සතුටින් ජීවත්වෙන්න ක්‍රම 10ක්

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
සතුටින් ජීවත්වෙන්න ක්‍රම 10ක්

සතුටින් ජීවත්වෙන්න ක්‍රම 10ක්

ලසතුට කියන්නේ මුදල්ම නෙවෙයි.ල මේ කියමන හුඟක් ජනප්‍රියයි. ඔව් ඇත්තෙන්ම සතුට තිඛෙන්නේ තමන් ළඟ. උත්සාහ කළොත් ඒ සතුට සොයා ගන්න පුළුවන්. මේ කරුණු 20 අත්හදා බලන්න. සතුට ඔබ සොයා එන බව ස්ථීරයි.

1 පසුගිය දේට යන්න ඉඩදෙන්න. ඉන් පාඩම් ඉගෙන ගන්න.
ඔබේ අතීතය ඔබට අනර්ඝ සිහිවටනයක් නොවේ. නමුත් එය ඔබට පාඩමක් උගන්වනවා. වේදනාව, රිදුම්, දුක පහව යන්නට ඉඩදෙන්න. ඒවා අමතක කර දමන්න. නමුත් ඉන් උගත් පාඩම් නැවැත එවැන්නක් සිදු නොවීමට හේතුවක් කරගත යුතුයි.

2 ඔබට තිඛෙන දේ ගැන සතුටු වන්න.
අන් අයට තරම් දේ ඔබට නොතිඛෙන්න පුළුවන්. නමුත් තිඛෙන දෙයින් සතුටු වෙන්න. එයට ආදරය කරන්න. තිඛෙන සියල්ල ලැබීම පිළිබඳ ස්තුති කරන්න.

3 නැවත සිතන්න.
ඔබ ගැන සිතන්න වේලාවක් වෙන්කර ගන්න. සමාධියට සමවැදී නැවැත නැවැත දිනය තුළ සිදුවූ දේ ආවර්ජනය කරමින්, වැරැදීම් වූ තැන් සාදා ගනිමින් සතුටු විය හැකි තැන් මතකයේ තබාගනිමින් හෙට දිනය සැලසුම් කරන්න.

4 ඔබ ගැන හොඳින් සොයා බලන්න.
ඔබ ඔබ ගැනම පමණක් සොයා බලන්න. ඒවා ඔබේ මතකයේ පමණක් තබාගන්න. ඔබේ අත්දැකීම් අන් අය සමඟ කියන්න අවශ්‍ය නැහැ.

5 ඔබ ගැන විවේචනය කිරීම නවත්වන්න.
ඔබට හැකි පමණින් කටයුතු කරන්න. සමහර විට ඉතාම අමාරු අවස්ථාවලට මුහුණ දෙන්න සිදුවෙයි. නමුත් ඔබට හැකි උපරිමය කරන්න. නොහැකි වුවහොත් එය ඔබේ වරදක් නොවේ.

6 ඔබේ අරමුණු කෙරෙහි සංවේදී වන්න.
සෑම විටම ඔබ සතු ශක්තිය අරමුණු සාර්ථක කරවීම කෙරෙහි යොදා ගන්න. ඔබට අනවශ්‍ය දෑ කෙරෙහි එම ශක්තිය යොදවන්න එපා.

7 සිරුරට ඇහුම්කන් දෙන්න.
ඔබ ඔබේ සිරුරට ඇහුම්කන් දෙන්න. ඔබේ සමබර කරගන්න. හසුරුවා ගන්න, සිරුරේ අවශ්‍යතා හඳුනා ගන්න. එමෙන්ම සිරුරට ගෞරව කරන්න. හානියක් නොවීමට වගබලා ගන්න.

8 අත්දැකීම් මිල කළ නොහැකියි.
අත්දැකීම් මුදලට ගන්න බැහැ. ඒ වගේම ලැඛෙන අත්දැකීම්වලට මිලක් නැහැ. ඔබට සෑම මොහොතකම අත්දැකීමක් ලැඛෙනවා. ඉන් යමක් උගත හැකියි. එය ජීවිතය ජයගන්න මනා පිටිවහලක් වනවා.

9 අන් අය සමඟ ඔබව සසඳන්න එපා.
ඔබ ඔබම වන්න. අන් අය සමඟ ඔබව සසඳන්න එපා. මිනිසුන් ඔබව පිළිගන්නේ ඔබ ඔබම වුවහොත් පමණයි. ලෝකයට කාගේ හෝ පිටපතක් අවශ්‍ය නැහැ.

10 නරක සිතිවිලි පෝෂණය කරන්න එපා.
ඔබ සිත තුළ නරක සිතිවිලි ජනනය විය හැකියි. එවැනි සිතිවිලි පෝෂණය කරන්න එපා. ඒ සිතිවිලි සිතින් මකා දමන්න.


:cool:
 
  • Like
Reactions: BINGU_PUTHA

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    image_redirect.php