සංවර්ධන News

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    50243797_1950721785223858_8835241034930716672_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    ලොකු පඩිගන්න රැකියා පුහුණුවට අපේ තරුණයන්ට ඇරෙන අලුත් දොරටුව
    කොරියානු තාක්ෂණික පුහුණු ආයතනය


    koreantech.jpg

    orugodawatta-pic_22022019_RCJ.jpg


    අපේ රටේ තරුණ පරපුර හා රැකියා විරහිත උපාධිධාරීහු රැකියා නැතැයි පෙළපාළි යති. ඊට විරුද්ධව පොලිසිය කඳුළු ගෑස් ගසති.

    එසේ වුවත් වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා පවසන පරිදි අපේ ර‍ටේ රැකියා හිඟයක් නැත. ඇත්තේ පුහුණු තාක්ෂණික ශිල්පීන්ගේ හිඟයකි.

    අප අද කළ යුත්තේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ඍජුව දායක වන වෘත්තීය පුහුණුවක් ඇති ක්‍රියාශීලී තරුණ පිරිසක් බිහි කරලීමයි. එය තම අමාත්‍යාංශයේ ප්‍රධාන දැක්ම බවත් ඒ සඳහා විවිධ කටයුතු රැසක් ක්‍රියාත්මක බවත් ඇමැතිවරයා පවසයි.

    අපේ රටේ රැකියා නියුක්තිකයන් ලක්ෂ 14ක් ම තරුණ ත්‍රිරෝද රථ රියැදුරෝය. අපේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට එක්කර ගත හැකි මෙවන් පිරිසක් මෙවන් ක්ෂේත්‍රයට යොමුවීම රටේ අභාග්‍යයකි. එහෙත් නිපුණතාවන් පිරිපුන් පුහුණු තාක්ෂණික ශිල්පීන් පිරිසක් බිහිකරලීම මගින් මෙවන් අභියෝග ජයගත හැකි ය.

    ඊට අවශ්‍ය වන්නේ තරුණ බළකායට තාක්ෂණික වෘත්තීය පුහුණුව ලබාදීම හා ඊට අවශ්‍ය අවකාශය පුළුල් කරලීම බවත් ඉදිරියේ විවෘත වන ඔරුගොඩවත්ත කොරියානු ශ්‍රී ලංකා තාක්ෂණික පුහුණු ආයතනය නිර්මාණය කරන්නේ ඉහත ජාතික අරමුණ සපුරාලීමේ පරම අභිලාෂයෙන් බවත් නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා පෙන්වා දෙයි.

    වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ දැනට ඇති විශාලතම පුහුණු ආයතනය මෙය වන අතර ඉන් ලොව නවීනතම තාක්ෂණික වෘත්තීය පුහුණුව නොමිලේ ලබාගැනීමට අපේ නව යොවුන් පරපුරට ඉඩකඩ ලැබී ඇත.

    මෙරට අලුත් ම වෘත්තීය පුහුණු ආයතනය වන මෙම ඔරුගොඩවත්ත කොරියානු තාක්ෂණික පුහුණු ආයතනය මගින් අප්‍රේල් මස දී ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) 5 මට්ටමේ ඩිප්ලෝමා පාඨමාලා හඳුන්වා දීමේ ආරම්භක අධ්‍යයන පාඨමාලා ආරම්භවීමට දැන් සූදානම් ය. ප්‍රධාන අධ්‍යාපන අංශ හතරකින් සමන්විත වන්නා වූ මෙම ආයතනය තුළ කොරියානු සහ ඉංග්‍රීසි භාෂාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ව්‍යාපාර ප්‍රවර්ධනය හා වෘත්තීය මාර්ගෝපදේශනය වැනි අධ්‍යයන කටයුතු ද සිදු කරනු ලබයි.

    මෙම මධ්‍යස්ථානයෙන් ලොව ඉහළම තාක්ෂණික මට්ටමේ පාඨමාලා රැසක් පැවැත්වේ. ඒ යටතේ අලුත් ම නවීන වාහන පිළිබඳ කාර්මික පාඨමාලා, පරිගණක මෙහෙයුම් පාඨමාලා, පෑස්සුම් තාක්ෂණය පිළිබඳ පාඨමාලා, වායු සමීකරණ පාඨමාලා, විදුලි කාර්මික පාඨමාලා, ඉලෙක්ට්‍රොනික පාඨමාලා, රොබෝ තාක්ෂණය පිළිබඳ පාඨමාලා ඇතුළු පාඨමාලා රැසක් ඒ අතර ඇත. පාඨමාලා පිළිබඳ වැඩි විස්තර 0717968212 දුරකථන අංකය මගින් ද දැනගත හැකි ය.

    මෙම පුහුණු ආයතනය ඉදිකරනු ලැබුවේ ශ්‍රී ලංකා රජය හා කොරියාවේ එක්සිම් බැංකුවේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ය.

    ඒ අනුව මේ සඳහා රුපියල් ලක්ෂ 30000 වැය කර ඇත. මේ පුහුණු ආයතනය මගින් එක වරකදී සිසු සිසුවියන් 1200 කට පමණ න්‍යායික හා ප්‍රායෝගික වෘත්තීය තාක්ෂණික පුහුණුව ලබාදීමට පුළුවන. ඉන් 525 ක් පූර්ණ කාලීන සිසු සිසුවියෝ වෙති. ඔවුන්ට නේවාසිකාගාර ආහාර පහසුකම් ලැබේ. ජගත් මට්ටමේ සහතිකයක්ද ලැබේ.


    මෙම පුහුණුවෙන් පසු අපේ රටේදී රුපියල් ලක්ෂයකට වැඩි ආදායම් ඉපයිය හැකි රැකියා ලබාගත හැකි ය. පිටරටකට ගියා නම් මසකට ලක්ෂ 3 – 4 ක් ඉපයීමට පුළුවන.

    මෙවැනි ඉහළම මට්ටමේ මනා පුහුණුවක් ලැබුණු පසු තරුණ ජීවිතයට ද ලොකු වටිනාකමක් ලැබේ.

    ජාතික වෘත්තීය සුදුසුකම වන NVQ3,4 ලබාගෙන තිබීම හෝ අ.පො.ස. උසස් පෙළ විෂයන් තුනක් සමත්ව තිබීම මෙම ඩිප්ලෝමා පාඨමාලාවන් නිම කිරීමට ඇතුළත්වීම සඳහා ඇති සුදුසුකම බවට පත්වෙයි‍. තෝරා ගැනීමේ පරීක්ෂණයකින් අනතුරුව සිසුන් මෙම පාඨමාලාවන් සඳහා යොමු කරන අතර, පූර්ණ කාලීනව හා අර්ධකාලීනව පවත්වනු ලබන එක් එක් ඩිප්ලෝමා පාඨමාලාවන් සඳහා සිසුන් හතළිහක ප්‍රමාණයක් ඇතුළත් කර ගැනීමට නියමිතය. මෙහි විශේෂත්වය වන්නේ පූර්ණකාලීන පාඨමාලාව නොමිලේ ලබාදෙන අතර, අර්ධකාලීන පාඨමාලාව සඳහා ගාස්තු අයකර ගැනීමක් සිදුවෙයි.

