Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
54 minutes ago
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සක්ර දෙවියන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වලට කවුරුත් කැමතියි. නමුත් පින් වලින් ලැබෙන සැප මොනවාද කියා බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. එ් නිසා පින් කරන්න කැමති වුණත්, පින්වලට උනන්දුවක් නැහැ. පින ගැන අවබෝධයක් තියෙනවා නම්, එ් කෙනා දක්ෂ මල් කාරයෙක් වගෙයි. මල් නෙලන්නට මල් තියෙන තැන් සොය සොයා යනවා වගේ පින් රැස්කරගන්නට පුළුවන් සෑම තැනකින්ම ප්රයෝජනය ගන්නවා.

චාතුම්මහාරාජික, තාවතිංස නමින් දිව්ය ලෝක දෙකක් තියෙනවා. එම දිව්ය ලෝක දෙකේම අධිපති භාවය ලැබූ කෙනාට තමයි සක් දෙවිඳු කියන්නේ. ශක්ර දෙවියන් කලින් මිනිස් ලොව හිටිය කෙනෙක්. ඔහු ගොඩාක් පින් කළා. දවසක් ලිච්ඡවි කුමාවරුන් ශක්ර දෙවියන් ගැනත්, බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ ශක්ර දෙවියන්ගේ අතීත ජීවිත කථාව පෙන්වා වදාළා.

එකමත් එක කාලෙක මගධ දේශයෙහි ‘මචල’ කියල ගමක් තිබුණා. මේ ගමේ තරුණයෙක් හිටියා. ඔහුගෙ නම මඝ. මඝ මාණවකයා කියලයි ඔහු ප්රසිද්ධ වුණේ. ඔහු මිනිසුන්ට හරිම ආදරෙයි. හැමෝටම උදව් කරනවා. හැම දෙනාගෙම සැපදුක් බලනවා. එ් වගේම ඔහු සිල්වන්තයි. ඔහු ජීවිත කාලය පුරාම උතුම් ගුණ ධර්ම හතක් සමාදන් වෙලා හිටියා. එ් ගැන බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්වා වදාළා.

“පින්වත් මහණෙනි, සක්ර දෙවියන් මිනිස් ලොව ජීවත්ව සිටියදී, උතුම් ගුණ ධර්ම හතක් සමාදන් වුණා. එ් ගුණ ධර්ම හත නම් මේවාය.

1. දිවි තිබෙන තුරා මං මව් පිය දෙදෙනාට ආදර භක්තියෙන් යුක්තව උපස්ථාන කරන කෙනෙක් වෙනවා.

2. දිවි තිබෙන තුරා මං වැඩිහිටියන්ට සලකන, ගුරුදෙගුරුන්ට සලකන, ආදර ගෞරව දක්වන කෙනෙක් වෙනවා.

3. දිවි තිබෙන තුරා මං ඉතා යහපත් මුදු මොළොක් වචන කතා බස් කරන කෙනෙක් වෙනවා.

4. දිවි තිබෙන තුරා මං කේලාම් නොකියන කෙනෙක් වෙනවා.

5. දිවි තිබෙන තුරා මං ගිහි ගෙදර වාසය කරද්දී ලෝභ රහිත සිතින් යුක්ත වෙනවා. දන් දෙන කෙනෙක් වෙනවා. මං ළඟට ඕනෑම කෙනෙක් යමක් ඉල්ලගෙන එනවා නම් එ් ඉල්ලීමට සුදුසු කෙනෙක් වෙනවා. දන් දීම පිණිස අත් සෝදාගත්තු කෙනෙක් වෙනවා. දානය පිණිසම සිත යෙදවූ කෙනෙක් වෙනවා. ඉතා සතුටින් දන් දෙන කෙනෙක් වෙනවා. පරිත්යාග කරන කෙනෙක් වෙනවා.

6. දිවි තිබෙන තුරා මං සත්ය වචන කතා කරන කෙනෙක් වෙනවා.

7. දිවි තිබෙන තුරා මං ක්රෝධ සිත් නැති කෙනෙක් වෙනවා. යම් හෙයකින් මා තුළ ක්රෝධයක්, තරහක්, වෛරයක් හටගත්තොත් එ් ක්ෂණයෙන්ම මං එ් අකුසලය දුරුකරනවා. බැහැර කරනවා. නැති කරනවා.

මෙන්න මේ ගුණයන්ගෙන් යුතු මඝ මාණවකයා තමයි සක් දෙවිඳු බවට පත්වුණේ.

මේ ආකාරයෙන් ගුණ ධර්ම සතක් සමාදන් වෙලා එම ගුණධර්ම නොකඩා ආරක්ෂා කොට දියුණු කරගත්ත නිසා ඔහු ශක්ර දෙවියන් බවට පත්වුණා. මෙම ශක්ර දෙවියන්ට නම් කීපයක් තිබෙනවා. එ් ගැන බුදුරජාණන් වහන්සේ මේ අයුරින් වදාළා.

“පින්වත් මහණෙනි, ශක්ර දෙවියන්ට ‘මඝවා’ කියල කියනවා. එයට හේතුව ඔහු මඝ මාණවකයන් ලෙස මිනිස් ලොව බොහෝ පින් කරමින් ගත කිරීමයි. එ් වගේම ශක්ර දෙවියන්ට ‘පුරින්දද’ කියල කියනවා. එයට හේතුව මොහු මිනිස් ලොව සිටිද්දී සියලූ දෙනාටම ආදර්ශ ඇතිවෙන පරිදි හැමටම ප්රථමයෙන් විවිධාකාරයෙන් දන් පැන් දීමයි. එ් වගේම ශක්ර දෙවියන්ට ‘සක්ක’ කියනවා. එයට හේතුව මිනිස් ලෝකයේ සිටියදීත් මොහු ඉතාමත්ම පිළිවෙලකට, ඉතාමත් ක්රමානුකූල ලෙස හොඳින් සකස් කොට දන් පැන් පිදීමයි. එ් වගේම ශක්ර දෙවියන්ට ‘වාසව’ කියල කියනවා. එයට හේතුව මිනිස් ලොව සිටියදී මොහු දුගී දුප්පත් ජනතාවට නොයෙක් ආකාරයෙන් නිවාස තනවා පරිත්යාග කිරීමයි. එ් වගේ ම ශක්ර දෙවියන්ට ‘සහස්සක්ඛ’ (දහසක් ඇස් ඇති කෙනා) කියනවා. එයට හේතුව ශක්ර දෙවියන්ට මොහොතකින් කරුණු දාහක් ගැන සිතන්නට පුළුවන්කමයි. එ් වගේම ශක්ර දෙවියන්ට ‘සුජම්පති’ කියල කියනවා. සුජා කියලා අසුර කුමාරිකාවක් හිටියා. එ් අසුර කුමාරිකාව ශක්ර දෙවියන්ගේ බිසව බවට පත්වුණා. එ් නිසයි සුජම්පති කියන්නෙ. ශක්ර දෙවියන්ට ‘දේවානමින්ද’ කියල කියනවා. එයට හේතුව තව්තිසා වැසි දෙවියන්ගේ ප්රධානත්වයට පත්වෙලා සියලු යස ඉසුරින් පිරි දිව්ය රාජ්යයේ අධිපති බවට පත්වීමයි.

මෙයින් අපට එක දෙයක් පැහැදිලිව පෙනෙනවා. එනම් දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳුන් බවට උපත ලබා සිටින්නේ මිනිස් ලොව සිටි මඝ නම් වූ තරුණයෙක් බවයි. මේ තරුණයා ඔය උතුම් ගුණ ධර්ම හත තුළ පිහිටලා මහත් සේවාවක් කළා. විශ්රාම ශාලා හැදුවා, පැන් පොකුණු හැදුවා, මංමාවත් හැදුවා. හොඳ දේවල් වලට විරුද්ධ අය ලෝකයේ හැමදාම ඉන්නවා. මඝ මාණවකටත් සමහර අය විරුද්ධ වුණා. එයට හේතුව මඝ මාණවකගේ සේවා කටයුතු නිසා අනිත් අයගේ ආනුභාවය අඩුවෙලා ගියා. මඝ මාණවකගේ කීර්ති රාවය පැතිරිලා ගියා. නමුත් මඝ මාණවක එ් කිසිදු නින්දා අපහාසයකින් කම්පා නොවී තමන්ගේ සේවාව කරගෙන ගියා. තමන් යම් තැනක සේවාවක් කරමින් සිටිද්දී එතැනට බාධා කරනවා නම් එතුමා කාටවත් දොස් නොකියා එතැන අත්හරිනවා. වෙන තැනකට යනවා. මඝ මාණවක එවැනි ආකාරයට තමන්ගේ පුණ්ය කටයුතු දිගින් දිගටම කරගෙන ගියා. තමන් සමාදන් වූ උතුම් ගුණධර්ම හත තුළ රැඳී සිටියා. එ් හේතුව නිසාමයි ශක්ර දිව්යරාජයා බවට උපත ලැබුවේ.

සක් දෙවිඳු බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට පැමිණෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ ළඟ බණ ඇසූ සක් දෙවිඳුන් සෝවාන් ඵලයට පත්වුණා. එ් වගේම ඔහුගේ පින අවසන් වෙලා තිබුන වෙලාවෙ එ් ශක්ර දිව්ය තනතුරෙන් චුත වෙලා එ් මොහොතේම යළිත් සක් දෙවිඳු බවට පත්වුණා. මේ සක් දෙවිඳුගේ අප්රමාදීව පුණ්ය සම්පත් රැස් කරගැනීමේ සමර්ථකම මතු කරමින් බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, දැන් ඔබට හොඳට වැටහෙනවා ඇති. මඝ කුමාරයා මොන තරම් යහපත් දේවල් පුරුදු කරපු කෙනෙක්ද. පින් නිසාමයි එබඳු අදහස් කෙනෙකුගේ සිතට පහළ වන්නේ. සමහරුන්ට මේ වගේ ඉතාමත් ලස්සන අදහස් ඇතිවෙනවා. එ් අදහස් වලින් සතුටු වෙලා මෙවැනි, මෙවැනි ගුණධර්ම මමත් ඇති කරගන්නවා කියලා කෑ ගහලා කියනවා. පිරිස මැද්දේ ආඩම්බරයෙන් කියනවා. නමුත් එ් උදවියගේ එ් ලස්සන අදහස් කතාවට විතරක් සීමා වෙනවා. ක්රියාවට නැංවෙන්නේ නෑ. එයට හේතුව ප්රමාදයයි. එහෙම නම් හිතේ ඇතිවෙන ලස්සන අදහස් වලින් ඵල ලබන්න නම්, එ් කෙනා අප්රමාදී වෙන්න ඕන නේද? මඝ කුමාරයා අප්රමාදීව උතුම් ගුණධර්ම හතක් දිවි තිබෙන තුරාවට අඛණ්ඩව පුරුදු කරපු නිසා දෙවියන් අතර රජුන් බවට පත්වුණා.

