based service agreement as well as a Vestas Online® Business SCADA solution.

    “We are very excited with this order and the opportunity to be back in Sri Lanka”, said Clive Turton, President of Vestas Asia Pacific. “This tender signifies a clear indication of CEB and local policymakers’ intention to promote sustainable energy sources as well as increase the mix of sustainable energy in the local grid. Vestas looks forward to working together with our local partners and the local authorities towards this common goal.”

    Construction activities are expected to commence in the first quarter of 2019, and the project is expected to be completed in the third quarter of 2020.

    - https://www.vestas.com/en/media/company-news?n=1866622#!NewsView

    DvveirRWsAAQiYj.jpg


    - https://twitter.com/Vestas/status/1079701226982465536
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Heta Matara Beliatta first train eka yanawa kiyala news ekak ahuna radio eke. Kawda e gana wistara danne.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Heta Matara Beliatta first train eka yanawa kiyala news ekak ahuna radio eke. Kawda e gana wistara danne.

    මාතර , බෙලිඅත්ත පළමු දුම්රිය ධාවනය ලබන ඉරිදා
    - 4 01 2019 - 18:07 - 1315 views - ..

    අභිනවයෙන් ඉදිකළ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා පළමුවරට එම මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම ලබන ඉරිදා (06) පෙ.ව. 10.00ට සිදු කෙරේ. ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණයෙනි. එම දුම්රිය බෙලිඅත්ත සිට මාතර දක්වා ධාවනය කිරීමට නියමිත වේ.

    මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සිදු වන්නේ අදියර තුනකිනි. එහි පළමු අදියර වන්නේ, කිලෝමීටර් 26ක දුරින් යුත් මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසයි.

    එහි දෙවැනි අදියර කිලෝමීටර් 48ක දුරකින් යුත් බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වාද, තෙවැනි අදියර කිලෝමීටර් 39ක දුරකින් යුත් හම්බන්තොට සිට කතරගම දක්වා ද වේ.

    මෙයින් පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මඟ ඉදිකිරිමට ඇස්තමේන්තුගත වියදම ඇමෙරිකානු ඩොලර් මිලයන 278.2 කි.

    මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන හතරකි. ඒ කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල, බෙලිඅත්ත වේ.

    ලංකාවේ දිගම දුම්රිය උමඟද පිහිටා ඇත්තේ මාතර ‍- බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ වේ. නාකුට්ටිගම ප්‍රදේශයේ සිට කැකණදුර දුම්රියපල ආසන්නය දක්වා පිහිටි එම උම‍ඟෙහි දිග ප්‍රමාණය මීටර් 615කි. මීට පෙර දිගම දුම්රිය උමඟ වූයේ සිංගිමලේ උමඟය. එය මීටර් 559 ක දිගකින් යුතුවේ. එමෙන්ම මීටර් 268ක දිගින් යුතු බඹරැන්ද දුම්රිය උමඟද මාතර බෙලිඅත්ත මාර්ගයේ වේ.

    මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ 10% පමණ දිවෙන්නේ ගුවන් පාලම් මතිනි. එහි මාතර කැකණදුර දක්වා කොටසේ එක් ගුවන් පාලමක්ද, බඹරැන්ද සිට වැව්රුකන්නල දක්වා කොටසේ කිලෝමීටර් 1.5ක දිගින් යුතු ගුවන් පාලමක්ද වේ. එයින් බඹරැන්ද සිට වැවුරුකන්නල දක්වා වූ ගුවන් පාලම ලංකාවේ උසම හා දිගම දුම්රිය ගුවන් පාලම බවට පත් වේ.



    - http://www.ada.lk/breaking_news/මාත...Ssqbb3KqP7xJk042uRPZ1Yy3-nR7Auj4yjLvLYbLfypY8
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Broadlands Hydropower Project

    Construction progress as at the end of October 2018: 60%

    1.jpg

    003.jpg

    004.jpg

    005.jpg

    006.jpg

    007.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    මහපොළ ශිෂ්‍යත්ව 30%කින් ඉහළට

    Saturday, ජනවාරි 5, 2019 - 01:00

    සමන්මලී ප්‍රියශාන්ති

    ආදායම් සීමාව ලක්ෂ10කින් වැඩි කරයි
    විශ්වවිද්‍යාලවල මහපොළ හා ශිෂ්‍යාධාරලාභීන්ගේ සංඛ්‍යාව මේ වසරේ දී සියයට 30 කින් ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත.

    ඒ අනුව නව වසරේ දී විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවලට තේරී පත් වන සිසු සිසුවියන් 4000කට පමණ මහපොළ හිමිකම් ලබා දීමට නියමිතව ඇතැයි මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පරාක්‍රම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

    වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 5ට අඩු පවුල්වල විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ සිසු සිසුවියන් වෙනුවෙන් මහපොළ ශිෂ්‍යාධාර ලබා දීම මෙතෙක් සිදු කළ අතර, මෙවර එම සීමාව ලක්ෂ 15 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත.

    මේ අනුව සිසු සිසුවියන්ට මහපොළ හිමිකම් ලබා ගැනීමට ඇති හැකියාව පුළුල් කර ඇති අතර, මේ වසරේ දී නව ක්‍රමවේදයක් අනුව සිසුන්ට මහපොළ ලබා දීමට ද සැලසුම් කර තිබේ.

    දැනට විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල උසස් අධ්‍යාපනය හදාරණ මේ සිසු සිසුවියන් වෙනුවෙන් මසකට රුපියල් 5000ක මුදලක් මහපොළ ශිෂ්‍යාධාර ලෙස ලබා දෙන අතර, නව ක්‍රමවේදය අනුව එම මුදල අදාළ සිසු සිසුවියන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කිරීමට නියමිත බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

    මේ ශිෂ්‍යාධාර මුදල් හිමි විය යුතු සිසුන් පිළිබඳ මාසිකව විශ්වවිද්‍යාල මගින් තොරතුරු රැස් කෙරෙන අතර, මහපොළ ලබා දීමේදී එම වාර්තා සැලකිල්ලට ගනු ලබයි.

    යම් සිසුවකු නවක වධ සිදුවීම් වැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් වරදකරුවන් වන්නේ නම් ඔවුන්ගේ මහපොළ අත්හිටුවීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ක්‍රියා කර ඇත්නම් නැවත දැනුම් දෙන තුරු එම සිසුවාට මහපොළ ගෙවීම මහපොළ අරමුදල මඟින් අත්හිටුවනු ලැබේ.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් ඉදිරියේ දී නව චක්‍රලේඛ නිකුත් කිරීමට නියමිතව ඇති අතර, එම චක්‍රලේඛ නිකුත් වීමෙන් පසු ගෙවීම් කටයුතු ආරම්භ කරන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පැවැසීය.


    - http://www.dinamina.lk/2019/01/05/පුවත්/66515/මහපොළ-ශිෂ්‍යත්ව-30කින්-ඉහළට
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    හෙටට ඉදිවන ලග්ගල පල්ලේගම නව නගරය

    image-17d1315a7d.jpg

    image-28598d9282.jpg

    image-2bf85f99c2.jpg

    image-3271cedaa9.jpg

    image-34a6629a60.jpg

    image-3937d0d6ca.jpg

    image-42c2d7207c.jpg

    image-44e6e70368.jpg

    image-6ed3ccc60f.jpg

    image-7d91f9e198.jpg

    image-830cbcb2fc.jpg

    image-9e368cfa47.jpg

    image-b3e9c648ac.jpg

    image-e4994ac93c.jpg

    image-f10d20e74b.jpg

    image-f5e9b937f8.jpg


    මොරගහකන්ද-කළුගඟ ජලාශයන්හි ඉදිරිකිරීම් සමඟ කළුඟග ජලාශය හේතුවෙන් යට වු පැරණි ලග්ගල පල්ලේගම නගරය වෙනුවට අංග සම්පුර්ණව ඉදි කෙරුණු නව ලග්ගල පල්ලේගම නගරයේ සියලු ඉදි කිරීම් මේ වන විට නිම වෙමින් පවතී.


    එළැඹෙන 08 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නව ලග්ගල පල්ලේගම නගරය ජනතා අයිතියට පැවරීමටද නියමිතය.

    ලග්ගල, හත්තොට අමුණු, අකරැහැඩිය ප්‍රදේශයේ ඉදි වු මෙම නව ලග්ගල නගරය මේ වන විට අංග සම්පුර්ණ නගරයක් ලෙසින් ඉදි වී හමාරය.

    නව පොලිස් ස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශිය සභාව, ලග්ගල පල්ලේගම මහා විද්‍යාලය හා හානි වු සෙසු පාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථානය, රාජ්‍ය පෞද්ගලික බැංකු, තැපැල් ස්ථානය ආදී සියලු රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන රැසක් සියලු පහසුකම්වලින් සමන්විතව නවීන අයුරින් සකස් කර මේ වන විට අවසන් අදියරේ පවතී.

    නව නගරයේ රාජ්‍ය ආයතන 26 ක් ඉදි කර ඇති අතර ගොඩනැගිලි 112 ක් ඉදි කර තිබේ.


    - http://www.lankadeepa.lk/main_picture/හෙටට-ඉදිවන-ලග්ගල-පල්ලේගම-නව-නගරය/11-543249
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    හොදම පාසැල ලගම පාසැල ව්‍යාපෘතිය යටතේ ,රැ. ලක්ෂ 550 ක මුදලක් ආයොජනය කර බණ්ඩාරගම දොඹගොඩ සීලරතන මහා විද්‍යාලයේ ඉදිකල ගොඩනැගිලි මගේ නීරීක්ෂනයට ලක්කරා. ගරැ අගමැතිතුමා අතින් ලගදීම විවෘත කිරිම සිදුකරනවා .

    49372167_10156620480385485_2605712244226392064_n.jpg

    49344569_10156620480405485_1915852187666219008_n.jpg

    49676597_10156620480475485_3769022437203640320_n.jpg

    49212981_10156620480495485_7761249535891865600_n.jpg


    - https://www.facebook.com/ajithp.perera.7/posts/10156620488805485
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    නගරාන්තර ධාවනයට සුඛෝපභෝගී බස් රථ 1000ක්!

    මෙම වසර තුළ ධාවනයට නව බස් රථ 2000ක් එක්කර ගැනීමේ ඉලක්කයක් පවතින බවත් ඉන් නගරාන්තර ධාවනයට සඳහා නව සුඛෝපභෝගී බස් රථ 1000ක් ගෙන්වීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.

    අවම වශයෙන් නව බස් රථ 1000ක් හෝ බස් ඇණියට එකතු කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

    ඒ අනුව ඉන්දියාවේ ණය යෝජනා ක්‍රමය යටතේ දැනටමත් බව රථ 500ක් ගෙන ඒම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව අශෝක් අබේසිංහ මහතා කියා සිටියේය.

    එම සුඛෝපභෝගී බස්රථ වල ගාස්තු සංශෝධයක් විය හැකි බවද ඔහු පැවසීය.

    මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය පසුගිය දින 51 තුළ දේශපාලන කටයුතු සඳහා ශ්‍රී ලංකා ගමන ගමන මණ්ඩලයෙන් ලබා ගත් බස් රථ සඳහා මෙතෙක් ගාස්තු ගෙවා නැති අතර එම අලාභයද ගණනය කරමින් පවතින බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    DNP




    - https://lankanewsweb.net/sinhala/පු...37681-නගරාන්තර-ධාවනයට-සුඛෝපභෝගී-බස්-රථ-1000ක්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    “Apart from Hambantota, we are working on developing two other zones in Millaniya and Bingiriya. We are still discussing and ironing out the land issues in the southern zone while Millaniya has already started its infrastructure work, and by the end of this month, we will commence the first phase of development in the Bingiriya EPZ as well,” the Minister told Daily FT.

