සටන් විරාමය කාටද? මොකටද?
සටන් විරාමය කාටද? මොකටද?
ඇමෙරිකානූ රාජ්*ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය හා බ්*රිතාන්*ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් මහතා සිහිනයෙන් අවදි වී සිටිත්දැයි සැක සිතෙන තරමේ නිවේදනයක් ඔවූන් විසින් කරන ලද බව අපගේ හැඟීමයි. මේ දෙදෙනාගේම රටවල ආණ්ඩූ හා ප්*රධානීන් මානව හිතවාදය හා ප්*රජාතන්ත්*රවාදය ගැන දක්වන උනන්දුව නිසාම මෙබඳු නිවේදනයක් කළාදෝ හෝයි අපි නොදනිමූ. එහෙත් කිසිදු වග විභාගයක් නැතිව අහසින් කඩා වැටූණාක් මෙන් මෙබඳු නිවේදන නිකුත් කිරීම රාජ්*ය තාන්ත්*රික භාවයට විශාල මදිපූංචිකමක් බවද අපගේ විශ්වාසය හා පිළිගැනීමයි.
අපි පළමූවෙන්ම ඔවූන්ගේ නිවේදනයේ හරය විමසා බලමූ. වන්නියේ ජන ජීවිත සූරක්ෂිත කිරීම සඳහා ශ්*රී ලංකා රජයේ මෙන්ම එල්. ටී. ටී. ඊ. සංවිධානයේද අවධානය යොමූ විය යූතු බව කියන ඔවූහූ ඒ සඳහා සටන් විරාමයක් යෝජනා කරති. බැලූ බැල්මට ඔවූන්ගේ යෝජනාව ඉතා අහිංසක එකක් බව පෙනී ගියත් මේ වෙලාවේ නම් එය බරපතල හා භයානක එකක් බව අපි සෘජූවම කියමූ.
එල්. ටී. ටී. ඊ. යට ලබා දෙන සටන් විරාමවල ප්*රතිඵල කෙබඳු දැයි මේ වන විට හොඳින් අනාවරණය වී තිබේ. සාකච්ඡා මගින් අර්බූදය විසඳා ගැනීමට ශ්*රී ලංකා රජය ලබා දුන් හැම සටන් විරාමයක්ම යොදා ගෙන ඇත්තේ ඔවූන්ගේ යූද ශක්තිය වර්ධනය කිරීමට බව ඉතා පැහැදිලිය, එල්. ටී. ටී. ඊ. ය සතුව ගුවන් යානා ධාවන පථ හතක් තිබූණූ අතර අවි නිෂ්පාදන කම්හල්, ආහාර ගබඩා, සබ්මැරීන්, බෙහෙත් යනාදී බොහෝ දේවල් හමූදාව විසින් සොයා ගනූ ලැබ ඇත.
වන්නි ප්*රදේශයේ ජනතාව වෙනූවෙන් තිබූණූ රෝහල්, ඔවූන්ගේ දරුවන් සඳහා වූ පාසල් යනාදියද කොටින්ගේ යූදමය ක්*රියාකාරකම් සඳහා භාවිත වී ඇත. එමතු නොව ඇමෙරිකාව, බ්*රිතාන්*යය ඇතුළු බටහිර රටවල් හා සබඳකම් තිබූණූ බොහෝ රාජ්*ය නොවන සංවිධානවල සම්පූර්ණ ආධාර උපකාර පවා ලැබී ඇත්තේ ප්*රභාකරන්ගේ ඊනියා ඊළම වෙනූවෙන් බව ඔප්පූ වී තිබේ.
සූනාමියෙන් විපතට පත් වූ උතුරේ ජනතාවට ලැබූණූ ජාත්*යන්තර ආධාර, බෙහෙත් යනාදිය ද ප්*රභාකරන්ගේ ඝාතකයන් විසින් සිය දුෂ්ට අරමූණ උදෙසාම භාවිත කරන ලද බව හෙළිවී තිබේ. උතුරට යෑමට තිබූණූ දුම්රිය මාර්ගයේ සිල්පර කොටන් හා රේල්පීලි පවා ගලවාගෙන ප්*රභාකරන්ගේ ඊළාම් සමාගමේ සාමාජිකයන් ඒවායින් සිය නායකයන්ට බංකර් සාදා දී තිබිණි.
ප්*රභාකරන් සැඟවී සිටි සූපිරි නිවස හා ඒ අවට ඉදිවූූ සූපිරි නිවාස පෙළ දකින කවරෙකුට වූවද සිහි වන්නේ අහිංසක දෙමළ ජනයා සරණාගතයන් ලෙස කූඩාරම්වල කඹූරද්දී මේ ඊනියා විමූක්ති නඩය සූර සැප විඳි ආකාරයයි. ප්*රභාකරන්ගේ මාලිගාව තුළ විදුලි සෝපානයක්ද විය.
අප විසින් මේ අපිළිවෙළට සඳහන් කරන ලද්දේ කිළිනොච්චියේ හා මූලතිව් ප්*රදේශවලින් පමණක් හෙළි වූ දේවල්ය. බටහිරට සම්බන්ධ බොහෝ දෙනෙක් කිළිනොච්චියට ගොස් ප්*රභාකරන් හමූවූ බවද නොරහසකි. ඒ ගිය ගමන් බිමන් වලදී මූලතිව්වලට ගොස් ප්*රභාකරන්ගේ සූපිරි මාලිගාවේ විවේක සූවය විඳීමේ භාග්*යය ලද අයද සිටිය හැකි වෙති.
මේ සියල්ලම ප්*රභාකරන් නැලවූ බටහිර මිතුරන්ගේද විශේෂයෙන් නෝර්වේ නඩයේ ද ආධාර උපකාර මධ්*යයේ ඔවූන් ලද ප්*රතිලාභ නොවෙත්ද? අපට මානව හිමිකම් හා ප්*රජාතන්ත්*රවාදය ගැන කියා දෙන්ට එන බටහිර මහත්වරුන්ට හා නෝනාවරුන්ට මේවා එසේ නොවේ යැයි කිව හැකිද? අපට තව ප්*රශ්නයක් ඔවූන්ගෙන් ඇසීමට තිබේ. එනම් ඔබලා ප්*රභාකරන්ට දක්වන අනූකම්පාව බින්ලාදින්ට දක්වන්නෙහිද? වන්නි ජනතාවට දක්වන කරුණාවට, දයාවට, ඉරාකයේ හෝ ඇෆ්ගනිස්ථානයේ හෝ ජනතාව සූදුසූ නොවෙත්ද?
ඇමෙරිකාවේ හිටපූ ජනාධිපතිවරයා ඉරාකයේ ප්*රජාතන්ත්*රවාදය වෙනූවෙන් සදාම් හූසේන් පෝරකයට යැවූ ආකාරයට ශ්*රී ලංකාවේ ප්*රජාතන්ත්*රවාදය වෙනූවෙන් ප්*රභාකරන් පෝරකයට යැවීමට ක්*රියාකිරීමට ඔබලා සූදානම්ද? සදාම් හූසේන් ද්*රෝහියෙක් ලෙස එල්ලා දැමූ බූෂ් මහත්තයා නිකම්වත් ප්*රභාකරන්ට ද්*රෝහියෙකියි කියා තිබෙනවාද?
හිලරි ක්ලින්ටන් මහත්මියටත් ඩේවිඩ් මිලිබෑන්ඩ් මහත්මයාටත් කරුණූ කියනූ හැර ඒවා මොළය තුළට ඇතුළු කිරීමට අපට බැරිය. මොළය හොඳින් ක්*රියාත්මක වන්නේ නම් මේ කරුණූවල ඇත්ත නැත්ත විමසා බලා තමාගේ නිවේදනය මොනතරම් හාස්*යජනක හා තකතීරු අමන එකක්දැයි දැනගත හැකිය. එහෙත් මූලින් සඳහන් කළ ආකාරයට සිහිනෙන් අවදි වී මෙබඳු දෙයක් කර ඇත්නම් දෙදෙනාම කළ යූත්තේ හොඳ ටොකු දෙක තුනක් හූවමාරු කර ගැනීමය.
කවදත් අප වෙනූවෙන් දුක් ගන්නා සම සභාපතිවරුන්ට ද වචනයක් කිව යූතුය. ඒ මේ රට වැනසූ බිහිසූණූ ෆැසිස්ටිවාදී නායකයාගේ මෘග සංවිධානය දේශපාලන පකෂයක් වශයෙන් පිළිගැනීමට යෝජනා කිරීම ගැනය. අවි බිම තබා යටත් වන්නැයි ඔවූන් විසින් කරන ලද ඉල්ලීමට පවා පයින් ගැසූ වේළුපිල්ලේ ප්*රභාකරන් සමග සාකච්ඡා කරන්නේ අහවල් කෙංගෙඩියදැයි අපි අමූ හිංගලෙන්ම අසමූ.
divaina 2009/02/08