සතුරාට මරනයත්,ඔබට තේ කෝප්පයක් ☠️ Assassin's teapot 😱 🫖

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,901
    10,234
    113
    ⭕ ඈත අතීතයෙ සිටම ( මින්ග් රාජ වංශයෙ සිට) චීනයෙ මිනිසුන් හට තිබුනා තම සතුරාව විනාශ කිරීම සඳහා අපූරු උපක්‍රමයක් . මෙහිදී තම සතුරාට තේ පැන් සාදයකට ආරාධනා කර එකම තේ පෝච්චියකින් තමන්ටද තේ වක්කරමින් සතුරාටත් එය ලබා දෙනවා. දෙදෙනාම තේ පානය කිරීමෙන් පසු එක් වරම සතුරා තේ පානය විශ වීමෙන් මරණයට පත් වෙනවා . නමුත් අනෙකාට කිසිවක් සිදුවන්නෙ නෑ . ඒ කොහොමද ? දෙදෙනාම තේ ලබා ගත්තෙ එකම තේ පෝච්චියෙන් . මෙය සතුරාට පමණක් විස වෙන තේ වර්ගයක්ද ?

    ⭕ නැහැ තේ වර්ගය එක සමානයි නමුත් අභිරහස ඇත්තෙ තේ පෝච්චියෙයි. මෙම විශේශ තේ පෝච්චිය ඝාතකයාගෙ තේ පෝච්චිය ලෙස හැදින්වෙනවා . සුවිශේශය නම් මෙම තේ පෝච්චියෙ ඇතුළෙ කුටීර දෙකක් අඩංගු වෙනවා එහි එක් කුටීරයකට තේ පානයත් , අනෙක් කුටියට විස පුරවන්නත් පුළුවන් . එහි ක්‍රියාකාරිත්වය සිද්ධ වන්නෙ මෙසෙයි.

    ⭕ තේ අඩංගු කුටීරය සහ විස අඩංගු කුටීරය යන කුටීර දෙකම වෙන වෙනම සම්බන්ද වන වායු කුහර දෙකක් තේ බඳුන අල්ලන ස්තානයෙ පිහිටා තිබිනවා . එවිට තේ වක්කරන පුද්ගලයා තමන්ට තේ වක්කරද්දි විස සහිත කුටීරයෙ වායු කුහරය ඇඟිල්ලෙන් වසා තේ සහිත කුටීරයෙ වායු කුහරය ඇර තබනවා .එවිට විස සහිත කුටීරයට වාතය නොයෑමෙන් විස එලියට නොපැමිනේ. තේ අඩංගු කුටීරයෙ වායු කුහරය නිවාරණය වී තිබීමෙන් වාතය එම කුටියට යාම පටන් ගන්නවා එවිට තේ පමණක් ඔහුගෙ කෝප්පයට වැටෙනවා . ඉන් පසු ඔහු සතුරාට තේ වක්කිරීමෙදි තේ සහිත කුටීරයෙ වායු කුහරය ඇඟිල්ලෙන් වසාගෙන විස සහිත කුටීරයෙ වායු කුහරය නිරාවරය කර තියනවා. එවිට සතුරාගෙ කෝප්පයට විස පමණක් වැටෙනවා.

    ⭕ මෙම තාක්ෂණය 17 වන සියවසෙ සිටන් එන ඇස් බැන්දුම් ක්‍රමයක් වන Inexhaustible Bottle කියන ක්‍රමයෙන් නිර්මානය වුන දෙයකි. මෙහිදි මැජික් ශිල්පීන් එක බෝතලයෙ කුටීර කිහිපයක් සාදාගෙන එයට වතුර , බියර් , වයින් වගෙ දේවල් පුරවයි . පේක්ශකයන් ගෙ අසන විට ඔබට වතුරද ඔනෙ බියර්ද ඔනෙ කියලා ඔවුන් ඉල්ලන්නෙ වතුරනම් වතුර සහිත කුටීරයෙ වායු කුහරය නිරාවරය කොට තබා අනෙක් වායු කුහරයන් ආවරනය කර දමනවා එවිට වතුර පමණක් එලියට එනවා .

    ⭕ අදටත් මෙවැනි තේ පෝච්චි සහ බෝතල් අලෙවි කිරීමට තිබෙන අතර එය විවිධ නම් වලින් විකුනන ලැබෙ. අද කාලයෙ නම් කුඩා දරුවන්ට මැජික් උපක්‍රමයක් ලෙස භාවිතා වෙන මෙය අතීතයෙ භාවිතා උනෙ තම සතුරන්ව ප්‍රියමනාප ලෙස විනාශ කිරීමයි.

    උපුටා ගැනීම - FB
    FB-IMG-1731395712643.jpg
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,976
    5,645
    113
    මෙතන තියන කාරණා දෙකක් පරස්පර විරෝධී

    1) ඈත අතීතයෙ සිටම ( මින්ග් රාජ වංශයෙ සිට) චීනයෙ මිනිසුන් හට තිබුනා තම සතුරාව විනාශ කිරීම සඳහා අපූරු උපක්‍රමයක්
    2) මෙම තාක්ෂණය 17 වන සියවසෙ සිටන් එන ඇස් බැන්දුම් ක්‍රමයක් වන Inexhaustible Bottle කියන ක්‍රමයෙන් නිර්මානය වුන දෙයකි

    මින්ග් රාජවංශය ඉඳලා තියෙන්නෙ 14 වන සියවසේ ඉඳල

    හැබැයි මරු ගැජට් එක.. @Solo Rider ට එන්න කියන්න ඔ්න තේකක් බොන්න.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,854
    113
    ආමි වල කියලා දෙනවා, කඩපු බෝතල් වලින් බොන්න එපා කියලා.... ඇත්තක් වෙන්නත් ඇති.. පරක්කු වෙලා set වුන තැනකට ගිහින්

    සිගරට් අළු දාලද කොහෙද දවසක්මට කෙලවුනා.
     
    • Sad
    • Wow
    Reactions: Lahiru120 and NRTG