    Govt. steams ahead to boost exports, FDIs

    - http://www.ft.lk/front-page/Govt--steams-ahead-to-boost-exports--FDIs/44-670322
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    විදුලි දුම්රිය මාර්ගය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමට සැලසුමක්

    - 8 01 2019

    වේයන්ගොඩ සිට පානදුර දක්වා ඉදිකිරීමට සැලසුම්කර ඇති විදුලි දුම්රිය මාර්ග පද්ධතිය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමට රජය සැලසුම්කර තිබේ.

    මේ සඳහා වන ශක්‍යතා අධ්‍යයන සිදුකර ඇති අතර, මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භකිරීමට හැකිවනු ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.

    නාරාහේන්පිට පිහිටි ලංකා ගමනාගමන මණ්ඩල මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඊයේ (07දා) අමාත්‍යවරයා මේබව කීවේය.

    විදුලි දුම්රිය පද්ධතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක සහන ණයක් හිමිව ඇති බවත්, ඒ අනුව එහි ඉදිරි කටයුතු සිදුකරගෙන යන බවත් අශෝක් අබේසිංහ මහතා පැවසීය.


    “වේයන්ගොඩ සිට පානදුර දක්වා නව විදුලි දුම්රියක් ඇති කරන්න සැලසුම්කර තිබෙනවා. මේවනවිට එය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමටත් සැලසුම්කර තිබෙනවා. මේසඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක ණය අනුමත වී තිබෙනවා.

    මෙහි ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස්කිරීමට ඩොලර් මිලියනයක ආධාරයක් හිමිවුණා. එම ශක්‍යතාවාර්තාව අවසන්කර ඉඩම් පවරාගැනීම මේවනවිට සිදුකරමින් පවතිනවා. විදුලි දුම්රිය සඳහා ව්‍යාපෘති කාර්යාලයක් ඇතිකළා. තවත් වසර කිහිපයක් ඇතුළත විදුලි දුම්රිය ධාවන කිරීමට අපට හැකියාව ලැබෙයි."


    - http://www.ada.lk/breaking_news/විදුලි-දුම්රිය-මාර්ගය-රඹුක්කන-දක්වා-දීර්ඝ-කිරීමට-සැලසුමක්/11-344160

    Colombo Suburban Railway Project
    Colombo Suburban Railway Efficiency Improvement Project
    http://www.csrp.lk/
    https://www.adb.org/projects/49111-003/main#project-pds
    https://www.adb.org/projects/49111-005/main#project-pds
    Railway Electrification Road Map:
    http://www.csrp.lk/…/pdf/roadmap/CSRP-Roadmap---Sheet-01.pdf
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    රාගම ශික්ෂණ රෝහලේ ඉදිකරන ලද හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය

    රාගම ශික්ෂණ රෝහලේ ඉදිකරන ලද හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ලබන 14 දා සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය මහල් 04 කින් යුත් මෙම ඒකකය සදහා වැය කළ මුදල රුපියල් මිලියන 1400 කි. ශල්‍යාගාර පරීක්ෂණ, වෛද්‍ය වාට්ටු වලින් මෙම ඒකකය සමන්විත වේ.

    49283505_10156421131369130_1102464847288729600_n.jpg

    49474862_10156421131444130_7163446936475795456_n.jpg

    49836928_10156421131469130_2043565011602767872_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156421131604130
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    කොළඹ ප්‍රදේශයේ වාහන තද බදය අඩු කිරීමේ අරමුණින් යෝජනාවූ Light Rail ව්‍යාපෘතිය පිළිබඳ බස්නාහිර පළාතේ මෙගා පොලිස් ව්‍යාපෘතියේ ප්‍රවාහන සැලසුමේ ප්‍රධානියා මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දීමන්ත ද සිල්වා සමග SBS සිංහල වැඩසටහනේ Queensland වාර්තාකරු ජනක වීරසිංහ ගෙනඑන සාකච්ඡාව.

    වාහන තද බදය අඩු කරන්න කොළඹට එන Light Rail ව්‍යාපෘතියේ තොරතුරු මෙන්න SBS සිංහල වෙතින්

    - https://www.sbs.com.au/yourlanguage...-en-light-rail-vyaaprtiy-aermbeyi?language=si