FIFA ලෝක කුසලානයේ ඉතිහාසයෙන් බිඳක්
මේ දිනවල අති උත්කර්ෂවත් ලෙස මුල්ම වරට මැදපෙරදිග රාජ්‍යයක පවත්වන පා පන්දු ලෝක කුසලානය ලෙස කාටාර් රාජ්‍යයේ පැවැත්වෙන FIFA ලෝක කුසලානයේ අවසාන අදියරය කරා කෙමෙන් කෙමෙන් ළඟා වෙමින් පවතිනවා.ඉතිං එහි ඉතිහාසයේ විශේෂ තොරතුරු කිහිපයක්
1930 සිට පැවැත්වෙන ලෝක පාපන්දු කුසලානයේ මේ දක්වා ජයග්‍රහණය කර ඇත්තේ රටවල් 8 පමණි (බ්‍රසීලය 5,ජර්මනිය4 ඉතාලිය 4,ආර්ජන්ටිනාව 2,ප්‍රංශය 2,උරුගුවේ 2,එංගලන්තය 1,ස්පාඤ්ඤය 1)
මේ දක්වා රටවල් 17ක් එහි සත්කාරකත්වය දරා තිබෙනවා.
ඉතිහාසයේ වැඩිම පිරිසක් නැරඹූ තරගය වන්නේ(ක්‍රීඩාංගනය තුල) 1950 වරෂයේ බ්‍රසීලය හා උරුගුවේ අතර බ්‍රසීලයේ මරකානා ක්‍රීඩාංගනයේ පැවති තරගයයි (173850)
මුලින්ම ලෝක කුසලානය ජයගනු ලැබුවේ උරුගුවේ කණ්ඩායම වන අතර ඉන්පසු 1950දී ඔවුන් නැවතත් ලෝක කුසලානයක් ජයග්‍රහණය කල අතර.
ඉන් පසු ඔවුන්ට මේ දක්වා කිසිදු ලෝක කුසලානයක අවසන් තරගයකට හෝ සහභාගී වීමට නොහැකි වී ඇත.
මේ වන විට ශ්‍රේණිගත කිරීම් වල 2වන ස්ථානයේ හා කලක් ලොව 1වන ස්ථානයේ පවා රැදි සිටි බෙල්ජියම් කණ්ඩායමට මේ දක්වා කිසිදු ලෝක කුසලානයක අවසන් මහා තරගයකට හෝ තරග කිරීමට අවස්ථාවක් ලැබී නොමැත.
ලෝක කුසලාන තුනක් ජයග්‍රහණය කිරීම සදහා සහය ලබා දුන් එකම ක්‍රීඩකයා වන්නේ බ්‍රසීලයේ සුපිරි ක්‍රීඩක පේලේය.
ලෝක කුසලාන තරග වල වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා කිරීමේ වාර්තාව තවමත් හිමි වන්නේ හිටපු ජර්මානු සුපිරි ක්‍රීඩක Miroslav Klose (16)හටය.
වැඩිම ගෝල ලබා ගත් ලැයිස්තුවේ මුල් 10 දෙනා අතර ජර්මානු ක්‍රීඩකයින් 4 දෙනෙකුම රැදී සිටීම විශේෂත්වයකි.
වර්ථමානයේ මෙම ලැයිතුව තුල සිටින එකම ක්‍රීඩකයා ආර්ජන්ටිනාවේ Lionel Messi පමණි.
ලෝක කුසලාන වල වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා කර ඇති රට වන්නේ බ්‍රසීලයයි.ජර්මනිය මෙහි දෙවන ස්ථානයේ පසු වේ.
මේ දක්වා කිසිදු ආසියාතික රටකට අවසන් මහා තරගයකට හෝ තුන්වෙනි ස්ථානයට හෝ පත් වීමට නොහැකි වී ඇත.අවසන් පූර්ව තරගයකට හෝ ක්‍රීඩා කිරීමට වාසනාව හිමි වූ එකම රට වන්නේ දකුණු කොරියාව පමණි.
සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ක්‍රීඩා කරන ප්‍රබල පෘතුගාල කණ්ඩායමට තවමත් අවසන් මහා තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වී නොමැත.
4 වරක් ලෝක කුසලානය ජයග්‍රහණය කල ප්‍රභල ඉතාලි කණ්ඩායමට අවසාන ලෝක කුසලාන අවසන් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි විය.
ලෝක කුසලානයක සත්කාරකත්ව ලබා දුන් රට ජයග්‍රහණය කර අවස්ථා ඇත්තේ 7ක් පමණි එම වාසනාව හිමි වූ රටවල් වන්නේ උරුගුවේ,ඉතාලය,එංගලන්තය,ජර්මනිය,ආර්ජන්ටිනාව හා ප්රංශයයි.
ලෝක කුසලානයක් සත්කාරක රටක් ලෙස අසාර්ථකම වූ රට මෙවර 2022 සත්කාරක රට වූ කටාරයයි.ඔවුන්ට මෙවර මුල් වටයෙන්ම ඉවත්වීමට සිදු වූවා පමණක් නොව තරගාවලියේ අවසන් ස්ථානයද හිමි විය.
මේ දක්වා සියලුම ලෝක කුසලානව වලට සහභාගී වීමට වාසනාව ලද එකම රට ප්‍රබල බ්‍රසීලයයි.
වැඩි වාර ගණනක් තරගයේ වීරයා වී ඇත්තේ ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක Lionel Messi ය.
අවසන් මහා තරගයකට ක්‍රීඩා කල ලාබාලතම ක්‍රීඩකයා වන්නේ සුපිරි ක්‍රීඩක පේලේය.
එක් කණ්ඩාමක් වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා උන තරගය වන්නේ හංගේරියාව(10)හා එල් සැල්වදෝරය(01) අතර 1982 තරගයකයි.
කණ්ඩායම් දෙකම වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා කල තරගය වන්නේ ඕස්ට්‍රියාව (7) හා ස්විට්සර්ලන්තය (5) අතර තරගයයි.
අවසන් මහා තරගයක වැඩිම ගෝල වාර්තා කර ඇත්තේ බ්‍රසීල(5) 1958 දී කණ්ඩායමයි.
එක් තරගාවලියකදී වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා කර තිබෙන්නේ හංගේරියානු කණ්ඩායමයි (27) 1954 දී.
තරගාවලියකදී වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ 1998 හා 2014 තරගාවලි වලදීය(171)(තරග 64)
නමුත් වැඩිම ගෝල ප්‍රතිශතයක් වාර්තා වී තිබෙන්නේ 1954 දීය (තරග 26 ගෝල 140 ප්‍රතිශතය 5.38)
දඩුවම් පහරවල් මගින් වැඩිම තරග ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇත්තේ ආර්ජන්ටිනා කණ්ඩායමයි.
ලාබාලතම දැල් රකින්නා උතුරු කොරියාවේ Lee Chang-mung (අවු 19) නම් ක්‍රීඩකයාය.
අඩුම තරග ගණනක් ක්‍රීඩා කර ඇති කණ්ඩායම ඉන්දුනීසියානු(1) කණ්ඩයමයි 1938 දී
වැඩිම තරග ගණනකට සහභාගී වී ඇත්තේ බ්‍රසීල කණ්ඩායමයි (113)
පිට පිටම දෙවතාවක් ලෝක කුසලානය ජයග්‍රහණය කර ඇත්තේ බ්‍රසීලය (1958,1962) හා ඉතාලිය (1934,1938) පමණි.
මුල් කාලයේ ජයග්‍රහකයින්ට ලබා දුන් කුසලානය Jules Rimet ලෙස හදුන්වන අතර එය හිටපු ලෝක පාපන්දු සංගමයේ හිටපු සභාපතිවරයෙකුගේ නමකි.එය 1930 මුල් ලෝක කුසලානයේ සිට ජයග්රාහකයින්ට ලබා දුන් අතර ජයග්‍රාහකයින් හට ස්ථීරවම තබා ගැනීමට ලැබුනේ එහි අනුරුවක් පමණක් වූ අතර සත්‍ය කුසලානය පා පන්දු සංගමය සතුව පැවතිනි. නමුත් 1970 දී බ්‍රසීලය විසින් තුන්වන වරටත් ලෝක කුසලානය ජයග්‍රහණය කල පසු.එම කුසලානය ඔවුන් හට ස්ථීරව තබා ගැනීමට ලබාදෙන ලදි.
ඉන්පසු 1974 දී නව කුසලානයේ දී FIFA world Cup Trophy නමින් ලෝක කුසලානයක් නිපදවූ අතර එදා සිට අද දක්වාම ලබා දෙන්නේ එම ලෝක කුසලානයයි.එයද අනුරුවක පමණක් වන අතර එය මුලින්ම දිනා ගත් කණ්ඩායම ජර්මානු කණ්ඩායම විය.
එමෙන්ම 2014 වර්ශයේදී ලැබූ ජයත් සමග නව ලෝක කුසලානය තුන්වරක් දිනූ ප්‍රථම හා එකම රට බවට ජර්මනිය පත් උවත් මෙවර ඔවුන්ට සැබෑ ලෝක කුසලානය ස්ථීරවම ලබා දුන්නේ නැත.
වසර 92ක් පැරණි ලෝක කුසලාන ඉතිහාසය තුල ලෝක කුසලානය බෙදී ගොස් ඇත්තේ දකුණු ඇමරිකානු හා යුරෝපීය රටවල් 8ක් අතරේ පමණි වෙනත් කිසිදු මහද්වීපයක රටකට එහි පහස හිමි වී නොමැත.
එමෙන්ම අවසාන ලෝක කුසලාන 4ම ජයග්‍රහණය හිමි වී ඇත්තේ යුරෝපීය රටවල් වලට පමණි.
ඊළඟ ලෝක කුසලානය 2026 දී ඇමරිකාව,මෙක්සිකෝව හා කැනඩාව යන රටවල් මූලික කරගෙන පැවැත්වෙන අතර ඒ සදහා ප්‍රථම වරට රටවල් 48ක් සහභාගී කර ගැනීමට නියමිත බව සදහන්.එහිදී මෙක්සිකෝව ලෝක කුසලාන තරගාවලි තුනක තරඟ පැවැත්වූ ප්‍රථම රට බවට පත්වීමට නියමිත අතර.කැනඩාවේ ලෝක කුසලානයක තරඟ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව ද වේ.