සංවර්ධන NEWS!!

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,316
    8,307
    113
    M-Town
    පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පුත් වන නීතිඥ කවීන් ජයසේකර සිය පෙම්වතිය සමග බම්බලපිටිය ප්‍රදේශයේ මෝටර් රථයක කතබහ කරමින් සිටියදී පාපැදියකින් පැමිණි පුද්ගයකු මන්ත්‍රී පුතාගේ බෙල්ලට පිහියක් තබා තර්ජනය කර රුපියල් 1,60,000 වටිනා සුදු රත්තරන් මාලයක් සහ රුපියල් 3000ක් පැහැගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.

    සැකකරුගෙන් මුලින්ම මුදල් ඉල්ලා ඇති අතර මුදල් නොමැති බව පැවැසීමෙන් පසු ඉනේ ගසාගෙන තිබූ උල්පිිහියක් එළියට ඇද මන්ත්‍රී පුතාගේ ගෙලට තබා තර්ජනය කර ඇතැයි පොලිසිය පැවසුවා.

    අනතුරුව ඔහු මුදල් පසුම්බිය පැහැරගෙන එහි තිබූ සුදු රත්තරන් මාලය සහ මෝටර් රථයේ ඩෑෂ් බෝඩ් එක මත තිබූ රුපියල් 3000ක මුදලක් පැහැගෙන ගොස් තිබෙනවා.

    ආරක්ෂක කැමරා මඟින් කොල්ලකරුව හඳුනා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

    ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

    මෙම කොල්ලකරු මත්ලෝලියකු බවට පොලිසිය සැක කරනවා.
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    බීච් අයිනේ ඒහ‌ෙම ඉන්නේ කප්පම් කාරයෝ :lol: දානේ ග‌ෙවල් මල ග‌ෙවල් වලටත් ටිකට් ප්‍රින්ට් කරගෙන
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,073
    87,699
    113
    ආශ්චර්යමත් රටක
    මෝටර් රථයක කතබහ කරමින් සිටියදී

    මෝටර් රථයේ ඩෑෂ් බෝඩ් එක මත තිබූ රුපියල් 3000ක මුදලක්

    මූ තමයි කතාබහ කර කර ඉන්න කොළඹ තැනක් අහන එකා. 🫢