සත්‍ය_ප්‍රේමය

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ගාමිණී බොහොම අවංක මිනිහා. චලනීත් ඉතින් එහෙම තමයි.මේ ළඟදී දෙන්නගේ සත්‍ය ප්‍රේමය බෙදා හදා ගත්ත කියන්නේ මෙහෙමයි
    මගේ පැටියෝ.. මට ඔයාට දෙන්න තියෙන්නේ මහේ පිවිතුරු හදවත විතරයි.. මට දෙපළ නැහැ ලොකු රස්සාවක් නැහැ කියන්න තරම් ලොකු පවුලක් නෑදැයොත් නැහැ..
    තෝමස්ට වගේ කොටි ගණන් ධන නිධාන් වස්තුවත් මට නැහැ .
    එත් මගේ ආදරේ ඒ ඔක්කොටම වඩා විසාලයි..
    මට ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ මගේ මැණික් කැටේ . ගාමිණී බොහොම හැඟුම් බරව කියල දැම්ම..
    මගේ රත්තරන් ගාමිණී.. ඔයා මට එච්චරම ආදරේද ? චලනී එහෙම ඇහුවේ ගාමිණීගේ පෙමින් තෙත්වුනු ඇස දිහා බලාගෙන..
    ඔවු මගේ පැන්චී.. මේ මුළු ලෝකෙටම වැඩිය මං ඔයාට ආදරෙයි.. ගාමිණි දෑතින් චලනීගේ වූවන අල්ලාගෙන එයාගේ ඇස්වලට එබිලා කිවුව
    මං ඔයාගෙන් එහෙනම් එක දෙයක් ඉල්ලන්නද ? චලනී හුරතල් උනා.
    ඕන දෙයක් ඉල්ලන්න සල්ලි වලින් කරන්න බැරි.. මගේ හදවත ඉල්ලුවත් මං දෙනවා.. දැන් ගාමිණීට කතාකරගන්නත් බැරි තරම්.. ආදරේ ඉතිරිලා..
    චලනී ගාමිණීගේ කනට ආදරෙන් කෙඳිරුවා

    “අනේ එහෙනම් රත්තරන් පැටියෝ මට තෝමස්ව අඳුන්වලා දෙන්නකෝ..” .


    :P:P

    උපුටා ගැනීම : http://www.thelastrow.net/