සංහිදියාවද? ඊලමද?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සංහිදියාවද? ඊලමද?

    උතුරේ සිදුවන්නේ කුමක්‌ද? මෙරට බහුතරය මේ සිදුවන ක්‍රියා නොදනී. උතුරු පළාත් සභාව මේ සතියේදී යෝජනාවක්‌ සම්මත කරමින් පලාලි ගුවන්තොටුපළ ඉන්දීය රජයේ සහයෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපළක්‌ කරන ලෙස ඉල්ලීමක්‌ කළේය.

    එහි අරමුණ කුමක්‌ද? පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළක්‌ කිරීමෙන් උතුරේ බෙදුම්වාදී පාර්ශ්වවලට සෘජුව විදේශ රටවලට යා හැකිය. එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පලාලි වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම ද අහිමි වන්නේ එම ගුවන්තොටුපළ සිවිල් ගුවන්තොටක්‌ බවට පත්වීමෙනි.

    මේ පසුබිම මැද උතුරේ වෙසක්‌ සැරසිලි නොකරන ලෙස පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනකුද ඉල්ලා ඇත. ඊට සමගාමීව ස්‌විස්‌ටර්ලන්ත රජයෙන් පිංපඩි ලබන එන්.ජී.ඕ. ඩොලර් කාක්‌කෙකු වූ සුනන්ද දේශප්‍රිය නමැති හිටපු කැරලිකරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ටි්‍රවිටර් පණිවුඩයක්‌ එවමින් බෞද්ධයන් කිළිනොච්චියේ නැති බවත් වෙසක්‌ සැරසිලි හමුදා කඳවුර තුළ සිදුකළ යුතු බවත් දන්වා ඇත.

    මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් ජනාධිපතිට උපදෙස්‌ දීමට මොහු කවුද යන්නයි.

    එසේම මුලතිව්හි පළාත් සභා මන්ත්‍රී රවිහරන් නමැත්තාද ප්‍රකාශයක්‌ කරමින් මුලතිව් ජනතාවගේ දුප්පත්කමට හේතුව හමුදාව බවත්, හමුදාව මුලතිව් ප්‍රදේශයෙන් පිටව යායුතු බවත් පවසා ඇත.

    මෙවන් ඉලලීම්වලින් සනාථ වන්නේ උතුරෙන් හමුදාව ඉවත් කිරීමේ යටි අරමුණයි.

    එවන් තොරතුරු මැද ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යාපනයේ පැවැති මැයි දින රැලියට මුල්ම කළු කොටි ත්‍රස්‌තවාදියා වූ මිලර්ගේ මව ගෙන්වා පහනක්‌ දැල්වීමට පියවර ගනු ලැබීය.

    ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් ද මෙවර කොටි සමරුවට ඉදිරිපත් වී ඇත. ඔහු මැයි 18 දා ද්‍රවිඩ ජන සංහාර දිනය ලෙස නම් කර තිබේ. එදින සමරුව පැවැත්වෙන්නේ උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙනි.

    එහෙත් කොටි ත්‍රස්‌තවාදීන් සැමරීමට ඉඩදිය යුතුද?

    මේ අතර යාපනයේදී මාධ්‍ය සාකච්ඡාවක්‌ අමතමින් ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණේ ලේකම් කඡේන්ද්‍රන් පවසා ඇත්තේ උතුරේ බෞද්ධ සැරසිලි කිරීමට ඉඩදිය නොහැකි බවයි.

    කඡේන්ද්‍රන් තවදුරටත් මෙලෙස ප්‍රකාශ කර ඇත. මැයි මස කළු මාසයක්‌ ලෙස හැඳින්විය හැකියි. එහෙත් වෙසක්‌ සැරසිලි උතුරේ ස්‌ථාන රැසක තිබෙනවා. මින් තහවුරු වන්නේ උතුර බෞද්ධකරණය කිරීමට ක්‍රියාකිරීමයි.

    මැයි 18 දා මුල්ලිවයික්‌කාල් වෙත පැමිණීමෙන් වළකින ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

    කඡේන්ද්‍රන් යනු සිංහල භටයන් 10,000 ක්‌ පෙට්‌ටිවලින් කොළඹට එවන බවට පාර්ලිමේන්තුවේදී තර්ජනය කළ පුද්ගලයායි.

    මේ අන්දමට උතුරේ කොටි හිතවාදී පාර්ශ්ව විවිධ ඉල්ලීම් රජය වෙත ඉදිරිපත් කර ඇත.

    කොටි මෝටාර් ප්‍රහාර එල්ල කිරීමට භාවිත කළේ මයිලඩ්ඩි වරායයි. එහෙත් එම වරායද නිදහස්‌ කරන ලෙස ඉල්ලා තිබේ.

    මයිලඩ්ඩි සිට පලාලි වෙත මෝටාර් ප්‍රහාර එල්ලවීමෙන් ගුවන් ගමන් නතර වූ සමයක්‌ ද විය. මේ අතීතය අමතක කළ යුතුද?

    අවි පුහුණුව ලත් කොටි 12,000 ක්‌ උතුරේ සිටී. එසේම පුනරුත්ථාපනය නොවූ කොටි 460 ක්‌ද, යාපනයේ සිටින බව අනාවරණය වී ඇත.

    මේ සැබෑව අමතක කළ යුතුද?

    රජයේ ත්‍රස්‌ත මර්දන නව පනතට පවා ද්‍රවිඩ සන්ධානය එරෙහි වීමෙන් උතුරේ මීළඟ ඉලක්‌කය තේරුම් ගැනීම අපහසු නොවේ.

    -කීර්ති වර්ණකුලසූරිය
     
    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0
    මම වෙසක් දවසෙ යාපනේ හිටියෙ. මුලු පලාතම බෞද්ධ සැරසඉලි. ආමි එකෙන් කරලා තිබ්බේ. එහෙ මිනිස්සුන්ට නම් ඔය කියන තරම් අමාරුවක් නෑ. ලොක්කන්ට තමා ඔය තියන අමාරුවක් තියෙන්නෙ. කරන්න තියෙන්නෙ හරි සරල වැඩක්. ඒ මිනිස්සුන්ට පුලුවන් තරම අප්ඩේට්ස් , කමියුනිකේෂන් සර්විසස් දෙන එක. ඒ මිනිස්සුන්ටත් ඕනෙ ෆන් එකේ ජීවත් වෙන්ඩ .
     
    • Like
    Reactions: DangerMan119

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම වෙසක් දවසෙ යාපනේ හිටියෙ. මුලු පලාතම බෞද්ධ සැරසඉලි. ආමි එකෙන් කරලා තිබ්බේ. එහෙ මිනිස්සුන්ට නම් ඔය කියන තරම් අමාරුවක් නෑ. ලොක්කන්ට තමා ඔය තියන අමාරුවක් තියෙන්නෙ. කරන්න තියෙන්නෙ හරි සරල වැඩක්. ඒ මිනිස්සුන්ට පුලුවන් තරම අප්ඩේට්ස් , කමියුනිකේෂන් සර්විසස් දෙන එක. ඒ මිනිස්සුන්ටත් ඕනෙ ෆන් එකේ ජීවත් වෙන්ඩ .

    හරියට හරි. විග්නේෂ්වරන්, සම්බන්ධන් ඇතුලු කීප දෙනෙකුට තමයි මේ උණ තියෙන්නේ.... ඊට අමතරව අර දින්නයි කියන ජාත්‍යන්තරෙත් කොටසක් ඉන්නව ඊලම ඔනමයි කියන...
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මම වෙසක් දවසෙ යාපනේ හිටියෙ. මුලු පලාතම බෞද්ධ සැරසඉලි. ආමි එකෙන් කරලා තිබ්බේ. එහෙ මිනිස්සුන්ට නම් ඔය කියන තරම් අමාරුවක් නෑ. ලොක්කන්ට තමා ඔය තියන අමාරුවක් තියෙන්නෙ. කරන්න තියෙන්නෙ හරි සරල වැඩක්. ඒ මිනිස්සුන්ට පුලුවන් තරම අප්ඩේට්ස් , කමියුනිකේෂන් සර්විසස් දෙන එක. ඒ මිනිස්සුන්ටත් ඕනෙ ෆන් එකේ ජීවත් වෙන්ඩ .
    :yes:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මම වෙසක් දවසෙ යාපනේ හිටියෙ. මුලු පලාතම බෞද්ධ සැරසඉලි. ආමි එකෙන් කරලා තිබ්බේ. එහෙ මිනිස්සුන්ට නම් ඔය කියන තරම් අමාරුවක් නෑ. ලොක්කන්ට තමා ඔය තියන අමාරුවක් තියෙන්නෙ. කරන්න තියෙන්නෙ හරි සරල වැඩක්. ඒ මිනිස්සුන්ට පුලුවන් තරම අප්ඩේට්ස් , කමියුනිකේෂන් සර්විසස් දෙන එක. ඒ මිනිස්සුන්ටත් ඕනෙ ෆන් එකේ ජීවත් වෙන්ඩ .

    අනිවා මචං... ඔය පුකේ අමාරුව තියෙන්නේ දේශපාලනේ කරන පර දෙමල නායකයින්ට.. කොලබ දෙමල මිනිස්සුන්ට නිදහසේ ඉන්න පුලුවන්නම් සිංහල, මුස්ලිම් ඔක්කොමත් එක්ක... කොලබ සිංහල මිනිහ දෙමල මුස්ලිම් මිනිස්සුත් එක්ක හොදින් ඉන්නවනං, මොකක්ද මේ උතුරේ, නැගනහිර විතරක් දෙමල්ලුන්ට තියන කිචිය..

    උන්මනේ උන්ට දෙමල්ලු කියාගන්නේ.. උනුත් අපි වගේ හිටියනම් අව්ලක් නෑනේ.. ඕක දෙමල දේශපාලකයෝ තමන්ගේ බලේ වැඩිකරගන්න කරන පර වැඩක්.. ඔය වේ*ගේ පුතාලට පෝලිමට තියල වෙඩිතියන්න ඕනේ...

    Those fuckers want a PIECE Not the PEACE
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක්දාස් නවසිය පනස් ගණන් වල ඉඳන්ම ඔහොමනේ ඒ පැත්තේ මතය... මිනිස්සුන්ට යුද්ද්යක් ඕනේ නැති උනාට මාන්සිකව සේපරේට්ඩ් අය. ඔච්චර ලියලා තියෙන ඒවායෙ හරය අවුරුදු 50 ක් ගිහිල්ලත් ලොකු වෙනසක් නෑ... ත්‍රස්තවාදයට හුඟාක් කලිනුත් තාර්කිකව ප්‍රශ්න දෙස බලන පුරුද්දක් ඔවුන්ට නොපෙනුනේය. අදටත් නැත. දකුණේ අපටද හුරු අමාරුකම් ඔවුන්ටද ඇත. දකුණේ අය ආණ්ඩු මාරුකර ප්‍රශ්න විසඳා ගත හැකියැයි සිතා පාට මාරු කරන්නාක් මෙන්ම උතුරේ අය තම දෙමළ ජාතියට ගිණිගෙඩි පාත්කරනෝ සින්හලයෝය පදනමෙන් ක්‍රියාකරමින් ඒ අය සඳහා පක්ෂපාතී බවක් හඟවයි..
    විග්නේශ්වරන්ට අත්වූ ඉරණමද එයමයි. බහුතරයක් ජාතිවාදී මඩගොහොරුවේ එරී සිටිද්දී විග්නේශ්වරන් ගොඩ සිටියානම් අද ඔහු උතුර තුළ දේශපාලන අනාගතයක් නොමැති ජීවියෙකු වන්නේය...
    ජාතියට ආදරය කිරීම එකකි. ජාති වාදී වීම තව එකකි. දකුණේද ජාතිවාදීන් නැතුවා නොවේ. ඔවුන් උත්පත්තියෙන් ජාතිවාදීන් වූයෙ නැත. සමහරු ජාතියට දැඩිසේ ආදරය කරන්නට ඇත. නමුත් සමහරු කපටිකමට ජාත්‍යාලය දෙශපාලන මඩගොහොරුවට ඇද දැමුවේ වෙනට් විකිණීමට දෙයක් ඔවුන් තුල නැති නිසාමත් නොවේ. හැඟීම්වලින් පිරී ඉතිරී ගිය මෝඩයින් රැලකට බුද්ධියෙන් විමසීමට වඩා ඇස් කට පියාගෙන සරණ යා හැකි මතවාද ඉතා වටිනා ලෙස දැනේ. :dull:
     
    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    මම වෙසක් දවසෙ යාපනේ හිටියෙ. මුලු පලාතම බෞද්ධ සැරසඉලි. ආමි එකෙන් කරලා තිබ්බේ. එහෙ මිනිස්සුන්ට නම් ඔය කියන තරම් අමාරුවක් නෑ. ලොක්කන්ට තමා ඔය තියන අමාරුවක් තියෙන්නෙ. කරන්න තියෙන්නෙ හරි සරල වැඩක්. ඒ මිනිස්සුන්ට පුලුවන් තරම අප්ඩේට්ස් , කමියුනිකේෂන් සර්විසස් දෙන එක. ඒ මිනිස්සුන්ටත් ඕනෙ ෆන් එකේ ජීවත් වෙන්ඩ .
    :yes::yes::(
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දෙමල,මුස්ලිම් චන්ද වලට සිංහල චන්දත් භාගයක් ආවහම ඊලග පාරත් සිරිසේන දිනනවා බන්..ඕවා අපි කතා කරාට ඇති වැඩක් නැහැ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දෙමල,මුස්ලිම් චන්ද වලට සිංහල චන්දත් භාගයක් ආවහම ඊලග පාරත් සිරිසේන දිනනවා බන්..ඕවා අපි කතා කරාට ඇති වැඩක් නැහැ.

    :yes::yes::yes: