සජිත් පරාජය භාර ගනී

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    සජිත් පරාජය භාර ගනී

    මෙතෙක් කලක් එක්සත් ජාතික පක්ෂ නායකත්වය ‍වෙනුවෙන් සටන් වැදුණු සජිත් ප්‍රේමදාස මහතා පරාජය භාරගෙන සටනින් ඉවත්වීමේ ලකුණු පෙනෙන්නට තිබේ. පෙරේදා එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුවේ ජෝෂප් මයිකල් පෙරේරා සහ කබීර් හසීම් මන්ත්‍රීවරුන් හමුවූ අවස්ථාවේදී ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ ප්‍රතිසංවිධාන කමිටුවේ යෝජනා තමන් පිළිගන්නා බවයි. එමෙන්ම, රනිල් වික්‍රමසිංහ මහතා සතු නායකත්වය මේ අවස්ථාවේදී උදුරා ගැනීමට තමන්ගේ අවශ්‍යතාවයක් නැති බවද ඔහු පවසා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබී ඇත.

    පක්ෂය තුළ පැවැති බල අරගලයේදී යළි සිය බලය තහවුරුකර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සමත්වූ බව අපි පසුගිය සතියේ වාර්තා කළෙමු. ප්‍රේමදාස මහතාගේ මෙම තීරණය ප්‍රකාශයට පත්වූයේ ඉන් අනතුරුවය. මෙම ප්‍රශ්ණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය ගෙන රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පෙනී සිටි එ.ජා.ප. මන්ත්‍රීවරුන් නව තීරණයත් සමග බරපතල අපහසුතාවයකට පත්වී ඇතැයිද වාර්තා‍වේ.

    source - http://www.lankatruth.com/sin/index...-58-06&catid=35:2008-10-13-08-30-14&Itemid=63


    Its the right decision , Still Ranil Is the Most suitable Leader for UNP / Sri Lanka