සංවර්ධන News

KDH

Well-known member
  • Jul 4, 2014
    18,352
    8,488
    113
    රූකඩ රාජ්ජේ
    54525932-1461435030659314-3947095934529175552-n.jpg

    :angry::angry::angry::angry:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,488
    113
    රූකඩ රාජ්ජේ


    monson උබේ සංවර්ධන මුඩ්ඩ පුකේ ගහගනින්...රට කන වේස හැතිකරේට කඩේ යන පොන්න ගොන් නාම්බා

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,488
    113
    රූකඩ රාජ්ජේ


    පැය 24 කරන්ට් එක දෙන්න බෑ එක දිගට ...සංවර්ධනය කරන්නේ තොගේ අම්මගේ අහවල් එක වෙන්න ඇති කරන්ට් නැති වෙලාවට..

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113


    පැය 24 කරන්ට් එක දෙන්න බෑ එක දිගට ...සංවර්ධනය කරන්නේ තොගේ අම්මගේ අහවල් එක වෙන්න ඇති කරන්ට් නැති වෙලාවට..


    :lol::lol::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,928
    4,581
    113


    පැය 24 කරන්ට් එක දෙන්න බෑ එක දිගට ...සංවර්ධනය කරන්නේ තොගේ අම්මගේ අහවල් එක වෙන්න ඇති කරන්ට් නැති වෙලාවට..


    current nathi walawata monsontai,uge ammatay adayam wadi athi
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    March 22, 2019 (LBO) – Former Governor of the Central Bank of Sri Lanka (CBSL) during the Mahinda Rajapaksa administration, Ajith Nivard Cabraal, has come out with criticisms of the pricing and interest rates on debt that came out of the recent sovereign bond offering.

    His contention that somehow the interest rates were abnormally high is a factual distortion and undermines officials at the Central Bank of Sri Lanka who helped to conduct a successful large scale sovereign bond offering after a period of unprecedented political turmoil.

    Sri Lanka’s 52 day constitutional crisis, caused by Cabraal’s political allies, resulted in hundreds of millions of dollars fleeing the capital markets as well as a debt rating downgrade. During the crisis it became evident that Sri Lanka would likely be unable to tap the sovereign bond market in order to refinance large amounts of debt coming due in 2019, much of which was likely taken on during Cabraal’s tenure as Central Bank Governor.

    Sri Lanka was on the verge of a financial collapse, but despite this, officials at the Central Bank were able to hold the line. It was those central bankers who can be credited for saving the Sri Lankan economy from total collapse. They should be commended by the CBSL’s former governor instead of discredited by him.

    The interest rates on Sri Lanka’s recent sovereign bond were dictated by international market conditions. The rates and the quantum achieved would be termed a resounding success by any independent observer who understands the capital markets.

    Sri Lanka raised $2.4 billion dollars which has put a strong backstop under the economy and the currency. The Sri Lanka rupee is stable, and financial conditions are improving. The former CBSL Governor can play politics and slice and dice the numbers any way he likes, but the truth doesn’t lie.

    Governor Indrajit Coomaraswamy and the officials of the Central Bank of Sri Lanka have pulled us back from the brink of monetary chaos. A sincere thanks is owed for their efforts.


    http://www.lankabusinessonline.com/opinion-cabraals-criticism-of-2-4bn-sovereign-bond-offering-undermines-cbsl/
     
    • Like
    Reactions: Smartm

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Sri Lanka GDP grows 3.2-pct in 2018
    Author LBO
    Posted on March 21, 2019 | Agriculture, Economy, Featured, Other

    Mar 21, 2019 (LBO) – The Department of Census and Statistics (DCS) releasing the estimated Gross Domestic Product (GDP) data said the islands economic growth rate for the year of 20 18 has been estimated as 3.2 percent.

    The GDP for Sri Lanka for the year of 20 18 (January to December) at constant (2010) price has reached up to 9,644,728 million rupees while GDP value reported for the year of 2017 was 9,344,839 million rupees.

    The four major components of the economy; agriculture, industry, services and taxes less subsidies on products have contributed their share to the GDP at current price by 7.9 percent, 27.0 percent, 56.8 percent and 8.3 percent respectively for the year 2018.

    During the year of 2018, agricultural activities expanded favorably by 4.8 percent compared to the contraction of 0.4 percent reported in the year of 2017.

    The Industrial activities recorded slight positive expansion by 0.9 percent and Service activities reported 4.7 percent of outstanding growth during the year of 2018, compared to the year of 20 17.

    The DCS revealed that the GOP at constant price for the 4th quarter of 2018 has been estimated as 2,680,362 million rupees registering 1.8 percent of growth rate compared to the 4th quarter of 2017.

    During the 4th quarter of 2018, the Agricultural activities have reported 4.5 percent of substantial expansion and
    services activities have recorded remarkable positive growth rate of 4.3 percent.

    However during the last quarter of 2018, the industrial activities have reported a negative growth rate of 3.6 percent.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ජනාධිපතිවරණ තරග බිමට එනවා යැයි කී නාගානන්ද කොඩිතුවක්කු ගැන මේ කරුණු දැන සිටියා ද?
    මිනිත්තු 23 පෙර
    මෙය බෙදාගන්න Facebook මෙය බෙදාගන්න Messenger මෙය බෙදාගන්න Twitter මෙය බෙදාගන්න ඊමේල් යවන්න
    විල්පත්තුව ආසන්නයේ සිදු වෙතැයි පැවසෙන වන විනාශය ගැන මෙන් ම වෙනත් වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වී සිටින නාගානන්ද කොඩිතුවක්කු පිළිබඳ පසුගිය දිනවල සමාජ ජාල ඔස්සේ අවධානය යොමු විය.

    ඒ, නීතිඥ ධූරයේ කටයුතු කිරීම වසර තුනකට අත්හිටුවමින් ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් නිකුත් කිරීමත් සමගය.

    නීතිඥ ධූරයේ කටයුතු කිරීම අත්හිටුවා තිබුණ ද තමන් අධිකරණයට ඉදිරිපත් කළ නඩු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා තවදුරටත් කටයුතු කරන බව නාගානන්ද කොඩිතුවක්කු පවසයි.

    බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එකී අධිකරණ තීන්දුව මගින් අදාළ නඩු විභාගවලට කිසිදු බාධාවක් එල්ල නොවන බවය.

    ජනරජ ව්‍යවස්ථාව අනුව රටේ ඕනෑ ම පුරවැසියෙකුට තමන්ගේ නඩුවකට පෙනී සිටිය හැකි අතර එම අයිතිය ක්‍රියාත්මක කරමින් තමන් ඉදිරිටත් පෞද්ගලිකව ම නඩුවලට පෙනී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල වශයෙන් කතා බහට ලක් වන විල්පත්තුව සහ වෙනත් වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයට ගොනු කර ඇති නඩු පිළිබඳව බීබීසී සිංහල සේවය මීට ඉහතදී පළ කළ ලිපියට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් ප්‍රතිචාර ලැබිණි.

    නාගානන්ද කොඩිතුවක්කු පවරා ඇති නඩු
    විල්පත්තුව සහ සිංහරාජය: ඡායාරූපයක නිවැරදිභාවය හඳුනා ගන්නේ කෙසේ ද?
    එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කර තිබෙන ඔහු පිළිබඳ වැඩිදුර තොරතුරු විමසා බලෙන මෙම ලිපිය සැකසුණේ ඒ අනුවය.

    අධ්‍යාපනය සහ රැකියාව
    Image caption
    නාගානන්ද කොඩිතුවක්කු සිය බිරිඳ සමග
    1954 ජූලි 31 වන දින රත්නපුර නගරය ආසන්නයේ පිහිටි බටුගෙදර ප්‍රදේශයේ උපන් නාගානන්ද කොඩිතුවක්කු දරුවන් එකළොස් දෙනෙකුගෙන් සමන්විත පවුලක දස වන දරුවාය. ඔහුගේ පියා ලිපිකරුවෙකු වශයෙන් සේවය කර ඇති අතර මව ගෘහණියකි. රත්නපුර සීවලී මහා විද්‍යාලය, සුමන විද්‍යාලය සහ සීවලී මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ නාගානන්ද කොඩිතුවක්කු වාණිජ අංශයෙන් උසස් පෙළ හදෑරීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී තිබේ.

    1978 වසරේදී රේගු නිලධාරියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ බව කී නාගානන්ද, බදු වංචනිකයන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා ආරම්භයේ සිට ම තමන් ක්‍රියා කළ බව පැවසීය.

    ඔහු පවසන පරිදි:

    රෙදිපිළි අපනයනය කරන බවට ව්‍යාජ වාර්තා ඉදිරිපත් කරමින් රුපියල් මිලියන 876ක බදු වංචාවක් කළ සමාගමක් පිළිබඳව ඔහු කළ විමර්ශනවලින් අනතුරුව එම සමාගම වසා දැමීමට සිදුව තිබේ.

    නාගානන්ද වැඩිදුරටත් කියා සිටියේ අදාළ විමර්ශනයෙන් අනතුරුව රේගුවේ සියලු විමර්ශන කටයුතුවලින් ඉවත් කෙරුණු තමන්ට විවිධ තර්ජන ද එල්ල වූ බවය.

    නාගානන්ද අල්ලස් දැලේ
    Image copyrightGETTY IMAGES
    1986 පෙබරවාරි 13 වන දා අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බව ඔහු පවසයි. එවක කුප්‍රකට පාතාල නායකයෙකුගේ ගෝලයෙකු බන්ධනාගාරය තුළදී සිය ජීවිතයට තර්ජනයක් එල්ල කළ හැකි බවට ලද තොරතුරු අනුව ජීවිතාරක්ෂාව වෙනුවෙන් තමන්ව වෙන ම රඳවා තබන්නට බන්ධනාගාර නිලධාරීන්ට සිදු වූ බව නාගානන්ද සිහිපත් කරයි.

    එහිදී ඔහුගේ නවාතැන බවට පත්ව ඇත්තේ, මරණීය දණ්ඩනය නියම වූවන්ගේ සිර කුටියකි. අල්ලස් චෝදනාවට ඇප ලබා පැමිණි තමන් වැඩතහනමට ලක්වූ කාලයෙන් ප්‍රයෝජනයක් ගැනීම සඳහා නීතී විද්‍යාලයට ඇතුළත් වූ බව ඔහු පැවසීය. එහෙත් වැඩි දවසක් ඔහුට නීතී විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නට නොහැකි වී ඇත්තේ අල්ලස් නඩුවක චූදිතයෙකු වන බැවින් ශිෂ්‍යභාවය අහෝසි කරන්නැයි ප්‍රතිවාදීන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීම හේතුවෙනි. ඒ අනුව නාගානන්දගේ ශිෂ්‍යභාවය වසර දහයකට අත්හිටුවා තිබිණි.

    1991 වසරේදී අදාළ අල්ලස් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර නාගානන්ද කොඩිතුවක්කු අල්ලස් ලබා ගැනීමේ චෝදනාවෙන් නිදහස් කෙරිණි. ඒ සමග ඔහුට වසර පහකට යළි රේගුවේ රැකියාව ලැබුණේ විමර්ශන අංශයේ ප්‍රධානියා ලෙස උසස්වීමක් ද සමගිනි. ජීවිත තර්ජන හේතුවෙන් තමන්ගේ පරිහරණය සඳහා ගිනි අවියක් නිකුත් කර තිබූ බව කී නාගානන්ද එවක ගිනි අවියක් ලබා දී තිබූ එක ම රේගු නිලධාරියා තමන් බව කියා සිටී.

    බදු වංචා කළ ක්‍රිකට් තරු
    2001 වසරේදී ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් තරු දෙකක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු සිදු කළ බදු වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනය කර ඔවුන්ට රුපියල් මිලියන හතරකට අධික දඩයක් පැනවීමත් සමග යළිත් තමන්ට මරණ තර්ජන එල්ල වූ බව නාගානන්ද පවසයි. රේගු නිලධාරී සුජිත් ප්‍රසන්න ද 2001දී වෙඩි තබා ඝාතනයට කිරීමත් සමග ම නාගනන්ද ජීවිතාරක්ෂාව සඳහා සිය බිරිඳ සහ දරුවන් සමග එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත්තේ, 2001 සැප්තැම්බර් 21 වන දාය.

    එංගලන්තයේ ජීවිතය
    Image caption
    නාගානන්ද කොඩිතුවක්කු සිය සුරතලුන් සමග
    ඔහු පවසන පරිදි එවක ඔහුගේ දියණියගේ වයස මාස දෙකකි. එම දියණිය සහ පුතුන් දෙදෙනා අදටත් එංගලන්තයේ ජීවත් වෙති. ඔවුන්ට යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ අදහසක් නැති බව නාගානන්ද පවසයි. ඒ ගැන කණස්සල්ල පළ කරන නාගානන්ද පෙන්වා දෙන පරිදි සිය දරුවන් මව්බිමෙන් ඈත් කරනු ලැබ ඇත්තේ දූෂිත සමාජ ක්‍රමය විසිනි. එංගලන්තයේ ජීවත් වූ කාලයේදී සොලිසිටර් විභාගය සමත්ව නීතිඥයෙකු ලෙස ක්‍රියා කළ තමන් පසු කාලයේදී ශ්‍රී ලංකාවේ ද නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන් බව නාගානන්ද පැවසීය.

    යළි ශ්‍රී ලංකාවට
    2009 වසරේදී යළි ශ්‍රී ලංකාවට පැමිණි තමන් යළි දූෂණ විරෝධී සටන ආරම්භ කළ බව සඳහන් කරයි. ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමේ අදහසක් ඇතිව සිටින බැවින් යෝජිත ව්‍යවස්ථාව, බලය බෙදීම, අපරාධකරුවන්ට දඬුවම් ලබා දීම, සංහිඳියාව ගොඩනැගීම සහ ආර්ථීක, විදේශ ප්‍රතිපත්තිය ගැන ද බීබීසී සිංහල සේවය ඔහුගෙන් අදහස් විමසුවේය.

    BBC සිංහල ෆේස්බුක් පිටුවට පිවිසෙන්න
    ජනාධිපතිවරණ පොරොන්දු
    රට ගොඩ ගැනීම සඳහා තමන් ජනතාවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය නීතිය හමුවේ ප්‍රශ්න කළ හැකි ගිවිසුමක් වනු ඇතැයි නාගානන්ද පවසයි. ඒ තුළ තමන් යෝජනා කරන නව ව්‍යවස්ථාව ගැන ද තොරතුරු එක් කිරීමට අපේක්ෂා කරන නාගානන්ද කොඩිතුවක්කු සිය යෝජිත ව්‍යවස්ථාව ගැන ජනතාව දැනුවත් කිරීම දැනටමත් ආරම්භ කර තිබේ.

    නාගානන්ද කොඩිතුවක්කු පවසන පරිදි ඔහුගේ යෝජිත ව්‍යවස්ථාවේ ඇතුළත් මූලික කරුණු:

    මහජනතාව අනුමත කළ ව්‍යවස්ථාවට ජයග්‍රහණයෙන් පසු තමා අත්සන් කිරීමත් සමග විධායක ජනාධිපති ධූරය අහෝසි වන අතර ඒ මොහොතේ සිට අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කිරීම.
    පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 125කට සීමා කෙරේ.
    ඇමතිවරු ගණන 15කි.
    තීරුබදු සහිත වාහන බලපත්‍ර ක්‍රමය සම්පූර්ණයෙන් ම අහෝසි කෙරේ. (මන්ත්‍රීවරුන්ට පමණක් නොවේ)
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අතීතයට බලපාන ලෙස අහෝසි කෙරේ.
    පාර්ලිමේන්තුව නියෝජනය කළ හැකි උපරිම වාර ගණන දෙකකි.
    මහජන දේපොළ කොල්ල කෑ පුද්ගලයන්ට ඒවා නැවත භාර දීමට දින 30ක පොදු සමා කාලයක් ලබා දේ. දින 30 ඉක්මවූ පසු වරදකරුවන්ට දඬුවම් ලබා දෙනු ඇත.
    පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුව ද ව්‍යවස්ථාවට පටහැනි නීති අහෝසි කිරීමට අධිකරණයට විශේෂ බලතල.
    පළාත් සභා ක්‍රමය අහෝසි කෙරේ.
    තේසවලාමේ නීතිය, මුස්ලිම් නීතිය හා උඩරට නීතිය අහෝසි කෙරෙන අතර එක රටක් තුළ එක නීතියක් බලාත්මක වනු ඇත.
    උප්පැන්න සහතිකයට ජාතිය ඇතුළත් කිරීම ඉවත් කෙරේ.
    යුද ජයග්‍රහණ සැමරුම් අවලංගු කිරීම
    යුද්ධයකදී තම රටේ ම වැසියන් මිය යාම රජයකට ජයග්‍රහණයක් ලෙස සැමරිය නොහැකි බව පවසන නාගානන්ද කොඩිතුවක්කු එය අමතක කළ යුතු අඳුරු මතකයක් බැවින් යුද ජයග්‍රහණ යැයි හඳුන්වා ගාලු මුවදොර සැමරුම් උත්සව පැවැත්වීම අනුමත නොකරන බව සඳහන් කරයි.

    සබැඳි

    https://www.bbc.com/sinhala/sri-lanka-47696400?ocid=socialflow_facebook&fbclid=IwAR0yaJsNGsdZW-ImXO7tLGD1csgm4p94jFrtdm_91hyts0-sm0LmrWyK_dA
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කුප්පි ලාම්පුව සුදානම් කර ගන්න
    2018 සිට නොනවතින විදුලි කැපුම හා
    අධික මිල වැඩි කිරීම දැන් ස්‌ථිරයි

    54519918_2398356823529458_5075228507106181120_n.jpg



    ආචාර්ය තිලක්‌ සියඹලාපිටිය

    (2016 දි පලවු ලිපියකි)

    අද රටේ විදුලි ඒකකයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 17 යි. 2013 මැයි මාසයට පසු ඔබගේ විදුලි බිල වැඩි වූයේ නැහැ නේද? එය 2014 අගදී 25% කින් අඩුවුනා නේද? එයට හේතුව රුපියල් 22 ට විදුලිය නිපදවන ඩීසල් බලාගාර වෙන්න බැහැනේ. රුපියල් 20 ට දරවලින්, සුළං බලයෙන් නිපදවන විදුලිය වෙන්නත් බැහැනේ. මෑතදී දියත් කළ සූර්ය බල සංග්‍රාමයෙන් රු 22 ට නිපදවන විදුලිය වෙන්නත් බැහැ නේද? අද රටේ විදුලි ඒකකයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 17 යි. විදුලිය නිපදවන බෙදාහරින ආයතන විදුලිබල මණ්‌ඩලය හා විදුලි සමාගම දැන් රජයට බරක්‌ නැහැනේද? ඒ ආයතන යක්‍ෂයින් රාක්‍ෂයින් හැටියට ඒ කාලේ වගේ අමුණුගම ඇමැති දැන් හඳුන්වන්නේ නැහැ නේ? ඉතින් රහස කොහේද? රට පුරාම මාස හතරකින් වැසි නැත. නමුත් විදුලිය කැපුමක්‌ නැත. ඉස්‌සර නම් මේ වෙනකොට නැති වැස්‌සට බැනලා විදුලිය කපලා. නැතහොත් ඩීසල් බලාගාර කුලියට අරන් ඩීසල් වලට අති වීශාල මුදල් ගෙවා ආර්ථිකයටත් හානි කරගෙන, මුදල් ඉවර වූ තැන විදුලියත් කපලා. ඉතින් රහස කොහෙද? ඒක තියෙන්නෙ නොරොච්චෝලෙ. ඉතින් මෙම තත්ත්වය දිගටම පවතීද?

