සත්තු නිදැල්ලේ : නරඹන්නෝ කූඩුවේ

Jimmy Neutron

Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    සත්තු නිදැල්ලේ : නරඹන්නෝ කූඩුවේ

    පින්නවල අක්කර 47 ක එළිමහන් සත්වෝද්‍යානය අද ( 17) උදේ 10.05 ට විවෘත විය. මුල් අදියරට රුපියල් කෝටි 80 ක් වැය විය. උසස් අධ්‍යාපන, මහා මාර්ග අයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය කබිර් හෂිම්, සංචාරක හා ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය චම්පිකා පේ‍්‍රමදාස හා රඹුක්කන පළාත් සභා මන්ත්‍රී සන්දිත් සමරසිංහ යන මහත්වරු විශේෂ ආරාධිතයෝ වූහ.

    1999 දී ධර්මසිරි සේනානායක හිටපු සංචාරක ඇමැතිගේ සංකල්පයක් අනුව වාගොල්ල කෘෂිකර්ම ගොවිපොළේ මෙම සත්තු වත්ත ඉදි කැරිණි. දෙහිවල සත්තු වත්ත මෙන් දෙගුණයක් පමණ එය විශාලය. සතුන්වත්ත සම්පූර්ණවූ විට එහි භූමි ප්‍රමාණය අක්කර 140ක් පමණ වේ. මැයි 1 වැනිදා දක්වා නොමිලයේ සත්තුවත්තට ඇතුළු වීමට හැකි බව ජාතික සත්වඋද්‍යාන අධ්‍යක්ෂ අනුර ද සිල්වා මහතා කියයි.

    දිවි අරණ, වලස් අරණ, මුව අරණ, කිඹුල් අරණද අලි ඇතුන්ද පක්ෂීන් හා උරගයින්ද මෙහිදී දැක ගැනීමට හැකිය. පින්නවල අලි අනාථාගාරයට යාබදව මෙය ඉදිකර ඇත. මෙහි විශේෂත්වය වනුයේ නිදැල්ලේ සැරිසරන සතුන් බැලීමට මිනිසුනට කූඩුවකට ඇතුළුවීමට සිදුවීමයි.

    L-2.jpg

    L-12.jpg




    http://www.lankadeepa.lk/index.php/top_story/309668
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දිවි අරණ, වලස් අරණ, මුව අරණ, කිඹුල් අරණද අලි ඇතුන්ද පක්ෂීන් හා උරගයින්ද මෙහිදී දැක ගැනීමට හැකිය

    man hithuwa ooka danatamath thiyenne malabe kiyala! :lol: