ඉස්සර ගැමියන්ගෙ මගුල් කතාවලදි අලුත් ජෝඩුවට "සකද මලයි බඹලු වැලයි වගේ එකට ඉන්න ඕනෙ" කියල සුබ පතනවලු.
සකද මලයි බඹලු වැලයි කැලේ හැදෙන දෙයක් කියල හිතෙන අපිට, කාලෙත් එක්ක පරිසරයත් එක්ක හැදුනු අත පය විසි කර කර කතා කරන්න උවමනාවක් නැති අපේ භාෂාවක ලස්සන ගැන අදහසක් නැහැ.
වහලේ ඇති සිදුරකින් අඳුරු කාමරයකට එලිය වැටෙන ආලෝක ලප අප ඕන තරම් දැක ඇති. එසේ වැටීමෙන් පොලවේ ඇති වන ලපයට තමා "සකද මල" කියන්නෙ. ඒවගේම කාමරෙ තියෙන දුහුවිල්ල නිසා ඒ ලපයෙ ඉදන් වහලෙ සිදුර කරා දිවෙන රශ්මි ධාරාව තමා "බඹලු වැල"
ඉතින් "සකද මල නැත්තම් බඹලු වැලකුත්" නෑ.
උපුටාගැනීම පුරාවිද්‍යා මහාචාර්‍ය රාජ් සෝමදේව මහතා ගේ කතාවකින් සටහන මාධ්‍යවේදී ලක්මාල් බදුගේ.