    විදුලි ක්‍ෂෙත්‍රය විනාශ කිරීමේ
    අට වැදෑරුම් වැඩපිළිවෙළ

    රජය දැන් නැවතත් පරණ පුරුද්ද අනුව 20 අවුරුදු විදුලිබල සැලසුම් වෙනස්‌ කර විදුලි ක්‍ෂෙත්‍රය නැවතත් වළපල්ලට යෑවීමේ වැඩ අරඹා ඇත. ඉස්‌සරටත් වඩා ඇඟිලි ගැසීමේ ක්‍රමවේද ගැන අත්දැකීම් වැඩිය. බලාගාර අහෝසි කිරීමේ ක්‍රමය හොඳින් හදාරා ඇත. පරිසර සංවිධානයක්‌ විරුද්ධ වුණොත් හොඳය. පෙළපාලි ගියොත් වඩාත් හොඳය. එවිට බලාගාර අහෝසි කිරීම ඔවුන් පිටින් යෑවිය හැක. ඔවුනුත් ඉතා සතුටු ව තම ජයග්‍රහණය තම විදේශ ප්‍රධාන කාර්යාලවලට වාර්තා කරනු ඇත. විරුද්ධ පක්‍ෂයත් බලාගාරයට එරෙහි වුණොත් හොඳය. ආගමික සංවිධානත් හවුල් වුණොත් වැඩේ තවත් පහසුයි.

    සාම්පූර් අහෝසි කළේ පරිසරයට ඇති අතිශය ආදරය නිසා යෑයි සමහරු හිතනවා ඇති. තම දේශපාලන ඉල්ලීමට ඇහුම්කන් දෙන රජය ඉතා හොඳයි කියා ඒ ඒ දෙAශපාලන පක්‍ෂ හිතනවා ඇති. ඇත්ත හේතුව, ඩීසල් බලාගාර හදන විට. ඩීසල් බිල විදුලි බිලට වදින විට ළඟදීම බලාගන්න පුළුවන් වනු ඇත. මුලින්ම, විදුලි බිල වැඩිකරන්න කිසිසේත් ඉඩ නොදෙන බව විදුලිබල ඇමැති පවසනු ඇත. වියදම දරුණු වෙන විට මුදල් අමාත්‍යාංශය ඩීසල් බිල ගෙවන්න බැහැ කියනු ඇත. මහජන උපයෝගිතා කොමිසම බිල වැඩි කරනු ඇත. බලාගාර අහෝසි කළ අය, අර කමිටු මේ කමිටු කරබාගෙන සිටිනු ඇත.

    1992-1994 හා 2001-2004 අතර විදුලි බලාගාර ව්‍යාපෘති අවුල් කළ රජයේ එම පිරිසම දැන් නැවතත් වැඩ අරඹා ඇත. 1996-2000 අතර විදුලි ක්‍ෂෙත්‍රය විනාශ කළේ වෙනත් පිරිසකි. ඒ අනුව මේ රඟන්නේ 1992 සිට වරින් වර විදුලි ක්‍ෂෙත්‍රය විනාශ කරන නාටක පෙළේ හතරවැනි නාටකයයි. එක්‌ නාටකයකට ජවනිකා අටකි. දැන් පෙන්වන්නේ විනාශකාරි හතරවැනි නාටකයේ හතරවැනි ජවනිකාවයි.

    පළමුවන ජවනිකාව
    (2015 නොවැම්බර් මස රඟදක්‌වන ලදී)

    විදුලි ඉංජිනේරුවන් ආර්ථික විශේෂඥයින් පිළියෙල කළ විසි අවුරුදු සැළසුම වැරදියි කියා ඊට අපහාස කර, පිටු සිය ගණනක සැලසුම් පොත විසිකර දැමීම. ක්‍රමානුකූල සැලැස්‌මක්‌, රටට අවශ්‍ය බලාගාර එකින් එක විදුලි ඉංජිනේරු විද්‍යානුකූලව විශ්ලේෂණය කර, ලේඛන ගතකර, ඒ සැලසුම දෙවසරකට වරක්‌ යවත්කාලීන කර විදුලිබල පනතට අනුව සකසා තිබීම, විදුලි ක්‍ෂෙත්‍රය විනාශ කිරීමේ යෙදී සිටින මේ රාජකීය කණ්‌ඩායමට මහත් හිසරදයකි.

    දෙවන ජවනිකාව
    (2015 දෙසැම්බර් සිට අද වන තෙක්‌)

    විශේෂඥයින් පිළියෙල කළ සැළසුම් වාර්තාවල නිර්දේශිත බලාගාරවලට මෙන්ම ඒ වන විටත් ඉදිවෙමින් ඇති බලාගාරවලට වඩා, වෙනත් බලාගාර, ඉන්ධන හා තාක්‍ෂණ විදුලිය නිපදවීමට සුදුසු බව විදුලිබල අමාත්‍යංශයෙන් නොව වෙනත් අමාත්‍යංශවලින් හා කමිටුවලින් නිවේදනය කිරීම. කිසි දිනක විදුලි පද්ධතියක්‌ සැලසුම් නොකළ, පද්ධතියක්‌ පාලනය කරන්නේ කෙසේද වත් නොදන්නා, අයගෙන් පමණක්‌ සමන්විත විවිධ කමිටු පත් කර වටිනා කාලය අපතේ හැරීම. විදුලි ඉංජිනේරු කියා වෘත්තියක්‌ අවශ්‍ය නැත. රටේ බදු මුදලින් ඉංජිනේරුවන් බිහිකළ යුතු නැත.

