සදළුතලේ_සිට...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සදළුතලේ සිට පාර බලාගෙන..
    සිතුවිල්ලේ සිටි කුමරියනේ....
    සදළුතලෙන් බැස මගේ ලෝකයට..
    එන්නට පළමුව සිතනු මැනේ.....

    රත්තරනින් පිරි අභරන අන්දා..
    රිදී සළු පිලිද බද දවටා.....
    තව්තිසාව මිහිපිට මවනා සද..
    ඔබ හිනැහෙයි මුතු කැට කැන්දා.....

    සදළුතලේ සිට පාර බලාගෙන..

    ඇස් අද්දර ඇති සුර සැප හැරදා...
    දිළිදු මගේ පැල්පතක් වටා...
    එකම හිතෙන් පෙම් කරනට ආ සද...
    පසුතැවුමක් වෙයිදෝ මන්දා......

    සදළුතලේ සිට පාර බලාගෙන..

    607f6e777da264815b5eb34f071fe855.jpg

     
    • Like
    Reactions: aravinda145

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    සඳලු තලේ හිඳ පෙරමග බලනා
    මානවිකාවී ඔබට කියන වග නම්
    ඔබ ගෙනයන්නට සහ පිරිවර හා
    මා එන්නේ නැත රන් දෝලාවෙන් නම්

    rep++


     
    Last edited: