1. "පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය නොමිලේ පරිත්‍යාග කළ බැකෝ යන්ත්‍රය"
3. "කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව යන්ත්‍රය සඳහා ඉන්ධන නොමිලේ සපයා ඇත."
Up1. "පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය නොමිලේ පරිත්‍යාග කළ බැකෝ යන්ත්‍රය"
2. "ගමේ ජනතාවගේ වියදමින් රැගෙන ආ අතර"
3. "කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව යන්ත්‍රය සඳහා ඉන්ධන නොමිලේ සපයා ඇත."
4. "ගම් වැසියන් සතුව තිබෙන ලොරි සහ ට්‍රැක්ටර් මගින් නොමිලේ බොරළු ඇදීම සිදු කර තිබේ."
තනිකර මිනිස්සුන්ගෙ වියදමින්නෙ පාර හදල තියෙන්නෙ![]()
දැන්නං රටට බිලියන ගානක ඉතිරියක් වෙයි @N A K A M U R A![]()
රුපියල් ලක්ෂ 35කට ඇස්තමේන්තු කර තිබූ කිලෝමීටර් තුනහමාරක මාර්ගයක් රුපියල් ලක්ෂ දෙකක මුදලක් පමණක් වැය කර නිම කරමින් ජනතාවගේ බදු මුදල් ඉතිරිකර දීමට ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමත්ව තිබේ.
පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආණමඩුව ආසන සංවිධායක, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා, මෙම හපන්කම කරනු ලැබුවේ පුත්තලම අනුරාධපුර මාර්ගයේ 14 වන සැතපුම් කණුවෙන් ඇරඹෙන පහරිය මාර්ගයේ කිලෝමීටර් 3.5 ක පමණ දුරක් සංවර්ධනය කිරීම අරඹමිනි.
පාර දෙපස කාණු කපා මට්ටම් කර, බොරළු අතුරා තුනී කර, තැලීම යන අවස්ථාවන් සදහා මොටර් ග්‍රේඩර් යන්ත්‍රයක් භාවිතයට ගැණුනු අතර, එම කටයුත්ත සඳහා මොටර් ග්‍රේඩරය කුලීපදනම මත ලබාගෙන තිබේ. පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය නොමිලේ පරිත්‍යාග කළ බැකෝ යන්ත්‍රය ගමේ ජනතාවගේ වියදමින් රැගෙන ආ අතර, කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව යන්ත්‍රය සඳහා ඉන්ධන නොමිලේ සපයා ඇත. ගම් වැසියන් සතුව තිබෙන ලොරි සහ ට්‍රැක්ටර් මගින් නොමිලේ බොරළු ඇදීම සිදු කර තිබේ.
මාර්ගය සංවර්ධනය කිරීම සඳහා කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව සහ ගමේ සමිති සමාගම් අරමුදල් සැපයූ අතර, තාක්ෂණය හා මෙහෙයවීමේ උපදෙස් කරුවලගස්වැව ප්‍රාදේහිය සභාව මගින් සිදු කර ඇත. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මැදිහත්වීම සහ පූර්ණ අනුග්‍රහයෙන් මෙම අඩු වියදම් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය දියත් කර තිබේ.
පී.සී.හෙට්ටිආරච්චි
මාධ්‍ය ලේකම්