Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සද්ද නැතුව උදව් කරනවා vs උදව් කරලා social media දානවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]nuwannisha/posts/10235133679575726[/MEDIA]

රටේ තියෙන මේ ව්‍යසනයත් එක්ක මේක කියන්න හොඳ දෙයක් නෙමෙයි. නමුත් ඉතින් මේ වෙන දේවල් එක්ක මේක කියන්න වෙනවා.

තවමත් හිටපු දේශපාලනඥයෝ හොඳයි කියන අය ඉන්නවා.මේ ව්‍යසනය අස්සේ ආණ්ඩු පෙරලන්න කතා කරන අයත් ඉන්නවා.

මේ අහන්නෙ සරල ගණිතයක්.

ජනාධිපති කෙනෙක්ගෙ මාසෙක පඩිය දීමනා එක්ක කීයද.ඇමැති කෙනෙක්ගෙ, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ මාසෙක පඩිය දීමනා එක්ක කීයද. අවුරුදු කීයක් ඔය මිනිස්සු බලයේ හිටියද. ඔන්න ඔය ගණන් ටික වැඩි කරලා එකතු කරලා බලන්නකෝ උත්තරේ.

ඊට පස්සේ හිතන්න ඔය බලයේ හිටිය අවුරුදු ගාන පුරාවටම ආණ්ඩුවෙන් තුන් වේලම කාලා බීලා, ආණ්ඩුවේ ගෙවල්, වාහන පාවිච්චි කරලා, ආණ්ඩුවෙන්ම ලයිට් බිල්, වතුර බිල් ටික ගෙවාගෙන අර දුන්න පඩියයි දීමනාවයි ඔය අවුරුදු ගානම හැම සතේම එකතු කරා කියලා. ඔය අවුරුදු ගාන පුරාවටම මුළු පවුලේ උන් ඔක්කෝම එකම ඇඳුම් ඇන්දා කියලා. ප්‍රායෝගිකව කරන්න බෑ. නමුත් එහෙම කරා කියමුකෝ.

නිකමට හිතන්න උන් ඔය අද පාවිච්චි කරන ගෙවල් වාහන උන් අරගත්තේ කොහොමද කියලා. අර අවුරුදු ගානක් ඉතුරු කරපු අර සොච්චම් පඩියෙනුයි දීමනාවෙනුයි නේද. එහෙම ගන්න පුළුවන්ද.

ඒ පඩියෙන් ඒ දීමනාවෙන් එච්චර දෙයක් කරන්න පුළුවන් නම් ඇයි බන් උඹලට බැරි? ඇමති කෙනෙක්ට මන්ත්‍රී කෙනෙක්ට ජනාධිපති කෙනෙක්ට වඩා පඩි ගන්න එවුන් මේ රටේ ඉන්නවනේ. හැබැයි සමහර එවුන්ට තියෙන්නේ අවුරුදු විස්සක් විතර පරණ කාර් එකක් සහ සාමාන්‍ය ගෙයක් විතරයි.

උඹල දන්නවද ලංකාවේ ගහකින් ගෙඩියක් කඩලා අහුවෙලා වරදකරු වෙච්ච එවුන් ඉන්නවා.දඩුවම් ලබපු එවුන් ඉන්නවා. ඇයි ඒ. සාක්ෂි තියෙනවා. ඒවා නීති ඉදිරියේ ඔප්පු කරලා තියෙනවා.

හැබැයි බං කෝටි ගණන් හොරකම් කරපු දේශපාලඥයෝ ඉන්නවා අහුවෙන්නේ නෑ මොකද උන් ඇවිල්ලා වෘත්තීය හොරු. උන් දන්නවා බේරෙන්න ඕන ක්‍රමේ.

කවුරුහරි මැණික් මල්ලක් ගෙනත් දීලා තමන් කෝටිපතියා උනා කිව්වම. නීතිය ඉදිරියේ ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න බෑනෙ බං.

