සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    E-health කාඩ්පත අද(21) සිට

    නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපාන් ශ්‍රී ලාංකික ජනතාවට හදුන්වාදීමේ අරමුණින් මිලියන 21 ක් වූ ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීම අද (21)කළුතර දිස්ත්‍රික්කයෙන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

    ඒ අනූව, අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පෙරවරු 9.00 ට කළුතර මහ රෝහලෙන් ද, පෙරවරු 11.00 ට බේරුවල මුලික රෝහලෙන් ද, පස්වරු 1.00 ට බණ්ඩාරගම දිසා රෝහලෙන් ද ඊ-හෙල්ත් කාඩ්පත ජනතාවට හදුන්වාදීමට නියමිතයි.

    විදේශිය ආයෝජනයක් මත ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වා දෙන අතර, පළමු අදියරේ දී රෝහල් 200 කින් කාඩ්පත් නිකුත් කිරීමට නියමිතය.

    සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත මේ වන විට දිවයින පුරා සියලුම රෝහල් පරිගණක ගත කිරීම ආරම්භ කර ඇත. 2019 වසර අවසන් වන විට රෝහල් 300 ක් පමණ පරිගණක ගත කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අපේක්ෂාවයි.

    ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීමෙන් පසු මාස 06 ක් තුල මිලියන 21 ක් වූ ජනතාවට ම ඊ-හෙල්ත් කාඩිපත ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි.

    මෙම කාඩ්පත මගින් කිසියම් රෝගියෙකුගේ සියලුම වෛද්‍ය වාර්තා, දත්ත ගබඩා කර ඇත. රෝගියා රෝහල වෙත සිහිසුන්ව පැමිණිය ද ඊ-හෙල්ත් කාඩ්පත භාවිත කරමින් ප්‍රතිකාර කිරීම ආරම්භ කිරීමට හැකියාවක් ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. මාස 02 ක පමණ කාලයක් ඊ-හෙල්ත් කාඩ්පත් නිකුත් කිරීමේ දී මතුවන ප්‍රශ්න ගැටලු විසදීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා ද උපදෙස් ලබා දී ඇත. ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීමේ දී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධ වී ඇත.

    පෞද්ගලික සායන සහ පෞද්ගලික රෝහල් වලට ද ඊ-හෙල්ත් කාඩ්පත ලබාදීමෙන් ප්‍රතිකාර සේවා ලබාගැනීමට රෝගියාට හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    මෙම වැඩපිළිවෙලට සමගාමීව පවුලේ වෛද්‍යවරයා සංකල්පය ද හදුන්වාදීමට නියමිතය. එහිදී පුද්ගලයින් 10,000 කට එක් වෛද්‍යවරයෙකු පත් කර වසරක් තුල ඔවුන් පරීක්ෂා කිර රෝග හදුනා ගත යුතුය. ඉන් පසු සැම පුද්ගලයෙකුම මාස 06 කට වරක් පරීක්ෂා කිරිම අනිවාර්ය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. මෙම පරීක්ෂා කිරීම් වල වෛද්‍ය වාර්තා ද ඊ-හෙල්ත් කාඩ්පතට ඇතුලත් කිරීමට නියමිතය. ඊ-හෙල්ත් කාඩ්පත තුල කිසියම් පුද්ගලයෙකුට අදාල තොරතුරු සහ වෛද්‍ය වාර්තා තොරතුරු ඇතුලත් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.


    - http://am.lk/local-news/item/41517-e-health
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    India finances IT incubator in Sri Lanka's Jaffna

    ECONOMYNEXT - India is giving a 250 million-rupee grant to set up an information technology incubator in Jaffna in Sri Lanka's North as part of 560 million dollars given in grants so far.

    "This project is part of Government of India’s continued efforts to assist and cooperate with Government of Sri Lanka in people-oriented development projects," the High Commission of India said.

    "The Business Centre would provide opportunities and enhance the enabling environment for Information Communication Technology (ICT) and other professional services in the Northern region."

    The agreement for the funds was signed by High Commissioner of India to Sri Lanka Taranjit Singh Sandhu, and Secretary, Ministry of Development Strategies and International Trade S. T. Kodikara.

    India also gave grants, which do not have to be repaid, to set up a paramedic ambulance service in the country.

    India has committed a total of 3.0 billion US dollars, out of which 560 million dollars are grants. (Colombo/Feb21/2019-SB)


    - https://economynext.com/India_finances_IT_incubator_in_Sri_Lanka_s_Jaffna-3-13516-7.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    යාපනය පරිපාලන සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව

    52766816_2288985748049597_3170403111101530112_n.jpg

    52469124_2288985784716260_5001370475662671872_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2288985664716272&__tn__=-UC-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    Rehabilitation and Improvements of Jaffna - Ponnalai Point Pedro Road (AB21) with financial assistance from the World Bank was ceremonially inaugurated on this 21st day of February, 2019 by Hon. Patali Campika Ranawaka - Minister of Megapolis and Western Development with the participation of Hon. Vijayakala Maheshwaran - State Minister for Education, Hon. Ebraham Sumanthiran MP, Hon. Sarawanapawan - MP, Hon. Emmanuel Arnold Mayor, Jaffna Municipal Council, Mr. K A D Chandradasa - Project Director SCDP, other members of Jaffna Development Coordination Committee and official of the government authorities.

    52552013_793744717647510_4048499966358847488_n.jpg


    - https://www.facebook.com/scdpSL/posts/793756074313041?__tn__=C-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 12,000ක් වෙන් කරයි

    කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 12,000ක් වෙන් කර ඇති අතර ව්‍යාපෘතිය හරහා ගොවීන්ගේ නිෂ්පාදන මිලට ගනු ලබන සමාගම් හා ගොවීන් අතර ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදු විය. දේශීය වගා කටයුතුවල නියැලී සිටින ගොවියා හට වෙළඳපොල හඳුන්වාදීම සහ පුද්ගලික අංශය සමඟ සබඳතා සංවර්ධනය කරමින් ගොවියා හට අතරමැදියාගෙන් වන මැදිහත්වීම අවම කිරීමටත්, ගොවියාගේ අස්වැන්නට ඉහළ මිලක් ලබාදීමටත්, ගොවියාට අවශ්‍ය වෙළඳපල පහසුකම් සැලසීමටත්, වගා කිරීමේදී නවීන තාක්ෂණය ලබා දීම මෙමව්‍යාපෘතියේ අරමුණ වෙයි.

    ව්‍යාපෘතිය යටතේ ඒ ඒ දිස්ත්‍රික් සඳහා පෞද්ගලික ආයතන සමඟ ගිවිසුම් අත්සන් කිරීම මෙහිදී සිදුවූ අතර, එහිදී උතුරු පළාතේ රටකජු ඩේවිඩ් ග්‍රෑම් සමාගමද, නැගෙනහිර රටකජු මිලදී ගැනීම අමල් ග්‍රෑම් සමාගමද, උතුරුමැද ගස්ලබු හේලීස් සමාගමද, ඌව පළාතේ පැෂන් ෆෘට් ලංකා කැනරිස් සමාගමද, උතුරුමැද කෝමාරිකා ස්මැක් සමාගම විසින්ද මිලදී ගැනීම සිදුකරනු ලබන අතර එහිදී දෙපාර්ශවයම අනෙ‍්‍යන්‍ය ගිවිසුම් වලට එහිදී එලඹ ගන්නා ලදී. ගිවිසුම හරහාඑම පළාත්වලින් තෝරාගත් ගොවීන්ගෙන් ලබාගන්නා ගුණාත්මක අස්වැන්න මෙම සමාගම් විසින් මිලදී ගැනීම සිදුකරන අතර, එම අස්වැන්න දේශීය මෙන්ම විදේශීය වෙළඳපළ තුළ අලෙවි කිරීමට එමඟින් හැකියාව උදා වේ.

    මෙම ව්‍යාපෘති කාලය තුළදී උපරිම හා අවම මිලක් යටතේ නිෂ්පාදන මිලදී ගැනීම සිදුකරන ලෙසත්, එමඟින් ගොවීන් හට ඉහළ මිලක් ලබාදෙන ආකාරයෙන් ගිවිසුම් ප්‍රතිසංස්කරණය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. ඒ අනුව වඩාත් උචිතම සහ වෙළඳපොල ඉල්ලුමක් ඇතිබෝග ව්‍යාපෘතිය යටතේ ප්‍රචලිත කරන ලෙස අමත්‍යවරයා එහිදී නිලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කළේය. ආරම්භයේදී පළාත් පහක හා දිස්ත්‍රික්ක හතක ව්‍යෘපෘති ක්‍රියාත්මක කෙරෙන අතර එම ගොවීන් වෙනුවෙන් කුඩා ජල සම්පාදන ක්‍රම මෙන්ම උපකරණද,යටිතල පහසුකම් ලබාදීමද මෙම ව්‍යාපෘතිය හරහා සිදුවෙයි. යහපත් කෘෂිකාර්මික ක්‍රමවේද තුළින් ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන වෙළඳපළට මුදාහැරීම මෙම ව්‍යෘපෘතිය හි ප්‍රධාන අරමුණය. නිෂ්පාදන ඵලදායීතාවය වර්ධනය කර ගැනීම, නිෂ්පාදන වියදම අඩුකර ගැනීම, පවතින කෘෂිකර්මය වාණිජකරණය, වෙළඳපල අරමුණ කරගත් බෝග නිෂ්පාදනය යන කරුණු පිළිබදව දැඩි අවධානය යොමු කළ යුතුව ඇති බව අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට කීය.


    - http://resa.lk/පුවත්-ජාතික-පුවත්/20...යාපෘතිය-සඳහා-රුපියල්-මිලියන-12000ක්-වෙන්-කරයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    ඊ-හෙල්ත් කාඩ්පත ජනගත කෙරේ. මාස 06 කින් මිලියන 21 ක ජනතාවට කාඩ්පත නිකුත් කිරීමට සුව ඇමැතිගෙන් සැළසුමක්.

    නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපාන් ශ්‍රී ලාංකික ජනතාවට හදුන්වාදීමේ අරමුණින් මිලියන 21 ක් වූ ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර මහ රෝහලේ දී අද (21) පෙරවරුවේ ආරම්භ කෙරිනි.

    විදේශිය ආයෝජනයක් මත ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වා දෙන අතර, පළමු අදියරේ දී රෝහල් 200 කින් කාඩ්පත් නිකුත් කිරීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත මේ වන විට දිවයින පුරා සියලුම රෝහල් පරිගණක ගත කිරීම ආරම්භ කර ඇත. 2019 වසර අවසන් වන විට රෝහල් 300 ක් පමණ පරිගණක ගත කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අපේක්ෂාවයි. ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීමෙන් පසු මාස 06 ක් තුල මිලියන 21 ක් වූ ජනතාවටම ඊ-හෙල්ත් කාඩිපත ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. මෙම කාඩ්පත මගින් කිසියම් රෝගියෙකුගේ සියලුම වෛද්‍ය වාර්තා, දත්ත ගබඩා කර ඇත. රෝගියා රෝහල වෙත සිහිසුන්ව පැමිණිය ද ඊ-හෙල්ත් කාඩ්පත භාවිත කරමින් ප්‍රතිකාර කිරීම ආරම්භ කිරීමට හැකියාවක් ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීමේ දී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධ වී ඇත. පෞද්ගලික සායන සහ පෞද්ගලික රෝහල් වලට ද ඊ-හෙල්ත් කාඩ්පත ලබාදීමෙන් ප්‍රතිකාර සේවා ලබාගැනීමට රෝගියාට හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    මෙම උත්සවයේ දී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “කළුතර මහරෝහල සංවර්ධනය කිරිම සදහා රුපියල් මිලියන 10,000 කට අධික මුදලක් වියදම් කර තිබෙනවා. ඊ-හෙල්ත් කාඩ්පත ලංකාවට හදුන්වාදීම සදහා රුපියල් මිලියන 13,000 ක් වැය කරනවා. මාස 06 කින් අවසන් කිරීමටයි සැළසුම් කර ඇත්තේ. ඊ-හෙල්ත් කාඩ්පත ලබාදීම ජර්මනියේ ආරම්භ වුයේ පසුගිය ජුනි මාසයේ දී. නමුත් මාස 06 ක් තුල මිලියන 21 ක් වූ ජනතාවට ඊ- හෙල්ත් කාඩ්පත නිකුත් කරන ප්‍රථම රට ශ්‍රී ලංකාවයි. අපේ රටට අවශ්‍ය නවීන වෛද්‍ය ක්‍රම හදුන්වා දෙමින් තිබෙනවා. ජාන වෛද්‍ය විද්‍යාව ඉන් පුධානයි. ඩ්‍රෝන තාක්ෂණය මගින් රුධිරය රැගෙනයාමේ වැඩපිළිවෙළක් ද ඉදිරියේ දී ක්‍රියාත්මක කරනවා. 2019 වසර අවසන් වන විට නවීන වෛද්‍ය ක්‍රම රැසක ලංකාවට හදුන්වාදීමට මම පියවර ගන්නවා. එහිදී ඊ-හෙල්ත් කාඩ්පත ලබාදීම ප්‍රධාන කරුණක්. කිසියම් රෝගියෙක් කාඩ්පත රැගෙනඒම තුලින් වෛද්‍යවරයාට කඩිනමින් ප්‍රතිකාර කිරීමේ අවස්ථාව හිමි වෙනවා. රෝගියාගේ සියලුම දත්ත එම කාඩ්පතේ ඇතුලත් කර තිබීම නිසා වෛද්‍යවරයාට පහසු වෙනවා. මාස 06 ක කාලයක් තුල මිලියන 21 ක් ජනතාවට කාඩ්පත ලබාදීමටයි අපි සැළසුම් කර ඇත්තේ. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හැදුනුම්පත් නිකුත් කර ඇති මිලියන 05 කට අධික ජනතාවට කඩිනමින් මෙම කාඩ්පත නිකුත් කිරීමට අපි පියවර ගන්නවා. දරුවන්ට පවා කාඩ්පත ලබාදෙනවා. රෝහල් පරිගණක ගත කිරීම තුලින් පරිගණක තාක්ෂණය ගම්බද රෝහල් කරා රැගෙනයාම නිසා ප්‍රතිකාර කිරීමට ඉතා පහසු වෙනවා. ඖෂධ හිඟය වැළැක්වීම සදහා මෘදුකාංගයක් හදුන්වා දීම තුලින් අවශ්‍ය ඖෂධ කඩිනමින් ලබාගැනීමට රෝහල් අධ්‍යක්ෂවරුන්ට අවස්ථාව හිමි වුනා. නමුත් ඇතැම් රෝගීන් නිකන් ලැබෙන නිසා සෑම දෙයක්ම නොමිලේ ලබාගැනීමටයි අවධානය යොමු කරන්නේ. මොකද නිදහස් සෞඛ්‍ය සේවාවක් ලංකාවේ තිබෙන නිසා. මෙවැනි වැඩකටයුතු කළ ද නොයෙකුත් අය අපිව විවේචනය කරනවා. අනගාරික ධර්මපාල තුමන් ප්‍රකාශ කලේ ලංකාවේ හොද වැඩ කරනවා නම් බැනුම් අහන්න සුදානමින් සිටින්න කියලයි. සේනක බිබිලේ මහතාටත් එම තත්ත්වය උදා වුනා. බැනුම් ඇහුවට කමක් නැහැ. බල්ලෝ බිරුවාට කමක් නැහැ. නමුත් මෙම ගැල නොනැවති ඉදිරියට යනවා. නවතින්නේ නැහැ. ඉදිරියේ දී එම බල්ලන්ට මිනිස්සු ගල් ගසන තත්ත්වයක් උදාවෙනවා. බනින හැමෝමත් නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිලාභ ලබාගන්නවා. විවේචන වැඩක් නැහැ. ජනතාවට සේවය කළ යුතුයි.”

    ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව බේරුවල මුලික රෝහලේ සහ බණ්ඩාරගම දිසා රෝහලේ ඊ-හෙල්ත් කාඩ්පත් නිකුත් කිරීමේ වැඩසටහන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ සිදු විය.

    52588050_10156517235009130_3808816988533293056_n.jpg

    52729386_10156517234579130_8605502963684737024_n.jpg

    52480970_10156517236179130_7510875242005266432_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156517243354130?__tn__=C-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    වට්ටක්කා සැණකෙළිය ග්‍රීන් පාත්හිදී

    image_111cde0cff.jpg

    image_2c91c8bc8e.jpg

    image_ec6a44f92a.jpg

    image_7558cf3024.jpg

    image_3637aa034d.jpg

    image_b493fe3bb4.jpg

    image_c3409a91df.jpg

    image_0e2cde6525.jpg

    image_26a9fbf381.jpg

    image_b3ab19c54c.jpg

    image_82c0c97412.jpg




    වට්ටක්කා ගොවීන්ගේ දුකට කොළඹින් පිළිතුරක් ලෙස Pumpkin Famers Festival නමින් දැවැන්ත වට්ටක්කා සැණකෙළියක් සංවිධානය කරන්නට සර්වෝදය ව්‍යාපාරය අද (22දා) කටයුතු යොදා තිබෙනවා.

    කොළඹ ග්‍රීන්පාත් හීදී අද උදෑසන ආරම්භවූ මෙම සැණකෙළියේදී වට්ටක්කා කිලෝ ලක්ෂයක් අලෙවි කිරීමට නියමිත බව සර්වෝදය ෆයිනෑන්ස් හී සභාපති චන්න ද සිල්වා මහතා අදට පවසා සිටියේය.

    මෙම සැණකෙළියේදී වට්ටක්කා වලින් නිෂ්පාදනය කළ හැකි ආහාර විශේෂ රැසක් හදුන්වා දීම සිදු කෙරන අතර වට්ටක්කා පුඩිං,වට්ටක්කා කේක්, වට්ටක්කා අග්ගලා ආදිය ඒ අතර වේ.

    ගල්කිස්ස හෝටලයේ ප්‍රධාන සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් මෙම සැණකෙළිය නැරඹීමට පැමිණෙන සියල්ලට වට්ටක්කා වලින් සැකසූ සුප් හා තැම්බූ වට්ටක්කා රස බැලීමට නොමිලේ ලබා දීමද විශේෂත්වයකි.මෙම සැණකෙලිය අද රාත්‍රී 9.00 වනතෙක් පැවැත්වීමට නියමිතය.

    ජායාරූප ඉසුරු පෙරේරා


    - http://www.ada.lk/woman/වට්ටක්කා-සැණකෙළිය-ග්‍රීන්-පාත්හිදී/6-345672
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    ඩිෆෝ 106ක ස්ථාවර ගිණුම් සතුව කෝටිය බැගින් මුදල්

    ශ්‍රී ලංකාවේ ඇති සමස්ත ලංගම ඩිෆෝ 106 තුළම එක් රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මුදල් තැන්පති පවතින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවැසීය.

    විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. උතුරු ඩිෆෝවේ පමණක් රුපියල් කෝටි 21කට අධික වටිනායකමින් යුත් ස්ථාවර තැන්පතුවක් ඇති බවත් ඔහු සඳහන් කළේය.

    එසේම කිසිම අවස්ථාවක ලංගම පෞද්ගලීකරණය නොකරන බවත් ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවට ලංගම සේවකයන් 33000කට අධික පිරිසකට පසුගිය වසරේදි රුපියල් 13500 බැගින් ප්‍රසාද දීමනා ලබාදුන් බවත් ඔහු සඳහන් කළේය.


    - http://www.ada.lk/breaking_news/ඩිෆෝ-106ක-ස්ථාවර-ගිණුම්-සතුව-කෝටිය-බැගින්-මුදල්/11-345669
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    උමා ඔය ඉදිකිරීම් අගෝස්තු මස නිමකරන්න - ජනපති

    උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් මෙම අගෝස්තු මාසය වන විට නිම කර එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ

    ව්‍යාපෘතියේ ඉදිකිරීම් 92% ක් පමණ මේ වන විට අවසන්ව තිබෙන අතර ඉදිරි කටයුතු ද කඩිනමින් සම්පූර්ණ කරන ලෙස ජනාධිපතිවරයා ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන් ඇතුළු නිලධාරින්ට දැනුම් දුන්නේ ය.

    ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප‍්‍රගතිය සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවකට ඊයේ (22දා) එක් වෙමිනි.

    මෙරට කි‍්‍රයාත්මක විශාලතම බහුකාර්ය ව්‍යාපෘතියක් වන උමා ඔය ව්‍යාපෘතිය සඳහා අයෝජනය කර ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන 535 කි.

    උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන භූගත විදුලි බලාගාරයේ ඉදිකිරීම් ද මෙහිදී ජනාධිපතිගේ නිරික්ෂණයට ලක් විය. ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 120ක විදුලිබල ධාරිතාවක් එක් කෙරෙන මෙම බලාගාරයේ ඉදිකිරීම් මේ වන නිම වෙමින් පවතී.

    උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය මගින් දකුණේ සහ නිරිතදිග වියළි කලාපයේ ඉඩම් අක්කර 5000 කට යල මහ කන්නයේ වාරි ජලය සැපයීමට සැලසුම් කර තිබේ. එමෙන්ම වැල්ලවාය, මොණරාගල පළාත්වල කුඩා වැව් 300 ක් පමණ මෙමගින් පෝෂණය කිරීමට නියමිතය.

    image_0b8b63b801.jpg

    image_3f5796332e.jpg

    image_de21f3e8c4.jpg

    image_62aa1141f9.jpg


    - http://www.ada.lk/picture_story/උමා-ඔය-ඉදිකිරීම්-අගෝස්තු-මස-නිමකරන්න---ජනපති/10-345685
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    ආණමඩුව පරාක්‍රම ප්‍රාථමික විද්‍යාලයේ දෙමහල් ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ සුරතින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් සිසු අයිතියට පත් වූ අවස්ථාව

    52923179_10157256272444060_1381354640234250240_n.jpg

    52598093_10157256269189060_60027734239215616_n.jpg

    52578913_10157256270574060_1562165706764582912_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157256284434060?__tn__=C-R