    තුන්වැනි ජවනිකාව
    (2016 මැයි සිට අගෝස්‌තු දක්‌වා)

    ඉදිවෙමින් ඇති සියලු බලාගාර ජනාධිපති සහායද ලබාගෙන අහෝසි කිරීම (සාම්පූර් බලාගාර දෙකම මේ වන විට නවතා දමා ඇත, සුළං බලාගාර ඉදිකිරීමද අහෝසි කිරීමට උපරිම උත්සාහයක යෙදේ, රට සවාරි ගිය විට ඒ වහළ උඩ පෙනෙන සූර්ය බල කට්‌ටලවලින් ඒ රටේ මුළු විදුලි සැපයුම ලබාගන්නා බව සිතති). පෙර පුරුදු පරිදිම සාම්පූර් බලාගාරය අහෝසි කළේ ඉරිදා දිනකයි. අහෝසි කිරීමට සඳුදා තෙක්‌වත් ඉවසන්න අමාරුය. විදුලි ඉල්ලුම වේගයෙන් ඉහළ යයි, වසරකට මෙගවොට්‌ 200 ක්‌ පමණ අලුතින් ඉදිකළ යුතුය. අවසාන වරට විදුලි බලාගාරයක්‌ පද්ධතියට එකතු කළේ 2014 දී. එය නොරොච්චෝල අංක 3 ජනක යන්ත්‍රයයි. එය මෙගවොට්‌ 300 යි. කිසිම විශාල විදුලි බලාගාරයක්‌ මේ වන විට ඉදිවෙමින් පවතින්නේ නැත. ඉදිවෙමින් තිබූ, පරිසර අනුමැතිය ලබා ඉදිකිරීම ඇරඹීමට ඔන්න මෙන්න කියා, සැලසුම් නිමවෙමින් තිබු බලාගාර සියල්ලම 2015 ජනවාරියේ සිට මේ දක්‌වා රජය මැදහත් වී අහෝසි කර ඇත. ඉදිකිරීමට නිර්මාණ කෙරෙමින් හෝ නැත. ඉදිකිරීමට භූමියක්‌ හෝ නැත. ආයෝජනයක්‌ නැත.

    හතරවැනි ජවනිකාව
    (2016 මැයි සිට)

    විවිධ බලාගාර සඳහා ආයෝජන මණ්‌ඩලයට යෝජනා ලැ‚ ඇති බවට පුවත්පත් පුරා ප්‍රවෘත්ති පළ කිරීම. ගෑස්‌ බලාගාර හතරකටම යෝජනා ලැබී ඇති බව ආයෝජන මණ්‌ඩලය පුවත්පත්වලට කියයි. ඒ හතරම හදනවාලු. හරියට ඇඟලුම් කම්හල් හදනවා වගේ. 1997 දීත් එකල සිටි විනාශකාරිහු එසේ පැවසූහ. දැන් නමුත් නීතිය වෙනස්‌. තරගකාරි මිල ගණන් කැඳවිය යුතුමයි. කියා 2009 විදුලිබල පනත කියයි.

    පස්‌වැනි ජවනිකාව
    (මේ දිනවල රඟදැක්‌වේ)

    සූර්ය බලාගාර හා සුළං බලාගාරවලින් පුද්ගලික අංශය නිපදවන විදුලිය ඩීසල් බලාගාරවලටත් වඩා වැඩි රුපියල් 22 කට මිලට ගෙන, සූර්ය සංග්‍රාමයෙන් ගෙදරකින් රුපියල් 22 ට ගෙන එම ගෙදරටම රුපියල් 2.50 ට විකුණන ලෙස නියෝග කිරීම. විදුලිය සපයන ආයතන මූල්‍යමය වශයෙන් දුර්වල කළ විට වැඩේ තවත් පහසුය. පාඩු ලබනවා කියා බණින්න පුළුවන. අමුණුගම ඇමැතිට ළඟදීම නැවත වැඩ අරඹන්න පුළුවන. වීදුලි ක්‍ෂෙත්‍රය නැවතත් රාක්‍ෂයකු බවට පත්වෙමින් සිටී.

    හයවැනි ජවනිකාව
    (තව ටික දිනකින් රඟ දැක්‌වේ, සියලු කටයුතු සූදානම්වෙමින් පවතී)

    ඩීසල් බලාගාර සඳහා මිලගණන් කැඳවීම (පාරිසරික සංවිධාන සතුටු කිරීමට, එහි zගෑස්‌Z කියා ලේබලයක්‌ අලවනු ඇත. එහෙත් එය ඩීසල් බලාගාරයක්‌ ම වෙයි. රටට තවම ගෑස්‌ නැත. මේ කියන්නේ ද්‍රවකළ ස්‌වාභාවික ගෑස්‌ ගැන, පෙට්‍රොaලියම් ගෑස්‌ හෙවත් ඛඡඨ නොවේ). ජනතාව සතුටු කිරීමට, ඩීසල් වියදම රජයෙන් කියා ද නිවේදනය කෙරෙනු ඇත. රජයේ භාණ්‌ඩාගාරයේ ඇත්තේ ජනතාවගේම මුදල් හෙම නොවේ. පරිසර සංවිධාන කරබාගෙන සිටිනු ඇත. ඩීසල් බලාගාර ගැන ඔවුනට කිසි ප්‍රශ්නයක්‌ නැත.

    හත්වැනි ජවනිකාව
    (2017 අවසානයේදී රඟ දැක්‌වීමට සූදානම්)

    ඩීසල් මිල අධිකයි, වියදම දරන්න ආර්ථිකයට අමාරුයි, ඒ කියන්නේ මුදල් ඇමැති. ඉතින් විදුලිය ටික වෙන්න කපමු. පසුගිය රජයට බණින්නත් බැරිය. තවත් නියඟයක්‌ 2017 දී ආවොත් හොඳ වෙලාව. ඊට දොස්‌ තබා රජයට ඇඟ බේරා ගත හැක. ඒත් දැන් පෙනෙන්නේ නියඟයක්‌ නැති වුණත් 2018 දී විදුලිය ටික වෙන්න නොව ගොඩක්‌ කපන්න සිදු වන බවයි. කෝ අර ආයෝජන මණ්‌ඩලය එනවයි කියපු ගෑස්‌? ආ ඒගොල්ල ආපහු ගිහින්.

    අටවන ජවනිකාව
    (2018 න් පසු)

    තාවකාලික ඩීසල් බලාගාර ස්‌ථිර බලාගාර බවට පත්වෙයි. ජනතාව ජීවිතාන්තය දක්‌වාම අගමැතිගේ නියෝග අනුව හැදූ ඩීසල් බිල් ගෙවති.

    ඉතින්, දුක්‌බර පණිවුඩය මෙයයි. ඉදිවෙමින් තිබූ සියලු බලාගාරත්, සැලසුම් සූදානම්ව තිබූ බලාගාරත්, රජය විසින් දැන් අහෝසි කර ඇත. ඒ විදුලි ඉංජිනේරු විද්‍යාවත් සැළසුම් ශිල්පයත්, විදුලි පද්ධති පාලනයත් ගැන පුහුණු නිලධාරීන්ට වඩා, රජය විදුලිබල අමාත්‍යංශයට පිටින් පිහිටුවා ඇති කමිටු විදුලි ක්‍ෂෙත්‍රය ගැන හොඳින් දන්නා නිසා විය යුතුයි.

    විදුලි ඉල්ලුම වේගයෙන් ඉහළට

    2016 මැයි දක්‌වා වාර්ෂික වර්ධන වේගය 10.5% කි. අගෝස්‌තු වන විට 9.5% අඩු වී දැන් නැවතත් 10.3% ට වැඩි වී ඇත. ඒ කියන්නේ සෑම වසරකම මෙගවොට්‌ 200 ක බලාගාරයක්‌ ඉදිවිය යුතුයි. නමුත් ඉදිවෙමින් ඇති බලාගාර ගණන බිංදුවයි. ඉදිකිරීමට සැලසුම් කරන බලාගාර ගණන බිංදුවයි. ඉදිකිරීමට මුදල් සොයාගෙන ඇති බලාගාර ගණන බිංදුවයි. අහෝසි කළ බලාගාර ගණන දෙකයි (මෙගවොට්‌ 1100 යි). ඒ කියන්නේ අවුරුද්දකට මෙගවොට්‌ 200 බැගින් අවුරුදු පහක විදුලි ඉල්ලුම වැඩිවීම පිරිමහන බලාගාර දෙකක්‌ තමයි අහෝසි කළේ.

    2018 ළංවන විට ඉටිපන්දම් හැකි තරම් එකතු කර ගන්න. පරණ භුමිතෙල් ලාම්පු එහෙම ඔය ගබඩා කාරමවල තියෙනවා නම්, සොයා බලන්න. පිරිසිදු කරන්න. චිමිනි හොයාගන්න. 2002 මැයි 15 දින, මාස 11 කට පසු අවසාන කළ විදුලි කැපුමට පසු නිහඬ කළ විදුලි ජනක යන්ත්‍රයක්‌ ගෙයි මුල්ලක දමා තිබෙයි නම්, තෙල් මාරුකර පිරිසිදු කර සූදානම් කරගන්න. ඒ සියල්ල විදුලිය කපා දමන වෙලාවට යොදන්න. විදුලිය තියෙන වෙලාවට ගන්නා විදුලියට විදුලි බිල හරහා අධික ඩීසල් බිලක්‌ ගෙවීමට අවශ්‍ය මුදල් මිටියකුත් සූදානම් කර ගන්න. අවාසනාවන්ත තත්ත්වයයි, ඔය කිව්වේ, දැන් විසඳුමක්‌ දෙන්න ප්‍රමාද වැඩියි. සියල්ල අවසානයි.

    2020 දී නව රජයක්‌ පත්වී හිටපු රජයට දොස්‌ තියයි. අලුත් කොමිටියක්‌ පත්කරයි. කොන්ත්‍රාත් ඉල්ලා මිතුරන්ගෙන් කරදරේ බේරෙන්න බැරිය. නාටකය නැවතත් පළමුවැනි ජවනිකාවෙන් පටන් ගනී. පාරිභෝගිකයා ලාබයි ලාබයි කියා ඩීසල් බිල් ගෙවයි.

    මේ ලිපියම දින වෙනස්‌ කර 2021 දී නැවත ලියමි.

    bp
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,488
    113
    රූකඩ රාජ්ජේ
    අවසන් කාලයේ පොනිල් ඇතුලු සමනළ රැළ සැරසෙන්නේ තවත් සුපිරි රංගනයකටද?

    තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්තශාලාවේ ආයෝජනයට එන සමාගම් ලියාපදිංචි වී තිබෙන කාල වකවානුද පුදුම සහගතය.


    UNP හෙළුව


     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    March 22, 2019 (LBO) – Former Governor of the Central Bank of Sri Lanka (CBSL) during the Mahinda Rajapaksa administration, Ajith Nivard Cabraal, has come out with criticisms of the pricing and interest rates on debt that came out of the recent sovereign bond offering.

    His contention that somehow the interest rates were abnormally high is a factual distortion and undermines officials at the Central Bank of Sri Lanka who helped to conduct a successful large scale sovereign bond offering after a period of unprecedented political turmoil.

    Sri Lanka’s 52 day constitutional crisis, caused by Cabraal’s political allies, resulted in hundreds of millions of dollars fleeing the capital markets as well as a debt rating downgrade. During the crisis it became evident that Sri Lanka would likely be unable to tap the sovereign bond market in order to refinance large amounts of debt coming due in 2019, much of which was likely taken on during Cabraal’s tenure as Central Bank Governor.

    Sri Lanka was on the verge of a financial collapse, but despite this, officials at the Central Bank were able to hold the line. It was those central bankers who can be credited for saving the Sri Lankan economy from total collapse. They should be commended by the CBSL’s former governor instead of discredited by him.

    The interest rates on Sri Lanka’s recent sovereign bond were dictated by international market conditions. The rates and the quantum achieved would be termed a resounding success by any independent observer who understands the capital markets.

    Sri Lanka raised $2.4 billion dollars which has put a strong backstop under the economy and the currency. The Sri Lanka rupee is stable, and financial conditions are improving. The former CBSL Governor can play politics and slice and dice the numbers any way he likes, but the truth doesn’t lie.

    Governor Indrajit Coomaraswamy and the officials of the Central Bank of Sri Lanka have pulled us back from the brink of monetary chaos. A sincere thanks is owed for their efforts.


    http://www.lankabusinessonline.com/...-4bn-sovereign-bond-offering-undermines-cbsl/




    Sri Lanka’s 52 day constitutional crisis, caused by Cabraal’s political allies, resulted in hundreds of millions of dollars fleeing the capital markets as well as a debt rating downgrade. During the crisis it became evident that Sri Lanka would likely be unable to tap the sovereign bond market in order to refinance large amounts of debt coming due in 2019, much of which was likely taken on during Cabraal’s tenure as Central Bank Governor. :yes::yes::yes:
     
    • Like
    Reactions: SadSandun

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විදුලි කප්පාදුව තවත් මාසයක්…


    COLOMBO (News 1st) : තවත් මසක් පමණ කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇතැයි විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

    එහි ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසුවේ, මේ මාසය අවසානය වන විට විකල්ප බලශක්ති හරහා පවතින අර්බුදයට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවයි.

    ඉදිරියේදී සම්පූර්ණයෙන් ම විදුලිය පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට තීරණය කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය.

    ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශයට පත් කර ඇති කාල රාමුවට අනුව ඊයේ සිට විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව දිවා කාලයේදී පැය 03ක් සහ රාත්‍රී කාලයේදී පැයක් වශයෙන් දිනකට පැය 04ක් විදුලිය කපා හැරීම සිදුවනු ඇති.

    මණ්ඩලය නිකුත් කර ඇති කාල රාමුව අනුව විදුලි කප්පාදුව සිදුවන්නේ, පෙරවරු 8.30ත් 11.30ත් අතර හෝ දහවල් 11.30ත් 2.30ත් අතර හෝ පස්වරු 2.30ත් 5.30ත් අතර පැය 03ක කාලයකි.

    රාත්‍රි කාලයේදී පස්වරු 6.30ත් – 9.30 ත් අතර පැයක කාලයක් විදුලිය කප්පාදුව සිදුකරනු ඇති.

    නිසි අවසරයකින් තොරව මෙම විදුලි කප්පාදුව සිදුවන බැවින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නියාමන අධිකාරිය වන මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ ය

    bp