    වසරක ඩිප්ලෝමා පාඨමාලාවේදී පළමු මාස හය නිමවීමෙන් පසු විභාගයක් පැවැත්වෙන අතර, දෙවන අදියරේ මාස හයක් නිමවූ පසු ද විභාගයක් පැවැත්වෙයි. ඉන් ලද ප්‍රතිඵලවලින් පසුව රැකියා පුහුණුවීම සඳහා සිසුන් යොමුකිරීම සිදුකෙරෙයි. මෙම පුහුණු කාලය ද නිමවූ පසුව ජාතික ඩිප්ලෝමා NVQ 5 මට්ටම ලබාදීම සිදු කරයි. NVQ 5 මට්ටම ඩිප්ලෝමාව සහිත සිසුන්ට දේශීය හෝ විදේශීය රැකියාවන් සඳහා යොමුවීම හෝ එම ක්ෂේත්‍රය තුළ වැඩිදුර අධ්‍යයන කටයුතු සිදුකිරීමට ද අවස්ථාව හිමිවෙයි. අදාළ ක්ෂේත්‍රයන්වලට ශ්‍රී ලංකාව තුළ මෙන් ම විදේශීය රටවල ද පුළුල් රැකියා වෙළෙඳ පොළක් පවතී.

    NVQ5 මට්ටමේ මෝටර් රථ තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ සිසුන් මෝටර් රථ කර්මාන්තය, ප්‍රවාහන කර්මාන්තය, එහි අධ්‍යයන අංශයන් හා වෙනත් ඒ ආශ්‍රිත ව්‍යවසායකයින් බවට පත්ව වෘත්තීය මාවත සාර්ථක කරගැනීමේ හැකියාව පවතියි. ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 5 වන මට්ටම ලබාගන්නා ප්ලාස්ටික් හා හයිඩොලික් තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සමත් සිසුන්ට ඉදිකිරීම් කර්මාන්තය, කර්මාන්ත නිෂ්පාදන කර්මාන්තය, ප්ලාස්ටික් කර්මාන්තයේ හෝ ප්ලාස්ටික් කාර්මිකයින්ගේ ආහාර හා බීම කර්මාන්තයේ ස්වයංක්‍රීය තාක්ෂණික ශිල්පීන්, හයිඩ්රොලික් සහ ප්ලැටිනර් කාර්මිකයින් ලෙස සේවය කිරීමේ හැකියාව පවතින්නේ ය.

    CNC පාඨමාලාව නිමවූවන්ට ද, තාක්ෂණ ක්ෂේත්‍රයේ CNC වැඩසටහන්කරු, CAD සැලසුම්කරු, CAM වැඩසටහන්කරු සහ වැඩමුළු සුපරීක්ෂක (CNC) රැකියා සපයයි. ස්වයංක්‍රීය රොබෝ තාක්ෂණ ක්ෂේත්‍රය තුළද, ක්‍රියාවලි මෙවලම් නිර්මාණකරු, නිෂ්පාදන යන්ත්‍ර රේඛා සුපරීක්ෂඛ සහ රොබෝ තාක්ෂණික රැකියා වායුසමීකරණ යන්ත්‍ර නඩත්තු කළමනාකරුවන්, අඩවි සුපරීක්ෂකවරුන්, HVAC සුපරීක්ෂකවරුන් සේම ව්‍යවසායකයන් ලෙස ද කටයුතු කිරීමේ හැකියාව ඇත. ඉලෙක්ට්‍රොනික තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉංජිනේරුවන්, ඉලෙක්ට්‍රොනික් පද්ධති විශ්ලේෂකයින්, විකාශන ඉංජිනේරු, ඉලෙක්ට්‍රොනික විකුණුම් ඉංජිනේරු වැනි රැකියා ඇත. විදුලි තාක්ෂණ ක්ෂේත්‍රය තුළ ද විදුලි ඉංජිනේරුවන්, විදුලි සුපරීක්ෂකවරුන්, ඒ අධ්‍යයන අංශවලට යොමුවීම මෙන්ම ව්‍යවසායකයින් බවට ද කටයුතු කළ හැකි ය. Pneumatic and Hydraulic Technology හැද‍ෑරූ සිසුන්ට ඉහළම වැටුප් සහිත රැකියා ක්ෂේත්‍රයන් විවෘතව පවතින්නේ ය.

    සිසුන්ට අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය බොහෝ පහසුකම් සැලසීමට පුහුණු මධ්‍යස්ථානය කටයුතු කරයි. දේශන ශාලා, සම්මන්ත්‍රණ ශාලාව, ශ්‍රවණාගාරයක්, පුස්තකාලය, ආපනශාලාව, නවීන මුළුතැන්ගෙයි, නවාතැන් හා තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක් ද ඒ තුළ පවතින්නේ ය. කොරියානු ටෙක් ආයතනයේ කළමනාකාරිත්ව අධ්‍යාපනික පහසුකම් දියුණු කිරීම සඳහා පිළිගත්, ඉහළ ඵලදායි වෘත්තීය පුහුණු ආයතනයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා අංග සම්පූර්ණ සැලැස්මක් මේ වනවිටත් සකස් කර හමාරය.

    කර්මාන්ත සම්බන්ධතා ඒකකය හරහා කර්මාන්තය වැඩිදියුණු කිරීම සහ එක් එක් අධ්‍යයන වැඩසටහන සඳහා කාර්මික හවුල්කරුවන් ලෙස කටයුතු කිරීමටත්, ඒ සඳහා අවශ්‍යය වන්නා වූ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමටත් අපේක්ෂිතය. මේ පිළිබඳව වැඩි විස්තර 0117270270 දුරකථනය මඟින් දැනගත හැකි ය. මේ පාඨමාලා සඳහා දැනට ඉල්ලුම් පත්‍ර කැඳවා ඇත. ඉල්ලුම්කළ යුතු අවසන් දිනය පෙබරවාරි 28 බව දන්වා සිටී. පාඨමාලා සමතුන්ට ජගත් මට්ටමේ වෘත්තීය පුහුණු සහතිකයක් පිරිනැමේ.

    වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය මගින් මේ කොරියානු තාක්ෂණික පුහුණු ආයතනය මඟින් කරන්නට අපේක්ෂිත සමාජ සත්ක්‍රියාව ඉතා වැදගත් ය. මන්ද යත් අද අපේ තරුණ පිරිස විවිධ මත්ද්‍රව්‍ය හා සමාජ ජාලාවල අධික ලෙස ඇලී ගැලී සිටීමත් අවම කර ගැනීමට මෙවැනි මනා සර්ව සම්ප‍ූර්ණ තාක්ෂණික පුහුණුවක් මඟින් අවස්ථාව තිබීමයි.

    මේ උත්සාහය වනාහි එම තරුණ තරුණියන්ගේ පෞද්ගලික අභිවෘද්ධිය පමණක් නොවන බවත් මෙය රටේ ම සමෘද්ධියක් ඇති කරන වැඩපිළිවෙළක් බවත් කිවයුතු ය.


    - http://www.silumina.lk/2019/02/23/ව...ැකියා-පුහුණුවට-අපේ-තරුණයන්ට-ඇරෙන-අලුත්-දොරටුව
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    මොනරාගල ,වැදිකුඹුර ‍‍මො/විද්‍යාලෝක ප්‍රාථමික විදුහලේ ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ ඉදිකල කියවිම් කාමරය ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයේන් සිසු අයිතියට පත් කල අවස්ථාව

    53243756_1393168824159002_4219298343135739904_n.jpg

    52508016_1393168660825685_3840858664332165120_n.jpg


    - https://www.facebook.com/RanjithmaddumabandaraOfficial/posts/1393170527492165
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    මොනරාගල ‍‍මො/තෙනගල්ලන්ද මහා විදුහලේ ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ ඉදිකල කියවිම් කාමරය ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයේන් සිසු අයිතියට පත් කල අවස්ථාව

    52692379_1393171567492061_2106044132785913856_n.jpg

    52854506_1393171370825414_1006830004509605888_n.jpg


    - https://www.facebook.com/RanjithmaddumabandaraOfficial/posts/1393172434158641