සජබෙට බවුන්සරයක්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    තමන් කරන්නේ කුමක් දැයි නොදන්නා තවත් පක්ෂයක් වේ නම් එය සමගි ජන බලවේගයයි.

    විටෙක ඔවුන් මිශ්‍ර ආර්ථිකයක් ගැන කියති. තවත් වරෙක ඔවුන් ධනවාදී ආර්ථිකයක් නිර්මාණය කරන බව කියති.

    විටෙක සෘජු බදු ඉල්ලති, විටෙක එයට විරුද්ධ වෙති.

    විටෙක පුද්ගලීකරණය ගැන කියවති. තවත් වරෙක පුද්ගලීකරණයට විරුද්ධ බව කියති.

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු මේ රටේ මේ මොහොතේ සිදුවන අත්‍යාවශ්‍යයම ප්‍රතිසංස්කරණයකි. ඔවුන් එයට ද විරුද්ධ වෙති.

    මේ පක්ෂයට දැක්මක් හෝ මතවාදයක් නොමැති බව ද එයට දීර්ඝකාලීන වැඩපිළිවෙලක් නොමැති බව ද අර්බුදය ගැන වැටහීමකින් කටයුතු නොකරන බව ද හැර අන් කිසිවක් මින් ගම්‍ය නොවේ.

    අවාසනාවකට ඔවුන් මේ රටේ ප්‍රධාන විපක්ෂයයි.

    පැතුම් කර්නර්
    #හරිත
    #Weneednewleaders
     
    • Haha
    • Like
    Reactions: asirir and haunte