ඔන්න ඔය වගේ දේවල් නීතිය ඉදිරියේ ඔප්පු කරන්න බෑ.

අවුරුදු ගානකට කලින් පෙට්‍රෝලියම් එකේ වෙච්ච සිදුවීමක් කියන්නම්. නැවකින් කොලොන්නාවේ ටැංකි වලට තෙල් ගහනකොට තෙල් ලීටර් බර ගාණක් අපතේ ගියා. කෝටි ගානක් පාඩු උනා. හොයාගෙන යනකොට තෙල් ගහන්න එපා ලීක් එකක් තියෙනවා කියලා සඳහන් කරපු ටැංකියකට තමයි තෙල් ගහලා තියෙන්නේ. සම්පූර්ණම අදාල බලධාරීන්ගේ නොසැලකින්න.

අපි ඇස් දෙකෙන් දැක්කා තෙල් අපතේ ගියා කියලා.

ඒකට පරීක්ෂණයක් ගියා. දැන් සාක්ශි තමයි ඕනේ තෙල් අපතේ ගියා කියලා ඔප්පු කරන්න.

ඕනෑම ටැංකියකට වාෂ්ප වෙන්න පුළුවන් තෙල් ප්‍රමාණයක් තියෙනවා. සංචිතයේ තියෙන මුළු තෙල් ප්‍රමාණය ගණනය කිරීමේදී ඒ ප්‍රමාණය නොසලකා හරින්න පුළුවන් වාෂ්ප වුණා කියලා. ඒක අත ඇරලා තමයි තෙල් වල ප්‍රමාණය ගණනය කරන්නේ. නමුත් ප්‍රායෝගිකව ඇත්තටම ටැංකිවල තෙල් ඉතුරු වෙනවා. ඔය කියන තරම් වාෂ්ප වෙන්නේ නෑ. ඇතුලේ හිටපු ඔය කේස් එකට උදව් කරපු ලොක්කෝ ටික ඔන්න ඔය වාෂ්ප වුණා කියලා ඉතුරු වෙච්ච තෙල් ටික එහෙට මෙහෙට කරලා ගණන් හදලා ඔප්පු කරලා පෙන්නුවා තෙල් ලීක් උනේ නෑ කියලා.

ගණනය කිරීම අනුව තෙල් බැලන්ස්.

අපි ඇස් දෙකෙන් දැකපු දේ ඔවුන් බොරුයි කියලා ගණිත ක්‍රමයකින් පෙන්නුවා. ඒ කියන්නේ ලීක් වෙලා නැහැල්ලු.

ඔන්න ඔහොම දේවල් අපේ ඇස් ඉදිරිපිට උනාට නීතිය ඉදිරියේ ඔප්පු කරන්න බෑ.

දැන් සමහර අයට තියෙන ප්‍රශ්නේ ඇයි ලීක් වෙනකොට ෆොටෝ ගත්තේ නැත්තේ කියලා. අධි ආරක්ෂිත කලාපවල සේවකයන්ටවත් ෆොටෝස් වීඩියෝස් ගන්න බෑ තහනම්.

ඔන්න ඔහොම තමයි ඒවා යට ගැහුවේ.

මම ඔය පෙට්‍රෝලියම් එකේ හිටපු අවුරුදු නමයට කෝටි ගණන් වංචා ඇස් දෙකට දැක්කා.

ඒ වගේම තමයි දේශපාලනඥයෝ හොරකම් කරේ

කෝටි ගණන් කරපු බොහොමයක් හොරකම් හොයන්න බෑ.

මොකද ඒවා දම්වැලක් වගේ link වෙලා තියෙන්නේ. එකක් පුරුකක් මැදින් කැඩුනොත් එතනින් එහාට කිසි දෙයක් හොයන්න බෑ.

ඡන්දදායකයන් විදියට උඹලට මොලයක් තියෙන්න ඕනේ අර මම උඩ කිව්ව සරල ගණිතය භාවිතා කරලා කොහොමද ඔය දේශපාලඥයෝ දියුණු වුණේ කියලා හොයාගන්න.

අන්න එහෙම හොයාගත්ත දවසට මේ රටේ පක්ෂ දේශපාලනයක් නැති වෙනවා.

අන්තිමට කියන්න තියෙන්නේ මේ ව්‍යසනය කාලේ මිනිස්සු එක්ක එකතුවෙලා යක්කු වගේ වැඩ කරන මැති ඇමතිවරු ඉන්නවා. එක උදාහරණයක් කියන්නම් Dr Prasanna Gunasena වගේ බුලට්.

එයාලාගේ කකුලෙන් අදින්න එපා.

තමන්ගේ එදිනෙදා රාජකාරී පැත්තකට තියලා අවතැන් වෙච්ච මිනිස්සුන්ට උදව් කරන්න රට වටෙන්ම ඒ පැති වලට මිනිස්සු ගිහිල්ලා තියෙනවා.

මතක තියාගෙන උඹල ඔය කකුලෙන් අදින්නෙ ආණ්ඩුවේ නෙමෙයි මේ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ගේ.

උඹලා කකුලෙන් අදින්නේ තමන් උපන් රට නැවතත් පහතට දාන්න.

ඒ පාප කර්මය කරන්න එපා.

උඹල දැක්කද සමහර මිනිස්සුන්ට සල්ලිි නෑ ඒත් මේ වෙලාවේ උදව් කරන්න ඕන හින්දා තමන් ගාව තියෙන සල්ලි වලින් පැනඩෝල් කාඩ් දෙකක් ගෙනල්ලා දුන්න අය හිටියා. පරිප්පු පන්සීයක් ගෙනල්ලා දුන්න අය හිටියා.

හරි දේ කරපල්ලා හරි දේ ලැබෙයි.වැරදි දේ කරොත් වැරදි දේ ලැබෙයි. මතක තියා ගනිල්ලා සොබා දහමට ඉහළින් කවුරුවත් නෑ.

දෙයියො හිටියා නම් මේ ගංවතුර වළක්වන්න තිබ්බනේ.

උඹලා මිනිස්සුනේ බං මොළෙන් හිතපල්ලා.

ඇස් ඇරලා බලපල්ලා දවස් කීපයක් ඇතුළත පාරවල් , පාලම් , කෝච්චි පාරවල් හැදෙනවා. ඒවා කරන්නේ මහපොළොවේ පය ගහලා ඉන්න මිනිස්සු මිස දෙවිවරු නෙමෙයි.

සමහරක් ඉදිකිරීම් තාවකාලිකව තමයි. ඒත් ගමනාගමනය යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්.

ඔය පජාත දේශපාලඥයෝ පස්සේ යන්නේ නැතුව රට ගොඩ ගන්න එකතු වෙයල්ලා.

ඉදිරියේදී රටට ඕනේ සල්ලි . රජය මඟින් ප්‍රකාශයට පත් කරපු බැංකු ගිණුම් වලට රුපියල් සහ ඩොලර් දාපල්ලා.

ඒ වගේම ජනාධිපති සහෝදරයා ඔයාගෙනුත් ඉල්ලීමක් තියෙනවා. ඔය මාලිමාවේ ඉන්න හැකර කට තියෙන සමහර ගෑනුන්ට ගෙදරට වෙලා ඉන්න කියන්න. ඒ එක්කම මයික් එකක් අහුවුනාම පිස්සු කෙලින මැති ඇමතිවරුත් ඉන්නවා. එය අයත් මයික් වලින් අයින් කරලා තියන්න.

මේ ආණ්ඩුව හොරකම් කරනවා නම් උඹලා නීතිය ඉදිරියට පලයල්ලා. සාක්ෂි දීල ඔප්පු කරපල්ලා. විපක්ෂයේ අති දක්ෂ නීතිඥ මහත්වරු වගේම අධි නීතිඥ නෝනලාත් ඉන්නවනේ.

ස්තූතියි.

[QUOTE="ozykolla, post: 31113464, member: 580942"] [MEDIA=facebook]nuwannisha/posts/10235133679575726[/MEDIA] රටේ තියෙන මේ ව්‍යසනයත් එක්ක මේක කියන්න හොඳ දෙයක් නෙමෙයි. නමුත් ඉතින් මේ වෙන දේවල් එක්ක මේක කියන්න වෙනවා. තවමත් හිටපු දේශපාලනඥයෝ හොඳයි කියන අය ඉන්නවා.මේ ව්‍යසනය අස්සේ ආණ්ඩු පෙරලන්න කතා කරන අයත් ඉන්නවා. මේ අහන්නෙ සරල ගණිතයක්. ජනාධිපති කෙනෙක්ගෙ මාසෙක පඩිය දීමනා එක්ක කීයද.ඇමැති කෙනෙක්ගෙ, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ මාසෙක පඩිය දීමනා එක්ක කීයද. අවුරුදු කීයක් ඔය මිනිස්සු බලයේ හිටියද. ඔන්න ඔය ගණන් ටික වැඩි කරලා එකතු කරලා බලන්නකෝ උත්තරේ. ඊට පස්සේ හිතන්න ඔය බලයේ හිටිය අවුරුදු ගාන පුරාවටම ආණ්ඩුවෙන් තුන් වේලම කාලා බීලා, ආණ්ඩුවේ ගෙවල්, වාහන පාවිච්චි කරලා, ආණ්ඩුවෙන්ම ලයිට් බිල්, වතුර බිල් ටික ගෙවාගෙන අර දුන්න පඩියයි දීමනාවයි ඔය අවුරුදු ගානම හැම සතේම එකතු කරා කියලා. ඔය අවුරුදු ගාන පුරාවටම මුළු පවුලේ උන් ඔක්කෝම එකම ඇඳුම් ඇන්දා කියලා. ප්‍රායෝගිකව කරන්න බෑ. නමුත් එහෙම කරා කියමුකෝ. නිකමට හිතන්න උන් ඔය අද පාවිච්චි කරන ගෙවල් වාහන උන් අරගත්තේ කොහොමද කියලා. අර අවුරුදු ගානක් ඉතුරු කරපු අර සොච්චම් පඩියෙනුයි දීමනාවෙනුයි නේද. එහෙම ගන්න පුළුවන්ද. ඒ පඩියෙන් ඒ දීමනාවෙන් එච්චර දෙයක් කරන්න පුළුවන් නම් ඇයි බන් උඹලට බැරි? ඇමති කෙනෙක්ට මන්ත්‍රී කෙනෙක්ට ජනාධිපති කෙනෙක්ට වඩා පඩි ගන්න එවුන් මේ රටේ ඉන්නවනේ. හැබැයි සමහර එවුන්ට තියෙන්නේ අවුරුදු විස්සක් විතර පරණ කාර් එකක් සහ සාමාන්‍ය ගෙයක් විතරයි. උඹල දන්නවද ලංකාවේ ගහකින් ගෙඩියක් කඩලා අහුවෙලා වරදකරු වෙච්ච එවුන් ඉන්නවා.දඩුවම් ලබපු එවුන් ඉන්නවා. ඇයි ඒ. සාක්ෂි තියෙනවා. ඒවා නීති ඉදිරියේ ඔප්පු කරලා තියෙනවා. හැබැයි බං කෝටි ගණන් හොරකම් කරපු දේශපාලඥයෝ ඉන්නවා අහුවෙන්නේ නෑ මොකද උන් ඇවිල්ලා වෘත්තීය හොරු. උන් දන්නවා බේරෙන්න ඕන ක්‍රමේ. කවුරුහරි මැණික් මල්ලක් ගෙනත් දීලා තමන් කෝටිපතියා උනා කිව්වම. නීතිය ඉදිරියේ ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න බෑනෙ බං. ඔන්න ඔය වගේ දේවල් නීතිය ඉදිරියේ ඔප්පු කරන්න බෑ. අවුරුදු ගානකට කලින් පෙට්‍රෝලියම් එකේ වෙච්ච සිදුවීමක් කියන්නම්. නැවකින් කොලොන්නාවේ ටැංකි වලට තෙල් ගහනකොට තෙල් ලීටර් බර ගාණක් අපතේ ගියා. කෝටි ගානක් පාඩු උනා. හොයාගෙන යනකොට තෙල් ගහන්න එපා ලීක් එකක් තියෙනවා කියලා සඳහන් කරපු ටැංකියකට තමයි තෙල් ගහලා තියෙන්නේ. සම්පූර්ණම අදාල බලධාරීන්ගේ නොසැලකින්න. අපි ඇස් දෙකෙන් දැක්කා තෙල් අපතේ ගියා කියලා. ඒකට පරීක්ෂණයක් ගියා. දැන් සාක්ශි තමයි ඕනේ තෙල් අපතේ ගියා කියලා ඔප්පු කරන්න. ඕනෑම ටැංකියකට වාෂ්ප වෙන්න පුළුවන් තෙල් ප්‍රමාණයක් තියෙනවා. සංචිතයේ තියෙන මුළු තෙල් ප්‍රමාණය ගණනය කිරීමේදී ඒ ප්‍රමාණය නොසලකා හරින්න පුළුවන් වාෂ්ප වුණා කියලා. ඒක අත ඇරලා තමයි තෙල් වල ප්‍රමාණය ගණනය කරන්නේ. නමුත් ප්‍රායෝගිකව ඇත්තටම ටැංකිවල තෙල් ඉතුරු වෙනවා. ඔය කියන තරම් වාෂ්ප වෙන්නේ නෑ. ඇතුලේ හිටපු ඔය කේස් එකට උදව් කරපු ලොක්කෝ ටික ඔන්න ඔය වාෂ්ප වුණා කියලා ඉතුරු වෙච්ච තෙල් ටික එහෙට මෙහෙට කරලා ගණන් හදලා ඔප්පු කරලා පෙන්නුවා තෙල් ලීක් උනේ නෑ කියලා. ගණනය කිරීම අනුව තෙල් බැලන්ස්. අපි ඇස් දෙකෙන් දැකපු දේ ඔවුන් බොරුයි කියලා ගණිත ක්‍රමයකින් පෙන්නුවා. ඒ කියන්නේ ලීක් වෙලා නැහැල්ලු. ඔන්න ඔහොම දේවල් අපේ ඇස් ඉදිරිපිට උනාට නීතිය ඉදිරියේ ඔප්පු කරන්න බෑ. දැන් සමහර අයට තියෙන ප්‍රශ්නේ ඇයි ලීක් වෙනකොට ෆොටෝ ගත්තේ නැත්තේ කියලා. අධි ආරක්ෂිත කලාපවල සේවකයන්ටවත් ෆොටෝස් වීඩියෝස් ගන්න බෑ තහනම්. ඔන්න ඔහොම තමයි ඒවා යට ගැහුවේ. මම ඔය පෙට්‍රෝලියම් එකේ හිටපු අවුරුදු නමයට කෝටි ගණන් වංචා ඇස් දෙකට දැක්කා. ඒ වගේම තමයි දේශපාලනඥයෝ හොරකම් කරේ කෝටි ගණන් කරපු බොහොමයක් හොරකම් හොයන්න බෑ. මොකද ඒවා දම්වැලක් වගේ link වෙලා තියෙන්නේ. එකක් පුරුකක් මැදින් කැඩුනොත් එතනින් එහාට කිසි දෙයක් හොයන්න බෑ. ඡන්දදායකයන් විදියට උඹලට මොලයක් තියෙන්න ඕනේ අර මම උඩ කිව්ව සරල ගණිතය භාවිතා කරලා කොහොමද ඔය දේශපාලඥයෝ දියුණු වුණේ කියලා හොයාගන්න. අන්න එහෙම හොයාගත්ත දවසට මේ රටේ පක්ෂ දේශපාලනයක් නැති වෙනවා. අන්තිමට කියන්න තියෙන්නේ මේ ව්‍යසනය කාලේ මිනිස්සු එක්ක එකතුවෙලා යක්කු වගේ වැඩ කරන මැති ඇමතිවරු ඉන්නවා. එක උදාහරණයක් කියන්නම් Dr Prasanna Gunasena වගේ බුලට්. එයාලාගේ කකුලෙන් අදින්න එපා. තමන්ගේ එදිනෙදා රාජකාරී පැත්තකට තියලා අවතැන් වෙච්ච මිනිස්සුන්ට උදව් කරන්න රට වටෙන්ම ඒ පැති වලට මිනිස්සු ගිහිල්ලා තියෙනවා. මතක තියාගෙන උඹල ඔය කකුලෙන් අදින්නෙ ආණ්ඩුවේ නෙමෙයි මේ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ගේ. උඹලා කකුලෙන් අදින්නේ තමන් උපන් රට නැවතත් පහතට දාන්න. ඒ පාප කර්මය කරන්න එපා. උඹල දැක්කද සමහර මිනිස්සුන්ට සල්ලිි නෑ ඒත් මේ වෙලාවේ උදව් කරන්න ඕන හින්දා තමන් ගාව තියෙන සල්ලි වලින් පැනඩෝල් කාඩ් දෙකක් ගෙනල්ලා දුන්න අය හිටියා. පරිප්පු පන්සීයක් ගෙනල්ලා දුන්න අය හිටියා. හරි දේ කරපල්ලා හරි දේ ලැබෙයි.වැරදි දේ කරොත් වැරදි දේ ලැබෙයි. මතක තියා ගනිල්ලා සොබා දහමට ඉහළින් කවුරුවත් නෑ. දෙයියො හිටියා නම් මේ ගංවතුර වළක්වන්න තිබ්බනේ. උඹලා මිනිස්සුනේ බං මොළෙන් හිතපල්ලා. ඇස් ඇරලා බලපල්ලා දවස් කීපයක් ඇතුළත පාරවල් , පාලම් , කෝච්චි පාරවල් හැදෙනවා. ඒවා කරන්නේ මහපොළොවේ පය ගහලා ඉන්න මිනිස්සු මිස දෙවිවරු නෙමෙයි. සමහරක් ඉදිකිරීම් තාවකාලිකව තමයි. ඒත් ගමනාගමනය යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඔය පජාත දේශපාලඥයෝ පස්සේ යන්නේ නැතුව රට ගොඩ ගන්න එකතු වෙයල්ලා. ඉදිරියේදී රටට ඕනේ සල්ලි . රජය මඟින් ප්‍රකාශයට පත් කරපු බැංකු ගිණුම් වලට රුපියල් සහ ඩොලර් දාපල්ලා. ඒ වගේම ජනාධිපති සහෝදරයා ඔයාගෙනුත් ඉල්ලීමක් තියෙනවා. ඔය මාලිමාවේ ඉන්න හැකර කට තියෙන සමහර ගෑනුන්ට ගෙදරට වෙලා ඉන්න කියන්න. ඒ එක්කම මයික් එකක් අහුවුනාම පිස්සු කෙලින මැති ඇමතිවරුත් ඉන්නවා. එය අයත් මයික් වලින් අයින් කරලා තියන්න. මේ ආණ්ඩුව හොරකම් කරනවා නම් උඹලා නීතිය ඉදිරියට පලයල්ලා. සාක්ෂි දීල ඔප්පු කරපල්ලා. විපක්ෂයේ අති දක්ෂ නීතිඥ මහත්වරු වගේම අධි නීතිඥ නෝනලාත් ඉන්නවනේ. ස්තූතියි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom