සචිත්‍ර වැඩේ ගොඩදායි ද..?

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    සචිත්‍ර වැඩේ ගොඩදායි ද..?

    සත්කාරක දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තුන්වැනි එක්දින තරගය සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේරසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමට අතුළත්වනු ඇතැයි විශ්වාසය පළවෙනවා.
    පලමු තරගයට ක්‍රිඩා කළ අජන්ත මෙන්ඩිස් ආබාධයකට ලක්වීමෙන් අනතුරුව යළි මව්බිමට පැමිණි අතර සචිත්‍ර කණ්ඩායමට එක්වූයේ ඒ වෙනුවටයි. රුහුණ සහ සිංහල ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දක්වා ඇති සචිත්‍ර සේරසිංහ පළමුපෙළ තරග 59 කදී කඩුළු 297 ක් බිඳහෙළා තිබෙනවා. ඊට අමතරව පැවති තරගාවලිවලදී ද ඔහු දක්වා ඇති දස්කම් ඉහළ බව ක්‍රීඩා වාර්තාවල දැක්වෙනවා.


    sachithra.jpg


    මේ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තුන්වෙනි පිතිකරු ස්ථානයට කොලින් ඉන්ග්‍රම් තෝරාගැනීම සිදුවේ යැයි එරට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා. තුන්වෙනි පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කරමින් මුල් තරග දෙකේදී දස්කම් දැක්වූ ජැක් කලීස් ඉදිරිතරඟවලදී විවේක ගනිමින් තිබීම ඊට හේතුවයි.

    2015 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩාකිරිමට අපේක්ෂා කරන බැවින් කලීස් තරගවලට සහභාගිවන්නේ විරාමයන්ද සහිතවයි. ඉන්ග්‍රම් මෙතෙක් එක්දින ජාත්‍යන්තර තරග 12 කට ක්‍රීඩාකරමින් ශතක දෙකක්ද රැස්කර තිබෙනවා. ඔහුගේ පිතිකරු සාමාන්‍ය 41.55 ක්.

    මිට අමතරව ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ඉදිරි තරග තුනට හෂීම් අම්ලා ද ක්‍රීඩා නොකරන බව වාර්තා වුණා. ඔහුගේ භාර්යාව සිය කුළුදුල් දරුවා බිහිකිරීම නිසා පිය පදවිය හිමිවූ අම්ලාට දරු සුරතල් බැලීම සඳහා විවේකය ලබා දී තිබෙනවා.
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මට නන් ආරන්චි වීසා ප්‍රශ්නයක් වෙලා SA වලට යන්න පරක්කු වෙල කියල...4th මැච් එකටනන් අනිව ගහයි ලු...අද එක නන් ශුවර් නෑ..