සක්විති රජෙක් යනු කවරෙක්ද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සක්විති රජෙක් යනු කවරෙක්ද?


    රජ වෙන්න කවුද අකමැති නේද?. සක්විති රජ වෙන්න තියවානම්.ඇත්තටම කවුද මේ සක්විති රජ්ජුරුවෝ කියන්නේ කියලා මටත් ලොකු ගැටලුවක් තිබ්බා.

    ත්‍රිපිටකයේ දීඝ නිකායේ චක්‍රවර්ති සීහනාද සූත්‍රය සත්විති රජ්ජුරුවෝ ගැන වගේම මිනිස්සුන්ගේ ආයුෂ අඩු වැඩිවීම ගැනත් පැහැදිලිව කියලා තියනවා.

    මුලින්ම අපි බලමු සක්විති රජ්ජුරුවෝ කියන්නේ කවුද කියලා අපි කවුරුත් අහලා ඇතිනේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන. ඉතින් මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියන කෙනෙක් මේ ලෝකයේ පහල විමෙන් පස්සේ ඔහු තෝරා ගන්නා මාර්ගය අනුව ඔහුට අනිවාර්යෙන් ලැබෙන දෙයක් තියනවා.ඔහු ගිහි ගෙය අත හැරලා පැවදි වුනොත් බුදු බව ලබනවා. ඒ තමයි පලවෙනි මාර්ගය. අපේ සිද්ධාර්ථ කුමරු මේ මාර්ගයේ ගමන් කරලා තමයි සම්මා සම්බුදු ගෞතම බුදුරජාණ්න් වහන්සේ බවට පත්වෙලා ඒ උතුම් වු නිර්වාණ මාර්ගය අපිට පෙන්නලා දුන්නේ. අපි හිතමු ඔහු ගිහි ගෙය වාසය කරා කියලා. එහෙම වුනොත් ඔහු සියළුම ජනපද වලට ආචාර්ය වු, සමුදුර ජයගත්, ධාර්මික වු සක්විති රජ කෙනෙක් වෙනවා. ඒ කියන්නේ හැමෝම අනුසාසනා ගන්නේ මේ සක්විති රජ්ජුරුවන්ගෙන්.සක්විති රජ වුනොත් ඉතින් තව වෙන මොනාද හම්බවෙන්නේ කියලා බලමුකෝ. යම් අයෙකු සක්විති රජ වීමත් එක්ක ඔහුට මාණික්‍ය හතක් පහල වෙනවා. මාණික්‍ය කිව්වට මේවා මැණික්ම නෙමේයි. මැණික්වලට වඩා වටින සම්පත්.

    1. චක්‍රරත්නය
    2. හස්තිරත්නය
    3. අශ්වරත්නය
    4. මාණික්‍යරත්නය
    5. ස්ත්‍රීරත්නය
    6. ගෘහපතිරත්නය
    7. පරිණායකරත්නය

    ඉතින් මේ චක්‍රරත්නය කියන්නේ කරකැවෙන මානික්‍යයකට කියලා තමයි පොතපතේ සදහන් වෙන්නේ. සක්විති රජතුමා ඊටපස්සේ මොකද කරන්නේ සිල් සමාදම්වෙලා මේ චක්‍රරත්නයට පැන් වඩනවා. එතකොට මේ චක්‍රරත්නය කැරකැවී කැරකැවී යනවා. මෙහෙම යන්නකොට ඇත්, අස්, රිය, පාබල කියන සිව් රග සෙනග සක්විති රජතුමා සමග යනවා. මෙහෙම යන චක්‍රරත්නය එක රටකට ගියා කියමුකෝ. ඉතින් ඊටපස්සේ ඒ රටේ රජ්ජුරුවෝ ඇවිත් සක්විති රජතුමාව පිළිගන්නවා. ඒ විතරක් නෙමෙයි රටේ පාලනයත් බාර දෙනවා මෙහෙම කියලා.

    "මහරජ, මෙහි එන්න.ඔබගේ පැමිණීම ඉතා යහපත්ය. මහරජ, මේ රට ඔබට අයත්ය. අපට අනුශාසනා කරනු මැනවී"

    සක්විති රජතුමා එතකොට අනුශාසනා කරනවා පස් පවෙන් වැලකෙන්න කියලා. ඒ වගේම තම රාජ්‍යයම පමනක් බුක්ති විදිය යුතුයි කියලත් කියනවා. මෙහෙම චක්‍රරත්නය ලෝකේ වටේම ගිහින් අවසානේ සක්විති රජ්ජුරුවන්ගේ සක්විති රජමාලිගා දොර‍ටුව ලග ඇවිත් නතර වෙනවා.අන්න එහෙම තමයි සක්විති රජ්ජුරුවෝ මුළු ලෝකයම ධර්මයෙන් පාලනය කරන්නේ. හිතලා බලමු පොඩ්ඩක් පන්සිල් රකින සමාජයක් තියෙනවානම් එතන ගැටුමක් වෙන්න බෑ නේද?.

    දැන් අපි බලමුකෝ ඉතුරු මැණික් මොනාද කියලා.

    හස්තිරත්නය කියන්නේ සක්විති රජතුමාට පහලවෙන අහසින් ගමන් කරන ධවල හස්ථි රජයාට. ඒ වගේම අශ්වරත්නය කියන්නේ අහසින් ගමන් කරන අජානීය අස්රජුටයි. මේ අස් රජුටත් අත් රජුටත් රජුගේ සිතුම් පැතුම් සැනින් වැටහෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ අයට සිතෙන් අණ දෙන්න සක්විති රජුට පුලුවන්. යන තැන හිතන්න විතරයි ඕනේ.

    මාණික්‍යරත්නය කියන්නේ සක්විති රජුට පහල වෙන යොදුන් ගණනාවක් ආලෝකය විහිදෙන මුළු මහත් රාජධානියම රාත්‍රියට හිරුමෙන් අලෝකවත් කරන මැණිකටයි.

    ස්ත්‍රීරත්නය කියන්නේ ඉතින් සක්විති රජ්ජුරුවන්ගේ දේවියට කියලා කියන්න ඕන නෑනේ. හැබැයි මේ සක්විති රැජිණ ඉස්සරහා අශ්චාර්යා රායි වුනත් හරියට අර හේනේ පිච්චිලා හිටිය වැදිරි වගේ ඇති කියලයි මටනම් හිතෙන්නේ. තව ඉතින් මොකටද වැඩි විස්තර.

    තමන්ට අවවාද අනුශාසනා මැනවින් කියා දෙන, නිධාන දකින දිව්‍ය ඇස සතු ගෘහපතියකු මේ සක්විති රජුට ලැබෙනවා. ඒ තමයි ගෘහපතිරත්නය. රජුට අවශ්‍ය ධනය මොහු සොයා දෙනවා. මට හිතෙන විදිහට රටේ ආර්ථික සැලැස්ම මෙහෙයවනවා ඇති. හැබැයි ලංකාවේ ඇමති මණ්ඩලෙන් කට්ටිය යැවුවනම් මොනාවෙයිද කියලා මං මුකුත් කියන්න යන්නෑ.

    පරිණායකරත්නය කියන්නේ ඉතින් පුත්‍ර රත්නයට. මනා බුද්ධියෙන් යුතු, බලවත් පුතෙක් සක්විති රජුට ලැබෙනවා කියලා තමයි ඒ කියන්නේ. ගහේ කටු උල් කරන්න ඕනේ නෑනේ. සක්විති රජ වුනත් වැඩක් තියෙනවාද? මේ ගැන කතා කරන්න කලින් අපි පොඩි කතාවකට යමුකෝ.

    දවසක් අපේ බුදුහාමුදුරුවෝයි ආනන්ද හාමුදුරුවෝයි මහමග යනකොට කඩි රැලක් දැකලා ආනන්ද හමුදුරුවන්ට මෙහෙම කියනවා.

    "ආනන්ද මේ කඩි රැලේ කඩි අතරින් පෙර භවයක් සක්විති රජ කෙනෙක් නොවුන එක කඩියෙකුවත් නෑ"

    ඉතින් එහෙනම් සක්විති රජ්ජුරුවන්ට මොකද වෙන්නේසක්විති රජ්ජුරුවෝ මරණින් පස්සේ කඩීයෙක් වෙනවා කියලා නෙමෙයි මේ කතාවෙන් කියන්නේ. සක්විති රජතුමා මරණින් පස්සේ දිව්‍ය ලෝකෙ උපදිනවා. එහෙම උපදින්නේ නිකන් නෙමෙයි. අනිත් දෙවිවරුන්ට වඩා කරුනු දහයකින් ඉදිරියෙනුයි.

    1. දිව්‍යමය වූ ආයුෂ
    2. දිව්‍යමය වූ පාට
    3. දිව්‍යමය වූ සැපය
    4. දිව්‍යමය වූ පිරිවර
    5. දිව්‍යමය වූ අධිපතිභාවය
    6. දිව්‍යමය වූ රූපය
    7. දිව්‍යමය වූ ශබ්දය
    8. දිව්‍යමය වූ ගන්ධය
    9. දිව්‍යමය වූ රසය
    10. දිව්‍යමය වූ ස්පර්ෂය

    එහෙනම් මොකටද දුක් වෙන්නේ එහෙත් සැපනේ.

    මෙහෙම ඉතා දිර්ඝ කාලයක් දිව්‍ය සැප විදලා දිව්‍ය ආයුෂ ඉවර වුනාම සක්විති රජුගේ පින් ඉවරයි. ඉටපස්සේ ආයෙම එන්නේ මහ ගෙදරට තමයි.
    මහ ගෙදර කියන්නේ සක්විති මාලිගාවටද? බුදුහාමුදුරුවෝ වරක් කියනවා මේ සත්වයන්ට මහ ගෙදර වෙන්නේ සතර අපාය කියලා. මොකක්ද මේ සතර අපාය

    1. නිරය
    2. තිරිසනි ලෝකය
    3. පෙරේත ලෝකය
    4. අසුර ලෝකය

    ( මේ ගැන විස්තරයක් ඉදිරියෙදි තවත් ලිපියකින්)
    අමුතුවන් කියන්න ඕනේ නෑනේ අපාය කිවුවහම කොහේ වුනත් හොද තැනක් වෙන්න බෑනේ.

    දැන් ඉතින් මොකද කරන්නේ. මේ ගමන නවත්තන පුළුවන් සෝතාපන්න වුනොත් විතරයි අඩුමගානේ. නැත්නම් ඉතින් සක්විති රජ වුනත් වැඩක් නෑ. ඔබත් මමත් සක්විති රජේක් වෙලා ඇති. අනිවාර්යෙන්ම මහ ගෙදරනම් කල්ප ගානක් ඉදලා ඇති.

    "බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
    බණත් අහන්නැති ඒ කලේ
    නිවන් දකින්නට පිං මදි වෙන්නැති
    ඒකයි තවමත් සංසාරේ"

    මෙහෙම කිය කිය ඉන්නේ නැතිව යම් තරමකට හරි උත්සහයක් ගත්තොත් මේ ගමන යන්තම් හරි කෙටි කරගන්න, එක තමයි බෞද්ධයෙක් වෙලා ඉපදුන වාසනාවේ ප්‍රතිඵලේ යන්තම් හරි ලබාගත්තා වෙන්නේ.බෞද්ධයෙක් වෙලා බුදු දහම පවතින කාලයක මේ ලෝකයට ඉපදෙන්න කොයි තරම් පිං කරලා තියන්න ඕනේද කියලා මං අමුතුවන් කියන්න ඕනේ නෑනේ.
    ඔබ සැමට තෙරුවන් සරණයි.

    (දුෂ්‍යාන් මධුවන්ත රණසිංහ)
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බුදුන්ගේ කාලේ සක්විති රජ වෙන්න බෑ. ඒ කාලේ ඉන්දියාවයි ඇමරිකාවයි අතර ප්‍රවාහන සේවයක්වත් නැති කාලයක්.ලොකේ ගෝලාකාරද කියලා දන්නේ නැති කාලයක්.මේ කාලේ තමයි සක්විති රජ කෙනෙක් එන්නේ.ඕන රටකට තත්පර ගනනකින් මැසේජ් යවන්න පුලුවන් පැය කීපයකින් යන්න පුලුවන් අද වගේ යුගයක ඔරියන්තුමා තමයි සක්විති රජ වෙන්න ඉන්නේ.
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඔන්න ඔය හේතුව නිසා වෙන්න ඇති කියනවා ඇත්තේ සක්විති රජකම කෙරුවත් කළකම් පළදෙනවා කියලා. tfs මචං
    තෙරුවන් සරණයි...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    බුදුන්ගේ කාලේ සක්විති රජ වෙන්න බෑ. ඒ කාලේ ඉන්දියාවයි ඇමරිකාවයි අතර ප්‍රවාහන සේවයක්වත් නැති කාලයක්.ලොකේ ගෝලාකාරද කියලා දන්නේ නැති කාලයක්.මේ කාලේ තමයි සක්විති රජ කෙනෙක් එන්නේ.ඕන රටකට තත්පර ගනනකින් මැසේජ් යවන්න පුලුවන් පැය කීපයකින් යන්න පුලුවන් අද වගේ යුගයක ඔරියන්තුමා තමයි සක්විති රජ වෙන්න ඉන්නේ.
    අහෝ ආනන්දය
    :lol::lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බුදුන්ගේ කාලේ සක්විති රජ වෙන්න බෑ. ඒ කාලේ ඉන්දියාවයි ඇමරිකාවයි අතර ප්‍රවාහන සේවයක්වත් නැති කාලයක්.ලොකේ ගෝලාකාරද කියලා දන්නේ නැති කාලයක්.මේ කාලේ තමයි සක්විති රජ කෙනෙක් එන්නේ.ඕන රටකට තත්පර ගනනකින් මැසේජ් යවන්න පුලුවන් පැය කීපයකින් යන්න පුලුවන් අද වගේ යුගයක ඔරියන්තුමා තමයි සක්විති රජ වෙන්න ඉන්නේ.

    avatar389347_18.gif
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    The world governments have been aware of the presence of God in human form, and have been for 20 plus years. World political and religious leaders, law enforcement, government agencies have all been waiting for the right time to introduce God to the world. After years of study and investigation, it has been proven that God is here now to help us, to warn us, about how there has been a battle for our souls, and how division has been created to keep us from our truth. God will also convey a message about unity and love, and how important is is for humanity as a whole.

    Thing is, God is in human form, just as Jesus was...and we all know how that turned out. This time tho, there is proof that this person does have a connection to 'heaven'. Let's say a few world governments have been waiting for this 'God's arrival, based on communication received hundreds of years ago. Much of what this God has to say will condemn most religions and encourage unity and love that crosses all race, creed and color.

    What kind of advice would you give this person and world and church leaders? Imagine, God's is here and God's message does not align with the religious.

    Imagine, a global acceptance of 'God's return. But a concern about how to manage God's return and introduction to the world.

    සක්විති රජෙක් ඕනම යුගයක තමයි දැන් අපි ඉන්නේ.යම්කිසි දෙවි කෙනෙක්ගේ බලයක් සහිත කෙනෙකුට විතරයි ලෝකයක් පාලනය කරන්න වරම් තියෙන්නේ.ඒ වගේ බලයක් සහිත කෙනෙකුට විතරයි ලෝකය මුදවාගන්න පුලුවන්.අද ලෝකය පාරිසරික වශයෙන් විනාශ වෙලා.ආගම් වාර්ගික යුද්ධ බහුලයි.
    මේ වෙනකොට මේ ලෝකය දෙවියන් ලෙස විශ්වාස කරන සලකන බලවත් පුද්ගලයා දැනටමත් ඉන්නවා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බුදුන්ගේ කාලේ සක්විති රජ වෙන්න බෑ. ඒ කාලේ ඉන්දියාවයි ඇමරිකාවයි අතර ප්‍රවාහන සේවයක්වත් නැති කාලයක්.ලොකේ ගෝලාකාරද කියලා දන්නේ නැති කාලයක්.මේ කාලේ තමයි සක්විති රජ කෙනෙක් එන්නේ.ඕන රටකට තත්පර ගනනකින් මැසේජ් යවන්න පුලුවන් පැය කීපයකින් යන්න පුලුවන් අද වගේ යුගයක ඔරියන්තුමා තමයි සක්විති රජ වෙන්න ඉන්නේ.
    අප්පටසිරි ඔරියව දැක්ක කල්..