සත්තු වත්තේ අතුරුදන්වූ 'කහ ඇනකොන්ඩා' පැටවා හමුවෙයි..😳

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,345
    47,251
    113
    සත්තු වත්තේ අතුරුදන්වූ 'කහ ඇනකොණ්ඩා' පැටවා හමුවෙයි

    දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිට අතුරුදන් බව කියූ 'කහ ඇනකොණ්ඩා' පැටවා සොයාගෙන තිබේ.

    අදාළ අතුරුදන්වීම සම්බන්ධයෙන් උරග උයනේ සත්ව භාරකරුගේ වැඩ තහනමට ලක්කර පැය 24ක් ගතවීමට මත්තෙන් උරග උයන තුළ යකඩ පෙට්ටියක සිටියදී මෙම කහ ඇනකොණ්ඩා පැටවා සොයා ගැනීමට හැකිවී ඇත.

    ඉකුත් දිනෙක කාන්තාවක විසින්‌ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කහ ඇනකොණ්ඩා ඇතුළු සර්ප විශේෂ 4කට අයත් සර්පයින් 6 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ නිලධාරීන් විසින්‌ අත්අඩංගුවට ගෙන රැකබලා ගැනීම සඳහා 2025.09.15 වන දින දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත භාරදීමෙන් පසු උරග උයන තුළ නිරෝධායනය සඳහා යොමුකර සිටියදී අවුරුද්දක් පමණ වයසැති අඩි 1 1/2ත් 2ත් පමණ දිගැති සත්වෝද්‍යානය සතුව සිටි ලංකාවේ එකම කහ ඇනකොන්ඩා පැටවා මෙලෙස අතුරුදන්වී ඇති බවට ඉකුත් 7 වනදා දෙහිවල පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

    කහ ඇනකොණ්ඩා භාරව සිටි සේවකයා ප්‍රකාශ කර තිබුණේ අතපසුවීමකින් පැටවා රඳවා සිටි පෙට්ටියේ දොර වසා නොතිබීම හේතුවෙන් පැටවා එළියට ගොස් ඇති බවය.

    මේ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ සත්වෝද්‍යානය තුළ සේවකයන් යොදවා සෝදිසි කිරීම් සිදුකර තිබුණද කහ ඇනකොණ්ඩා පැටවා සොයා ගැනීමට නොහැකි විය.

    පසුව මේ පිළිබඳව උරගයින් භාරව සිටි සත්ව භාරකරුට එරෙහිව මූලික පරීක්‍ෂණ සිදුකිරීමෙන් අනතුරුව ඊයේ (16) ඔහුගේ වැඩ තහනමට ලක්කර තිබුණි.

    එවන් පසුබිමක මෙලෙස උරග උයන තුළ යකඩ පෙට්ටියක සිටියදී මෙම කහ ඇනකොණ්ඩා පැටවා සොයා ගැනීමට හැකිවී ඇත.

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    අදාළ අතුරුදන්වීම සම්බන්ධයෙන් උරග උයනේ සත්ව භාරකරුගේ වැඩ තහනමට ලක්කර පැය 24ක් ගතවීමට මත්තෙන් උරග උයන තුළ යකඩ පෙට්ටියක සිටියදී මෙම කහ ඇනකොණ්ඩා පැටවා සොයා ගැනීමට හැකිවී ඇත.
    හොරා කවුද කියන්න මේ ටිකම ඇති😂
    වෙන පරීක්ෂණ ඕනේ නෑ😁