මේ නිසා අප්රමාදීබව කියන්නෙ ලෝකයෙහි මනුෂ්යයන්ව ශ්රේෂ්ඨත්වයට පත්කරවන ප්රධානම බලවේගයයි. මේ ගැන බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා මහත් ඉහළින් වර්ණනා කොට තියෙනවා. බුදුරජාණන් වහන්සේ අප්රමාදය ගැන ඉතාමත් ලස්සන උපමාවක් වදාළා. ලෝකයෙහි සෑම සත්වයෙකුටම තමන්ගේ පාදයේ යම්කිසි ප්රමාණයක් තියෙනවා. එ් නිසා මේ සත්වයන්ගේ පා සටහන් විවිධත්වයෙන් යුක්තයි. මේ සියලූ සත්වයන් අතර ඇතාගේ පා සටහන ගොඩක්ම විශාලයි. මේ ඇතාගේ පා සටහන තුළට ඕනම සත්වයෙකුගේ පා සටහනක් ඇතුල් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළා ‘අප්රමාදය’ කියන්නේ ඇතාගේ පා සටහන වැනි දෙයක් බවයි. ඇත් පිය සටහන තුළට සියලූ සතුන්ගේ පියවර සටහන් ඇතුල් කරන්නට පුළුවන් වගේම අප්රමාදය නම් වූ මේ එකම ගුණය තුළට සියලු ගුණධර්ම ඇතුල් කරන්න පුළුවන්. එනිසා අප්රමාදය නිසා ලොව ජයගත් එ් සියලූ උතුමන් නිරතුරුවම අප්රමාදයට ප්රශංසා කරනවා. උන්වහන්සේලාගේ අතින් ගැරහුම් ලබන්නේ ප්රමාදයයි.

බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සිටි ජනතාවට නිතර නිතර අප්රමාදී බවෙහි අනුසස් අසන්නට ලැබුණා. එ් වගේම ප්රමාදයට දොස් ලැබුණා. එනිසා ප්රමාදීව ජීවත් වෙන්න සැදැහැවත් උදවිය කැමති වුණේ නෑ. අප්රමාදීව සිල් රැක්කා. දන් පින් කම් කළා. බණ භාවනා කළා. පින් රැස්කර ගත්තා. අප්රමාදීව පින්කම් කළ නිසාම ඔවුන්ට දෙව්ලොව සැප ලැබුණා. එපමණක් නොවෙයි, උතුම් චතුරාර්ය සත්යය අවබෝධ කරගැනීමේ වාසනාව පවා උදාවුණා.

[QUOTE="asliyanage, post: 25924693, member: 8764"] පින්වලට කවුරුත් කැමතියි. නමුත් පින් වලින් ලැබෙන සැප මොනවාද කියා බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. එ් නිසා පින් කරන්න කැමති වුණත්, පින්වලට උනන්දුවක් නැහැ. පින ගැන අවබෝධයක් තියෙනවා නම්, එ් කෙනා දක්ෂ මල් කාරයෙක් වගෙයි. මල් නෙලන්නට මල් තියෙන තැන් සොය සොයා යනවා වගේ පින් රැස්කරගන්නට පුළුවන් සෑම තැනකින්ම ප්රයෝජනය ගන්නවා. චාතුම්මහාරාජික, තාවතිංස නමින් දිව්ය ලෝක දෙකක් තියෙනවා. එම දිව්ය ලෝක දෙකේම අධිපති භාවය ලැබූ කෙනාට තමයි සක් දෙවිඳු කියන්නේ. ශක්ර දෙවියන් කලින් මිනිස් ලොව හිටිය කෙනෙක්. ඔහු ගොඩාක් පින් කළා. දවසක් ලිච්ඡවි කුමාවරුන් ශක්ර දෙවියන් ගැනත්, බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ ශක්ර දෙවියන්ගේ අතීත ජීවිත කථාව පෙන්වා වදාළා. එකමත් එක කාලෙක මගධ දේශයෙහි ‘මචල’ කියල ගමක් තිබුණා. මේ ගමේ තරුණයෙක් හිටියා. ඔහුගෙ නම මඝ. මඝ මාණවකයා කියලයි ඔහු ප්රසිද්ධ වුණේ. ඔහු මිනිසුන්ට හරිම ආදරෙයි. හැමෝටම උදව් කරනවා. හැම දෙනාගෙම සැපදුක් බලනවා. එ් වගේම ඔහු සිල්වන්තයි. ඔහු ජීවිත කාලය පුරාම උතුම් ගුණ ධර්ම හතක් සමාදන් වෙලා හිටියා. එ් ගැන බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්වා වදාළා. [IMG]https://dhammapada.mahamevnawa.lk/wp-content/uploads/2015/02/2_7-198x300.jpg[/IMG] “පින්වත් මහණෙනි, සක්ර දෙවියන් මිනිස් ලොව ජීවත්ව සිටියදී, උතුම් ගුණ ධර්ම හතක් සමාදන් වුණා. එ් ගුණ ධර්ම හත නම් මේවාය. 1. දිවි තිබෙන තුරා මං මව් පිය දෙදෙනාට ආදර භක්තියෙන් යුක්තව උපස්ථාන කරන කෙනෙක් වෙනවා. 2. දිවි තිබෙන තුරා මං වැඩිහිටියන්ට සලකන, ගුරුදෙගුරුන්ට සලකන, ආදර ගෞරව දක්වන කෙනෙක් වෙනවා. 3. දිවි තිබෙන තුරා මං ඉතා යහපත් මුදු මොළොක් වචන කතා බස් කරන කෙනෙක් වෙනවා. 4. දිවි තිබෙන තුරා මං කේලාම් නොකියන කෙනෙක් වෙනවා. 5. දිවි තිබෙන තුරා මං ගිහි ගෙදර වාසය කරද්දී ලෝභ රහිත සිතින් යුක්ත වෙනවා. දන් දෙන කෙනෙක් වෙනවා. මං ළඟට ඕනෑම කෙනෙක් යමක් ඉල්ලගෙන එනවා නම් එ් ඉල්ලීමට සුදුසු කෙනෙක් වෙනවා. දන් දීම පිණිස අත් සෝදාගත්තු කෙනෙක් වෙනවා. දානය පිණිසම සිත යෙදවූ කෙනෙක් වෙනවා. ඉතා සතුටින් දන් දෙන කෙනෙක් වෙනවා. පරිත්යාග කරන කෙනෙක් වෙනවා. 6. දිවි තිබෙන තුරා මං සත්ය වචන කතා කරන කෙනෙක් වෙනවා. 7. දිවි තිබෙන තුරා මං ක්රෝධ සිත් නැති කෙනෙක් වෙනවා. යම් හෙයකින් මා තුළ ක්රෝධයක්, තරහක්, වෛරයක් හටගත්තොත් එ් ක්ෂණයෙන්ම මං එ් අකුසලය දුරුකරනවා. බැහැර කරනවා. නැති කරනවා. මෙන්න මේ ගුණයන්ගෙන් යුතු මඝ මාණවකයා තමයි සක් දෙවිඳු බවට පත්වුණේ. මේ ආකාරයෙන් ගුණ ධර්ම සතක් සමාදන් වෙලා එම ගුණධර්ම නොකඩා ආරක්ෂා කොට දියුණු කරගත්ත නිසා ඔහු ශක්ර දෙවියන් බවට පත්වුණා. මෙම ශක්ර දෙවියන්ට නම් කීපයක් තිබෙනවා. එ් ගැන බුදුරජාණන් වහන්සේ මේ අයුරින් වදාළා. “පින්වත් මහණෙනි, ශක්ර දෙවියන්ට ‘මඝවා’ කියල කියනවා. එයට හේතුව ඔහු මඝ මාණවකයන් ලෙස මිනිස් ලොව බොහෝ පින් කරමින් ගත කිරීමයි. එ් වගේම ශක්ර දෙවියන්ට ‘පුරින්දද’ කියල කියනවා. එයට හේතුව මොහු මිනිස් ලොව සිටිද්දී සියලූ දෙනාටම ආදර්ශ ඇතිවෙන පරිදි හැමටම ප්රථමයෙන් විවිධාකාරයෙන් දන් පැන් දීමයි. එ් වගේම ශක්ර දෙවියන්ට ‘සක්ක’ කියනවා. එයට හේතුව මිනිස් ලෝකයේ සිටියදීත් මොහු ඉතාමත්ම පිළිවෙලකට, ඉතාමත් ක්රමානුකූල ලෙස හොඳින් සකස් කොට දන් පැන් පිදීමයි. එ් වගේම ශක්ර දෙවියන්ට ‘වාසව’ කියල කියනවා. එයට හේතුව මිනිස් ලොව සිටියදී මොහු දුගී දුප්පත් ජනතාවට නොයෙක් ආකාරයෙන් නිවාස තනවා පරිත්යාග කිරීමයි. එ් වගේ ම ශක්ර දෙවියන්ට ‘සහස්සක්ඛ’ (දහසක් ඇස් ඇති කෙනා) කියනවා. එයට හේතුව ශක්ර දෙවියන්ට මොහොතකින් කරුණු දාහක් ගැන සිතන්නට පුළුවන්කමයි. එ් වගේම ශක්ර දෙවියන්ට ‘සුජම්පති’ කියල කියනවා. සුජා කියලා අසුර කුමාරිකාවක් හිටියා. එ් අසුර කුමාරිකාව ශක්ර දෙවියන්ගේ බිසව බවට පත්වුණා. එ් නිසයි සුජම්පති කියන්නෙ. ශක්ර දෙවියන්ට ‘දේවානමින්ද’ කියල කියනවා. එයට හේතුව තව්තිසා වැසි දෙවියන්ගේ ප්රධානත්වයට පත්වෙලා සියලු යස ඉසුරින් පිරි දිව්ය රාජ්යයේ අධිපති බවට පත්වීමයි. මෙයින් අපට එක දෙයක් පැහැදිලිව පෙනෙනවා. එනම් දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳුන් බවට උපත ලබා සිටින්නේ මිනිස් ලොව සිටි මඝ නම් වූ තරුණයෙක් බවයි. මේ තරුණයා ඔය උතුම් ගුණ ධර්ම හත තුළ පිහිටලා මහත් සේවාවක් කළා. විශ්රාම ශාලා හැදුවා, පැන් පොකුණු හැදුවා, මංමාවත් හැදුවා. හොඳ දේවල් වලට විරුද්ධ අය ලෝකයේ හැමදාම ඉන්නවා. මඝ මාණවකටත් සමහර අය විරුද්ධ වුණා. එයට හේතුව මඝ මාණවකගේ සේවා කටයුතු නිසා අනිත් අයගේ ආනුභාවය අඩුවෙලා ගියා. මඝ මාණවකගේ කීර්ති රාවය පැතිරිලා ගියා. නමුත් මඝ මාණවක එ් කිසිදු නින්දා අපහාසයකින් කම්පා නොවී තමන්ගේ සේවාව කරගෙන ගියා. තමන් යම් තැනක සේවාවක් කරමින් සිටිද්දී එතැනට බාධා කරනවා නම් එතුමා කාටවත් දොස් නොකියා එතැන අත්හරිනවා. වෙන තැනකට යනවා. මඝ මාණවක එවැනි ආකාරයට තමන්ගේ පුණ්ය කටයුතු දිගින් දිගටම කරගෙන ගියා. තමන් සමාදන් වූ උතුම් ගුණධර්ම හත තුළ රැඳී සිටියා. එ් හේතුව නිසාමයි ශක්ර දිව්යරාජයා බවට උපත ලැබුවේ. සක් දෙවිඳු බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට පැමිණෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ ළඟ බණ ඇසූ සක් දෙවිඳුන් සෝවාන් ඵලයට පත්වුණා. එ් වගේම ඔහුගේ පින අවසන් වෙලා තිබුන වෙලාවෙ එ් ශක්ර දිව්ය තනතුරෙන් චුත වෙලා එ් මොහොතේම යළිත් සක් දෙවිඳු බවට පත්වුණා. මේ සක් දෙවිඳුගේ අප්රමාදීව පුණ්ය සම්පත් රැස් කරගැනීමේ සමර්ථකම මතු කරමින් බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා. පින්වතුනේ, පින්වත් දරුවනේ, දැන් ඔබට හොඳට වැටහෙනවා ඇති. මඝ කුමාරයා මොන තරම් යහපත් දේවල් පුරුදු කරපු කෙනෙක්ද. පින් නිසාමයි එබඳු අදහස් කෙනෙකුගේ සිතට පහළ වන්නේ. සමහරුන්ට මේ වගේ ඉතාමත් ලස්සන අදහස් ඇතිවෙනවා. එ් අදහස් වලින් සතුටු වෙලා මෙවැනි, මෙවැනි ගුණධර්ම මමත් ඇති කරගන්නවා කියලා කෑ ගහලා කියනවා. පිරිස මැද්දේ ආඩම්බරයෙන් කියනවා. නමුත් එ් උදවියගේ එ් ලස්සන අදහස් කතාවට විතරක් සීමා වෙනවා. ක්රියාවට නැංවෙන්නේ නෑ. එයට හේතුව ප්රමාදයයි. එහෙම නම් හිතේ ඇතිවෙන ලස්සන අදහස් වලින් ඵල ලබන්න නම්, එ් කෙනා අප්රමාදී වෙන්න ඕන නේද? මඝ කුමාරයා අප්රමාදීව උතුම් ගුණධර්ම හතක් දිවි තිබෙන තුරාවට අඛණ්ඩව පුරුදු කරපු නිසා දෙවියන් අතර රජුන් බවට පත්වුණා. මේ නිසා අප්රමාදීබව කියන්නෙ ලෝකයෙහි මනුෂ්යයන්ව ශ්රේෂ්ඨත්වයට පත්කරවන ප්රධානම බලවේගයයි. මේ ගැන බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා මහත් ඉහළින් වර්ණනා කොට තියෙනවා. බුදුරජාණන් වහන්සේ අප්රමාදය ගැන ඉතාමත් ලස්සන උපමාවක් වදාළා. ලෝකයෙහි සෑම සත්වයෙකුටම තමන්ගේ පාදයේ යම්කිසි ප්රමාණයක් තියෙනවා. එ් නිසා මේ සත්වයන්ගේ පා සටහන් විවිධත්වයෙන් යුක්තයි. මේ සියලූ සත්වයන් අතර ඇතාගේ පා සටහන ගොඩක්ම විශාලයි. මේ ඇතාගේ පා සටහන තුළට ඕනම සත්වයෙකුගේ පා සටහනක් ඇතුල් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළා ‘අප්රමාදය’ කියන්නේ ඇතාගේ පා සටහන වැනි දෙයක් බවයි. ඇත් පිය සටහන තුළට සියලූ සතුන්ගේ පියවර සටහන් ඇතුල් කරන්නට පුළුවන් වගේම අප්රමාදය නම් වූ මේ එකම ගුණය තුළට සියලු ගුණධර්ම ඇතුල් කරන්න පුළුවන්. එනිසා අප්රමාදය නිසා ලොව ජයගත් එ් සියලූ උතුමන් නිරතුරුවම අප්රමාදයට ප්රශංසා කරනවා. උන්වහන්සේලාගේ අතින් ගැරහුම් ලබන්නේ ප්රමාදයයි. බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සිටි ජනතාවට නිතර නිතර අප්රමාදී බවෙහි අනුසස් අසන්නට ලැබුණා. එ් වගේම ප්රමාදයට දොස් ලැබුණා. එනිසා ප්රමාදීව ජීවත් වෙන්න සැදැහැවත් උදවිය කැමති වුණේ නෑ. අප්රමාදීව සිල් රැක්කා. දන් පින් කම් කළා. බණ භාවනා කළා. පින් රැස්කර ගත්තා. අප්රමාදීව පින්කම් කළ නිසාම ඔවුන්ට දෙව්ලොව සැප ලැබුණා. එපමණක් නොවෙයි, උතුම් චතුරාර්ය සත්යය අවබෝධ කරගැනීමේ වාසනාව පවා උදාවුණා. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom