සඟරුවනට නීති එයි

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    සඟරුවනට නීති එයි

    සඟරුවනට නීති එයි

    news feed

    සඟරුවනට නීති එයි
    ව්‍යාපාර - ලයිසන් - ගුරුකම් තහනම්
    රැකියාවලටත් කොන්දේසි
    පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට

    අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ

    ෙත්‍රෙනිකායික භික්‍ෂූන් වහන්සේලාගේ හැසිරීම හා විනය කරුණු පිළිබඳ විධිවිධාන පනවමින් ථෙරවාදී භික්‍ෂු කතිකාවක්‌ ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම්පතක්‌ පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය ඇමැති, ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ (12දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    මෙම පනත් කෙටුම්පතට අනුව ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල නියෑළීම හෝ කරගෙන යැම සහ එම කටයුතුවලට ප්‍රචාරය ලබාදීම ද ෙත්‍රෙනිකායික භික්‍ෂූන් වහන්සේලාට දඬුවම් ලබා දිය හැකිය.

    එමෙන්ම වෙළෙඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම, රියෑදුරු බලපත්‍රයක්‌ ලබා ගැනීම සහ වාහන පැදවීම භික්‍ෂූන් වහන්සේට කළ නොහැකිය. එමෙන්ම අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්‍ෂේත්‍රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ යම් රැකියාවක නියුක්‌ත වීමට ෙත්‍රෙනිකායික භික්‍ෂූන් වහන්සේලාට හැකියාවක්‌ නොමැත.

    ප්‍රසිද්ධ ස්‌ථානවල බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමකට අකැප අයුරින්, භික්‍ෂු විනයට පටහැනි ක්‍රියාවන්හි නියෑළීමද දඬුවම් ලැබිය හැකි වරදකි.

    එකී වැරදි සඳහා දඬුවමද අදාළ කතිකාවක ඇතුළත් කළ හැකි බව පනත් කෙටුම්පතේ දක්‌වා ඇත.

    ඒ අනුව ඉහත වරදට ලැබෙන දඬුවම් මෙසේය.

    වැඩ සිටින විහාරස්‌ථානයෙන් එම භීක්‍ෂූන් වහන්සේ තාවකාලිකව හෝ ස්‌ථීරව ඉවත් කිරීම, විහාරාධිපති ධුරයෙන් තාවකාලිකව හෝ ස්‌ථීරව ඉවත් කිරීම, ශිෂ්‍යභාවයෙන් ඉවත් කිරීම, අදාළ නිකායෙන් හෝ පාර්ශවයෙන් ඉවත් කිරීම සහ භික්‍ෂු ලියාපදිංචිය අවලංගු කිරීම අදාළ වරදට දඬුවම්ය.

    මෙම පනත් කෙටුම්පතට අනුව එක්‌ එක්‌ ථෙරවාදී භික්‍ෂු නිකායේ හෝ පාර්ශවයේ කාරක සංඝ සභාව විසින් එම නිකායට හෝ පාර්ශවයට අදාළ කතිකාවක්‌ සකස්‌ කර සම්මත කර ගත යුතුය. ඉන් පසු එය එකී නිකායේ හෝ පාර්ශවයේ මහානායක හිමියන් විසින් අත්සන් කළ ප්‍රකාශයක්‌ සමඟ බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා වෙත ලියාපදිංචිය සඳහා යොමු කළ යුතුය.

    බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා විසින් එය විශේෂඥ මණ්‌ඩලයත් වෙත ඉදිරිපත් කරනු ලබයි. මෙම විශේෂඥ මණ්‌ඩලය බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා තුන් නමකගෙන්, බෞද්ධ භික්‍ෂූන් වහන්සේට අදාළ විනය රීති පිළිබඳ දැනුම ඇති නීතිඥවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත විය යුතු බවද පනත් කෙටුම්පතේ දක්‌වා තිබේ.

    විශේෂඥ මණ්‌ඩලයේ සහතිකය ලබා දුන් පසු බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා විසින් අදාළ කතිකාවත ලියාපදිංචි කළ යුතුය.

    ඉන් පසු මෙම කතිකාවතේ විධිවිධාන එකී නිකායට හෝ පාර්ශවයට අයත් සෑම භික්‍ෂූන් වහන්සේ නමකටම අදාළ විය යුතුය. එකී කතිකාවතේ විධිවිධාන එම භික්‍ෂූන් වහන්සේ විසින් දැඩිව පිළිපැදිය යුතු බවද, ඊට අනුකූලව හැසිරිය යුතු බවද පනත් කෙටුම්පතේ සඳහන්ය.

    මෙම කතිකාවතේ සඳහන් කලින් සඳහන් කළ විධිවිධාන භික්‍ෂූන් වහන්සේ නමක්‌ විසින් උල්ලංඝනය කළොත් අදාළ නිකායේ හෝ පාර්ශවයේ කාරක සංඝ සභාව විසින් පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුය. චෝදනා ලත් භික්‍ෂූන් වහන්සේටද කරුණු ඉදිරිපත් කිරීමට අවස්‌ථාව හිමි වේ.

    චෝදනාවන්ට වරදකරු වන යම් භික්‍ෂූන් වහන්සේ නමකට කාරක සංඝ සභාව විසින් නියම කරන පෙරකී දඬුවම් පිළිපැදීම එම භික්‍ෂූන්වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කරන්නේ නම් පනත යටතේද එම භික්‍ෂුව වරදකරු කර මහෙස්‌ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කර රුපියල් පනස්‌ දහසකට නොඅඩු දඩයක්‌, හෝ මාස හයකට නොවැඩි සිර දඬුවමක්‌ හෝ එම දඬුවම් දෙකම හෝ ලබා දිය හැකිය.

    යම් කිසි ලෙසකින් වරදකරුවකු වන භික්‍ෂූන් වහන්සේ නමක්‌ වෙනත් නිකායක්‌ හෝ පාර්ශවයක්‌ විසින් භාර ගැනීම හෝ භික්‍ෂුවක්‌ ලෙස ලියාපදිංචි කිරීම නොකළ යුතු බවද පනත් කෙටුම්පතේ දක්‌වා තිබේ.

    පනත් කෙටුම්පතේ විධි විධාන ක්‍රියාත්මක කිරීමේදී හෝ එය බලාත්මක කිරීමේදී ෙත්‍රෙනිකායික මහ නාහිමියන්ගේ තීරණය පරිදි භික්‍ෂූන් වහන්සේලාගේ සිවුරේ වර්ණය නියමිතව දැක්‌වීම සඳහා ද බෞද්ධ විෂය ඇමැතිවරයාට නියෝග සැදිය හැකිය.

    මෙම පනත් කෙටුම්පත ශ්‍යාමෝපාලි මහා නිකාය, ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය යන ථෙරවාදී සම්ප්‍රදායට අනුකූල තුන් නිකාය සහ එම නිකායන් යටතේ පිහිටුවන ලද පාර්ශවයන්ට අදාළ වන බවද සඳහන්ය.

    මෙම පනත් කෙටුම්පතට අදාළ විවාදය ඉදිරි දිනක පැවැත්වීමට නියමිතය.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    සංඝාධිකරණ පනත හමස් පෙට්ටියේ
    භික්ෂුන් වහන්සේ අතර ඇතිවන අර්බුද හා ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා සංඝාධිකරණයක් පිහිටුවීමට යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්යංශයේ අවුරුදු 2කට ආසන්න කාලයක් තිස්සේ තටමමින් තිබෙන බව භික්ෂුන්වහන්සේ චෝදනා කරති.

    මේ සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය දි.මු. ජයරත්න මහතාට ලිඛිතව සංඝාධිකරණය පිහිටුවීමට පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටියහ.
    එයට පිළිතුරු ලෙස පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමටත් ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ක්‍රියාකරන බව අග්‍රාමාත්‍යවරයා පැවැසුවද මෙතෙක් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නැත.
    මේ පිළිබඳ භික්ෂුන් වහන්සේගෙන් විමසීමක් කළවිට උන්වහන්සේ මෙසේ අදහස් දැක්වූහ.

    බෙංගමුවේ නාලක හිමි

    මේ පනත ගෙනඒම රජය මහනායක හිමිවරුන් වහන්සේ සමඟ සාකච්ඡා කරලා කරන්න ඕන දෙයක්. මේ පනත මෙච්චර ප්‍රමාද කරන්න ඕකේ වගකීම රජයේද මහනායක හිමිවරුන්ගේද කියන්න දන්නේ නැහැ. මේක ප්‍රමාද වෙන්න වෙන්න බලපෑම වැඩිවෙන්නෙත් අපිටම තමයි. ඒ පනත ශාසනයේ ආරක්ෂාවට ඉතාම වටිනවා. අතීතයේ සිට රජවරුන් පවා සංඝාධිකරණ පිහිටෙව්වා. මගේ මතය නම් හැකි ඉක්මනින් මේක ක්‍රියාත්මක කරන්න පියවර ගන්න ඕනෑ කියලයි.


    අස්ගිරි මහා විහාරයේ කාරක සභික මැදගම ධම්මානන්ද හිමි

    මේ පනත්වල පමාවීමක් තියෙනවා. විවිධ මතිමතාන්තර නිසායි මෙය ගොඩාක් දුරට කල් ගියා වැඩියි කියලා පිළිගන්න වෙනවා. නීතිරීති හේතුවෙන් භික්ෂුන්වහන්සේගේ ජීවිත චරියාවට බලපෑම් එල්ල වෙයි. දේශපාලනිකව හෝ බලපෑම් එල්ල වෙයි කියන මතය හේතුවෙන් සමහර භික්ෂුන් වහන්සේම ඒක ප්‍රතික්ෂේප කළා. එහෙත් දැන් ඒ පනත පාර්ලිමේන්තුවට ගෙන එන්න අවසන් අදියරේ තිබෙන බව අපිට දැන ගන්න ලැබුණා. අනෙක මේ පනත කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත මිසක් සංඝාධිකරණ පනත නෙවෙයි.


    බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි

    සංඝාධිකරණ පනත ක්‍රියාත්මක කරන්න දැනටමත් පමා වැඩියි. ඒකෙ මකුළුදැලේ බැඳිලා. බෞද්ධයන්ට සලකනවා කියන්නේ තොරණ, වෙසක් කූඩු, වීථි සැරසැලි නෙවෙයි. බෞද්ධාගම ආරක්ෂා කරගන්න නීති අණ පනත් සකස් කරලා බෞද්ධයා රැකගන්න ඕනෑ. ඒ සඳහා වගකිව යුත්තෝ වගකීම නිසි ලෙස ඉටුකරන්න දැනගන්න ඕනෑ.
    මේ සම්බන්ධව බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.බී.කේ. දිසානායක මහතා දහස් දක්වමින් මෙසේ පැවැසීය.
    මේ පනත ඉක්මනින් පාර්ලිමේන්තුවට ගේන්න කටයුතු කරනවා. දැන් අවසන් අදියරේ තියෙන්නේ. පෙරේදා (12දා) මහා නායක හිමිවරුන්ට පනත තැපැල් කළා. ඒවා හිමිවරුන් සංශෝධනය කර නැවත ලැබෙන්නට සැලැස්සුවාම අනුනායක හිමිවරුන්ගේත් අවසර ලැබුණාට පසුව පාර්ලිමේන්තුවට ගේන්න කටයුතු කරනවා.


    http://www.mawbima.lk/86-58202-news-detail.html
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හැමදේටම සර්වාගමික, සහජීවන, යහපාලන.. අනං මනං.. එක එක කතා කියන අයම මේ නීති ගේන එකේ.. එක ආගමක් විතරක් ඉලක්ක කරන්නෙ ඇයි කියල ප්‍රශ්ණයකුත් නැතුවා නොවෙයි නේද? බැලූබැල්මට යම් සාධනීය කරුණු කිහිපයක් තිබුනත්..:rolleyes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    user_online.gif